ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, December 31, 2015

එදා පාර්ලිමේන්තු ගියේ බස් එකක හරි ලොරියක හරි එල්ලිලා...!!!

ම උපන්නේ පස්දුන් කෝරලයට අයිති මතුගම වැලිපැන්න ගමේ. එකදහස් නවසිය දොළහේ ජූනි මාසයේ

දහ වැනිදා සහෝදර සහෝදරියෝ දහ තුන් දෙනෙකුගේ වැඩිමලා විදිහටයි මම ඉපදුණේ. තාත්තා දොන් දාවිත් පැස්කුවෙල් අම්මා දෝන බෙබානෝනා කන්නංගර හාමිනේ.
දහතුන් දෙනෙක් අපේ පවුලේ ඉපදුණාට ඉතිරි වුණේ එකළොස් දෙනයි. පුංචි කාලේ ලෙඩ හැදිලා දෙන්නෙක් නැතිවුණා.
මම මුලින් ම ගියේ මතුගම රජයේ සිංහල ඉස්කෝලෙට. රාජකාරි කෙරුණේ ඉංග‍්‍රීසියෙන්. ඉංග‍්‍රීසි ආණ්ඩුව කාලේ නිසා ගම්මුලාදෑනියා විතරයි සිංහලෙන් වැඩකරපු එකම පුද්ගලයා. දිසාපති හැටියට හිටියේ ඉංග‍්‍රීසිකාරයෝ.

Tuesday, December 29, 2015

‘තනපට අහසට’ සංවිධායක මහේල සංගා ‘සොරි’ කියයි..


ගායක එන්රික් ඉග්ලේසියස්ගේ සහභාගීත්වයෙන් පසුගියදා කොළඹදී පැවති සංගීත සංදර්ශණයේදී සිදු වූ අඩුපාඩුකම් ගැන එහි ප‍්‍රධාන සංවිධායකයන් වන කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන සමාව ඉල්ලයි.
ඔවුන් දෙදෙනා විසින් සිය  ෆේස්බුක් ගිණුම්වල මේ සම්බන්ධයෙන් නිවේදනය කර ඇත්තේ මෙසේය.

දහම් සිරිසේනත් ඵන්‍ රිකාගේ ජවුසම බලන්න ගිහින්ලු හිටං...!!! තවත් මොන කථාද බොලව්...!!!

රටේ සභ්‍යත්වය, හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වා අසංවර සංගීත සංදර්ශන තියන සංවිධායකයන්ට මඩු වලිගයෙන් තැලිය යුතු බවට තමන් කෑ ගසා ප්‍රසිද්ධියේ බැන වැදුනේ එරිකේ ඉග්ලීෂියස්

නම් ස්පාඤ්ඤ ගායකයා මෙරටට ගෙන්විමට කටයුතු කළේ ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයන් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර බව තමන් නොදන්නා නිසා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ බෑණනුවන් හට පවසා තිබේ.
ලතින් අමෙරිකානු පොප් ගායක එන්රික් ඉග්ලේසියස් ගේ කොළඹ පැවැති ප්‍රසංගය නැරඹීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ බෑණා තිලිණ සුරන්ජිත්ද  සහ සිරාගේමද දන්නේ නැති ඔහු කියන ඔහුගේ පුත්‍රයා වන දහම් සිරිසේන සිය මිතුරන් 50ක් සමග පැමිණ සිටි අතර රු 50,000ක වටිනාකමින් යුතු ටිකට් පත් 50ක් ඒ වෙනුවෙන් මිළදි ගෙන තිබේ.(50,000 % 50 කලු සල්ලි කාගේද...? )

සොරි සේනගේ කථාවක් හිටන්...!!! කකුළුවා තියරිය සහ හිටන් සිරිසේන...!!!



නව තාක්‍ෂණයත් සමග පිරිහෙන සමාජයේ
අපට නොගැලපෙන දේවල් ගැන සටන් කිරීමට සිදුවෙලා
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
නව තාක්‍ෂණයත් සමග පිරිහෙන සමාජයේ අපට ගැලපෙන දේ වගේම නොගැලපෙන දේ පිළිබඳ නිරන්තරයෙන් සටන් කිරීමට සිදුවෙලා තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  ප්‍රකාශ කළේය.
අම්පාර ඩී. එස්‌. සේනානායක ජාතික පාසලේදී (27 වැනිදා) පැවැති සමස්‌ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානෝත්සවයේදී ජනාධිපතිවරයා මේ බව කීය.
එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපතිවරයා මෙසේද කීය.


රුක්මණී දේවිය ගුවන් විදුලියට ගෙනාවේ මමයි...!!!

 ආචාර්ය දයාරත්න රණතුංග
මහරෑ යාමේ මේ ඇල්හේනේ
තනිවම සීපද කියනු අසා...
වෙහෙස දරාගෙන
පාර අසාගෙන
ආවෙමි අඳුරෙම
ඔබව සොයා...
දශක ගණනාවක් තිස්සේ ඔවුන් අප වෙනුවෙන් ගයයි. ඔවුන් ගැයූ ගීත ශ්‍රවණය කරන විට අප සිත් තුළ අපූර්ව චමත්කාරජනක චිත්‍ර මැවෙන්නේ නිරායාසයෙනි. ඒ; එම ගීතවල පදමාලාවන්ගේ අපූර්වත්වය, ගීතනුවල ඇති මියුරු බව මෙන් ම ගායනයේ ද ඇති ළගන්නාසුළු බව නිසා ය. අප මේ ස‍ූදානම් වන්නේ දයාරත්න - අමර‍ා යුවළගේ සංගීත දිවිය පිළිබඳව කතා කරන්නට ය. අපට කතා කළ හැක්කේ එපමණ ය නොවේ. ආචාර්ය දයාරත්න රණතුංග සහ මහාචාර්ය අමරා රණතුංග දෙපළගෙන් මෙරටේ සංගීත අධ්‍යාපන, පර්යේෂණ ක්ෂේත්‍රයන්ට සිදුවූ සේවය ද අපට කතා කළ හැකි ය. එම සේවය අතිමහත් ය.
“ඔබගේ වෘත්තීය ජීවිතයෙන් වැඩි කලක් ඔබ ගත කළේ ගුවන් විදුලියේ නේද...”
අතීත තොරතුරු දැනගැනීමේ අදහසින් මම දයාරත්න රණතුංගයන්ගෙන් විමසා සිටියෙමි.

Monday, December 28, 2015

කොලොන්නාවේ සත් පත්තිනි හිච්චි මෑණියෝ කරන දඟවැඩ නොදකින සත්ගුණවත් යහපාලනය...!!!

කෙතරම් ජනප්‍රිය වුවද මොලේ ගන්නට බැරිය. සමහරුන්ට මොලය තිබෙන විට බලය නැතිය. බලය තිබෙන විට මොලේ නැතය. වෙනස එයයි.
එදා ගමේ බණ්ඩයියාගේ එළදෙන අල්ලපු වත්තේ පොල් පැලයක් කෑවද බැන්නේ සන්ධාන ආණ්ඩුවටය.

මෙදා යසපාලනය යටතේ මහ දවල් හිරු කිරණ විකසිත වෙද්දී ඩිපෙන්ඩරයෙන් මිනිහෙක් ඉස්සුවද අමුතු බණක් කියන රටක්ය. හැරගිය සැමියා හෝ පෙම්වතා සැනෙකින් හුලවාලි වශී ගුරුකමක් මගින් ඩිෆෙන්ඩරයකින්ම දෙපා මුලට ගෙන්වා ගැනීමටනම් දැන් කොලොන්නාවේ පත්තිනි හිච්චි මෑණියෝ හමුවිය යුතුය. අනේ කාලේ වනේ වාසේ කියන්නේ මේවාටය. සුදු වැන් බෝරිංය. කලු ඩිෆෙන්ඩර් මරුය. මේ එජාප මන්ත්‍රීවරුන්ගේ කියුම් කෙරුම්ය. වැඩේ අතේ පත්තුවූ විට රා බොන්න ගහට නැගලා අහුවුණ මිනිසා තණකොළ කපන්න ගියා කිව්වා ව‍ගේ කථා කියා වැඩක් නැත.
ඇමති හෝ නියෝජ්‍ය ඇමති කමක් නැති නිසා කොටු පනින්නන් ඇල්ලීමේ ජංගම අධිකරණ සේවයක් හෝ මොවුනට ආරම්භ කරදීම සලකා බැලිය යුතුය. පවුල් අවුල් නිවාරණය සඳහා පැහැරගෙන ගොස් පහරදී යුක්තිය පැසදීම වාගේ අමාත්‍යාංශයක් සාදා කංකානම් ඇමතිකමක් දුන්නද වැඩේ නරක නැත. උණ පුරුකේ ඇද හැරිය නොහැකි බව කියන්නේ මේවාටය.

හමුදාව කාණුවට තල්ලු කිරීමේ විග්නේෂ්වරන් උපාය...!!!

දේදුනු විප්ලවයෙන් බලයට පත් වූ යහපාලන ආණ්‌ඩුවට වසරක්‌ සපිරීමට ඇත්තේ තව දින 12 ක්‌

පමණි. ජනවාරි 08 වෙනස ගැන කතා කිරීම හෝ එහි ගුණාගුණ විග්‍රහ කිරීම හදිසියේ කළ යුත්තක්‌ නම් නොවේ. නමුත් මේ දේදුනු විප්ලවයෙන් පසු උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන්ගේ කටට පණ පෙවුණු බව නම් අප හොඳින් නිරීක්‍ෂණය කළෙමු. 2013 ඔක්‌තෝබර් 07 වැනිදා හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ  ඉදිරියේ දිවුරුම් දී වැඩ ආරම්භ කළද සැම විටම ඔහු පසුගිය ආණ්‌ඩුව සමඟÊගැටුම් ඇති කර ගත්තේය. රාජපක්‍ෂ ජනපතිවරයා යාපනයේ සංචාරය කරන කිසිම විටකදී රටේ නායකයා පිළිගැනීමට මේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා පැමිණියේ නැත. උතුරේ හමුදා ආණ්‌ඩුකාරයා වෙනස්‌ කර මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර  එම තනතුරට පත් කරන ලෙස විග්නේෂ්වරන් ඉල්ලා සිටිය ද රාජපක්‍ෂ අණ්‌ඩුව එයට එකඟ වූයේ නැත.

ඵන්‍ රික් හට වේදිකාවට පැන කිස් දුන් වැස්සිගේ තතු හෙළිවෙලා....!!!

Enrique Iglesias ගේ ‘Sex and Love’ ප්‍රසංගය අතරතුර ලංකාවේ තරුණියක් සිපගත් වීඩියෝවක් අප ඔබට ඉදිරිපත් කළා.එම වීඩියෝවේ සිටින තරුණිය අයේන්ද්‍රා බුලත්සිංහලයි. ඇය සිය ෆේස්බුක් ගිණුමෙහිද එම සිපගැනීම සම්බන්දයෙන් සඳහන් කර තිබෙනවා. 

Sunday, December 27, 2015

පෘථිවියේ ජීවය සැනකින් වනසන ධූමකේතු මාලාවක් පෘථිවිය දෙසට...!!!

දැවැන්ත ධුමකේතු කිහිපයක් පෘථිවියේ ගැටීමේ අවදානමක් ඇතැයි විද්‍යාඥයන් අනතුරු අගවනවා.

එය පෘථිවියේ ගැටුනහොත් ගෝලාකාර විශාල ගිනි පුළිගු පෘථිවි වායුගෝලයට එක්වනු ඇති බවටයි හෙළිකරගෙන ඇත්තේ.

එමගින් මුදාහැරෙන අයිස් සහ දුවිලි හේතුවෙන් පෘථිවිය වසර ගණනාවක් වැසී පවතිනු ඇතැයි විද්‍යාඥයන් හෙළිකරගෙන තිබෙනවා.

හිරු එළිය ද අවහිර වන අතර උෂ්ණත්වය හිම මිදෙන තත්වයට පත්වනු ඇතැයි සඳහන්.

මෛත්‍රී, මගේ තාත්තා වගේ -අල්ලයි නැට්ට

කවුරු මොනවා කිව්වත් තමන්ව එක මොහොතකටවත් අත් අඩංගුවට ගැනිමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉඩ නොතබන බව පසුගියදා තරුණයෙකු පැහැරගෙන ගොස් මරණ තර්ජනය කර

පහරදිමේ සිද්ධියේ ප්‍රධානම සැකකරු වන කොළොන්නාවේ කුඩු රැජින ලෙස ප්‍රසිද්ධියට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිය නීතිඥවරුන් සමග පවසා තිබේ.
“ඔයාලා බයවෙන්න එපා ජනාධිපතිතුමා මගේ තාත්තා වගේ ….මම කියන දෙවල් එතුමා අහනවා…කවදාවත් මාව අත් අඩංගුවට ගන්න ඉඩ තියන්නේ නෑ….” එතුමාගේ දුවලා කියන දෙන්නටත් වඩා මම කියන දෙ අහනවා…මට මේ ප්‍රශ්ණය උන ගමන් ජනාධිපති කතා කළා….දුව ඔයා බය වෙන්න එපා…මම ඉන්නවානේ…කියලා එතුමා කිව්වා ….
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට එල්ල වෙමින් තිබේන චොදනා එකින් එක තහවුරු වෙමින් පවතින බවත් අදාළ චොදනාවන්ට අනුව මේ වනවිටත් තමන්ගේ සේවාදායකයා වන මන්ත්‍රීවරිය සිටිය යුත්තේ ගෙදර නොව හිර ගෙදර බවද අදාළ නීතිඥවරුන් පවසා තිබේ.

මේක පොන්න ආණ්ඩුවක් …. ඥානසාර හිමියන් යහපාලනය පතුරු ගහයි…!!!

මෛත්‍රී,රනිල්,චන්ද්‍රිකා පොන්න ආණ්ඩුව ගැන බොදු බල සේනා මිණිපුර “නැගිටිමු” සමුළුව අමතමින්  මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් කල අනාවරණය ……

බලපත්‍ර නොමැති ධීවරයින් 06 දෙනෙකු අත්අඩංගුවට....!!!

බලපත්‍ර නොමැතිව මුහුදේ කිමිදී මසුන් මරමින් සිටි ධීවරයින් 06 දෙනෙකුව වෙන්නප්පුව - උල්හිටියාව ප්‍රදේශයේ ධීවරයින් විසින් අල්ලා ගෙන මහවැව දිස්ත්‍රික් ධීවර කාර්යාලයේ නිලධාරීන්ට බාර දී ඇත.
18 වැනිදා අළුයම 3.00 ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
ධීවරයින් විසින් අල්ලා ගෙන ඇත්තේ මුන්දලම - සින්නපාඩුව ප්‍රදේශයේ ධීවරයින් පිරිසක්වය.
ඔවුන් සතුව තිබී කිමිදීම සදහා යොදා ගන්නා ඔක්සිජන් සිලින්ඩර 20 ක්,කිමිදුම් කට්ටල,මුහුදේදී අල්ලා ගන්නා ලද පොකිරිස්සන් 06 දෙනෙකු,මාළු කිලෝ ග්‍රෑම් 50 ක් පමණ සහ මුහුදු කූඩැල්ලන් තොගයක්ද,බෝට්ටු 02 ක් සහ අශ්ව බල 25 ඇන්ජින් දෙකක්ද ධීවර නිළධාරීන්ට බාර දී ඇත. 

බස් ගැමුණු නම් ආර්ථික විශේෂඥයා දුටුවෙහිද ?

ශ්‍රී ලංකා ඉතිහාසයේ ඓතිහාසික අය වැය ලේඛනය මේ වන විට තෙවන වර කියවා සම්මතවීමේ මුව විට තිබේ. මේ 2015 වසරට අය වැය ලේඛන පහකි. ඒ රටවල් පහක නොව එකම රටේ එකම

පාර්ලිමේන්තුවේය. 2015 වසර සඳහා මහින්ද රාජපක්ෂ මුදල් ඇමති ලෙස 2014 ඔක්තෝබරයේ එකකි. යහපාලනය නමින් දින 100 විගඩමට එකකි. යළිත් අගෝස්තු ආණ්ඩුවට එකකි. අගමැතිගෙන් එකකි. ඊළඟට මුදල් ඇමති යැයි කියාගන්නා හාදයා ගෙන් එකකි. පළාත් පාලන හා පළාත් සභා ලෙස වෙන වෙනම සැලකුවහොත් අය වැය හැටහුටහමාරකි.රවී අවස්න්වරට ඉදිරිපත් කළ එකත් මේ වනවිට හිතාගන්නට බැරි වාර ගණනක් වෙනස්කම්වලට හා ඉවත්කිරීම්වලට භාජනය වී ඇත. දැන් අමේ අය වැය අපබ්‍රංශයකි. 
මේ ආකාරයට වූ අය වැයක් ඓතිහාසික නොවන්නේ නම් එයම ගැටලුවකි. කෙසේ හෝ අය වැය හොඳ නරක තවම නිසි ලෙස ජනතාවට භුක්ති විඳීමට ලැබී නැත. එනමුදු එහි ඵල විපාක නම් සිතා ගත හැකිය. ඒ තරමට දින සියයයේ සිට ආ මග ඉතා පැහැදිලිය. 

Saturday, December 26, 2015

තනපට විසිකොට උපහාර දැක්වූ ඵළදෙනගේ රට වැස්සන්...!!!

තනපට විසිකොට  උපහාර දැක්වූ ඵළදෙනගේ රට වැස්සන්ගෙන් උපයා ගත් මුදල් කන්දරාව....
එන්රිකේ ඉග්ලේසියස්‌ ගේ ප්‍රසංග පිළිබඳ චර්යාත්මක ප්‍රශ්නයක්‌ තිබේ. මේ ප්‍රසංග අතිශයින් ම අනුරාගී ය. කාමුකය. ඒවායේ නර්තන සහ හැසිරීම් ඉතාම රාගිකය. අඩ නිරුවත්ය. යුරෝපයේ ඔහු ඉදිරිපත් කළ ඇතැම් ප්‍රසංගවලදී ගැහැනු පිරිමි ශාරීරික සම්බන්ධකම් දැක්‌වෙන ලිංගික

ක්‍රියාකාරකම් වේදිකාව මතදී අනුකරණය කරන ලදී. ඔහුගේ ප්‍රසංගය Sex and LoveTour යනුවෙන් නම් කිරීමම අර්බුදයකි. ඔහු සිය සංචාරයේදී පැමිණි එකම අග්නිදිග ආසියාතික රට ශ්‍රී ලංකාවය. ඉන්දියාව, තායිලන්තය, සිංගප්පූරුව. වියට්‌නාමය, බුරුමය, නේපාලය, භූතානය, බංගලාදේශය යන රටවල් ඔහුට ආරාධනා කර නැත. කෙසේ වුවද ගීත ගායනයේදී ඔහු අනුගමනය කරන ලිංගික ප්‍රවේශය පිළිගන්නා පන්තියක්‌ ශ්‍රී ලංකාවේ සිටින බව පැහැදිලිය. ඒ බව තේරුම් ගත හැක්‌කේ 20 වැනිදා එන්රිකේa ඉග්ලේසියස්‌ බැලීමට තිස්‌දහසවල් සහ තිස්‌පන්දහසවල් ගෙවා පැමිණි ජනගහනය දෙස බැලීමෙනි.

ශ්‍රී ලංකාව දුප්පත් රටක්‌ද...? මේ රට දුප්පත් නම් පිටරටකින් එන ගායකයකුගේ පැයක ප්‍රසංගයක්‌ නැරඹීමට රුපියල් 35000 ක්‌ ගෙවා ටිකට්‌ පතක්‌ මිලට ගන්නට කෙනෙකුට හැකි වන්නේ කොහොමද?. ශ්‍රී ලංකාව දුප්පත් රටක්‌ නොවේ. එසේ නම් දුප්පත් නාට්‍යකාරයකුට සිය නාට්‍යය පෙන්වීම සඳහා රුපියල් 100 ටිකට්‌ පත් පවා විකුණා ගන්නට බැරි ඇයි? මෙය තේරුම් ගැනීමට බැරි සංකීර්ණ තත්ත්වයකි. මෙය තේරුම් ගැනීමට එන්රිකේ ඉග්ලේසියස්‌ තැත් කළොත් ඔහුටත් පිස්‌සු හැදෙනවා ඇත.


නත්තල උදාවෙද්දී නළුවකු වූ රෝයි ද සිල්වා...!!!

මොරටුවේ සිට කොළඹට පැමිණ චිත්‍රපටයක්‌ නැරඹීම සඳහා මා හට රුපියල් පහක්‌ හෝ අටක්‌ වැනි මුල්‍යමය පහසුකම් සලසා දෙන්නේ - විදුහල්පතිවරයෙකු සහ බාලදක්‍ෂ කොමසාරිස්‌ වරයෙකු වන මාගේ පියාණන්, ජෝරඡ් ඇලෆ්‍රඩ් පීරිස්‌ මහතා බව, අද ද සෙනෙහසින් මා සිහිපත් කරමි.


එදත් - අදත් මා පිච්චර් පිස්‌සෙකි...

භාෂා භේදයකින් තොරව, චිත්‍රපට නැරඹීම, මාගේ ප්‍රතිපත්තිය විය. අතපසු වූ චිත්‍රපට සොයාගෙන ගොස්‌ නැරඹුවද - මාගේ චිත්‍රපට උමතුව සුව නොවීය.

ඒ, 1973 වසරයි...
මොරටුවේ රාවතාවත්තේ මහ පල්ලියේ - ශාලාවක ආධාර දර්ශනයක්‌ සඳහා "සුමුදු භාර්යා" චිත්‍රපටය තිරගත වෙයි. අතපසු වූ දෑ සපුරා ගැනීමේ අටියෙන් - මමද එතැන විය. ආර්ය ශ්‍රී  දේවාදිත්‍ය බණ්‌ඩාර ගර්දියවසම් ලිඳමුලගේ රෝයි ඇලෝසියස්‌ ෆීලික්‌ස්‌ ද සිල්වා හෙවත් රෝයි ද සිල්වා නමැති ජනප්‍රිය නඵ තරුව අලුත්ම-අලුත් ෆොක්‌ස්‌ වගන් මෝටර් රථයකින් - එතැනට වැඩම කළේ තවත් ජනප්‍රිය තාරකාවක්‌ වන සුමනා අමරසිංහ ද කැටුව අනපේක්‍ෂිත මොහොතකය.

Thursday, December 24, 2015

රජ කුමරියක නිසා ජර්මනියේ සිට එංගලන්තයට ආ නත්තල් ගස...!!!

නත්තලේ විසිතුර රඳා පවතින්නේ නත්තල් ගසේ යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. අද නත්තල සමරන
කොයි කවුරුත් තම නිවෙස් නත්තල් ගසින් සැරසීමට අමතක නොකරති. ලොව ප්‍රථම නත්තල් ගස කොතැන බිහිවීද යන්න ගැන අප අතර ඇත්තේ කුහුලකි. ප්‍රථම නත්තල් ගස ලොවට බිහි වීම රටවල් දෙකක් අතර ඇතිවූ රාජකීය විවාහයක් සමඟ බැඳී ආවක් බව ඒ ගැන විමසීමේ දී පෙනී යයි. ප්‍රථම නත්තල් ගස ලොවට හඳුන්වා දීමේ ගෞරවය එංගලන්තයට හිමි වුවද නත්තල් ගසේ සංකල්පය මුලින්ම උපන්නේ ජර්මනියේ ය.

මේ නත්තලේ ඒ සොඳුරු කලාකරුවා බෙත්ලෙහෙම් පුරේ...!!!

සීතල උඳුවප සමඟින් නත්තල එළඹෙද්දී නිතැතින්ම බෙත්ලෙහෙම් පුරේ ගීතය හාත්පස පිළිරැව් දෙයි.


සීනු හඬින් ලොව පිබිදෙනවා, නත්තල දොර ළඟ හිනැහෙනවා යැයි කියා සුප්‍රසිද්ධ ගීතිකාවක් ඇත. මා සිතන පදිරි නත්තල් සමයේදී අපේ රට පුබුදුවාලන සීනු හඬ වන්නේ මොහුය. අනිල් භාරතී නම් ඒ සොඳුරුතම කලාකරුවා මේ නත්තලේ පැමිණෙන්නේ නත්තල වෙනුවෙන් නිර්මාණය කළ නත්තල් ගී තැටියක් ද සමඟිනි. එය ‘සිලෙක්ෂන් ඔෆ් ඔරිජිනල් ක්‍රිස්මස් සෝංග්ස් විත් අනිල් භාරතී’ ලෙසට නම් කොට ඇත.

Wednesday, December 23, 2015

මෙදා නත්තල පූර්ණ චන්ද්‍රයා පෑයූ රාත්‍රියක...!!!

යළි එසේ වන්නේ 2034 දී
පූර්ණ චන්ද්‍රයා ඇති රාත්‍රියක නත්තල උදාවන්නේ වසර 40 කට පසුව බව ඇමරිකානු නාසා ආයතනය පවසයි. අවසන් වරට පූර්ණ චන්ද්‍රයා ඇති දිනක නත්තල උදාවූයේ 1977 වසරේ දෙසැම්බර් 25 වැනිදාය. මෙම වසරට පසු යළි  පූර්ණ චන්ද්‍රයා ඇති දිනෙක නත්තල උදාවන්නේ 2034 දී බව නාසා ආයතනය පවසයි.

Tuesday, December 22, 2015

ආණ්ඩුවේ මී හරකුන්ගේ වැඩ නිසා ගොවීන් අමාරුවේ....

කුඹුරු කොටන්න කලින් අන්තර්ජාලයේ ලියාපදිංචි වෙන්න - අන්තර්ජාලයේ ලියාපදිංචි විය යුතු බව ගොවීන් දන් නෑ....!!!
මහ කන්නයේ වී අස්වනු අලෙවි කිරීම සඳහා අන්තර්ජාලයේ ලියාපදිංචි විය යුතු බවට දැනුවත් නොවීම නිසා අනුරාධපුර දිස්ත්‍රික් ගොවි සංවිධාන නියෝජිතයෝ දැඩි අපහසුතාවට පත්ව සිටින බව අප වෙත වාර්තා වේ. වී අලෙවි මණ්ඩලය වෙත 2015 - 2016 මහ කන්නයේ වී අස්වනු අලෙවි කිරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වීමට අවශ්‍ය බව වී අලෙවි මණ්ඩලය හෝ ගොවිජන දෙපාර්තමේන්තුව ගොවි සමිති වෙත හෝ ගොවීන් වෙත නොදැන්වූ බව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි සමිති නියෝජිතයෝ පැවසූහ.

ප්‍රගීත් ඝාතක මෙගා පොලිසී “ප්‍රා”නායක පාඨ්ළී ගැලවෙන්න බුද්ධි අංශ හා හමුදාව පාවාදෙයි...!!!

ප්‍රගීත් එක්නැලිගොඩ  මාලිගාවත්තේ පාතාල කල්ලියක දින 3 ක් රඳවාගෙන චම්පික සහ නිර්මලා
සම්බන්ධයෙන් ඔහු ලියූ ලිපිය ගැන ප්‍රශ්න කෙළේ යයි ඊයේ මාලිගාවත්තේ දී අත් අඩංගුවට ගත් කුඩුසුද්දා නමැති පාතාල සාමාජිකයා රහස් පොලිසියට පාපෝච්චාරණය කර තිබියදිත් ඒ සම්බන්ධයෙන් වාර ගණනාවකදි අප සාක්ෂි සහිතව අනාවරණයන් කර තිබියදිත් මෛත්‍රීපාල සිරිසේන නැමති බෙදුම්වාදී  නායකයා රටේ අවසනාවන්ත නායකයා බවට පත්කිරිමට කඩේ යෑමේ ප්‍රතිපලයක් ලෙස “ප්‍රා”නායක පාඨ්ළී ගලවා ගැනිම සදහා බුද්ධි අංශ හා හමුදාව පාවාදෙමින් සිටින බව තවත් තහවුරු වුනා.

භාරත අඩි පාරේම යන උගේ තගරි දුව ...!!!

කොළොන්නාවට මුලින්ම භීෂණය සහ කුඩු බෙදා හැරියේ භාරත ලක්‍ෂ්මන් බව කොළොන්නාවේම ඇතැමුන් පවසති.කුඩු දුමින්ද ගේ කොළොන්නා සංක්‍රමණය නිසා හටගත් ගැටුමකින් කුඩු දුමියා අතින් ඵළොවට වීසා නොගත්තේ නම් තවමත් කොළොන්නාවේ ඇත්තේ භීෂණයම වේ.එදා සිය තාත්තාගේ තගරි පාට්  අද

හිරුණිකා හිරිතයකින් තොරව ක්‍රියාත්මක කරන  බවට ඇති නවතම සාධකයකී මේ.මේ මෘග ගැහැණිය ට  ඡන්දය දුන්  ජනතාව  සහ  ඒකිව පුම්බා තැබූ මාධ්‍ය   හොරිකඩයන් අද ලජ්ජා විය යුතුය.
දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයකු පැහැරගෙන ගොස්‌ සිරකර තබාගෙන ඔහුට පහරදී මරණීය තර්ජන එල්ල කළ බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ගේ ආරක්‌ෂක නිලධාරීන් හයදෙනකු කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් (22 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
තරුණයා පැහැර ගැනීමට යොදාගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අයත් ඩිපෙන්ඩර් වර්ගයේ ජීප් රථයක්‌ද පොලිස්‌ භාරයට ගෙන තිබේ.

ජාතිවාදී ලේබලය අලවා උද්ඝෝෂකයන් මට්ටු කොට ජනාවාස හදන රිෂාඩ් කැණහිලා...!!!

මේ අමන ක්‍රියාවලියට කවරකු හෝ විසින් ජාතිවාදී ලේබලය ගසමින් වන සංහාරයට එරෙහිව නඟන හඬ යටපත් කරන්නට දරන දැඩි උත්සාහයක්‌ වේ. ඇත්ත වශයෙන්ම මේ පරිසරවේදීන් හා සිවිල් සංවිධාන විරුද්ධ වන්නේ වන සංහාරයට බව කොතැනකදීවත් නොකියා ඉන්නට මේ කූට

දේශපාලනඥයන් ප්‍රවේසම් වන බව කිව යුතු ය.

පසුගිය කාලය පුරාම ඊට එරෙහිව නැඟුණු විරෝධතාවන්ට අවසානයේ ජනාධිපතිවරයා ද මැදිහත් විය. එහෙත් සිදු වුණේ කොළේ වසා ගැසීමක්‌ බව පෙනෙන්නට තිබේ. මේ අලුත් පදිංචි කිරීම් තවමත් නතර වී නැත. අදාළ දේශපාලනඥයන් මේ කැලෑ එළි පෙහෙළි කිරීම ගැන කියන්නේ අපූරු කතා ය. තමන් විල්පත්තු වනයේ ඉඩම් අත්පත් කරගෙන නොමැති බවක්‌ මේ දේශපාලනඥයන් සඳහන් කරයි. ඇත්තටම සිදු වන්නේ විල්පත්තු මායිමේ ස්‌වාරක්‌ෂක කලාපය තුළ මේ පදිංචි කිරීම් සිදු කිරීම ය. එය ද අමුතුවෙන් සඳහන් නොකළත් නීති විරෝධී කටයුත්තක්‌ බව පරිසරවේදීහු කියති.

යහපාලන ගොනා බුද්ධාගමටත් අනී - සුද්දා 1815 දීවත් නොකළ ද්‍රෝහීකම ...!!!

බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය පොතෙන් එළියට, ඊලඟට ව්‍යවස්ථාවෙන්.

චන්ද්‍රිකා  සිටින්නේ පාසල් යන වයසක නොවේ. නමුත් ළඟදී චන්ද්‍රිකාට පාසල් පෙළ පොත් මතක් විය. අපටත් ඇතැම් විට කුඩා කළ බැලූ ඒ පොත පත  කිසියම් අතීතාශ්වාදජක හැඟීමක් මුසුව මතකයට නැගෙන අවස්ථා ඇත. නමුත් චන්ද්‍රිකා ට පාසල් පෙළ පොත් මතක් වූයේ එවැනි හැඟීමක් ඇතිව නොවේ. බටහිරයන් විසින්

ඇයට පැවරූ ප්‍රධාන වගකීමක ආරම්භක පියවර තැබීමටය. ඇය ළඟදී පාසල් විෂය නිර්දේශයෙන් බුද්ධාගම පොත ඉවත් කර සියළු ආගම් ඇතුළත් සර්ව ආගමික පොතක් ළමුනට ලබා දිය යුතු බවට අදහස් පළ කළාය.
වරෙක ඇය තම පුතණුවන් සිංහලයකු වීම පිලිබඳ ඔහු අතිශයින් ලැජ්ජා වන වග තමා සමඟ පැවසු බව ප්‍රසිද්ධියේ පැවසුවාය. ඇයද තමා සිංහලයකු වීම පිලිබඳ ලැජ්ජා වන ස්ත්‍රියකි. නොඑසේ නම් සිය පුතා සිංහලයකු වීම පිලිබඳ ලැජ්ජා වන බව ප්‍රසිද්ධියේ කියන්නේ නැත. ඇය මේ රටේ සිංහලයන්ට සහ බෞද්ධයන්ට හිමි තැන නොපිලිගන්නා ස්ත්‍රියකි.

Monday, December 21, 2015

රටම ගිනි තියා විල්පත්තුව අස්සේ හැංගෙන අවස්ථාවාදී ජඩයන්ගෙන් ප්‍රවේශම් වෙනු !

විල්පත්තු රක්ෂිතයේ නිවාස තැනීම බෙල්ලන්විල අවට නිවාස තනනවා වැනි සරල කාරණයක් යැයි කියූ අවස්ථාවාදී කැනහිලුන්  සහ හදිසියේ අටවාගත් පරිසර සංවිධාන,  යහපාලන නාඩගම වෙනුවෙන්

ගණිකා වෘත්තියේ යෙදවූ උන්නාන්සේලා  යලිත් විල්පත්තුව අස්සේ සැඟවෙන්නට උත්සාහ කරමින් සිටිනු පෙනේ.
ජිනීවා පාවාදීම හමුව රටේ ස්වෛරීභාවය අහිමිව තිබියදී, රණවිරුවන් පෝරකයට දක්කමින් කොටි ත්‍රස්තයන්ට නිදහස දෙමින් තිබියදී, විපක්ෂ දේශපාලන හඬ ඩොසර් කරමින් ඒකාධිපති පාලකයන් ට මෛත්‍රී වේශය ආලේපකරමින් තිබියදී, වසර දහස් ගණනක් තිස්සේ පැවති සුද්දා පවා අත නොතැබූ බුද්ධාගමට මෙරට හිමි තැන අහිමි කරමින් තිබියදී , අඳ ගොළු බිහිරන් සේ නෑසූකන්ව සිටින මේ අවස්ථාවාදි තක්කඩියන් ආයෙත් විල්පත්තු නාඩගමක් නටන්නට හදන්නේ සුපුරුදු අවස්ථාවාදය හරහා රටට කරමින් තිබෙන ව්‍යසනය පිළිබඳ අවධානය වෙනතකට යොමු කිරීමට සහ තමන් මෙතෙක් අල්ලාගෙන සිටි සටන් පාට දැන් ඔවුන් ආමන්ත්‍රණය කල සමාජ කණ්ඩායම් තුළ පවා කුජීත වෙමින් යන බැවින් නැවත වරයකින් ජනතාව රැවටීමට පොටක් පාදාගැනීමටත් මිස විල්පත්තුවට ඇති අමුතු ආදයරයක් නිසානම් නොවේ.

සිංහ-ලේ ලණුව කන්න එපා ...!!!

සිංහල ජාතිය කියන්නේ ඉතා ප්‍රෞඩ ඉතිහාසයක් සහිත ජාතියක්. ඔවුන්ට අන් කිසිවෙකුට නොදෙවෙනි මහා ශිෂ්ඨාචාරයක් ලෝකයේ ගොඩ නැගුවා. ඒ නිසා ම ඔවුන්ගේ තේජස මුළු ලෝකෙ පුරාම පැතිරුණා. අපි ව බලන්න ආපු දේශාටකයින්ගේ වාර්තාවලින් ම ඒක පේනවා.

අපි දියුණු ජාතියක් විදියට කළේ නිකං කලා නිර්මාණ, අධි තාක්‍ෂණික වාර්මාර්ග හා දාගැබ් පිළිම නිර්මාණය කිරීම විතරක් නෙමෙයි. අපි ඉතා දියුණු ආධ්‍යාත්මික වටිනාකම් පද්ධතියක් ද ගොඩනගා ගත්තා. අන් ජාතීන් ගැන ඉවසීම හා නිදහස් ලෙස බැලීම. ඔවුන්ට ගරු කිරීම. බටහිර ජාතීන්ට වඩා අපි ඉදිරියෙන් සිටින්නේ මේ දෙකම නිසා. බටහිරට මොනවා කළත් තාමත් බැරිවෙලා තිබෙනවා ජාතිවාදය ජයගන්න. ඇමරිකාව හා යුරෝපා රටවල ඉන්න සුළු ජාතිකයින්ට කොතරම් පීඩනයක් සුදුජාතිකයින්ගෙන් එල්ල වෙනවද කියල අමුතුවෙන් කියන්න දෙයක් නැ. ඔවුන් මේක වහගන්නේ අපේ රටවලින් හොරකම් කරගෙන ගිය මුදල් කන්දරාවෙන් සර්වපිත්තල ලෝකයක් මවල ඒක දාලා.

ලජ්ජා නැති නිගණ්ඨයා කියයි ...දැන් ඉතින් “ඔලු” හොදලා ඉවරයි -මම යනවා “පස්ස” හොදන්න...!!!

තමන්ට යලිත් පාර්ලිමේන්තුවට පිවිසිමට අවස්ථාවක් ඇති බවත් ඉතුරු වි තිබේන අවුරුදු 5ක කාලය තුල යමක් කමක් හම්බකර සතුටින් ජිවිත විමට අවශ්‍ය නිසා තමන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට එක්ව ඇමති කමක් ලබා ගැනිමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයෙන් පැනවිත් පසුගිය මහා මැතිවරණයේදි මහින්ද වාදියෙකු ලෙස පෙනි සිටිමින් ගාල්ල දිස්ත‍්‍රික්කයේ ජනතාව ගොනාට අන්දමින් පාර්ලිමේන්තුවට තේරිපත් වි සිටින මනුෂ නානායක්කාර මහනුවර දිස්ත්‍රික්කයේ තරුණ සන්ධාන මන්ත්‍රීවරයෙකුට පවසා තිබේ.

"මේ සිංහල අපගෙ රටයි..." කිව්වොත්, බරපතළ වැඩ ඇතිව හිරේ දමනවා...

"මේ සිංහල අපගෙ රටයි.....
අප ඉපදෙන මැරෙන රටයි.....
අප හද පණ ගැහෙන රටයි......
මුළු ලොව මේ රටට යටයි...." යන ගීතය ගායනා කිරීම බරපතළ වැඩ සහිත දෙවසරක සිර දඬුවමකට යටත් විය හැකි වරදක්‌ විය හැකිය.
ජාතිවාදීන් හිරේ දමන පනත ඇනහිටි බව පසුගිය සතියේ ප්‍රධාන පුවත් අතර සිරස්‌තලයක්‌ වී තිබිණි. මේ පනත ගැන පසුගිය කාලය පුරාම ශ්‍රී ලාංකීය සමාජය තුළ ඇතිකර තිබුණේ යම් ආකාරයක උණුසුම් තත්ත්වයකි.

Sunday, December 20, 2015

විජයගේ ලේවලින් මගේ අත්දෙක නෑවුණා...!!!

ප්‍රවීණ අංග රචනා ශිල්පි නිමල් රාජපක්ෂගේ අතීත මතක ආවර්ජනයක
නකල්ස් මිටියාවතේ පිහිටි බැද්දේගම ග්‍රාමයේ ඉපැදී පාසල් යන කාලයේ පටන්ම කැමරාවට පෙම් බැඳී ඔහු කොළොම් පුරවරයට පිවිසෙන්නේ සිය සිතැඟි වූ අදහස ඉටුකර ගැනීමට ය. ඒ චිත්‍රපටවල ඡායාරූප ගැනීමේ ඡායාරූප ශිල්පියෙකු වීමට ය. චිත්‍රපට අධ්‍යක්ෂ රංජිත් පෙරේරාගේ හමුවීමත් සමඟ ඊට මඟ පෑදුණ ද ඔහු පළමුව කරන්නේ චිත්‍රපට ක්ෂේත්‍රය ගැන හැදෑරීමයි. පළමුව ‘දිනුම් කණුව’ චිත්‍රපටයෙන් ඊට පිළිපන් මේ තරුණයා අන් කවුරුත් නොවේ. අංගරචනා ශිල්පී නිමල් රාජපක්ෂ ය.

Friday, December 18, 2015

යුද හමුදාපති විරෝධතා භාරදෙයි...!!!


අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ වහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිද

ගොනුකළ හබයාස් කෝපුස් පෙත්සම සම්බන්ධයෙන් වන තම විරෝධතාව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා  (18) අභියාචනාධිකරණයට භාරදුන්නේය.
එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ  අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස වත්මන් යුද හමුදාපතිවරයා සහ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයා නම් කරන ලද්දේ මීට පෙර මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදීය.

ඇවන්ට් ගාඩ් නැව වහාම මුදා හැරේ...!!!

ගාල්ල වරායේ නවතා ඇති ඇවන්ට් ගාඩ් නැව වහාම මුදාහරින ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර   (17දා) නියෝග කළාය. 
මෙම නැව මුදාහරින ලෙස ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය මීට කලින්ද නියෝග කර තිබූ නමුත් එය ක්‍රියාත්මක වූයේ නැත. එබැවින් මෙම නැව අයිති සමාගම වන සිලෝන් ශිපින් සමාගම මෝසමක් ඉදිරිපත් කරමින් නැව මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

හමුදාව ලවා උතුරේ කානු සුද්ද කරමු ,විග්නේෂ්වරන්...!!!

“කිසිඳු රාජකාරියක් නොමැතිව උතුරු පළාතේ සිටින හමුදාව යොදවා ඇල මාර්ග සහ කානු පද්ධති පිරිසිදු

කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ හැකිය. මේ සම්බන්ධයෙන් ඔවුන් සමඟ සාකච්ඡා කළ යුතුය” යනුවෙන් උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත.
උතුරු පළාත් සභාවේදී උතුරු පළාත් ප්‍රධාන ආමාත්‍යවරයාගේ අමාත්‍යංශය පිළිබඳ විවාදය 2015.12.16 වන දින පවත්වා ඇත. එහිදී කතා කළ උතුරු පළාත් සභා මන්ත්‍රී කේ.වින්දන්, “පසුගිය කාලයේදී යාපනය නගරය හමුදාව විසින් වටලා කඳවුරු ඉදිකරන ලදි.

දමිළ ව්‍යාපාරිකයන් රටේ ආර්ථ්ක බලය අල්ලන සැලැස්මක්....!!! දයා බිලියන 3කට කෙලී...!!!

දකුණේ ආණ්ඩුවට බලපෑම් කිරිම සදහා උතුරු නැගෙනහිර දමිළ ව්‍යාපාරිකයන් රටේ ප්‍රභලම ව්‍යාපාරිකයන්

කිරිම සදහා US – AID ව්‍යාපෘතිය හරහා උතුරු ,නැගෙනහිර දැවැන්ත ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරිමට ඇමරිකාව ප්‍රමුඛ යුරෝපා රටවල් කිහිපයක් මේ වනවිට මුලික කටයුතු සියල්ලම් ආරම්භ කර තිබේ.
අදාළ ව්‍යාපෘති සියල්ලක්ම ඩොලර් බිලියනය ඉක්මවා යන ආකාරයේ ව්‍යාපෘති වන අතර ඒ සදහා කැදවන ලද සෑම යොජනාවකම අනිවාර්‍ය සාධකය ලෙස දක්වා ඇත්තේ
එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමේ කණ්ඩායමේ සමාජික පිරිසගෙන් සියයට 85 (85%)අනිවාර්යෙන් දමිල සමාජිකයන් විය යුතු බවයි.

අයවැයට අත උස්සන බත් බැලයන්ට ප්‍රාඩෝ ජීප්-...!!! කෝටි 322 ක් රටට අහිමි වේ...!!!

රනිල්-මෛත්‍රී  අයවැය සදහා ඡන්දය භාවිතා කරන  පක්ෂයේ බත් බැලයන්ට බෙදාදිම සදහා රේගු වංචා නිසා රඳවා තබාගෙන සිටිනTRJ150 වර්ගයේ ප්‍රාඩෝ ජීප් රථ මුදවාගෙන අයවැයට ඡන්දය භාවිතා කරන මන්ත්‍රිවරුන්ට සහ තවත් 15 දෙනෙකුට නොමිලේ ප්‍රාඩෝ ජීප් රථ ලබා දිමට කටයුතු කරන ලෙස මුදල් ඇමති කරුප්පයියාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝග කර ඇති අතර ඒ අනුව හොරෙන් ගෙනා ප්‍රාඩෝ 403ක්‌ දඩ මුදලක්‌ද අය නොකර ආනයනකරුවන්ට මුදාහරින ලෙසට මුදල් ඇමති කරුප්පයියා රේගු ප්‍රධානින්ට උපදෙස් ලබාදි තිබේ.

Thursday, December 17, 2015

යහපත් යහපාලනයේ අති විශේෂ පොරොන්දු...!!!

තමිල්නාඩුවේ ශ්‍රී ලංකා සරණාගතයින්ට

යළි මෙරටට පැමිණීමට අවස්‌ථාව
ඇමැති ඩී. එම්. ස්‌වාමිනාදන්

තමිල්නාඩුවේ වෙසෙන ශ්‍රී ලාංකීය සරණාගතයින් යළි මෙරටට පැමිණීමට කැමැති නම් ඒ සඳහා ඔවුන්ට අවස්‌ථාව ලබා දෙන බව පුනරුත්ථාපන, නැවත පදිංචිකිරීම, බන්ධනාගාර හා හින්දු ආගමික කටයුතු ඇමැති ඩී. එම්. ස්‌වාමිනාදන්   (14 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.

Wednesday, December 16, 2015

රංජන් රාමනායක හෝ ඩිලාන් පෙරේරා විදේශික ශ්‍රමිකයන් වෙනුවෙන් පෙනී සිට දාන මෝඩ චූන්...!!!

කැබිතිගොල්ලෑව ගමේ කණගහවැව ගමෙන් වාර්තා වූ ශෝකජනක පුවතකින් මේ තීරුව ආරම්භ කරනු ලැබේ. මේ ගමේ වාසය කරන දහසය හැවිරිදි පිරිමි ළමයෙක්‌ පසුගියදා කැබිතිගොල්ලෑව පොලිසියට ගොස්‌ පැමිණිල්ලක්‌ ගොනු කළේය. එයින් කියෑවුණේ තමන්ට නංගිලා දෙදෙනකු සහ මල්ලිලා දෙදෙනකු සිටින බවත්, ඔවුන් ළදරුවන්ව සිටි අවධියේම මව පිටරට රැකියාවකට ගිය බවත්, පියා ඔවුන්ට නොසලකන බවත් ය. දරුවා පොලිසියෙන් එක්‌ ඉල්ලීමක්‌ කළේය. එනම් තමන්ට සහ සොයුරු සොයුරියන්ට ආහාර පාන සහ ඇඳුම් පැළඳුම් දෙන ලෙස පියාට නියෝග කරන ලෙස ය.

Tuesday, December 15, 2015

ශ්‍රී ලංකා හමුදාව ප්‍රතිසංවිධානයට දෙන මුදල් වහාම අත්හිටුවන්න....!!!

බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු 7 ක්‌ එරට රජයෙන් ඉල්ලති
ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජය ලබාදෙන ස්‌ටර්ලිං පවුම් මිලියන

6.6 ක මුදල අත්හිටුවන ලෙස බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් 7 දෙනකු එරට රජයෙන් ඉල්ලා ඇත.
මෙම ඉල්ලීම ඇතුළත් සංදේශයක්‌ බ්‍රිතාන්‍ය විදේශ කටයුතු ඇමැති හියුගෝ ස්‌පාරේ වෙත ඉදිරිපත් කර තිබේ.

මෛත්‍රීගෙන් ලක්ෂ 1790ක මෝටර් රථ ඇණවුමක්...!!!

ජනතාව ගොනාට ඇන්දවු මෛත්‍රීපාල සිරිසේන ජනතාවගේ පටි බෙල්ලටම තද කරමින් ලක්ෂ 1790ක් වටිනා ජර්මනියේ නිෂ්පාදනය කරන ඉතා ඉහල සුඛෝපභෝගි 2016 Mercedes-Maybach S600 Sedan වර්ගයේ මෝටර් රථයක් සදහා ඇණවුමක් ලබාදි තිබේ.අදාළ රථය අයවැය සම්මත විමෙන් පසුව ලංකාවට ගෙන්විමට කටයුතු සුදානම් කර තිබේ.
මේ අතර අදාළ මෝටර් රථය ඇණවුම් කිරිම සම්බන්ධයෙන් අදාළ රථයේ ඡායාරූප සහිතව විස්තරයක් ප්‍රංශයේ සේවය කරන පියෙකු විසින් තමන්ගේ ලංකාවේ සිටින පුතාට ලබාදි ඇති අතර මෝටර් රථයේ ඇති සුවිශේෂතාවයන් නිසාම අදාල පුතා විසින් එම මෝටර් රථය සම්බන්ධයෙන් සිය Facebook හී පොස්ටුවක් පලකර ඇති අතර අදාළ ඇණවුම් කරන ලද මෝටර් රථයේ ඡායාරූපද පලකර තිබේ.

අංක 1එකේ ඩිල් කාරයෙක් කරුප්පයියාගේ අමාත්‍යංශයට...!!!

පසුගිය ආණ්ඩුව සමයේ මත්කුඩු සඟවා තිබූ කන්ටේනරයක් රේගුවෙන් නිදහස් කරගැනීමට හිටපු අගමැති

දිමු.ජයරත්නගේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටිමින් කූට ලේඛනසකස් කරමින් කප්පම් ගැනිමට කටයුතු කල ලෝක හොරෙකු වන සිසිර විජේසිංහ නැමැත්තා දැන් මුදල් අමාත්‍යංශයේ කප්පම්කරුවෙකු බවට පත්ව සිටින බව වාර්තා වේ.

බල්ලොත් නොකන කෑම මිනිසුනට කැවූ අපතයන් 30 මාට්ටු...!!!

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පුරා දින 03ක් තිස්සේ ආරච්චිකට්ටුව සහ අවට සිදු කරන ලද
මෙහෙයුමකින් පසුව මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලවි කළ ව්‍යාපාරිකයින් 30 දෙනෙකුට එරෙහිව හලාවත දිසා අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කර ඇත.
ඉකුත් 12,13 සහ 14 යන තෙදින පුරා මෙම මෙහෙයුම ක්‍රියාත්මක විය.

Monday, December 14, 2015

මහින්දට බණිමින් රට වනසන පුබ්බරුවන්ගේ වැඩ...!!!

පසුගිය බදාදා රාති‍්‍රයේ පැවැති කැබිනට් අමාත්‍ය මණ්ඩල හමුවේදී ජනපති මෛතී‍්‍රපාල සිරිසේන සහභාගීව සිටි අමාත්‍යවරුන් හමුවේ කියා සිටියේ අයවැය තෙවන වර කියවීම සාර්ථක කරගනු සදහා සියලූදෙනා

කණ්ඩායමක් ලෙස වැඩකටයුතු කළ යුතුව තිබෙන බවයි.අයවැය යෝජනා සම්බන්ධයෙන් තනි තනිව විවේචන ඉදිරිපත් කිරීමෙන් වැළකෙන ලෙසද හෙතෙම ඔවුන්ට දැනුම් දුන්නේය.අයවැය තෙවන වර කියැවීමෙන් පසු එහි අන්තර්ගත යෝජනා එකින් එක ගෙන ඒවා ජනතාවට වැදගත් වන්නේ කෙසේදැයි පෙන්වාදෙන වැඩසටහනක් ආරම්භ කිරීමේ වැදගත්කම ද ජනපතිවරයා පෙන්වා දුන්නේය.

ඇවන්ගාර්ඩ් තුන් ඇවරයි -කිලි,අර්ජුන,තිළින ඇතුලු සමාගම් 5කට...!!!

ඇවන්ගාර්ඩ් මෙරි ටයිම්ස් ආයතනය විසින් පවත්වාගෙන යන පාවෙන අවි ගබඩා ව්‍යාපාරය සිරස මුදලාලි කිලී මහරාජා යටතට ගැනීමේ දැවැන්ත මෙහෙයුමේ අවසන් අදියර ලෙස එම ව්‍යාපාරය වහාම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශයට අනුබද්ධ ආයතනයක් බවට පත්කර පසුව එය සිරස මුදලාලිට හිමිකර දිමේ කුමන්ත්‍රණයක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබේන බව අප පසුගියදා අනාවරණය කළා.

Sunday, December 13, 2015

රුපියල් හැටපන්දාහේ සිට ලක්‌ෂය දක්‌වා මිල ගණන්වලට අලෙවි වන'සුදු මස්‌'

ස්‌ත්‍රීත්වයට හිමි බව කියන හැටහතර මායම් සමග රාගයෙන් ගිනියම්ව තිබූ ඇගේ ලස්‌සන ඇස්‌

මැලවී ගොසිනි. හදවත ගිනිගෙන ඇති සේය.
හඬන්නී ඇය පමණක්‌ද...? නැත. ලොව පැරණිම වෘත්තිය තෝරා ගනිමින් මස්‌ වෙන්දේසියකට සැදි පැහැදී කොළඹට ආසන්න තරු හෝටලයක කාමරයක්‌ වෙත පැමිණි ඇයට මෙන්ම ඇගේ මිතුරියන් සිව් දෙනකුටද අත්ව ඇත්තේ ඒ ඉරණම ම ය.

 අද රාත්‍රිය මා නුඹේ ජීවිතයේ සොඳුරුතම රාත්‍රිය කරන්නම්.. සුරලොව සතුට නුඹේ දෙපා මුල ගෙන තබන්නම්.." මොහොතකට පෙර තමන් ඉදිරියේ සිටි කඩවසම් තරුණයාගේ ගත දැවටෙමින් අඟර දඟර පා එසේ තෙපලූ මොහිනූර් දැන් දැතින් මුහුණ වසාගෙන හඬමින් සිටින්නීය.

පිළිකා පිළියම්ද පිළිකාවක්....

මෙරට පිළිකාවන්ට ගොදුරුවන්නන්ගේ සංඛ්‍යාව වාර්ෂිකව ඉහළ යමින් පවතින බව වාර්තා වී තිබේ. පිළිකාවක්‌ වැළඳීම යනු එය වැළඳුණු තැනැත්තා පමණක්‌ නොව එම තැනැත්තාගේ පවුලෙහි සාමාජිකයන් මෙන්ම හිතමිතුරන් ද පෙළන තත්ත්වයක්‌ බව අමුතුවෙන් කිවයුතු නැත. ජීවිතයත් මරණයත් අතර පොරබඳින පිළිකා රෝගියකුගේ දිවිය දිගු කිරීමට මහෝපකාරී වනුයේ එම රෝගී තත්ත්වය සඳහා ලබා දෙන බෙහෙත් වර්ගය.එහෙත් ජාතියේ අවාසනාවට පිළිකා රෝගයට ගොදුරු වූවන් සඳහා ලබා දෙන බෙහෙත් වර්ගවලින් ද ගසාකන්නන් මේ වන විට බිහි වී තිබේ.


ත්‍රිපිටක සජ්ඣායෙන් බැබළෙන සිද්ඨස්ථාන.....


මෙම පිංකමේ සුවිශේෂත්වයන් කිහිපයක්‌ම වේ. එනම් භික්‍ෂුන් වහන්සේ තුන්දහසක්‌a දෙනා සහභාගි කරවා ගනිමින් බුද්ධගයාවේදී ත්‍රිපිටකය සජ්ඣායනය පටන් ගන්නා අතර එය අවසන් කෙරෙන්නේ ශ්‍රී ලංකාවේදී වීම එක්‌ විශේෂත්වයකි. එනම් දින 18 ක්‌ පමණ කාලයක්‌ පුරා පැවැත්වෙන මෙම පිංකමේ අවසන් දින තුන දළදා මාළිගාව අසල ඉදිකෙරෙන විශේෂ පීථිකාවකදී ත්‍රිපිටකය සඡ්යනය නිමාවට පත් කෙරේ.

එදා විරුවන් මෙදා පණුවන් කරන යහපාලනය.....

අප්පච්චි ගෙදර යමුද... දුව එහෙම අහනවා.. ඒත් මං යන්නේ බන්ධනාගාරයට...අද බිරිඳත් එක්‌ක මගේ දුවත් ආවා උසාවියට.. මම දැන් බන්ධනාගාරයට යන්න ඕනේ.. ඒත් දුව අහනවා අප්පච්චි ගෙදර එන්නේ නැද්ද කියලා.. බිරිඳ ඇස්‌ දෙකේ කඳුළු පුරවගෙන ඉකි ගගහ අඬනවා මම දැක්‌කා.. ඒක බලන් ඉන්න බැරි නිසා මම අහක බලා ගත්තා.. 

ලංකාවේ ලොකුම ට්‍රිප් එක මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන්..!!!

රුපියල් ලක්ෂ 35ක මුදලක් වැයකරමින් 101 දෙනෙක් පමණක් සහභාගීකරවාගෙන ලංකාවේ එතෙක් මෙතෙක් වැඩිම වියදමක් දැරූ සහ විශාලම විනෝද චාරිකාව සංවිධානය කිරීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

Saturday, December 12, 2015

සඳක් වී තරු බැබළවූ ක්ලැරන්ස්...!!!

නෙවිල් ප්‍රනාන්දු විසින් බිහිකරනු ලැබූ “කණ්ඩායම් සංගීතය” නමැති දරුවා පෝෂණය කොට ජනතාව අතරට
ගෙන යාමේ පුරෝගාමියා ලෙස අවිවාදයෙන් සැලකිය හැකි ක්ලැරන්ස් විජේවර්ධන කලාකරුවාණන් සදහටම සමුගෙන වසර දහනමයක් සපිරෙයි. ගායනය - ගී පද රචනය හා සංගීතය යන ත්‍රිවිධ අංශයන්ගෙන්ම එක සේ සමත්කම් දැක්වූ ක්ලැරන්ස් තවත් විශාල පිරිසකට ආලෝකය දෙමින් සඳක් සේ දිලුණේය. ඔහුගේ නිර්මාණ තුළින් ගී ලොවට පිවිසි අය ද, ගී ලොවේ ස්ථාවර වූ අය ද බොහෝය. ඉන්ද්‍රානි පෙරේරා - ඇනස්ලි මාලේවන - අනිල් භාරතී - වර්නන් පෙරේරා - සමන් ද සිල්වා ආදීන් ඊට උදාහරණ වේ.

Friday, December 11, 2015

වෙනස - පාසැල් විෂය මාලාවෙන් බුද්ධාගම ඉවතට.. සියළු ආගම් එක් කර අලූත් පොතක්...!!!

ඉදිරියේදී පාසැල් විෂය මාලාවෙන් බුද්ධාගම ඉවත් කරන්නට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ගේ ප‍්‍රධානත්වයෙන් යුතු ජාතික සහජීවනය සඳහා වූ කාර්යාලය විසින් යෝජනා කර තිබේ.

සිංහලයනට පමණක් ඵල්ල කරවන නපුංසක නීතියක් ළඟදීම....!!!

ජාතිවාදි හෝ ආගම්වාදි ප්‍රකාශ කරන්නන්ට අවුරුදු දෙකක බරපතළ වැඩ ඇතිව හෝ නැතිව

සිරදඬුවම් නියම කිරීම නීතිගත කෙරෙන පනත් කෙටුම්පත් 11 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
අපරාධ නඩු විධාන සංග්‍රහය සහ දණ්‌ඩ නීති සංග්‍රහය සශෝධනය කරමින් මෙම පනත් කෙටුම්පත් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ විවාද කර සම්මත කර ගැනීමට නියමිතය.

කොටි මිනීමරුවන් ඇතුළු සිරකරුවන් 7975 හිරේලු...!!!

සිරකරුවන් නඩත්තුවට මාසයකට කෝටි 18 1/2 ක්‌

අම්මලා හිරේ නිසා බබාලා 58 දෙනකුත් හිරේ...
මෙරට බන්ධනාගාර විසිඅටක සිටින මුළු සිරකරුවන් 7975 සඳහා රජය රුපියල් දහඅට කෝටි හැටහය ලක්‍ෂ පහළොස්‌ දහසක්‌ මසකට වැයකරන බව එම බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ, පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ ඇමැති ඩී. එම්. ස්‌වාමිනාදන්   (11 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එමෙන්ම මෙම සිරකරුවන් සඳහා දිනකට වැයවන මුදල රුපියල් හැටදෙලක්‌ෂ විසිදහස්‌ පන්සියයක්‌ බවද ඇමැතිවරයා කීවේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.