ඉතිහාසයේ යම් කිසි දවසක, මාදුඵවාවේ සෝභිත හිමියන් ගේ දේශපාලන කටයුතු බටහිර
NGO නඩයට
අද සෝභිත හිමියන් ගේ අපවත්වීම සම්බන්ධයෙන් අඬන, හොටු හූරන පිරිස, එදා මෙකී සිදු වීමෙන් ගත් ආතල් එක අති මහත් ය.යම් විදියකින් උන්වහන්සේ ඉන්පසුවත් NGO නඩයට එරෙහි පිළිවෙතක් අනුගමනය කළේ නම් සහ ඒ මතවාදයේම පිහිටා අපවත් වුණේ නම්, මෙකල සති අන්ත විකල්ප පුවත් පත් වෙන් කෙරෙනු ඇත්තේ කවර පුවත් සඳහා ද යන්න, අපට තේරුම් ගත හැකි ය. එසේ වූයේ නම් ඇදෙන්නේ, සෝභිත හිමියන්ට මඩ ගැසීම සඳහා දියත් කෙරුණු මෙකී මෙහෙයුමේ, දෙවැනි කොටස ය.
මේ රටේ බටහිර NGO නඩය සිංහල-බෞද්ධ සමාජයේ අඩුලුහුඬුකම් පමණටත් වඩා උලුප්පා දක්වන්නේ, එයට තිබෙන ගෞරවයකින් නොව, වෙනත් කූට අරමුණක් මුදුන් පමුණුවා ගැනීමට බව අපි දනිමු. එය නොතේරෙන ගොන් හැත්තක් ද සිටින අතර, ඔවුන් පිළිබඳ ව අපට ඇත්තේ පිළිකුලකි.
පසුගිය සතිය තුළ මෙරට ජාතික දේශපාලනය සහ පරිවාර ක්ෂේත්රයන්හි හැසිරීම විමර්ශනය කරන විට, සියල්ලන් තමන් ගේ කල්ලියේ කුණු අපුල්ලන්නන් බව ප්‍රසිද්ධියේ පෙන්වා දී තිබේ.
මෙයට සාක්ෂියක් ලෙස මා හට සිදු වූ එක්තරා සිදු වීමක් තිබේ.
වරක් අහම්බෙන් මට එක්තරා චීවරධාරියකු වෙසෙන විහාරස්ථානයකට යන්නට සිදු වීණි. (අවශ්‍ය වෙතොත් විහාරය ද, චීවරධාරියා ගේ නම ද හෙළි කළ හැකි ය.) ඌ වහන්සේ සමඟ මඳ වෙලාවක් කතා කරමින් සිටිය ද, 'මේ අර චීවරධාරියා දැයි' යනුවෙන් හඳුනා ගන්නට තරම් නිච්චියක්, සැබැවින්ම මට එවෙලේ නොතිබිණි.
මට සියල්ල සිහියට ආවේ, ආපසු එන ගමනේදී අප සමඟ සිටි තරුණයකු 'අර ඌ නේ දැයි' ඇසූ විට ය. එවේලේ ම අන්තර්ජාලයෙන් උෟ වහන්සේට අදාළ සියලු ඡායාරූප උපුටා පෙන්වූ එකී තරුණයා, අප ගේ මතකය අලුත් කළේ ය.
චීවරයක් පොරවා ගෙන සිටි එකී දුශ් චරිතවත් පුද්ගලයා, අප සමඟ කී කතා මට එකින් එක යළි යළිත් අැසෙන්නට විණි.
'මං ඉස්සෙල්ලා හිටපු තැනට නං නියම කට්ටියක් ආවා'
ඌ වහන්සේ එසේ කියන විට, මට ඉබේටම 'කවුද?' යනුවෙන් කියවිණි. ඒ නම් අතර කියවුණු පුද්ගලයන් සියල්ල අද සිටින්නේ 'අලුත් පරපුර' සහ 'පුරවැසි බලය' සංවිධානවලට සම්බන්ධ ව ය. (අවශ්‍ය වෙතොත් නම් සියල්ල හෙළි කළ හැකි ය.)
'අපි හවසට සෙට් වුණා' ඌ වහන්සේ කීවේ ය. 'සෙට් වුණා' යයි කීමෙන් අදහස් වූයේ, ගංජා, අරක්කු බොන්නට ආ බව ය. එහෙත් ඉහත සඳහන් කළ තරුණයා අන්තර්ජාලයෙන් ඇද පෙන් වූ ඡායාරූප අතර, කාන්තාවන් සමඟ (භික්ෂුවකට) නොමනා ලෙස සිටින ඡායාරූප රැසක් ද තිබිණි.
දෙපිටකාට්ටු පුද්ගලයන් සති අන්ත විකල්ප පුවත්පත් සහ සඟරා යොදා ගනිමින් බෞද්ධ සමාජයට පමණක් එලව, එලවා පහර දෙන්නේ, චීවරධාරීන් සමඟ එකට එකතු වී ගංජා බොමින්, අරක්කු බොමින්, කාන්තාවන් සමඟ ලිංගික කටයුතුවල යෙදෙමින් බව දැන ගත යුතු ය. එයින් කියවෙන දැවැන්ත කතාන්දරයක් තිබේ.
එය වටහා ගැනීම තම තම නැණ පමණින් සිදු කර ගත යුතු ය.
සෝභිත හිමියන් ගේ ජීවන චරිතය, අපට බොහෝ දේ කියා දී තිබේ. ඇැතැම් දේ වචනයෙනි. ඇතැම් දේ නිහඬව ය. නිහඬ ව කියා තිබෙන දේ, වචනයෙන් වදාරා තිබෙන දේට වඩා බෙහෙවින් ප්‍රබල ය.
- කුමාර ලියනගේ