නොවැම්බර්
13 වැනි දා පෙරවරුවේ ශ්‍රී ලංකාව සමීපයට කඩා වැටීමට නියමිත කෘත්‍රිම වස්තුවෙන්
සිදු විය හැකි හානි නො ගිණිය හැකි තරම් බව නිරීක්ෂකයෝ පවසති. ඒ, මේ වස්තුව කුහරමය
ව්‍යහයක් සහිත මීටර 1-2ක් වැනි කුඩා දිගකින් යුතු එකක් වීමත්, එය පෘථිවි
වායුගෝලයට පිවිසීමේ දී හටගන්නා ඝර්ෂණයෙන් බොහෝ දුරට ඉහළ අහසේ දී ම දැවී විනාශ වී යා
හැකි වීමත් නිසා ය.
මේ වස්තුව අජටාකාශ යානයකින් ඉවත හෙළන ලද කොටසක් ලෙස සැක කෙරෙයි. දැනට ගණනය කර ඇති ආකාරයට මෙය කඩා වැටෙන්නේ උතුරු අක්ෂාංශ +5.62515 සහ නැෙගනහිර දේශාංශ 81.45221 ලෙස සිතියමක සලකුණු කළ හැකි, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් කිලෝමීටර 65-ත් 100ත් අතර ප්‍රදේශයක ඉන්දියන් සාගරයට ය.
WT1190F ලෙසින් නම් කර ඇති මේ වස්තුව මුල් වරට හසු වී ඇත්තේ 2013 වසරේ පෙබරවාරි මාසයේ දී ය. එහි දී ඇමෙරිකාවේ ඇරිසෝනා විශ්වවිද්‍යාලයයේ Catalina Sky Surve නමැති ග්රහක සහ වල්ගා තරු නිරීක්ෂණ වැඩසටහනකට අයත් දුරේක්ෂයකටට මෙය නිරීක්ෂණය වී ඇත. එහෙත් එය ඉන් අනතුරුව නොකඩවා දර්ශනය වී නැති අතර යළිත් පැහැදිලිව දක්නට ලැබී ඇත්තේ මේ වසරේ ඔක්තෝබර් මාසයේ දී ය.
කලින් කරන ලද නිරීක්ෂණ ද සමග සන්සන්දනය කරමින් මෙහි ගමන් මග අධ්‍යයනය කළ විද්‍යාඥයන් පවසන්නේ සඳට ද ඔබ්බෙන් ඇති දුරක් දක්වා එනම් පෘථිවියත් සඳත් අතර දුර මෙන් දෙගුණයක් තරම් දුරක් දක්වා විහිදෙන පුළුල් ඉලිප්සාකාර ගමන් මගක මෙය ගමන් කරන බව ය. එය පෘථිවිය වටා එක් වටයක් යැමට සති 3ක කාලයක් ගනියි. ඒ අනුව මෙය ඝනත්වයෙන් අඩු වස්තුවක් බවටත් මෑතක දී හෝ දශක කිහිපයකට පෙර හෝ සඳ වෙත යෑවුණු යානයක කොටසක් විය හැකි බවටත් සාධාරණ සැකයක් මතු ව ඇත. ඝනත්වයෙන් අඩු බැවින් එය අජටාකාශ යානයකින් ඉවත හෙළන ලද ටැංකියක් හෝ යානයක බඳක කොටසක් හෝ විය හැකි යෑයි අනුමාන කරනු ලැබේ.
පෘථිවිය හා සෘජු ව ගැටෙන ගමන් මගකට මෙය අවතීර්ණ වී තිබීම හේතුවෙන් රටවල් ගණනාවක විද්‍යාඥයන් ගේ අවධානය මේ කෙරෙහි යොමු වී තිබේ. පෘථිවිය ඉලක්ක කරගෙන එන මෙවැනි කෘත්‍රිම වස්තුවක් පතිත වන ස්ථානය නිවැරැදිව ගණනය කරන්නට හැකි වූ අවස්ථා ඇත්තේ ස්වල්පයකි. මේ වන විට පෘථිවියෙන් සාපේක්ෂව ඈත අභ්‍යවකාශය දක්වා දිවෙන කක්ෂයක අතරමං ව ගමන් කරමින් ඇති මෙවැනි කෘත්‍රිම වස්තු අතරින් විද්‍යාඥයන්ට නිරීක්ෂණය කිරීමට හැකි ව තිබෙන්නේ 20ක් වැනි ස්වල්ප සංඛ්‍යාවක් පමණි. යුරෝපා අභ්‍යවකාශ නියෝජිතායතනයට අයත් නෙදර්ලන්තයේ පිහිටි පෘථිවි සමීප වස්තු අධ්‍යයන කාර්යාලයේ සම කළමනාකරු ගර්හාර්ඩ් ෙඩ්රාල්ශැගන් පවසන්නේ මෙය හුදෙක් ම විද්‍යාත්මක අධ්‍යයනයක් පමණක් නො ව පෘථිවිය හා යම් දිනක විනාශකාරී ලෙස ගැටෙන්නට එන වස්තුවක් සම්බන්ධ සිදුවීමක දී විද්‍යාඥයන් අතර සම්බන්ධීකරණය අත්හදාබැලීම සඳහා ද අවස්ථාවක් වනු ඇති බව ය. සමීප නිරීක්ෂණ කටයුතු සඳහා ගුවන් යානා හා නාවික යාත්‍රා දැනටමත් සූදානම් කර ඇත. කෙසේ වෙතත් පෘථිවිය ආසන්නයෙන් ම කක්ෂගත ව ඇති කෘත්‍රිම සුන්බුන් නිරීක්ෂණය කිරීමට ඇති උනන්දුව තරමේ උනන්දුවක් පෘථිවියෙන් ඈත් වූ ගමන් මගකට පිවිස ඇති කෘත්‍රිම සුන්බුන් නිරීක්ෂණය සඳහා මෙතෙක් යොමු වී නැත. මේ ආකල්පය වෙනස් විය යුතු බව මැසචුසෙට්ස් ප්‍රාන්තයේ කේම්බ්‍රිඡ්හි පිහිටි තාරකාභෞතිකය පිළිබඳ හාර්වර්ඩ්-ස්මිත්සෝනියන් මධ්‍යස්ථානයේ තාරකාභෞතික විද්‍යාඥ ජොනතන් මැක්ඩොවෙල් පවසයි.
WT1190F ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 11.50ට පමණ දක්ෂිණ ශ්‍රී ලංකාව අවට මුහුදට කඩා වැටෙනු ඇති අතර බොහෝ දුරට එය පතිත වීමට පෙර ඉහළ අහසේ දී දැවී යනු ඇත. එසේ වුව ද කිසියම් කොටසක් පතිත වීමට ද ඉඩ ඇති බැවින් මෙවැනි අවස්ථාවක තමා නම් මුහුදු යන්නේ නැතැයි නාසා ආයතනයට අයත් පැසඩිනාහි ජෙට් ප්රචාලන පර්යේෂණාගාරයේ සිට අභ්‍යවකාශ සුන්බුන් නිරීක්ෂණ කටයුතුවල යෙදෙන මෘදුකාංග සංවර්ධන ශිල්පියකු වන බිල් ග්‍රේ පවසයි. කෙසේ වෙතත් මෙමගින් සිදු විය හැක්කේ අල්ප වූ හානියක් බව යුරෝපා අභ්‍යවකාශ නියෝජිතායතනය පවසයි. දිවා අහසේ වුව ද මෙය දීප්තිමත් ව දැවී යන අයුරු දැකබලාගත හැකි බව ද විශ්වාස කෙරෙයි.

http://www.space.com/30908-near-earth-objectpredicted-to-put-on-fireball-show-video.html