පසුගියදා රටේ කථාබහක් ඇති කරමින් මහනුවර බලගොල්ල කේන්ගල්ල ප්රදේශයේ නිවසක බලූ කූඩුවක
ඩෙංගු පරීක්ෂාවට ගිය පිරිසකගේ සෝදිසිය නිසා මෙම පියාගේ ඛේදවාචකය රටට හෙළිදරව්විය.
පියාව නිවසේ බලූ කූඩුවක දමා බලූකූඩුවේ සිටි බල්ලන් නිවසේ කාමරයක දමා එම පියාගේ දියණිය වාසය කරමින් සිටි අතර
මේ නිසා මව්පියන්ට නොසැලකීම සම්බන්ධ විශාල කථාබහක් සමාජයේ ඇතිවුණා.සිද්ධිය සැලවීමෙන් පසු පොලිස් භාරයට ගනු ලැබූ පියා අධිකරණ නියෝග මත අම්පිටිය ප්රදේශයේ වැඩිහිටි නිවාසයක රඳවා සිටි අතර පසුගිය සතියේ ඇතිවුණ රෝග තත්වයන් මත ඔහු මහනුවර මහ රෝහලට ඇතුලත් කර සිටියදී මෙසේ මියගොස් ඇත.මිය යන විට ඔහුගේ වයස අවුරුදු 73 ක් බව පැවසුණා.
මෙම පියා බලූ කූඩුවේ රඳවා තැබීමේ සිද්ධිය සම්බන්ධයේ අත්අඩංගුවට ගැනුණු ඔහුගේ 42 හැවිරිදි දියණිය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අතර පසුගිය දිනෙක ඇයට ඇප ලැබුණා.
මියගිය පියාගේ මළසිරුර මහනුවර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබුණත් එය දියණියට ලබා නොදෙන්නට අධිකරණය තීරණය කර ඇති බව සවස වාර්තා වුණා. එම දියණිය පියාගේ එකම දියණිය බව කියැවුණ අතර ඇගේ සැමියා විදේශගතව සිටි බව පැවසුණා. මියගිය අයගේ බිරියද සිටින්නේ විදේශයකය. අධිකරණ නියෝග මත රජයේ වියදමින් ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.