ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, November 7, 2015

පිල් විදහා රැඟූ චැනල් ෆෝ ගේ පස්ස හෙළිවේ....!!!

යුද අපරාධ චෝදනා එල්ල කළ
"චැනල් 4" කොන්ත්‍රාත්තුව....!!!

ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදු කළ බවට ඊළම් ඩයස්‌ පොරාව සමඟ එක්‌ව ලොව පුරා ප්‍රචාරයක්‌ දියත් කළේ බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනියයි. එම රූපවාහිනියේ කැලම් මැක්‌රේ කිලිංපිල්ඩ් නෝපයර් සෝන් සහ සර්ච් 4 ජස්‌ටින් වැනි වීඩියෝ චිත්‍රපට නිර්මාණය කරමින් ශ්‍රී ලංකා ආණ්‌ඩුව හා හමුදාව යුද අපරාධකරුවන් බවට ප්‍රචාරය කළේය. මැක්‌රේ එම වීඩියෝ පට රැගෙන ජිනීවා නුවරටත් එතැන් සිට නිව්යෝර්ක්‌ නුවරටත් කැනඩාවටත් ඉන් පසු මැලේසියාවටත් ගොස්‌ ලෝකයේ ලොකුම අපරාධකරු ශ්‍රී ලංකා හමුදාව යෑයි පිළිබිඹු කිරීමට ක්‍රියා කළේය.
නිව්යෝර්ක්‌ නුවරදී මැක්‌රේ සිය වීඩියෝ පට ගැන සම්මන්ත්‍රණයක්‌ද පවත්වනු ලැබීය. මේ සම්මන්ත්‍රණයට ඇතුල් වූ 58 වැනි සේනාංකය භාරව කටයුතු කළ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා එකී විඩියෝපටවලට ඇතුළත් වන්නේ හමුදාව ප්‍රකාශයට පත් කළ විඩියෝ පට බවත් 58 වැනි සේනාංකය ස්‌ථානගත වී ඇති ස්‌ථානය ගැන පවා ඔබ දන්නේ නැතැයි කියමින් තමා සමඟ විවාදයකට එන්නැයි මැක්‌රේට අභියෝග කළේය.

එහෙත් මැක්‌රේ එම අභියෝගය පිළිගත්තේ නැහැ. ජිනීවා මානව හිමිකම් සමුළු ශාලාවේදී මැක්‌රේ පසුපස ඊළම්වාදීන් මැක්‌රේ මැක්‌රේ යෑයි හඩ නගමින් දිවයන අයුරු අපි දුටුවෙමු. 2014 වසරේ මාර්තු මස දිනෙක ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඇතුළු වන දොරටුවේදී මැක්‌රේ සහ වන්නියේ සිටි වෛද්‍ය වර්ධරාජා හමු විය. ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව මැක්‌රේගේ වීඩියෝ පටයක පෙනී සිටින්නේ වර්ධරාජායී.

බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ද පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවට පැමිණීමට නම් කැලම් මැක්‌රේ ඇතුළු චැනල් 4 කණ්‌ඩායමට ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩදිය යුතු බව පවසා තිබුණි.

පසුගිය රජය ඊට අවසර දුන්නේය. පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව මුවාවෙන් යාපනයට ගිය මැක්‌රේ ඊළම්වාදින් හා කොටි හිතවාදීන් හමු වී තොරතුරු ලබා ගත්තේය.

ඉන් පසු බ්‍රිතාන්‍යයට ගිය ඔහු සර්ච් 4 ජස්‌ටිස්‌ නමින් තවත් වීඩියෝ පටයක්‌ නිර්මාණය කළේය.

බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනිය ශ්‍රී ලංකාවට එරෙහිව ද්වේශ සහගත මෙහයුමක යෙදී ඇතැයි ශ්‍රී ලංකාව පැවසු විට බ්‍රිතාන්‍ය රජය පැවසූවේ එය පුද්ගලික ආයතනයක්‌ බවත් ඔවුන්ට වීඩියෝ පට නිපදවීමට හිමිකමක්‌ ඇති බවත්ය..

එහෙත් පසුගිය 5 වැනිදා චැනල් 4 රහස හෙළි විය. චැනල් 4 මෙහෙය වන්නේ බ්‍රිතාන්‍යයේ බදු ගෙවන ජනතාවගෙනි. චැනල් 4 බ්‍රිතාන්‍ය රජය සතු ආයතනයක්‌ යෑයි දන්නේ නරඹන්නන් කීපදෙනකු පමණක්‌ යෑයි බ්‍රිතාන්‍ය මාධ්‍ය හෙළි කළේය.

බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පැවසූවේ ස්‌ටර්ලින් පවුම් බිලියනයක්‌ ලබාගැනීම සඳහා චැනල් 4 පුද්ගලික අංශයට විකුණන බවයි. තමා චැනල් 4 ප්‍රේක්‍ෂකයකු බවද කැමරන් තවදුරටත් සඳහන් කරනු ලැබීය. මින් තහවුරු වුයේ කැමරන්ලා සහ මැක්‌රේලා එකතු වී ශ්‍රී ලංකාවට එරෙහිව දියත් කළ යුද අපරාධ චෝදනා මෙහෙයුමයි. බළලා මල්ලෙන් එළියට පැන්නා යෑයි කියන්නේ මෙවැනි තොරතුරු එළිවීමෙනි.

එහෙත් චැනල් 4 රූපවාහිනිය බ්‍රිතාන්‍ය රජය සතු ආයතනයක්‌ය යන තොරතුරු වසන් වී තිබුණි. බ්‍රිතාන්‍ය බදු ගෙවන්නන්ගේ මුදල්වලින් පාලනය වූ චැනල් 4 පිළිබඳ රහස අනාවරණය වූයේ ජිනීවා මානව හිමිකම් පරීක්‍ෂණ මණ්‌ඩලයේ වාර්තාව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවය.

සාවද්‍ය සුදු කොඩි සිද්ධිය පවා ජාත්‍යන්තරයට ගෙන යමින් කැලම් මැක්‌රේ ඇතුළු කණ්‌ඩායම රඟ දැක්‌වූ යුද අපරාධ චෝදනාවේ පසුබිම මින් තහවුරු වෙයි.

බ්‍රිතාන්‍ය රජය සතු ආයතනයක්‌ නිසා චැනල් 4 ඉරාක යුද්ධයට අදාළ චිල්කොට්‌ පරීක්‍ෂණ වාර්තාව ප්‍රකාශයට පත් කිරීමෙන් වැලකී සිටියේය.

චැනල් 4 සමඟ එක්‌ වී බ්‍රිතාන්‍ය විදේශ ඇමැති හියුගෝ ස්‌විරේ අගමැති කැමරන්, කොටි හිතවාදී මන්ත්‍රීවරුන් වූ ලී ස්‌කොට්‌, ස්‌ලොබදානා මැක්‌ඩොනාද ශ්‍රී ලංකා රජය යුද අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු යෑයි පවසනු ලැබීය.

ඉන් තහවුරු වූයේ ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා කොන්ත්‍රාත්තුව බ්‍රිතාන්‍ය රජයේ උපදෙස්‌ මත මෙහෙය වූයේ චැනල් 4 බවයි.

චැනල් 4 රූපවාහිනියේ මැක්‌රේ එම යුධ අපරාධ චෝදනා සනාථ කිරීමට සාක්‌කිකරුවන් ගෙන ආවේය. එහෙන් මෙහෙන් අහුලාගත් වීඩියෝ දර්ශන යොදා විඩියෝපටය නිපදවීය වන්නි මෙහෙයුමෙන් සිවිල් වැසියන් 70000 ක්‌ ඝාතනය වූ බවටද ඔහු ප්‍රචාරය කළේය. කෙසේ වෙතත් චැනල් 4 කොන්ත්‍රාත්තුව දැන් එළි වී ඇත.

* කීර්ති වර්ණකුලසූරිය


 චැනල් 4 බ්‍රිතාන්‍ය රජයේ බදු ගෙවන්නන්ගේ
මුදලින් නඩත්තු වූ බවට දැක්‌වෙන බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තාව

* චැනල් 4 නඩත්තු කළේ බ්‍රිතාන්‍ය ජනතාවගේ බදු මුදල්වලින්
- බ්‍රිතාන්‍ය රජය

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.