කුඞ්ඩන්ට එරෙහිවූ අන්තරායකර සභාපති
වෛද්‍ය නිලංග දොට්ට
මහජන සාමය අමාත්‍යාංශයේ ලේකම්. ජගත් විජේවීර නමැත්තෙකු තමා තනතුරින් ඉවත් කළ බවට සඳහන් ෆැක්ස් පතක් එවා ඇතැයි අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ පවසයි.
දිනයක් නැති, අස්සනක් නැති ෆැක්ස් එකක් නිසා අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති තනතුරෙන් ඉල්ලා අස්වීමට තමාට කිසිදු හේතුවක් නැති බව ඔහු කියයි.
මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පසුගිය මහ මැතිවරණයේදී නාම යෝජනා ලබානොදෙන ලෙස රටේ ප්‍රබල හඬක් ගෙනගියේ ඔහු වන අතර ඒ නිසා ඔහුට මරණ තර්ජනද එල්ලවිය.
මාස 10 ක සේවා කාලය තුළ ඔහු නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ
තොරතුරු රැුස්කිරීමේ ව්‍යාපෘතියක්ද අරඹා තිබුණ අතර දකුණු ආසියාවේ රටවල් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම, මිනිස් ජාවාරම, මුදල් විශුද්ධිකරණය, ජෛව ජාවාරම ඇතුළු කරුණු රැුසක් සම්බන්ධයෙන් දකුණු ආසියානු බුද්ධි තොරතුරු ඒකකය පිහිටුවීමට කටයුතු කරමින් සිටියේය.
1984 අංක 11 දරන අන්තරායකර ඖෂධ පාලක ජාතික
මණ්ඩල පනතේ පරිච්ෙඡ්ද අංක 03 මගින් ඇමැතිවරයා වෙත පවරා ඇති බලතල අනුව හා ජනාධිපතිවරයාගේ එකඟතාවෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සිරිසේන හේරත් පත්කර ඇති බව නීතිය සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සන ද නොමැති ලිපියක් මගින් වෛද්‍ය සමරසිංහට දැනුම් දී ඇත.
වෛද්‍යවරයා මේ ගැන කියා සිටියේ මෙසේය.
‘මේ ෆැක්ස් එක එවපු ජගත් විජේවීර මහජන සාමය අමාත්‍යාංශයේ ලේකම්. එතුමා නමින් එවපු ෆැක්ස් එකේ දිනේකුත් නෑ. අස්සනකුත් නෑ.
මගේ තනතුර අහෝසි වීමට ක්‍රම දෙකක් තියෙනවා. ඉන් එකක් තමයි මම ඉල්ලා අස්වෙන්න ඕනෑ. නැත්නම් මාව අස්කරන්න ඕනෑ. එතකම් මට ඉල්ලා අස්වෙන්න හේතුවක් නෑ. මම සභාපතිකමේ ඉද්දීම තව කෙනෙක් සභාපතිකමට පත් කළා. එහෙම වුණා කියලා ඇයි මං ඉල්ලා අස්වෙන්නේ. අනිත් කාරණේ තමයි මට මේ වෙනකම් මේ ගැන දැනුම් දීලත් නෑ.
මේක සිද්ධ වුණේ ජනාධිපති රටේ නැති වෙලාවක. අගමැතිත් මේක ගැන දන්නෙ නෑ. දිනයකුත් නැති, අස්සනකුත් නැති මේ ෆැක්ස් එකේ තියෙන්නේ මෙහෙම දෙයක්. සිරිසේන හේරත් අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති විදියට පත් කරන ලද බව සතුටින් දැනුම් දෙමි කියලයි.
අපි කල්පනා කරන්නෙ නෑ හීනෙකින්වත් මෙතැනට හෙංචයියෙක් දාගෙන, ජනතාව තළාගෙන, ජනතාව බලාපොරොත්තු වන දේට පටහැනි දෙයක් ආණ්ඩුව කරයි කියලා. හැබැයි එතුමන්ලා දෙන්නා අකැමැතිනම් ජනපති, අගමැති අකැමැතිනම් එක මොහොතක්වත් මම මේ පුටුවේ ඉන්නෙ නෑ.’
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Friday, November 6, 2015
කුඞ්ඩන්ට එරෙහිවූ අන්තරායකර සභාපති වෛද්‍ය නිලංග දොට්ට...!!!
Posted by
lankanews
at
November 06, 2015
Labels: biggest drug traffickers, drug addict, drug dealer malaka silva, drugs dealer duminda silva, duminda silva, kudu lansa, lankanews, wele suda
කුඞ්ඩන්ට එරෙහිවූ අන්තරායකර සභාපති වෛද්‍ය නිලංග දොට්ට...!!!
2015-11-06T22:39:00+01:00
lankanews
biggest drug traffickers|drug addict|drug dealer malaka silva|drugs dealer duminda silva|duminda silva|kudu lansa|lankanews|wele suda|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
