ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, November 15, 2015

වෛරයේ ප්‍රහාරය...!!!


 ජනපති නූලෙන් බේරෙයි

අයි එස්‌ ත්‍රස්‌තයෝ වගකීම භාර ගනිති
අයිෆල් කුලුන වසා දැමේ

ප්‍රංශයට හදිසි නීතිය

දින 3ක ශෝක කාලයක්‌


'ආදරයේ නගරය' නමින් හඳුන්වන ප්‍රංශයේ පැරිස්‌ නගරයේ ස්‌ථාන හයකට සිකුරාදා රාත්‍රියේ එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 129 දෙනකු මියගොස්‌ තවත් 352 දෙනෙක්‌ තුවාල ලබා සිටිති.

මෙම ප්‍රහාරයෙන් පසු ප්‍රංශ රජය එරටට හදිසි නීතිය පැනවූ අතර පැරිස්‌ නගරයේ ආරක්‌ෂාව වෙනුවෙන් හමුදා භටයෝ 1500 ක්‌ දෙනා යොදවනු ලැබ සිටිති.

ප්‍රංශ ජනපති  හෝලන්ඩේ ප්‍රකාශ කරන්නේ මෙම ප්‍රහාරය අයිඑස්‌ සංවිධානය විසින් සිදු කරන ලද එකක්‌ බවය. එම සංවිධානයද මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇත.

මෙම ත්‍රස්‌ත ප්‍රහාරයෙන් මියගිය අයට සොව පළ කිරීම සඳහා එරට රජය දින තුනක ශෝක කාලයක්‌ ප්‍රකාශයට පත්කර ඇති අතර ලොව ප්‍රකට අයිෆල් කුලුනද වසා දමා ඇත.

දෙවන ලෝක යුද්ධයෙන් පසු ප්‍රංශය මුහුණ දුන් දරුණුතම ත්‍රස්‌ත ප්‍රහාරය මෙය වේ. මෙම ප්‍රහාරය එල්ල කළ ත්‍රස්‌තවාදීන් සත් දෙනකු බෝම්බ පුපුරවාගෙන සිය දිවි නසාගෙන ඇති අතර තවත් එක්‌ අයකු පොලිස්‌ වෙඩි පහරින් මරුමුවට පත්වී ඇත.

මෙම එක්‌ ත්‍රස්‌තවාදියකු පැරිස්‌ නුවර පදිංචි ඕමාර් ස්‌මයිල් මොස්‌ටෙෆයි ලෙස හඳුනාගෙන ඇත.

මෙම ත්‍රස්‌ත ප්‍රහාරයේ වැඩිම පිරිසක්‌ මියගියේ බැටක්‌ලෑන් රංගන ශාලාවට එල්ල වූ ප්‍රහාරයෙනි. එහිදී පුද්ගලයෝ අසූදෙනෙක්‌ ඝාතනය වූහ.

ප්‍රංශය හා ජර්මනිය අතර පාපන්දු තරගයක්‌ පැවැති strad de France ක්‍රීඩාංගණයේ පිපිරීම් තුනක්‌ සිදුවූ අතර මෙම තරගය නැරඹීමට ප්‍රංශ ජනපතිවරයාද සහභාගි වී සිටියහ.

ක්‍රීඩාංගණය අසලදී එල්ල වූ එම බෝම්බ පිපිරීමෙන් පුද්ගලයන් හතර දෙනකු මරණයට පත්විය. ඒ මරාගෙන මැරෙන බෝaම්බකරුවන් තිදෙනා හා සිවිල් වැසියෙකි.

ක්‍රීඩාංගණ ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන ත්‍රස්‌තවාදින තිදෙනා සතුව තිබුණු සිරියානු හා ඊජිප්තු ගුවන් බලපත්‍ර දෙකක්‌ද පොලිසියට හමු වී තිබේ.

පැරිස්‌ නුවර පිහිටි අවන්හල් තුනකට ද ප්‍රහාර එල්ල විය.

මෙම ප්‍රහාරය සඳහා ප්‍රහාරක කණ්‌ඩායම් තුනක්‌ පැමිණි බවට තොරතුරු හෙළිවී ඇත. මෙම ප්‍රහාරය එල්ල කළ එක්‌ කණ්‌ඩායමක්‌ බෙල්ජියමට පලා ගිය බවට තොරතුරු ලැබී ඇත. මේ අනුව බෙල්ජියම් බලධාරීහු සැකකටයුතු පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්හ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.