ජර්මනියට එරෙහිව එංගලන්තය
වෙනුවෙන්
දෙවැනි ලෝක යුද්ධයට ගිය
ජර්මන් ජාතික ශ්‍රී ලාංකිකයා
විල්බට්
නික්ලස් වර්කස් මීට සියවස් දෙකකට පෙර ලංකාවට පැමිණි
ජර්මානු ව්‍යාපාරික පරම්පරාවක මී මුණුපුරාය. මිල කළ නොහැකි
වත්කම් සහිතව අතිශය සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ මේ පරම්පරාවේ
මතකය සහිත වෘද්ධතමයා වන ඔහු මේ වනවිට අනූවැනි විය පසු කරන්නේය.
තමන්ගේ ජර්මානු සම්භවය නිසා ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ගේ
හිංසනයට ලක්වන විල්බට් ඇතුළු පවුලේ රැකවරණය තහවුරු කරගැනීම
සදහා බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවට බැඳී දෙවැනි ලෝක යුද්ධයේ යුද
බිමට යන ඔහු දශක හතකට වඩා පැරණි ස්වකීය මතකය අප අභිමුව දිග
හරින්නේය. මේ විල්බට් නිකලස් වර්කස් නමැති ජර්මානු
සම්භවයක් සහිත ලාංකික සීයා අපට කියන කතාවය.මගේ නම විල්බට් නික්ලස් වර්කස්. පදිංචි වෙලා ඉන්නේ බද්දේගම
පනාපගේවත්තේ මගේ මහගෙදර. දැන් මට අවුරුදු අනුවක් වෙනවා. අපේ
පරම්පරාව පැවත එන්නේ ජර්මන් සම්භවයකින්. ඇත්තෙන්ම අපේ පරම්පරාව
ගැන කථා කළහොත් එහි විකාශය එක්දහස් අටසිය ගණන් දක්වා දිව
යනවා. මගේ මී මුත්තා තමයි ජොන් ගොඩ්රි වර්කස්. ඔහු 1801
වසරේදි ජර්මනියේදී උපත ලබා තියෙනවා.
මී මුත්තා ව්‍යාපාරවලට තමයි ලංකාවට ඇවිත් තියෙන්නේ. මොහු ඒ
සංදියෙ ධනවත් ව්‍යාපාරිකයෙක්. කොළඹ නගරය නිවහනක් අරගෙන තමයි
පදිංචි වෙලා තියෙන්නේ. ලංකාවට ඇවිත් තේ වගාව සරුවට කරගෙන ගොස්
තියෙනවා. අම්බලන්ගොඩ ගලබඩවත්ත, අගනකැටිය වත්ත, නුවර ගී කියන
කන්ද, උඩුගම ජර්මන්වත්ත මී මුත්තගෙ වත්කම්. මේ වතුවල තේ, රබර්
කුරු`දු වගා කරලා තියෙනවා. ඒ කාලයේ අපේ මී මුත්තට තමයි මේ වතු
අයිති වෙලා තිබුණේ. මීට අමතරව රේස්කෝස් ඉඩම, පුද්ගලික
සමාගම්, ගාල්ලේ පෙට්ටිගල වත්තේ ගරාජයක්ද ඇතුළු ව්‍යාපාර
රැසක් මොහුට තිබිලා තියෙනවා.
මෙයා හැරියට් වර්කස් කියන බර්ගර් ජාතික කාන්තාවක් සමඟ 1851
ජනවාරි මස 30 වැනි දින තමයි විවාහ වෙලා තියෙන්නේ. මේ දෙපළට
පුතෙක් ඉ`දලා තියෙනවා ජොන් වර්කස් කියලා. ඔහුත් තාත්තාගේ
ව්‍යාපාර කටයුතු කරගෙන ගිහින් තියෙනවා. ජෝන් වර්කස්ගේ පුතා
තමයි ග්රේස්ටි වර්කස්. ඔහු මගේ සීයා. ඔහුත් විවාහවෙලා
තියෙන්නේ බර්ගර් ජාතික කාන්තාවක් සමග. සීයා ඒ කාලයේ රැවුල
වවාගෙන තමයි ඉ`දලා තියෙන්නේ. සීයා උඩුගම වත්තට එහෙම එනවලු,
මිනිසුන්ටත් ගොඩක් උදව් කරලා තියෙනවා කියන කතාව මං අහලා
තියනවා. කොහොම හරි සීයා නීත්‍යානුකූලව විවාහ වෙලා ඉ`දලා
තියෙන්නේ ජර්මන් ජාතික කාන්තාවක් එක්ක. මේ අතර සීයා සිංහල
කාන්තාවක් සමගත් සම්බන්ධයක් පවත්වගෙන ගිහින් තියෙනවා. මේ
නිසා සීයාගේ නීත්‍යානුකූල බිරි`ද එයාගේ දුවත් සමඟ ජර්මනියට
ගිහින් තියෙනවා.
සීයාට
පුතාල දෙන්නෙක් හිටියා. ඉන් එක් පුතෙක් තමයි ඇල්වින් ජෝශප්
වර්කස්. ඒ මගේ තාත්තා. එයා ඉපදිලා තියෙන්නේ 1894 දෙසැම්බර් 17
වැනිදා. අනික් පුතා බැනට් වර්කස්. මේ දෙන්නාම වතු
අධිකාරිවරුන් ලෙස තමයි සේවය කරලා තියෙන්නේ. මේ කාලයේ ඉංග්‍රීසි
ජාතිකයන් විසින් තමයි අපේ රට යටත් කරගෙන හිටියේ. සීයා මිය
ගියාට පසු මේ ඉංග්‍රීසි ආණ්ඩුව එක්ක සම්බන්ධකම් ඇති කරගන්න
සීයාගේ ජර්මන් ජාතික බිරි`දත් මගේ තාත්තාට හා තාත්තාගේ
සහෝදරයාට ගොඩක් හිරිහැර කරලා තියෙනවා. පොට් කියන ඉංග්‍රීසි
ජාතිකයා සීයාගේ ඉඩ කඩම් අත්පත් කරගෙන තියෙනවා. ඒ කාලයේ
අධිරාජ්‍යවාදි පාලනයක් නේ තිබුණේ.
මගේ පියාට අම්මා හමුවෙලා තියෙන්නේ හරි අපුරු විදියට. ඒ කාලයේ
තාත්තා ව්‍යාපාර කටයුතු සොයා බලන්න හික්කඩුව හා අම්බලන්ගොඩ යන
ප්‍රදේශවලට ගිහින් තියෙන්නේ අශ්ව කරත්තයෙන්. අම්මාත් ධනවත්
ව්‍යාපාරික පරපුරකින් පැවත ගෙන එන තැනැත්තියක්. ඇගේ පවුලට
මිනිරන් පතල් තිබිලා තියෙනවා. අම්මාගේ නම තමයි විතානගේ පුංචි
නෝනා. ඇය පාසල් ගිහින් තියෙන්නේ බක්කි කරත්තයෙන්. මෙහෙම යනවිට
අම්මා ගිය බක්කි කරත්තය තාත්තාට හමුවෙලා තියෙනවා. ඒ හමුවීම
තමයි විවාහයක් දක්වා ගිහින් තියෙන්නේ. වැඩිහිටියන්ගේ කැමැත්ත
ඇතිව තමයි මේ විවාහය වෙලා තියෙන්නේ.
අම්මටයි තාත්තටයි දරුවන් හය දෙනෙක් ලැබුණා. මම තමයි පවුලේ
බාලයා. තාත්තා කොළඹ මහඉස්පිරිතාලයේ දී මිය ගියා. ඉන්පසු අම්මා
දරු පවුල සමග තනි වුණා. ඉන්පසු අම්මා අපිත් අරගෙන දෙනියායේ
පදිංචියට ගිහින් තියෙනවා. එංගලන්ත සභාව සමග අපේ පවුල දැඩි
සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් තියෙනවා. වෑන් ඕස්ටින් කියන
පියතුමා දරුවන් හදාවඩා ගන්න අම්මාට ගොඩක් උදව් කරලා තියෙනවා.
දැනට අපේ පවුලේ සහෝදර සහෝදරියන්ගෙන් ජීවත්ව ඉන්නේ මමයි තවත්
එක් සහෝදරයෙක් විතරයි. විල්සන් කියන සහෝදරයා දැනට ඇමරිකාවේ
පදිංචි වෙලා ඉන්නවා. මම පාසල් ගියේ දෙනියායේ ශාන්ත මැතිව්
විද්‍යාලයට. මං හතේ කෑලෑසිය සමත් වුණා. මේ කාලයේ මම හො`ද කොළු
ගැටයා. දෙවන ලෝක යුද්ධයත් පැවතුනේ මේ කාලයේදී. අපේ රට සුදු
ජාතිකයන් යටත් කරගෙන හිටියේ. මේ නිසා දෙවන ලෝක යුද්ධයේදී අපේ
රටත් ඊට පැටලිලා හිටියෙ. ජර්මනිය, ජපානය, ඉතාලිය එක් පෙරමුණක
තමයි හිටියේ. එංගලන්තය හිටියේ අනික් පෙරමුණේ. ඇත්තටම ඒ කාලයේ
සුදු ජාතිකයන්ගෙන් අපේ සීයලාට නොයෙකුත් හිරහැරවී තිබුණා.
පොලිසි ගානේ ගෙන ගිහින් රස්තියාදු කළා.. අපේ පවුල්වල අය
ජර්මන් සම්භවයකින් පැවත එන නිසා වෙන්න ඇති සුදු ජාතිකයන් එහෙම
කළේ.
මේ
ජර්මන් සම්භවය අපට බරපතළ ගැටලුවක් ගෙනාවා. පවුලේ ආරක්ෂාව
වෙනුවෙන් කරන්න තිබුණෙ එකම දෙයයි. ඒ එංගලන්ත රාජකීය හමුදාවට
බැඳෙන එක. මමයි ඩැනී කියන මගේ සහෝදරයායි එංගලන්ත රාජකීය
හමුදාවට බැඳෙන්න තීන්දු කළා. වර්ෂ 1943.04.06 වැනි දින තමයි මම
එංගලන්ත රාජකීය හමුදාවට බැදුණේ. 1947 01.24 වන දින වනතෙක් වසර
තුනක් රාජකීය හමුදාවේ හිටියා.
රියෑදුරකු වශයෙන් තමයි රාජකීය හමුදාවට බැ`දුනේ. කොල්ලුපිටියේදී
තමයි රියෑදුරු පුහුණුව ලැබුවේ. පස්සේ තලෙයිමන්නාරමේ ඉ`දලා
ඉන්දියාවට ගිහින් මැඩ්රාස්වලට දුම්රියෙන් ගියා. දින හතක් එහේ
හිටියා. ඉන් පස්සේ සූවස් ඇළ හරහා ඊජීප්තුවට ගොස්
ඇලෙක්සැන්ඩි්රයාවේ කෑම්ප් එකට ගියා. එහි අවුරුදු තුනක් සේවය
කළා. අවි ආයුධ හා සෙබළුන් ප්‍රවාහනය කිරීම තමයි මට පැවරිලා
තිබුණේ. ඒ කාලයේ එරට රජයට විරුද්ධව කැරලිගැසූ සුල්තාන්වරයකු
අල්ලන්න අපි ගියා. ක`දු සහිත දුෂ්කර මාර්ගයක තමයි යන්න තිබුණේ.
මට ඉස්සරහින් ගිය ලොරිය ක`දු මුදුණේ නතර වුණා. හරියට කන්ද
මුදුනේ. පස්සට ගන්නත් බැහැ. ඉස්සරහට යන්නත් බෑ. ඒ කන්දේ මොනම
හේතුවක් නිසාවත් නතර කරන්න එපා කියලා තමයි අපට කියලා තිබුණේ.
පස්සේ මම රෝද හතරට විතරක් ඉඩ තියන ප්රපාතයක් සහිත ඉඩක්
ඇතුළෙ නැවතුන ලොරියට ඉස්සර කරලා ගියා. ඒ නිසා ජීවිත රැසක්
බේරුණු බව හමුදා ඛණ්ඩය භාරව ගිය මේජර් කීවා. රාජකීය හමුදාවේ
හිටපු කාලයේ කරපු සේවාව වෙනුවෙන් මට මහ රැජිනගෙන් පවා සම්මාන
ලැබුණා.
පස්සේ මමයි ඩැනියි දෙන්නම සිලෝන් ආමි එකට බැ`දුනා. 1951
වසරේදී මගේ සෙබළ අංකය තමයි 81076ය. ඩැනීගෙ සෙබල අංකය 81046
එක්දහස් නමසිය පනස් එකේ ඉ`දලා හැත්තෑ තුන වෙනකම් සිලෝන් ආමි
එකේ රියෑදුරකු වශයෙන් සේවය කළා. සිලෝන් ආමි එකේ සේවය කරමින්
ඉන්න විට මගේ මතකයේ හැටියට 1969 වසරේදී මෙහෙම දෙයක් වුණා.
ගල්ගමුවේ ස්ටේෂන් එකේ දී කෝච්චි පෙට්ටියක් ගිනි ගත්තා. මම
එතන හිටපු මුස්ලිම් දරුවන් දෙන්නා සහ අඹු සැමි යුවළ දැඩි
පරිශ්‍රමයක් දරලා තමයි බේරා ගත්තේ. ඒ අවස්ථාවේ නඩරාජා කියලා
දෙමළ තරුණයෙක් මට උදව් කළා. මේ අතරේ තමයි මම විවාහ වුණේ.
බද්දේගම ප්‍රදේශයේම කෙනෙක්වන කරලැයින් සමඟ මං විවාහ වුණා. මගේ
බිරිද තවමත් ජීවතුන් අතර ඉන්නවා. අපේ රටේ හිටපු ජනාධිපතිවරයකු
වූ විලියම් ගොපල්ලව අග්‍රාණ්ඩුකාර කාර්යාලයේ රියෑදුරු
තනතුරටත් මගේ නම යෝජනා වී තිබුණා. නමුත් මම ඒ තනතුරට ගියේ
නැහැ.
අපි දෙන්නට ළමයි 10 දෙනෙක් ඉන්නවා. අපේ පරම්පරාවේ දැනට ලංකාවේ
ඉතුරු වෙලා ඉන්න පැරැන්නා මමයි. අදටත් අපේ මී මුත්තාගේ මහ ගෙදර
පෝලන්තයේ තියෙනවා. මී මුත්තාගේ බ්රේස්ලු සමාගම අදටත්
පොලන්තයේ ජනප්‍රිය සමාගමක්. ඒකාලයේ මෙරට තිබූ සිලොන් ඇල්මනා,
ටෙල්මා කියන සමාගම් ද මගේ මී මුත්තාට අයිති සමාගම්.
අපේ පරම්පරාවට නමකුත් පට බැදිලා තියෙනවා ලක්ෂයට කොඩිය දාපු
අයයි කියලා. අම්බලන්ගොඩ ගලබඩ වත්ත අයිති වෙලා තිබුණේ අපේ
සියාට. ඒ කාලයේ ග්‍රේස්ට් වර්කස් මේ ක`දුමුදුනේ කණුවක් හයි
කරලා ලයිට් එකක් දමලා තියෙනවා. මුහුදු මාර්ගයේ ගමන් කරමින්
තිබූ නැවක් මේ ලයිට් එකට නොමග ගිහින් ගල්පරයක හැපිලා. මේකට
සීයාට විශාල මුදලක් ගෙවන්න වෙලා තියෙනවා. සීයා බලපිටිය
අධිකරණයෙන් තමයි ඒ දඩය ගෙවලා තියෙන්නේ. මේ දඩය ගෙවන්න සීයා
තමන්ට තිබූ ඉඩ කඩම් වලින් අක්කර ගණනාවක් අක්කරයක් පුංචි
ගණන්වලට නඩරාජා සමගාමට විකුණලා. ඒ මුදලින් තමයි දඩය ගෙවලා
තියෙන්නේ.
මට දැන් වයස අවුරුදු 90ක් වුණත් මගේ වැඩ මම කරගන්නවා. වත්තේ
පිටියේ වැඩ කරනවා. තේවත්තේ වැඩ කරණවා යෑයි ද විල්බට්
නික්ලස් වර්කස් කීවේය.
ලලිත් චාමින්ද
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Monday, November 2, 2015
නම විල්බට් නික්ලස් වර්කස්...!!!
Posted by
lankanews
at
November 02, 2015
Labels: lankanews, srilankan citizen
නම විල්බට් නික්ලස් වර්කස්...!!!
2015-11-02T16:00:00+01:00
lankanews
lankanews|srilankan citizen|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
