ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, November 1, 2015

මර්වින්ගේ ඉඩම් ගැනත් රාජපක්ෂවරු හෙළිකරයි – සාක්ෂි මෙන්න....!!!

හිටපු මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වාට විරුද්ධව රාජපක්ෂවරුන් විසින් අල්ලස් හෝ දූෂණ
විමර්ශණ කොමිසමට පැමිණිල්ලක් කිරීමට සූදානම්  වන බව ඔවුන්ට සමීප ආරංචි මාර්ග සඳහන් කර සිටී. බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ පිළිබඳව මූල්‍ය අපරාධ කොට්ඨාශයට හා අල්ලස් කොමිසමට මර්වින් සිල්වා කරන ලද පැමිණිල්ලට එකට එක කිරීමක් ලෙස රාජපක්ෂවරුන් මෙසේ පැමිණිලි කිරීමට සූදානම් වේ.
මර්වින් සිල්වාගේ ඔප්පු පිටපත් පහතින් පලවේ....
මෙම පැමිණිල්ල සනාථ කිරීම සඳහා රාජපක්ෂවරුන් විසින් මර්වින් සිල්වා සතු ඉඩම් කීපයකම ඔප්පු තිරප්පු සොයාගෙන තිබේ. මර්වින් සිල්වාට හිමි ඉඩකඩම් අතර නුගේගොඩ නාවල පාරේ තෙමහල් ගොඩනැගිල්ලක්, එම ගොඩනැගිල්ලට විරුද්ධ පසින් පිහිටි තවත් ගොඩනැගිල්ලකි. (Transwater Engineering) මෙම ගොඩනැගිලි දෙකම මර්වින් සිල්වා විසින් පොලියට මුදල් දී සින්න කර ගත් ගොඩනැගිලි වේ.  කොළඹ 07 පිත්තල හන්දියේ පර්චස් 20 ක ව්‍යාපාරික ගොඩනැගිල්ල  මර්වින් සිල්වා විසින් මිලදී ගෙන ඇත්තේ මිලියන 85 කට වන නමුත් මෙහි නියම වටිනාකම මිලියන 160 ඉක්මවයි. මෙම ගොඩනැගිල්ල ලියා ඇත්තේ ඔහුගේ පුත්‍රයා වන මාලක සිල්වාගේ නමටය. එයට අමතරව  කොළඹ 05 පාක් පාරේ පස්මහල් ගොඩනැගිල්ලක්, සහ ඊට අමතරව කොළඹ 05 කොළඹගේ මාවතේ සුපිරි නිවාස සංකීර්ණයක සුපිරි නිවාස 2 ක් තම දියණියගේ හා බෑණාගේ නමට මිලදී ගෙන ඇත. එමෙන්ම මර්වින්ගේ බිරිඳ වන ලුසිඩාගේ නමට කුලියාපිටිය අක්කර 52 ක පොල්වතු යායක් ඇත.  කැළණිය ප්‍රදේශයේ ගාල හන්දියේ අක්කර දෙකක පමණ ගොඩකරන ලද ඉඩමක්,  මෙන්ම නුගේගොඩ, කිරුළපන, මහරගම, මිරිහාන වැනි ප්‍රදේශවල  උගස් ගන්නා ලද ගෙවල් කීපයක ඔප්පු තිරප්පුවල පිටපත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කැළණිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රසන්න රණවීර විසින් රාජපක්ෂවරුන් හට ලබාදී තිබේ.
මෙම ඉඩකඩම්වලට අමතරව උගස් ගන්නා ලද වාහන රාශියක් ද මර්වින් සිල්වා සතුවන බව රාජපක්ෂවරුන් විසින් සොයාගෙන තිබේ. මෙම එක් වාහනයක වටිනාකම මිලියන 20 ඉක්මවන බව ආරංචි මාර්ග සඳහන් කර සිටී.
මෙම පැමිණිල්ල පිළිබඳව ඉවවැටී ඇති මූල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) විසින් මේ පිළිබඳව විස්තර ලබා ගැනීම සඳහා මර්වින්ගේ හොඳම ගෝලයින් දෙදෙනෙකු වන රංජන් සිල්වා හෙවත් කළු රංජා සහ නාමල් රත්නායක ( කෘෂි රක්ෂණ මණ්ඩලයේ හිටපු සභාපති, මොහුට මාවිල්ආරු වංචාව නිසා තනතුර අහිමි විය) යන දෙදෙනාව පෙරේදා (29) මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත කැඳවා දීර්ඝ ලෙස ප්‍රශ්න කොට ඇත. මෙම කළු රංජා යනු මර්වින් සිල්වාගේ පොලී මුදල් එකතුකරන්නා වේ. මොහු කාර්සේල් හිමිකරුවෙකු වන අතර ඔහුගේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ රජයේ මෙන්ම විපක්ෂයේ දේශපාලඥයින් කළු සල්ලි පොලියට දීමයි. මියගිය දේශපාලඥයින්ගේ මුදල් මේ වන විට ඔහුටම සින්න වී තිබේ.
කළු රංජා FCID ට කැඳවා ඇති බව දැනගෙන ඇති ඔහුට පොලියට දීම සඳහා මුදල් දී ඇති යහපාලන රජයේ ප්‍රභල ඇමතිවරයෙකු ඔහු වෙනුවෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශයට කතා කොට තිබේ. පෙරේදා (29) FCID ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව එළියට පැමිණ ඇති කළු රංජා පවසා ඇත්තේ ‘මර්වින් ලොක්කා ගැන මං දන්න සේරම දේවල් කිව්වා’ කියාය.
මර්වින් සිල්වාගේ ඔප්පුවේ පිටපතක් පහතින් පලවේ...







ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.