ඉරෝන් රණසිංහගේ චේතනාව අද හිරේට ගොස් ජාතික තලයේ අපරාධ ලේබල් එක ගසාගෙන
හෙට එළියට
ඉරෝන්ට පමණක් නොව කරාටේ වසන්තටද දේශපාලනයට පැමිණීමේ දැඩි වුවමනාවක් තිබී ඇත. තිස්ස කරල්ලියද්දගේ දේශපාලන රැකවරණ යටතේ සිටින ඉරෝන්ලා අන්තර්ජාතික මට්ටමේ අපරාධ මානසිකත්වයෙන් කටයුතු කිරීම අරුමයක්ද නොවේ.පසුගිය මැතිවරණයටද ඉදිරිපත් වන්නට අවස්ථාව ලැබී එය වසන්තගෙන් ගිලිහී ඇත්තේ නූලෙන් බව ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබේ. එස්.එෆ් ලොකූ හෙවත් ඉරෝන් දැන් තමන් වැඩ වරද්දාගත් මාධ්‍ය ගැන හොඳ අවබෝධයක් ලබා ඇති බව පැහැදිලිය. තමන්ට එරෙහිව ආයුධයක් වූ ෆේස්බුක් සහ අන්තර්ජාලය දැන් තමන්ව මාර්කට් කරගන්නට ඉරෝන් භාවිතා කරමින් ඇත. එය අනාගත අනුරාධපුර පාතාලය අප්ඩේට්වීම කොයි පැත්තට හරවාවිද යන්න පිළිබදවනම් සැබෑ ලෙසම බිය විය යුතුය.පාර්ලිමේන්තුවට අළුතින් පත්වූ ඇතැම් හාල්පාරුවනටද ගිණිඅවි පුහුණුව සහ ගිණිඅවි ලබාදීම අනාගතයේ අප සිවිල් සමාජයට කරනා බලවත් අපරාධයකී....
පසුගිය මැතිවරණයටද ඉදිරිපත් වන්නට අවස්ථාව ලැබී එය වසන්තගෙන් ගිලිහී ඇත්තේ නූලෙන් බව ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබේ. එස්.එෆ් ලොකූ හෙවත් ඉරෝන් දැන් තමන් වැඩ වරද්දාගත් මාධ්‍ය ගැන හොඳ අවබෝධයක් ලබා ඇති බව පැහැදිලිය. තමන්ට එරෙහිව ආයුධයක් වූ ෆේස්බුක් සහ අන්තර්ජාලය දැන් තමන්ව මාර්කට් කරගන්නට ඉරෝන් භාවිතා කරමින් ඇත. එය අනාගත අනුරාධපුර පාතාලය අප්ඩේට්වීම කොයි පැත්තට හරවාවිද යන්න පිළිබදවනම් සැබෑ ලෙසම බිය විය යුතුය.
අනුරාධපුර සමාජ ශාලා හිමි කරාටේ වසන්ත නොහොත් වසන්ත සොයිසාගේ ඝාතනයේ ප්‍රධාන මොළකරු ලෙස සැකකරන එස්.එෆ් ලොකූ හෙවත් ඉරෝන් රණසිංහ හලාවතදී පොලීස් භාරයට පත්වන්නට පෙර තමන්ගේ ෆේස්බුක් ගිණුම හරහා වීඩියෝ පටයක් එක්කරමින් විශේෂ ප්‍රකාශයක් සිදුකර ඇත.
ලංකා අපරාධ පරීක්ෂණ ඉතිහාසයේ මෙවැනි සිදුවීමක් සිදුවී ඇති ප්‍රථම අවස්ථාව මෙය වන අතර එස්.එෆ් ලොකූ වැන්නන් සිටින්නේ අපරාධ ලොව අන්තර්ජාතික මට්ටමේ ගේම් දෙන තත්වයේ මිසක් ලංකාවේ චණ්ඩි පාර්ට් මානසිකත්වයෙන් නොවන බව එයින් පැහැදිලිය. අමාත්‍ය තිස්ස කරල්ලියද්දගේ දේශපාලන රැකවරණ යටතේ සිටින ඉරෝන්ලා අන්තර්ජාතික මට්ටමේ අපරාධ මානසිකත්වයෙන් කටයුතු කිරීම අරුමයක්ද නොවේ.
ඔහු තම වීඩියෝ පටයෙන් තම නිර්දෝශීභාවය කියා සිටියත් පොලිස් පරීක්ෂණ තවමත් දියත් වෙමින් පැවතීම සහ අන්තර්ජාලයට තමන් විසින්ම එක්කල සාක්ෂි ඉරෝන්ට එරෙහි වෙමින් සිටියි. එසේම ඉරෝන් අනුරාධපුරයේ පාතාලය ගැන කතාකරන්නේ තමන්ට ඒ පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් තිබෙන බව පෙන්වා දෙමින්ය. සැබෑ ලෙසම මෙය පාතාලයේ පාර්ශව දෙකක ගැටුමක ප්‍රතිඵලයක් පමණක් නොව දේශපාලන ලොකු තැන් දෙකක හැප්පිල්ලක්ද බව හොඳින් පෙනෙන්නට ඇත.