සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) එකට
එක්කර ජාතික විශ්‍රාමික පාරිතෝෂික අරමුදලක් පිහිටුවීමට රජය
ගෙන තිබෙන තීරණය නිසා යළිත් පෞද්ගලික අංශයේ සිටින ලක්ෂ හැටපහක
සේවක පිරිසක් දැඩි නොසන්සුන්තාවකට පත්ව සිටිති.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් පසුගියදා
පාර්ලිමේන්තුවට මධ්‍ය කාලීන ආර්ථික සැලසුමක් ඉදිරිපත් කරමින්
මෙම අරමුදල් දෙක එකට එකතු කර ජාතික විශ්‍රාමික පාරිතෝෂික
අරමුදලක් පිහිටුවීමට පියවර ගන්නා බව ප්‍රකාශ කළ ද ඒ පිළිබඳ
වෘත්තීය සමිති සමඟ හෝ පෞද්ගලික අංශවල හාම්පුතුන්ගෙන් අදහස්
විමසා නැතැයි ද ඔවුහු පවසති.
මෙරට පෞද්ගලික අංශයේ සේවය කරන ලක්ෂ හැටපහකට අධික සේවක පිරිසකට
අයත් රුපියල් ටි්රලියන 1.7 ක මුදලක් ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්,
අරමුදල් දෙකේ ඇත.
පෞද්ගලික අංශයේ සේවකයන්ට අයත් මෙරට ඇති විශාලම අරමුදල් දෙක
රැගෙන රජය කරන්නට යන දේ පැහැදිලි නැති බැවින් එම අරමුදල් දෙක
අල්ලන්නටවත් දෙන්නේ නැතැයි අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති,
උතුරුමැද පළාත් සභා මන්ත්‍රී (ජ.වි.පෙ) වසන්ත සමරසිංහ පැවැසීය.
පෞද්ගලික අංශ සේවකයන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක් සැකසීමට යෑයි
කියමින් දැනට මහ බැංකුව යටතේ ඇති රුපියල් බිලියන 1500 ක් පමණ
වන ඊ.ටී.එෆ්. මුදල් හා කම්කරු දෙපාර්තමේන්තුව යටතේ ඇති රුපියල්
බිලියන 200 ක් පමණ වන ඊ.ටී.එෆ්. මුදල් කුමන ආයතනයකට කුමන
පුද්ගලයකු යටතට පත් කරන්නේ දැයි ප්‍රශ්නයක් යෑයි ද සමරසිංහ කියා සිටී.
මෙරට පෞද්ගලික අංශයේ සේවය කරනු ලබන ලක්ෂ හැටපහක් පමණ වන
සේවකයන්ට විශ්‍රාම වැටුපක් ලබා දීම සම්බන්ධව තමන්ගේ විරෝධයක්
නොමැති බවත්, එලෙස ජාතික විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකසන්නේ
නම් සේවකයන්ගේ අරමුදල් ද, රජය ඊට දායකත්වයක් ලබා දී විශ්‍රාම
වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කළ යුතු බව ද කියා සිටියේය.
මෙම ජාතික විශ්‍රාම වැටුප් ක්‍රමය සැකසීම සම්බන්ධව වෘත්තීය
සමිති සමුළු සාකච්ඡාවක් (16 වැනිදා) අග්‍රාමාත්‍යවරයාගේ
ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇතැයි දැන ගන්නට ලැබුණ ද ඒ
සම්බන්ධව සිකුරාදා (13 වැනිදා) වන විටත් ලිතව දැනුම් දී
නැතැයි ද සමරසිංහ පැවැසීය.
ජාතික විශ්‍රාමික පාරිතෝෂික අරමුදලක් පිහිටුවීම සම්බන්ධයෙන්
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ඒ සම්බන්ධව
අධ්යක්ෂ මණ්ඩලය, ව්‍යවස්ථා දායක සභාවේ අනුමැතිය ඇතිව පත්
කරන බවයි. අරමුදල සුපරීක්ෂණය සඳහා මහජන ධනභාරයට පවරන බව ද
අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවැසීය. සේවකයන්ට අවම
වැටුපක් මෙන් ම රජය, වෘත්තීය සමිති, වාණිජ්‍ය මණ්ඩල
නියෝජිතයන්ගෙන් සමන්විත සේවක කවුන්සිලයක් පිහිටුවා මෙම ජාතික
විශ්‍රාමික පාරිතෝෂික අරමුදල පිහිටුවන බව ද අග්‍රාමාත්‍යවරයා
එහිදී කියා තිබිණි.
කෙසේ වෙතත් සේවකයන්ට අයත් මෙම අරමුදල් දෙකේ මුදල් එළියට ගන්නේ
නම් ඒ පිළිබඳ වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර පෞද්ගලික අංශ
සේවකයන් වෙනුවෙන් සැබෑ හා සාධාරණ ජාතික විශ්‍රාම වැටුපක්
ක්‍රියාත්මක නොකළහොත් ඊට එරෙහිව සටන් වදින බව වෘත්තීය සමිති
නායකයෝ අවධාරණය කර සිටිති.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Sunday, November 15, 2015
ඊපීඑෆ් - ඊටීඑෆ් අවුල් හැටපන් ලක්ෂයක් දෙනා නොසන්සුන්....!!!
Posted by
lankanews
at
November 15, 2015
Labels: EPF Srilanka, etf, labor rights, lankanews, unp, yahapalanaya
ඊපීඑෆ් - ඊටීඑෆ් අවුල් හැටපන් ලක්ෂයක් දෙනා නොසන්සුන්....!!!
2015-11-15T21:31:00+01:00
lankanews
EPF Srilanka|etf|labor rights|lankanews|unp|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
