පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස්
ගුණවර්ධන ජනවාරි 08 වෙනිදා දක්වා ඉහල පෙලේ ප්‍රජාවගේ ‘ඩාලින්' විය. එසේම
ප්‍රධාන සමාගම් එකල සජින්ව අඳුනන බව කීමට ආශා කලහ. එකල ඉහල පෙලේ
ව්‍යාපාරිකයන් සජින්
යහපාලන ආණ්ඩුව තුලත් සජින් කෙනෙකු ඉදිරියට එමින් පවතී. දෙදෙනාගේම බොහෝ සමානකම් ඇත.
ලන්ඩන් සිට නිව්යෝක් දක්වාම හෝටල් කාමර සජින් වෙනුවෙන් නොමිලේ ලබා දීමට ඉහල පෙලේ සමාගම් කටයුතු කළහ. අද වනවිට බොහෝ දෑ සම්බන්ධයෙන් සජින් වගඋත්තර කරුවෙක් වන අතර දැන් ඔහු අතහැර දැමූ නගුලක් මෙනි.
යහපාලන ආණ්ඩුව තුලත් සජින් කෙනෙකු ඉදිරියට එමින් පවතී. දෙදෙනාගේම බොහෝ සමානකම් ඇත. දෙදෙනාම ගියේ රාජකීය විද්‍යාලයටය. දෙදෙනාම ණය ගෙවා ගැනීමට නොහැකි වූ අය වෙති. අප්‍රසාදයට පාත්රවෙමින් සිටින්නවුන්ය. නොයෙක් ආකාරයෙන් තම ප්‍රධානීන්ට ආවතේව කම් කරති. කිහිප සැරයක් බංකොලොත් වී නැත්තටම නැතිවිය. දෙවියන්ගේ පිහිටෙන් නැවත ගොඩ ආවේය.
දෙනියායෙන් පැමිණි මේ පුද්ගලයා වෙන කවුරුවත් නොවේ. ඔහු දක්ෂිණ සංවර්ධන අමාත්‍ය හා අගමැති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක අමාත්යරයායි. අගමැතිවරාගේ බලපෑමක් නොවුනානම් කැබිනට් තනතුරක් ඔහුට කිසිදා හිමි නොවේ. අඩුම ඡන්ද සංඛ්‍යාවකින් තේරී පත් වූ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට යහමින් ආධාර ලැබෙන හොඳ අමාත්‍යංශයක් හිමිවිය. දකුණේ කීර්තිමත් තරුණ බුද්ධික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට තනතුරක් නොලැබුනේ සාගල මෙන් නොවූ නිසාවෙනි. බොහෝ ව්‍යාපාරිකයන්ගේ මුදල් ආධාර සාගලට පසුගිය මැතිවරණයේදී ලැබුණි. එක රැයෙන් ඔහු පෝසතෙකු විය. ඔහුගේ කාර්යාලය, ඡන්ද කොට්ඨාශයෙන් නිවසක් සාගලට එක රැයින් ලැබුණු ඒවාය. ඒවාට මුදල් ලැබුනේ කෙසේද?
සාගල දැන් අඳින්නේ ඉහල මිලක් ඇති ඇඳුම්ය. ඔහු සතුව වටිනා ඔරලෝසු ඇත. වෙබ් අඩවි වාර්තා කළ ආකාරයට ඔහුට එකතුකරන්නෙක්ද වේ. අගමැති කාර්යමණ්ඩලයේ ප්‍රධානියා වීම නිසා බොහෝ රජයේ ලිපිලේඛණ සාගල අමාත්‍යවරයා හරහා යා යුතුවේ . තමාගේ අභිප්රායන් සුරක්ෂිත කිරීම උදෙසා තම එකතුකරන්නා ආරක්ෂා කිරීමට අත පෙවීමේ හැකියාව ඒ අනුව සාගලට ලැබේමොනයම් හෝ ආකාරයකින් තම අනාගත සුරක්ෂිතභාවය වෙනුවෙන් මුදල් රැස් කිරීමට මාන බලන සාගල වැනි අමාත්‍යවරුන් නිසා අගමැතිවරයාගේ අමාත්‍ය මණ්ඩලය විවේචනයට ලක්වීම නොවැලැක්විය හැකිය.
සාගලගේ නියම ස්වරෑපය දැන ගැනීමට කැමති මන්ත්‍රීවරුන් සාගලට ලැබී ඇති නව තාන්නමාන්න හා බලාපොරොත්තු ගැන විමසිලිමත් විය යුතුය. ඔහු සහෝදර මන්ත්‍රීවරුන්ගේ ඇසට වැලි ගසා තම ජීවිතය සුඛෝපභෝගීව ගෙන යාමට කටයුතු කරනු ඇත.
තොරතුරු වාර්තා වන අන්දමට ඕනෑම වැඩකට ගැලපෙන කණ්ඩායමක් සාගල සමග සිටී.