හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ -
දිල්කා -
එතකොට 2015 අවුරුද්දෙ මේ වන විට හෙරොයින් කොච්චර විතර අත් අඩංගුවට අරන් තියෙනවාද?
හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ
කිලෝග්‍රෑම් 31යි.
(අලුත් පාර්ලිමේන්න්තුව/tvදෙරණ/28.10.2015)
'මෛත්‍රී පාලනයේ' කෙරුවාව මෙයයි.
අප කියමින් සිටින්නේ, 'කුඩුකාරයෝ, එතනෝල්කාරයෝ, කැසිනෝකාරයෝ' කියමින් සිදු කරන ලද ආණ්ඩු පෙරළීම් පිටුපස තිබෙන තිත්ත ඇත්ත, එළියේ නටන 'අන්න හොරා' නාඩගම තරමටම ආතල් නැති බවයි.
ඒ කාලයේ දි.මු.ජයරත්න අග්‍රාමාත්‍යතුමන් ගේ ලේකම්වරයකු, කුඩු කන්ටේනරයක් නිදහස් කරවීම සඳහා ලිපියක් නිකුත් කළ බවට පුවතක් පළ වුණා. එයට විරුද්ධ ව අප ද FB අවකාශයේ අදහස් පළ කළා. (අවශ්‍ය නම් ඉදිරිපත් කළ හැකි ය.)
අද, රනිල්-මෛත්‍රී ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකු වන අජිත් පී. පෙරේරා, උක්ත වැඩ සටහනට සහභාගි වෙමින්, එදින පවසා සිටියේ, මේ සම්බන්ධ ව අගමැතිතුමන්ට චෝදනා ඉදිරිපත් කළ නොහැකි බවයි.
දැන් එකී අවභාවිතයට සම්බන්ධ ලේකම්වරයා සිටින්නේ කොහේද? එකී සිදුවීම පිළිබඳ පරීක්ෂණ කෝ?
වර්තමානයේ සිදු වෙමින් තිබෙන දේවල් දෙස විමර්ශනය කරන විට පෙනී යන්නේ, අගමැති කාර්යාලය සම්බන්ධ අදාළ සිදුවීම,
බටහිර දේශපාලනික ලෝකයේ ප්‍රකට
honey trap එකක් විය හැකි බවයි.
'අමෙරිකාවට ගොස් ආණ්ඩු පෙරළීම පිළිබඳ අධ්‍යයන කටයුත්තක නිරත වූ බව', පැවසුවේ රනිල් වික්‍රමසිංහ මහතාම ය. ඔහු ඉගෙන ගත්තේ මොනවාද? එ්වා මේ රටේ ක්‍රියාත්මක කළේ කවරාකාරයට ද?
කෙසේ වෙතත්, 2013/14 වර්ෂවලට සාපේක්ෂ ව, 2015 වර්ෂයේ මත්ද්‍රව්‍ය වැටලීම් හිටිවන 10%ක් දක්වා පහත බැස තිබෙන්නේ අහම්බයකින් නො වන බව පැහැදිලි ය.
එක්සත් ජාතික පක්ෂය යනු, මේ රටට සමාජ දුරාචාර ඉගැන් වූ පාලනයයි. ඒ පිළිබඳ තොරතුරු, '1988 විද්වත් කමිටු වාර්තාව' කියවීමෙන් ඉගෙන ගත හැකි ය.
රනිල්-මෛත්‍රී ආණ්ඩුවේ සුදු රෙදි සහ ටයිකෝට් පිටුපස තිබෙන මාෆියාව හෙළිදරව් කර ගැනීම, ජාතික අවශ්‍යතාවකි.
- කුමාර ලියනගේ