පොලිසියෙන් ගැහූ හැටි සිසුවිය කියයි...!!!
‘පොලීසියෙන් එල්ල කළ කඳුළු ගෑස්
ප්‍රහාරයෙන් පසු ඇතිවූ මුහුණේ දැවිල්ල නැති කරගන්නට ලිප්ටන් වටරවුමේ
පොකුණකින් මුහුණ සෝදමින් සිටි මට පොලීසියෙන් වට කරගෙන පහර දුන්නා. ඔළුවේ
පහර වැදුණු තැන් තවමත් වේදනාවයි. දැන් මගේ නිවසට පොලීසියෙන් කියමින් දුරකථන
ඇමතුම් එනවා.’ සසිනි සංදීපනී ශිෂ්‍යාව කීවාය.
අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසුන් විශ්ව
විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයේ දී මේ ප්‍රහාරය
එල්ල විය.
ප්‍රහාරය නිසා තමන් දින 4ක් කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ
බව කී එම ශිෂ්‍යාව තමන්ගේ හිසේ වේදනාව අඩු නොවන නිසා නැවතත් සී.ටී ස්කෑන්
පරීක්ෂණයක් සිදු කළ යුතු බව වෛද්‍යවරුන් පවසන්නේ යැයි ද සඳහන් කළාය.
ඇය මේ බව පැවසුවේ මරදාන, ඞීන්ස් පාරේ සමාජීය හා සාමයික කේන්ද්‍රයේ දී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙම ශිෂ්‍යාව පොලිස් නිලධාරියෙකුගේ පහරදීමකට ලක්වන ඡායාරූප මාධ්‍යවල පළ වූ
අතර ඒවා පළවීමෙන් පසු දින මාධ්‍ය හමුවක් කැඳවූ කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චම්පික සිරිවර්ධන මහතා පැවසුවේ ඇයට පොලීසියෙන් පහර
නොදුන් බවත් පොලිස් නිලධාරියා කළේ වැටී සිටි ඇය නැගිටවීමට තැත් කළ බවද ඔහු
කීවේය. ඡායාරූපය නිර්මාණය කළ එකක් බව ද ඔහු ප්‍රකාශ කළේය.
එම ප්‍රකාශයට පිළිතුරු දෙමින් තමන්ට සිදු වූ පහරදීම ගැන සසිනි මෙසේ ද අදහස් දැක්වූවාය.
‘කඳුළු ගෑස් වැදී මුහුණ දැවිල්ල නිසා අපි ලිප්ටන් වටරවුමේ පොකුණ අසල නැවතී
මුහුණ සෝදමින් සිටියා. එවිටම ‘ඔතන ඉන්න එපා දුවපල්ලා’ කියමින් අපිට
පිටුපසින් ආ අයියලා කෑ ගසනවා මට ඇහුණා. මම පසුපස හැරී බලන විට පොලිස්
නිලධාරීන් විශාල පිරිසක් පොලූ අරන් අප සිටි තැනට දුවගෙන එනවා මම දැක්කා. මම
නැගිට දුවන්න හදන විටම පොලිස් නිලධාරියෙක් මගේ කොන්දට බැටන් පොල්ලකින් පහර
දෙකක් එල්ල කළා. එවිට මම බිම ඇද වැටුණා. ගහන්න එපා කියා කෑ ගසද්දීත් ඔවුන්
මගේ ඔළුවට පවා පහර දුන්නා. මගේ කොන්දේ පහරදීම් නිසා ඇති වූ සලකුණු පවා
තිබෙනවා. පසුව අප සමග සිටි අයියලා මාව රෝහල් ගත කළා. පසුගිය 30 වැනිදා
රාත්‍රියේ මාව රෝහලෙන් ගෙදර එව්වා. ඒත් තවමත් මගේ හිසේ කැක්කුම් ඇති වෙන
නිසා මම පෞද්ගලික වෛද්‍යවරයෙක් හමුවී රෝගී තත්ත්වය පැවසුවා. ඔහු කීවේ සී.ටී
ස්කෑන් පරීක්ෂණයක් කිරීම ස`දහා මට නැවතත් රෝහල් ගත වෙන්න කියලයි. පොලීසිය
මට ගැහුවේ නැහැ. වැටුණු විට නැගිට්ටෙව්වා පමණයි කියා ඔවුන් දැන් කියනවා.
ඒත් ඒවා බොරු.
මෙහි දී අදහස් දැක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර පැවසුවේ අත් දෙකෙන් පොලූ දෙකක් අමෝරාගෙන, එසේ ඉහළට එසවුණු අත්වලින් බිම වැටුණු පුද්ගලයෙකු නැගිටුවන්නේ කෙසේ ද යන්න පැහැදිලි කර දෙන්නැයි තමන් පොලීසියට අභියෝගයක් කරන බවයි.
ලංකාදීප පුවත්පතේ සහ එහි වෙබ් අඩවියේ පළ වූ එම ඡායාරූප බොරු ඒවා නම් එම මාධ්‍යයන්ට එරෙහිව ක්‍රියාමාර්ග නොගන්නේ ඇයිදැයි තමන් එම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන් සහපොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් ප්‍රශ්න කරන බව අන්තරේ කැඳවුම්කරු කීවේය.
හැම රජයකින්ම හැමදාම ගුටිකනවා හැරෙන්නට
සරසවි සිසුන් ඔවුන්ට දිනාගත් දෙයක් හෝ
රටට දිනා දුන් දෙයක් ඇද්ද?
සරසවියේ සිටිනතාක් කල්
දේශපාලන මර උගුල් වලට මුළාවී
ලෙයින් කඳුලෙන් වන්දි ගෙවන ඔවුන්
සරසවියෙන් පිටවූදාටත්
රස්සාවක් පරස්තාවක් කරගෙන
පවතින ප්රවාහයට එක්වෙනවා හැරෙන්නට
මේ සිසු විරෝධතාවලින්
ඔවුන් ජීවිතයට හෝ ලබාගත්
පන්නරයක් ඇද්ද?
දෙයක් වේ නම් යම්
සුදුස්සාටම අයිති විය යුතු..