ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, November 17, 2015

ඇවන්ගාර්ඩ් හිමිකරුවන්ගෙන් ජරාව කෑ ජරාජිත රාජිත මාට්ටු...අති විශේෂයි..!!!

මෙන්න දත් දොස්තරගේ පැටිකිරිය
ඇවන්ගාර්ඩ් එකේ ගත්තු සල්ලි මදිවෙලාලු
ඒකයි දැන් කෑගහන්නේ....බාල බෙහෙත් ගෙන්වා වැරදිකරුවකු වූ
රාජිත එදා සිට මට වෛර කරනවා

- ඇමැති විජයදාස රාජපක්‍ෂ

Sunday, November 15, 2015

වෛරයේ ප්‍රහාරය...!!!


 ජනපති නූලෙන් බේරෙයි

අයි එස්‌ ත්‍රස්‌තයෝ වගකීම භාර ගනිති
අයිෆල් කුලුන වසා දැමේ

ප්‍රංශයට හදිසි නීතිය

දින 3ක ශෝක කාලයක්‌


'ආදරයේ නගරය' නමින් හඳුන්වන ප්‍රංශයේ පැරිස්‌ නගරයේ ස්‌ථාන හයකට සිකුරාදා රාත්‍රියේ එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 129 දෙනකු මියගොස්‌ තවත් 352 දෙනෙක්‌ තුවාල ලබා සිටිති.

ඊළාමය යනු දමිලයන්ගේ අයිතියයි.. – රුද්‍රකුමාරන්…!!!

දෙමළ ඊළාමය යනු දමිලයන්ගේ කැමැත්ත මෙන්ම ඔවුන්ගේ අයිතිය බව රටින් බැහැර දෙමළ ඊළාමයේ අගමැති වී. රුද්‍රකුමාර් පවසයි.කැනඩාවේ පැවති සම්මන්ත‍්‍රණයක් අන්තර්ජාලය ඔස්සේ අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

ඊපීඑෆ් - ඊටීඑෆ් අවුල් හැටපන් ලක්‍ෂයක්‌ දෙනා නොසන්සුන්....!!!

සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) එකට එක්‌කර ජාතික විශ්‍රාමික පාරිතෝෂික අරමුදලක්‌ පිහිටුවීමට රජය ගෙන තිබෙන තීරණය නිසා යළිත් පෞද්ගලික අංශයේ සිටින ලක්‍ෂ හැටපහක සේවක පිරිසක්‌ දැඩි නොසන්සුන්තාවකට පත්ව සිටිති.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  විසින් පසුගියදා පාර්ලිමේන්තුවට මධ්‍ය කාලීන ආර්ථික සැලසුමක්‌ ඉදිරිපත් කරමින් මෙම අරමුදල් දෙක එකට එකතු කර ජාතික විශ්‍රාමික පාරිතෝෂික අරමුදලක්‌ පිහිටුවීමට පියවර ගන්නා බව ප්‍රකාශ කළ ද ඒ පිළිබඳ වෘත්තීය සමිති සමඟ හෝ පෞද්ගලික අංශවල හාම්පුතුන්ගෙන් අදහස්‌ විමසා නැතැයි ද ඔවුහු පවසති.

Friday, November 13, 2015

අතීතය සගවා වර්තමානයේ යසනාත් ලුහුබඳින විකල්ප ගෝත්‍රයේ තක්කඩි මුහුණුවර...!!!

පරමාදර්ශී නවීන බෞද්ධ භික්ෂුත්වය පිළිබද ජීවමාන ප‍්‍රතිරූපය - මාදුළුවාවේ සෝභිත හිමි මැයෙන් උන්වහන්සේ පිලිබඳ යහපාලනයේම තවත් ප්‍රතිමුර්තියක් වූ ආචාර්ය නිර්මාල් රංජිත් ගේ හද දැවෙන ශෝක ප්‍රකාශය කියවීමෙන් පසු ඒ පිලිබඳ වෙනත් මානයක සංෂිප්ත අදහසක් පළ කිරීමට සිත් විය. එහෙත් එය ලියන අතරතුර යසනාත් ධම්මික බණ්ඩාරගේ සටහනක් අරභයා යහපාලන නඩය ඔහුට ශිෂ්ටත්වය ඉගැන්වීමට යනු දැක ඊටද ප්‍රතිචාරයක් දැක්වීමට අප මෙය අවස්ථාවක් කර ගනිමු.

සෝභිත හිමියන් අපවත් කළේ ඇයි....!!!අති විශේෂයි....!!!

 යහපත් සමාජයක් උදෙසා යහපාලනයක් ගෙන ඒමට කැපවී පෙරමුණ ගත් උන්වහන්සේව බලයට පත්වූ හොරු හවුල විසින් උවමනාවෙන්ම අමතක කොට දමා තිබුණා.
යහ පාලන  බෝඩ් ලෑල්ල පෙන්වා බලයට ආ  යූ.ඇන්.පීය සහ  මෛත්‍රී හවුල පෙර ආණ්ඩුවේ සිටි හොරුන්ම නැවත අභිෂේක කලා.


මේ පිළිබඳව බලවත්සේ කණගාටුවූ සෝභිත හිමියන් මෙසේ හදිසියේම අපවත් වීම  ගැන විවිධ කථා ,සංවාද ජනතාව අතර ඇතිවෙලා.
මියගිය පසුව රාජ්‍ය මාධ්‍යය යොදා මහා කුංච නාද  කරවන මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය ඇතමෙකු සාක්‍ෂි සහිතව විග්‍රහ කොට තිබූයේ මෙසේයී.....හොර යහපාලන නඩේ මුන්වහන්සේත්  අපවත් කළාද....!!!

කෙළවුණේ ආචාර වෙඩිමුර කේස් එකෙන්...!!!

මොනවා වුණත් සංඝයා වහන්සේ නමක් නිසා, සති අන්ත පත්‍තරේකට මාදුඵවාවේ සෝභිත හාමුදුරුවන් ගැන ගුණ සමරු ලිපියක් ලියන්න කියලා හිතලා පටන් අරගෙන, අන්තිමට අත් ඇරලා දැම්මා. උන්නාන්සෙගේ සේරම තොරතුරු ලිව්වා. ඇණ ගත්තේ අාදාහනය ගැන ලියන්න ගිහින්.

NGO කුමන්ත්‍රණ සහ චරිත ඝාතන...!!!

ඉතිහාසයේ යම් කිසි දවසක, මාදුඵවාවේ සෝභිත හිමියන් ගේ දේශපාලන කටයුතු බටහිර NGO නඩයට

හිසරදයක් වෙමින් ‍තිබියදී, උන්වහන්සේ ගේ දේශපාලන චරිතය මෙරටින් තුරන් කිරීම සඳහා සිදු කරන ලද කුමන්ත්‍රණකාරී පාද‍‍ඩ මෙහෙයුමක්, මෙකී පුවතින් දැක්වේ.
අද සෝභිත හිමියන් ගේ අපවත්වීම සම්බන්ධයෙන් ‍අඬන, හොටු හූරන පිරිස, එදා මෙකී සිදු වීමෙන් ගත් ආතල් එක අති මහත් ය.

මාදුළුවාවේ සෝභිත හිමිගේ අවසන් කැමැත්තේ වීඩියෝව මෙන්න..!!!

කිඹුල් කඳුළු හෙළන යහපාලන පල් සොරුන් සෝභිත හිමිගේ අවසන් කැමැත්තට පා පහර දීලා. අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් අවස්ථාවාදී රජය .ඒ හිමියන් ගේ අවසන් කැමැත්තද තුඡ්ඡ ලෙසට උදුරා ගෙන තිබුණා...

Thursday, November 12, 2015

"ප්‍රංශයේ ශ්‍රී ලාංකික එකමුතුව" මගින් සංවිධානය කරන ලද මාදුලුවාවේ සෝභිත නාහිමිපාණන්ගේ පුශ්පෝහාර උත්සවය...!!!


අති පූජ්‍ය මාදුලුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ අපවත්වීම සහ ආදාහනෝත්සවය සනිටුහන් කරමින් පැරිසියේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික හෙල උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඇතුළු වෙනත් සිවිල් සංවිධාන බොහොමයක සහ සිවිල් ක්‍රියාකාරීහු එකතුව යහපාලනය සඳහා ආරම්භ කල "ප්‍රංශයේ ශ්‍රී ලාංකික එකමුතුව" මගින් සංවිධානය කරන ලද උත්සවයක් 11-11-2015 දින පැරිසියේ ප්ලස් ද ලා රෙපුබ්ලික් (Place de la Republique) එලිමහන් චතුරශ්‍රයේ ඉහල ජන සහභාගිත්වයෙන් යුතුව පැවැත්විය. මෙහිදී බෞද්ධ ආගමික කටයුතු ඉටුකිරීමට යහපාලනය සඳහා කැපවූ ස්වාමීන් වහන්සේලා වැඩම කල අතර කතෝලික ප්‍රජාව සහ එහි ප්‍රධාන පූජක තුමාද සහභාගී විය. මුස්ලිම් ප්‍රජාව සහ ප්‍රංශයේ ප්‍රධාන මවුලවිතුමා සහභාගී වීමද කැපීපෙණින. 

Tuesday, November 10, 2015

සෝභිත හිමියන්ගේ දේහය ලංකාවට වැඩමවූ අවස්ථාව....!!!

අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය ශ‍්‍රීලන්කන් එයාර් සමාගමේ විශේෂ ගුවන්

යානයකින් සිංගප්පූරුවේ සිට ශ‍්‍රී ලංකාවට වැඩම කළා.
දේහය ජයරත්න මල් ශාලාවට රැගෙන යාමෙන් පසු මේ වනවිට
කෝට්ටේ ශ‍්‍රී නාග විහාරයේ තැන්පත් කර ඇක.

බලූ කූඩුවේ දැමූ පියා මියයයි සිරුර දියණියට නොදෙයි...!!!

පසුගියදා රටේ කථාබහක් ඇති කරමින් මහනුවර බලගොල්ල කේන්ගල්ල ප‍්‍රදේශයේ නිවසක බලූ කූඩුවක

රඳවා සිටි පියා අද වැඩිහිටි නිවාසයක සිටින අතර රෝහලේදී මියගොස් තිබෙනවා.
ඩෙංගු පරීක්ෂාවට ගිය පිරිසකගේ සෝදිසිය නිසා මෙම පියාගේ ඛේදවාචකය රටට හෙළිදරව්විය.
පියාව නිවසේ බලූ කූඩුවක දමා බලූකූඩුවේ සිටි බල්ලන් නිවසේ කාමරයක දමා එම පියාගේ දියණිය වාසය කරමින් සිටි අතර
මේ නිසා මව්පියන්ට නොසැලකීම සම්බන්ධ විශාල කථාබහක් සමාජයේ ඇතිවුණා.

නව ඉලෙක්ට්‍රෝනික හැඳුනුම්පත ජනවාරි 1 වනදා සිට

නව ඉලෙක්ට්‍රෝනික හැඳුනුම්පත සමග
ජනවාරි 1 වනදා සිට
අයිඩෙන්ටි කාර්ඞ් අංක
වෙනස්වෙන හැටි....ඉලක්කම් 12 කින් සමන්විත නව ජාතික හැඳුනුම්පත් අංක ක‍්‍රමය ලබන  ජනවාරි පළමුවනදා සිට ක‍්‍රියාත්මක කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා’ එහි සහකාර කොමසාරිස් ඒ ආර් ඒ දේවප‍්‍රිය  පැවසුවේ ඒ සඳහා වන සැලසුම් මේ වන විටත්
සකස් කර අවසන් බවයි’ නව අංක ක‍්‍රමය යටතේ ඉංග‍්‍රීසි අක්ෂරය ඉවත්කර තිබීම ප‍්‍රධාන ලක්ෂණයයි’

යහපාලනයටත් ‘සජින්' කෙනෙක්...!!! රටේ අහිංසක ජනතාව අන්දවා වැජඹෙන තවත් අපතයෙක් හෙළිවේ...!!!

පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ජනවාරි 08 වෙනිදා දක්වා ඉහල පෙලේ ප්‍රජාවගේ ‘ඩාලින්' විය. එසේම ප්‍රධාන සමාගම් එකල සජින්ව අඳුනන බව කීමට ආශා කලහ. එකල ඉහල පෙලේ ව්‍යාපාරිකයන් සජින්

සමග සුඛෝපභෝගී අවන්හල්වල කාලය ගතකරමින් සිටිනු දක්නට ලැබුණි. හැම තැනම සජින්ගේ මිනිසුන් සිටියහ. ඔවුන් සැබවින්ම විදේශ අමාත්‍යංශය පාලනය කළහ. සජින්ගේ සුඛෝපභෝගී ජීවන රටාවේ බරපැන දැරුවේ බදු ගෙවන්නන් හා පෞද්ගලික ව්‍යාරිකයන්ය. ඒ කාළකණ්නි මුග්ධයා උගත් නෝනිස් වැනි අයට පහරදී සතුටක් ලැබීය.
යහපාලන ආණ්ඩුව තුලත් සජින් කෙනෙකු ඉදිරියට එමින් පවතී. දෙදෙනාගේම බොහෝ සමානකම් ඇත.

ප්‍රංශ ශ්‍රි ලංකා තානාපති කාර්‍යාලයේ සේවය කරන ඔළුව උදුම්ගත් හාල් පාරුවන් ගැනයි..!!!

ප්‍රංශ  ශ්‍රි ලංකා තානාපති කාර්‍යාලයේ සේවය කරන ඔළුව උදුම්ගත් හාල් පාරුවන් ගැනයි.නව තානාපති

වශයෙන් පත්ව ආ රණවිරාජා සිටින්නේ තමුන් ලංකාවේ පමණක් නොව සමස්ත ලෝක ප්‍රජාවගේම ලොක්කා ලෙසිනී.
ඌට වෙනත් බොහෝ රටවල තානාපති වරුනට නැති...අපේ ජනාධිපතිටවත් නැති අධි සුඛෝපභෝගී බෙන්ස් රථයක් ඇති නිසාදෝ ඌ රියදුරා දොර අරිනකම් වහනකම් ඵළියට බහින්නේ නැත. වෙනත් දැවැන්ත රවල තානාපති වරුන් රියදුරා පැමිණීමට පෙර රථයෙන් බැස්සත් මූ මෝඩ අහංකාරයෙන් උද්දච්ඡ හාල්පාරු ගණයේ වෘෂභයෙකී.ඊටම සමානවූ නසාර් නම් ගණ්ධබ්බයෙකුද වේ.
ඌ රහස් අංශ ප්‍රධානියාය.ඌ පත්ව විත් ඇත්තේ මහින්ද යුගයේ වුවද ෆෝම් වී ඇත්තේ දැන්ය. ඌද දැන් ෆෝම්වී පෙරටුගාමීව සිටිනා අමණ අපතයෙකී ....,

Monday, November 9, 2015

පැරිස් පිරිස් ඵකමුතුවෙන් ආරාධනා...!!!

නිදහස් නිවහල් ශ්‍රී ලාංකික ජන සමාජයක් බිහිකිරීම උදෙසා පෙරටුව පෙරමුණ ගත් ඒ සංඝ පීතෘ වරයාගේ

ආදාහණෝත්සවය සමගාමීව පැරිස් වාසී ජන මුළුවක් වන පැරිස් ඵකමුතුව  විසින් සංවිධානය කරනු ලබන ගෞරව පිදුම් උත්සවය සඳහා ප්‍රංශයේ වෙසෙන දෑ හිතකාමීී ඔබට කෙරෙන ආරාධනයයි.
 කෝට්ටේ නාග විහාරාධිපතිව වැඩ විසු අපවත් වි වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ට අවසන් ගෞරව දැක්වීම නොවැම්බර් 11වන දින සවස 4.00ට ( Place de la République) ප්ලාස් ද ලා රෙපුබ්ලික් වලදී.
විමසීම්
 පුෂ්පසිරි අල්විස්   / 0615887524
ප්‍රීති කුරේ /  0662844154
නාලක දේවේන්ඳ්‍රන් / 0664492993




උන්වහන්සේගේ අවසන් අදහස් ස්වල්පය ...!!! අපි කම්පා වෙනවා...!!!

ආණ්‌ඩුවේ කැබිනට්‌ මණ්‌ඩලය ඇමැතිවරුන් 30 කට සීමා කරන බවට පොරොන්දු වී බලයට පැමිණෙන වර්තමාන ආණ්‌ඩුව ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවන බව පවසමින් විශාල ඇමැති මණ්‌ඩලයක්‌ පත්කිරීම පිළිබඳව

සාධාරණ සමාජයක්‌ සඳහා වන ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු සහ කෝට්‌ටේ ශ්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පසුවන්නේ බලවත් කලකිරීමෙනි.

පසුගිය බදාදා, නව රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් දිවුරුම්දීමට පෙර 'දිවයින ඉරිදා සංග්‍රහය' සමඟ පැවැති සාකච්ඡාවකදී උන්වහන්සේ වර්තමාන ආණ්‌ඩුවේ ක්‍රියා කලාපය පිළිබඳව අප්‍රසාදය පළ කළහ.එහිදී සෝභිත හිමියෝ අප ඇසූ ප්‍රශ්නවලට දුන් පිළිතුරු මෙසේය.
එහිදී සෝභිත හිමියෝ අප ඇසූ ප්‍රශ්නවලට දුන් පිළිතුරු මෙසේය.

Sunday, November 8, 2015

මගෙ අම්මා මං පැවිදි වුණු දවසෙ වැන්ද වෙලාවෙ මට විශාල අපහසුවක් දැනුණා. .!!!"පෙනෙන්න හිටියොත් මරනවාමයි" - සෝභිත හිමියන් ලියා තැබූ කතාව¨.`...!!!

අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ තම මවට වඩාත් ආදරය කළ හිමි නමක් ලෙස සැලකෙනවා.
මගේ ගම් පළාත මාදුළුවාව. මහා පිටිසර ගමක්. එය හරිම ලස්සනයි. කඳුවැටි, ළඳු කැලෑ, කුඹුරු, ඇළ, දොළ, ගහකොළ පිරි සුන්දර ගමක්. එහි ජීවත් වූ මිනිස්සුන් හරිම අහිංසකයි. කාටවත් හිංසා පීඩා නෑ. සතා සීපාවාටත් ආදරෙයි. වවා ගත් බත බුලත බෙදා හදා ගෙන කමින් සාමයෙන් ජීවත් වුණා. මගේ ගම ගැන සිහි වන විට මට හැම විටම මතක් වෙන්නේ සාගර පලන්සූරිය (කේයස්) කවියාගේ සුදෝ සුදු හි කියැවෙන ඒ ගම්මානයයි.

මීගමුවේ කුඩු ලන්සා සහ අපත අරුන්දික සිය ජාවාරම් වැඩි දියුණු කර ඇත... සාක්‍ෂි මෙන්න...!!!

 යහපාලනය යටතේත් ඇමතිකම් දුන් මීගමුවේ කුඩු ලන්සා මහතා සහ අපත අරුන්දික මහතාත් සිය ජාවාරම් වැඩි දියුණු කර ඇත සාක්‍ෂි මෙන්න...!!!
සමාගම් ලියාපදිංචි කරගනිමින් කරුංකා එතනෝල් ටයිල් ජාවාරමේ නිරත වූ හිටපු අමාත්‍ය අපත   අරුන්දික ප‍්‍රනාන්දු  මේ ආණ්ඩුව යටතේත් එම ජාවාරම ජයටම කරගෙන යමින් සිටී.

Saturday, November 7, 2015

හක්කෙ බුදුරැස් ඒ වුනාට මුංගේ බොක්කවල්වල දඩමස්...!!!

හොර උපාසක මර්වියාගේ වගතුග හෙළිවෙලා....!!!

මර්වින් මාසෙකට එතනෝල් බැරල් 100ක් ගෙන්වලා..
එතනෝල් බැරල් 100ක් ගෙන්වීම සඳහා බලපත‍්‍රයක් පුද්ගලිකවම ලබා දී තිබෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ.
පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශයක් කරමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ  සඳහන් කර සිටියේ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් 4 දෙනෙකු එතනෝල් ආනයනය කොට ඇති බවයි. අගමැතිවරයා ඔවුන්ගේ නම් සඳහන් නොකළද අගමැති කාර්යාලයේ නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම පුද්ගලයන් 4 දෙනා නම් මර්වින් සිල්වා, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, අරුන්දික ප‍්‍රනාන්දු හා ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන අයවලූන්ය.

දේශපාලන ඌරන් කැකුණ තළණ කල හොරුන්ට රජ මඟුල්....!!!


රජයේ ආයතන 150ක හිතුමතේ පඩි වැඩිවීම් !!!

ඉකුත් සමයේ රජයේ ආයතන 150කට වැඩි සංඛ්‍යාවක නිලධාරීන් ඔවුන්ගේ සිතැඟි පරිදි රුපියල් ලක්ෂ ගණනින් වැටුප් වැඩි කරගෙන ඇති බව රාජ්‍ය විගණනය මඟින් හෙළි කරගෙන ඇත.ස්වාධීන රූපවාහිනියේ සාමාන්‍යාධිකාරීව සිටින නුසුදුසු කම්බා හොරෙකුවන විජේසිංහ නැමැත්තාගේ වේතනයද මේවන විට දෙගුණ තෙගුණ කොට ඇතැයි වාර්තාවේ.
ටෙලි නාට්‍යය විකාශණය කිරීම සඳහා අහිංසක නිර්මාණ ශිල්පීන් ගෙන් කෝටි ගණන් පගාව ගත් පාදඩයන් තිදෙනෙකුම මෙසේ සිය වේතනයන් වැඩි කරගෙන ඇත.මේ ප්‍රධාන හොරෙකු තවමත් ආයතනයේ ව්‍යාපාරික කළමනාකරු ලෙසින් සිටියි.

අපත චාරිිකා...!!!

නවක මන්ත්‍රීවරු 17 ක්‌ චීනයට

චීන ජන රජය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක-වරයාට කරන ලද ආරාධනාවක්‌ අනුව නවක මන්ත්‍රීවරුන් 17 දෙනකු පසුගිය (26 දා) චීනය බලා පිටත්විය. මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය  අනුරාධ ජයරත්න ( දි.මු.ජයරත්නගේ පුත් )මෙම කණ්‌ඩායමේ නායකත්වය දරන්නේය.

කොටි සැකකරුවෝ 62ක්‌ නිදහස්‌ ....!!! ආණ්‌ඩුව තීරණය කරයි...!!!

ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකොට සිටින එල්. ටී. ටී. ඊ. සැකකරුවන් හැට දෙදෙනකු අදියර දෙකක්‌ යටතේ නිදහස්‌ කිරීමට ආණ්‌ඩුව තීරණය කර තිබේ. ඒ අනුව මේ වනවිට බන්ධනාගාර ගතකොට සිටින රැඳවියෝ 32 දෙනකු ලබන 09 වැනිදා ද අනෙක්‌ 30 දෙනා මෙම මස 20 වැනිදා ද නිදහස්‌ කිරීමට තීරණය කර ඇත.

තිස්ස කරල්ලියද්ද වැනි අපතයන්ගේ දේශපාලන රැකවරණ යටතේ සිටින ඉරෝන්ලා...!!!

ඉරෝන් රණසිංහගේ චේතනාව අද හිරේට ගොස් ජාතික තලයේ අපරාධ ලේබල් එක ගසාගෙන හෙට එළියට

ඇවිත් අනුරාධපුරයේ පාතාලය පාලනය නොව ඉන් එහා ගිය දේශපාලනික පරමාර්ථයක් ඇති බව  රතු එළි දල්වමින් කියා සිටියි. සැබෑ ලෙසම ඉරෝන්ගේ සමීපතමයන්ට අනුව ඉරෝන්ට දේශපාලනයට එන්නට සෑහෙන වුවමනාවක් තිබී ඇත.
ඉරෝන්ට පමණක් නොව කරාටේ වසන්තටද දේශපාලනයට පැමිණීමේ දැඩි වුවමනාවක් තිබී ඇත. තිස්ස කරල්ලියද්දගේ දේශපාලන රැකවරණ යටතේ සිටින ඉරෝන්ලා අන්තර්ජාතික මට්ටමේ අපරාධ මානසිකත්වයෙන් කටයුතු කිරීම අරුමයක්ද නොවේ.පසුගිය මැතිවරණයටද ඉදිරිපත් වන්නට අවස්ථාව ලැබී එය වසන්තගෙන් ගිලිහී ඇත්තේ නූලෙන් බව ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබේ. එස්.එෆ් ලොකූ හෙවත් ඉරෝන් දැන් තමන් වැඩ වරද්දාගත් මාධ්‍ය ගැන හොඳ අවබෝධයක් ලබා ඇති බව පැහැදිලිය. තමන්ට එරෙහිව ආයුධයක් වූ ෆේස්බුක් සහ අන්තර්ජාලය දැන් තමන්ව මාර්කට් කරගන්නට ඉරෝන් භාවිතා කරමින් ඇත. එය අනාගත අනුරාධපුර පාතාලය අප්ඩේට්වීම කොයි පැත්තට හරවාවිද යන්න පිළිබදවනම් සැබෑ ලෙසම බිය විය යුතුය.පාර්ලිමේන්තුවට අළුතින් පත්වූ ඇතැම්  හාල්පාරුවනටද ගිණිඅවි පුහුණුව සහ ගිණිඅවි ලබාදීම අනාගතයේ අප සිවිල් සමාජයට කරනා බලවත් අපරාධයකී....

පිල් විදහා රැඟූ චැනල් ෆෝ ගේ පස්ස හෙළිවේ....!!!

යුද අපරාධ චෝදනා එල්ල කළ
"චැනල් 4" කොන්ත්‍රාත්තුව....!!!

ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදු කළ බවට ඊළම් ඩයස්‌ පොරාව සමඟ එක්‌ව ලොව පුරා ප්‍රචාරයක්‌ දියත් කළේ බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනියයි. එම රූපවාහිනියේ කැලම් මැක්‌රේ කිලිංපිල්ඩ් නෝපයර් සෝන් සහ සර්ච් 4 ජස්‌ටින් වැනි වීඩියෝ චිත්‍රපට නිර්මාණය කරමින් ශ්‍රී ලංකා ආණ්‌ඩුව හා හමුදාව යුද අපරාධකරුවන් බවට ප්‍රචාරය කළේය. මැක්‌රේ එම වීඩියෝ පට රැගෙන ජිනීවා නුවරටත් එතැන් සිට නිව්යෝර්ක්‌ නුවරටත් කැනඩාවටත් ඉන් පසු මැලේසියාවටත් ගොස්‌ ලෝකයේ ලොකුම අපරාධකරු ශ්‍රී ලංකා හමුදාව යෑයි පිළිබිඹු කිරීමට ක්‍රියා කළේය.

Friday, November 6, 2015

ෆොන්සේකා .. බිලියන දෙකක් යටිමඩි ගහලා.. විජේදාස පතුරු අරී..!!! මුන් සේරම කම්බා හොරු...!!!

ප‍‍්‍රජාතන්ත‍‍්‍රවාදී පක්‍ෂ නායක ෆීල්ඕ මාෂල් සරත් ෆොන්සේකා  2010 ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී බිලියන 02

කට වැඩි මුදලක් යටමඩි ගසා ඇති බව අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ  කොළඹදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.තමන් ඇවන්ගාඕ සමාගමෙන් මුදල් ගත් හොරෙක් යයි පවසමින් තමනට කල අපහාසයට මිලියන 500 ක අලාභයක් ඉල්ලා නඩු දමන බවද ඔහු කියා සිටියේය.

කප්පම්කරුවෝ සහ සමාදානයේ සැතපෙන යහපාලනය....!!!

යහපාලන නැමති හනුමන්තා මේ වනවිට වලිගයට ගිනී තබාගෙන හමාරය.දැන් කරමින් සිටින්නේ මහා ලොකු

කෙප්ප රැසක් ජනතාව හමුවේ තැබු එක එකාට ගිනී තියමින් සිටි. යහපාලනය උදාකරන්නට ගිහින් 2010 වගේම මෙදාපාරත් පස්ස බිම ඇනගත් එදානම් මහා විරුවෙකු වු මෙදානම් නිකම්ම නිකන් පැඩි ෆිල්ඩ් කෙනෙකු බවට පත්වු සරත් ෆොන්සේකා මේ වනවිට ගින්න පතුරවමින් සිටි.

කුමාර් ගුණරත්නම් අත් අඩංගුවට ගත්තේ ඇයි...!!!

රටේ ශිෂ්‍ය ව්‍යාපාර හැසිරවිමේ බලය තම පක්ෂය සතුව නැති බවත් මේ වනවිට රටේ උද්ඝෝෂණ හසුරුවන
බලය පෙරටුගාමින් සතුව ඇති බවත් එය ආණ්ඩුව ඉදිරියේදි අහිතකර තත්ත්වයක් උදාකල හැකි බවත් එම නිසා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් වහාම රටින් පිටුවහල් කිරිමට කටයුතු කලයුතු බවට ජනතා විමුක්ති පෙරමුණේ බලහත්කාරයෙන් නායකත්වයට පැමිණි අනුර කුමාර දිසානායක තමන්ගේ  ස්වාමියා වන අගමැතිගෙන් ඉල්ලිමක් කර ඇති බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

කුඞ්ඩන්ට එරෙහිවූ අන්තරායකර සභාපති වෛද්‍ය නිලංග දොට්ට...!!!

කුඞ්ඩන්ට එරෙහිවූ අන්තරායකර සභාපති
වෛද්‍ය නිලංග දොට්ට
මහජන සාමය අමාත්‍යාංශයේ ලේකම්. ජගත් විජේවීර නමැත්තෙකු තමා තනතුරින් ඉවත් කළ බවට සඳහන් ෆැක්ස් පතක් එවා ඇතැයි අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ පවසයි.
දිනයක් නැති, අස්සනක් නැති ෆැක්ස් එකක් නිසා අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති තනතුරෙන් ඉල්ලා අස්වීමට තමාට කිසිදු හේතුවක් නැති බව ඔහු කියයි.

Wednesday, November 4, 2015

ප්‍රේමදාස අතුකෝරළ අභාවප්‍රාප්ත වෙයි !!!

ප්‍රවීණ සංගීත අධ්‍යක්‍ෂවරයකු සහ සංගීත ගුරුවරයකු ද වූ ප්‍රේමදාස අතුකෝරළ මහතා පෙරේදා (3 වැනිදා) අභාවප්‍රාප්ත විය.
මිය යන විට 85 හැවිරිදි වියෙහි පසු වූ ඒ මහතා "කේසර සිංහයෝ", "ගිජු ලිහිණියෝ", "විජය ගීතා", සහ "සසල රේඛා" ඇතුළු චිත්‍රපට ගණනාවක සංගීත අධ්‍යක්‍ෂවරයා විය.

ශ්‍රී ලංකාව අසලට කඩා වැටෙන අභ්‍යවකාශ සුන්බුන් කැබැල්ලෙන් විය හැකි අනතුර නො ගිණිය හැකි තරම්...!!!

නොවැම්බර් 13 වැනි දා පෙරවරුවේ ශ්‍රී ලංකාව සමීපයට කඩා වැටීමට නියමිත කෘත්‍රිම වස්‌තුවෙන් සිදු විය හැකි හානි නො ගිණිය හැකි තරම් බව නිරීක්‌ෂකයෝ පවසති. ඒ, මේ වස්‌තුව කුහරමය ව්‍යහයක්‌ සහිත මීටර 1-2ක්‌ වැනි කුඩා දිගකින් යුතු එකක්‌ වීමත්, එය පෘථිවි වායුගෝලයට පිවිසීමේ දී හටගන්නා ඝර්ෂණයෙන් බොහෝ දුරට ඉහළ අහසේ දී ම දැවී විනාශ වී යා හැකි වීමත් නිසා ය.

කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට.....!!! අත්අඩංගුවට ගැනීම සම්බන්ධව පෙ.ස.පෙ මාධ්‍ය හමුව.....!!!

කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට
පෙරටුගාමී පක්‍ෂයේ නායක කුමාර් ගුණරත්නම්  කෑගල්ලේ පිහිටි සිය මවගේ නිවසේ සිටියදී කෑගල්ල පොලිසිය මගින් ඊයේ (4 වැනිදා) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.
ඔස්‌ටේ්‍රලියාවේ පුරවැසිභාවය ලබා සිටින ගුණරත්නම්  ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම සහ වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටීම යන චෝදනා මත මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.මෙම චෝදනා මත කුමාර් ගුණරත්නම්  අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කරන ලෙස ආගමන විගමන පාලකවරයා පොලිස්‌පතිවරයාට දැනුම්දීමක්‌ කර තිබිණි.

කුඩු විකුණන එතනෝල් ජාවාරමේ සිටින දේශපාලනඥයන් කවුද...!!!

අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ උත්තර දෙයි
වෛද්‍ය නිලංග සමරසිංහ යනු අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපතිවරයාය. ඔහු මේ දිනවල රටේ කථා බහට ලක්වන පුද්ගල චරිතයකි. ඒ මෙවර මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන් අතර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ පැටිකිරිය එළියට දමන්නේ ඔහු බැවිනි. මේ හේතුවෙන් ඔහුට මරණ තර්ජන පවා එල්ල වී තිබේ. ඒ පිළිබඳ ඔහු අදහස් දැක්වූයේ මෙසේය.

Monday, November 2, 2015

සිංහලයට එරෙහි විදේශීය ආක්‍රමණ එදා සහ අද...!!!

අනුරාධපුර යුගයෙහි පටන් කෝට්‌ටේ යුගය දක්‌වා අප රටට එරෙහිව පැහැදිලිව ක්‍රියාත්මක වූ ඉන්දියානු ආක්‍රමණය අදත් සියුම් ලෙස ක්‍රියාත්මක වෙයි. පෘතුගීසීන්ගෙන් පටන් ගත් කෝට්‌ටේ යුගයෙහි ඇරඹුණු බටහිර යුරෝපීය ආක්‍රමණය ද අදත් සියුම් ලෙස ක්‍රියාත්මක වෙයි. අද පවතින විශේෂත්වය නම් මෙම ආක්‍රමණ දෙකම සිංහලයට එරෙහිව අත්වැල් බැඳගෙන එකට ක්‍රියාත්මක වීමයි.

මගේ පොඩි දුවේ උඹලගේ අම්මා අප්පා කොළ, නිල් ,රතු ,කොඩි අරන් නැටු හැටි මයේ අප්පා ...!!!

මේ මුළු රටේ නිල් කොළ රතු පැහැ බැබලිච්ච
ගත ලේ බිඳුව වුව ඒ පාටම වෙච්ච
නින්දෙදි පවා ඒ ගැන සිත වෙහෙසිච්ච
මිනිසුන් වෙසේ ඇහැ ඇර නිදියා ගත්ත

අයිතිය ඉල්ලනා උන් නසන රජුන්
තම දුක කියන උන් අල්ලා තලන රජුන්
බඳු බර කර තබා ජනයා පෙලන රජුන්
රජ කරවන්න ජහමනයා පුරන පෙරුම්

නම විල්බට්‌ නික්‌ලස්‌ වර්කස්‌...!!!

ජර්මනියට එරෙහිව එංගලන්තය වෙනුවෙන්
දෙවැනි ලෝක යුද්ධයට ගිය

ජර්මන් ජාතික ශ්‍රී ලාංකිකයා

විල්බට්‌ නික්‌ලස්‌ වර්කස්‌ මීට සියවස්‌ දෙකකට පෙර ලංකාවට පැමිණි ජර්මානු ව්‍යාපාරික පරම්පරාවක මී මුණුපුරාය. මිල කළ නොහැකි වත්කම් සහිතව අතිශය සුඛෝපභෝගී ජීවිතයක්‌ ගත කළ මේ පරම්පරාවේ මතකය සහිත වෘද්ධතමයා වන ඔහු මේ වනවිට අනූවැනි විය පසු කරන්නේය. තමන්ගේ ජර්මානු සම්භවය නිසා ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ගේ හිංසනයට ලක්‌වන විල්බට්‌ ඇතුළු පවුලේ රැකවරණය තහවුරු කරගැනීම සදහා බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවට බැඳී දෙවැනි ලෝක යුද්ධයේ යුද බිමට යන ඔහු දශක හතකට වඩා පැරණි ස්‌වකීය මතකය අප අභිමුව දිග හරින්නේය. මේ විල්බට්‌ නිකලස්‌ වර්කස්‌ නමැති ජර්මානු සම්භවයක්‌ සහිත ලාංකික සීයා අපට කියන කතාවය.

Sunday, November 1, 2015

දැන් උන් කියන්නේ....පොලීසියෙන් පහර නොදුන් බවත්...ඡායාරූපය නිර්මාණය කළ එකක් බවත් ය....!!!

පොලිසියෙන් ගැහූ හැටි සිසුවිය කියයි...!!!
 ‘පොලීසියෙන් එල්ල කළ කඳුළු ගෑස් ප‍්‍රහාරයෙන් පසු ඇතිවූ මුහුණේ දැවිල්ල නැති කරගන්නට ලිප්ටන් වටරවුමේ පොකුණකින් මුහුණ සෝදමින් සිටි මට පොලීසියෙන් වට කරගෙන පහර දුන්නා. ඔළුවේ පහර වැදුණු තැන් තවමත් වේදනාවයි. දැන් මගේ නිවසට පොලීසියෙන් කියමින් දුරකථන ඇමතුම් එනවා.’ සසිනි සංදීපනී ශිෂ්‍යාව කීවාය.
අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසුන් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයේ දී මේ ප්‍රහාරය එල්ල විය.

අවම බලය යොදා මරන්නත් පුළුවන්.. වෙඩි තියන්නේ දෙපාවලට නොව මරන්නමයි.. – පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක [Video]

අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය යොදන බලය මරණය දක්වා වුව පැතිරවිය හැකි යයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර  පවසයි.

[Video]

මර්වින්ගේ ඉඩම් ගැනත් රාජපක්ෂවරු හෙළිකරයි – සාක්ෂි මෙන්න....!!!

හිටපු මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වාට විරුද්ධව රාජපක්ෂවරුන් විසින් අල්ලස් හෝ දූෂණ
විමර්ශණ කොමිසමට පැමිණිල්ලක් කිරීමට සූදානම්  වන බව ඔවුන්ට සමීප ආරංචි මාර්ග සඳහන් කර සිටී. බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ පිළිබඳව මූල්‍ය අපරාධ කොට්ඨාශයට හා අල්ලස් කොමිසමට මර්වින් සිල්වා කරන ලද පැමිණිල්ලට එකට එක කිරීමක් ලෙස රාජපක්ෂවරුන් මෙසේ පැමිණිලි කිරීමට සූදානම් වේ.
මර්වින් සිල්වාගේ ඔප්පු පිටපත් පහතින් පලවේ....

ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ජිනීවා කෙබර ...!!!

යහපාලන ආණ්ඩුවේ නියෝජ්‍ය විදේශ ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විපක්ෂයේ සිටියදී වැඩිපුරම කතා කළේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් විනාශ කරන ලද ආර්ථිකය, එජාපය බලයට පැමිණි පසු
තමාගේ ආර්ථික විද්‍යා දැනුමේ බලමහිමයෙන් නිවැරදි මගට ගෙන රට සශ්‍රීක කරන දේශයක් කරන අන්දම ගැනය. නිවැරදි ආර්ථික කළමණාකරණය පිළිබඳ ඔහු පාර්ලිමේන්තුවේදී සහ ඉන් පිටත කළ කතා ඇසූවෙකු මෙරට ආර්ථිකය ජපානයේ හෝ ජර්මනියේ මට්ටමට කෙටි කලකින් ගෙන ආ හැකි බලයක් සහිත මැජික් යෂ්ටියක් හර්ෂ ද සිල්වා සතුව ඇතැයි කල්පනා කළා නම් පුදුමයක් නොවේ. ඔහු කතා කළේ එතරම් විශ්වාසයෙනි. තරුණයන් අතර රැකියා විරහිතභාවය නැති කිරීමටත් ඒ සඳහා විදේශ ආයෝජන යොදා ගැනීමටත් සමාජ වෙළෙඳ පොළක් නිර්මාණය කොට සැමට සමාජ ආර්ථික සාධාරණය ඉටු කිරීමටත් තමාට කැක්කුමක් ඇතැයි අගෝස්තු 17 මහ මැතිවරණයේදී ඔහු පුන පුනා පැවසීය. හර්ෂ ද සිල්වා කියූ දේ විශ්වාස කළ කොළඹ දිස්ත්‍රික් ජනතාව ඔහු වෙනුවෙන් ලක්ෂයකට අධික මනාප ඡන්ද ලකුණු කළහ.

‘කරූ ඕක දීපන් ළමයෙකුට’ –..!!!

 හිටපු ඇමති කී අමුතු කතාව (වීඩියෝ)

අඩුවෙන්ම විපක්ෂයට කතා කිරීමට අවස්ථාව දෙන කතානායකවරයාගේ යුගය ලෙස කරූ ජයසූරිය ගේ යුගය පත් වෙමින් යන බව හිටපු අමාත්‍ය එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම  පවසයි.

මේ ගොන්තඩියා වෛද්‍යවරයෙක් ද....?

'මත්පැන් පානයෙන් දිනකට 50ක් මැරෙනවා. සිගරට් බීම නිසා 70ක් මැරෙනවා. නමුත් ඒක රජයට

ගැටලුවක් නෑ. අවුරුද්දකට රුපියල් බිලියන 80ක් බදු ලැබෙනවා. රජයට ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ නීති විරෝධී මත්පැන් සහ සිගරට් ජාවාරමයි.'
වෛද්‍ය නිලංග සමරසිංහ
 මෙවැනි සමාජ ද්‍රෝහී ප්‍රකාශ කරන වෛද්‍ය නිලංග සමරසිංහ ගේ වෛද්‍ය සහතිකය අහෝසි කළ යුතුයි.

රනිල්-මෛත්‍රී ආණ්ඩුවේ සුදු රෙදි සහ ටයිකෝට් පිටුපස තිබෙන මාෆියාව....!!!

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ  -

2013 අවුරුද්දෙදි තමයි, මුල්වරට අපි මත්ද්‍රව්‍ය ජාලයට රිංගලා, වාර්තාගත වැටලීමක් කළේ. අපි 2013 අවුරුද්දේ, හෙරොයින් කිලෝ ග්‍රෑම් 350ක් අත් අඩංගුවට ගත්තා. ඒක දකුණු ආසියාවෙ වාර්තාවක්. 2014 අවුරුද්දෙ අපි හෙරොයින් කිලෝ ග්‍රෑම් 315ක් අත්අඩංගුවට ගත්තා. ඒක තමයි දකුණු ආසියාවේ දෙවැනි වාර්තාව.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.