ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, October 26, 2015

මෙන්න හොරු...!!!

රුපියල් 5000 ව්‍යාජ  මුදල් නෝට්ටු මුද්‍රණය කර බෙදා හැරීමේ නිරත වූ කණ්ඩායමක සාමාජිකයින් සිව් (04) දෙනෙකුව බිංගිරිය පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී ව්‍යජ ලෙස මුද්‍රණය කළ රුපියල් 5000 නෝට්ටු 16 ක්ද පොලිස් බාරයට ගෙන ඇත.


සැකකරුවන් විසින් අංක කාණ්ඩ 03 ක් යටතේ රුපියල් ලක්ෂ 07 ක් වටිනා ව්‍යජ මුදල් නෝට්ටු මුද්‍රණය කර බෙදා හැර ඇති බව පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.

සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස්ව පැමිණ සිටි අයෙකුව බිංගිරිය පොලීසියේ නිලධාරින් විසින් උඩවෙල ප්‍රදේශයේදී මුලින්ම අත්අඩංගුවට ගෙන ඇත.ඔහු නිකවැරටිය රස්නායකපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.ඔහු සතුව තිබී ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද රුපියල් 5000 මුදල් නෝට්ටු දෙකක් පොලිස් නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.එම සැකකරු මාර්ගයෙන් රස්නායකපුර පදිංචි තවත් අයෙකුටඩදුරකථන ඇමතුමක් ලබා දී ගෙන්වා ගෙන ඇත.ඔහු සතුවද ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු 02 ක් තිබී ඇත.ව්‍යාජ මුදල් නෝට්ටු බෙදා හැරීමේ නිරතව සිට ඇත්තේ මෙම සැකකරුවන් දෙදෙනා බව පොලීසිය කියයි.

එම සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත මිනුවන්ගොඩ ප්‍රදේශයේ කාමරයක් කුලියට ගෙන පදිංචිව සිටින සැකකරුවෙකුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වී ඇත.ඔහු කුරුණෑගල - ඉබ්බාගමුවේ පදිංචිකරුවෙකි.ව්‍යජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සදහා යොදා ගත් මුද්‍රණ යන්ත්‍රය සහ ලැප්ටොප් පරිඝණක යන්ත්‍රයක්ද ඔහු සතුව තිබී පොලිස් බාරයට ගෙන ඇත.ව්‍යාජ මුදල් නෝටුට් මුද්‍රණය කිරීම සිදු කර ඇත්තේ ඔහු විසින් බවට හදුනා ගෙන ඇත.

එම සැකකරුගෙන් ලද තොරතුරු මත දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින සැකකරුවෙකුවද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සදහා අවශ්‍ය කඩදාසි සහ තීන්ත වර්ග සපයා ඇත්තේ එම සැකකරු විසින් බව කියති.මෙම සැකකරුන් දෙදෙනා සතුව තිබී ඉතිරි ව්‍යාජ මුදල් නෝට්ටු 12 සොය ගෙන ඇත.

තමන් විසින් මුද්‍රණය කළ ව්‍යජ මුදල් නෝට්ටු බිංගිරිය,හෙට්ටිපොල අවට බෙදා හැරි බව සැකකරුවන් පොලීසිය හමුවේ පවසා ඇත. සැකකරුවන්ගේ එම ප්‍රකාශයන් සත්‍ය බව පොලීසිය කියයි.පසුගිය දින කීපය තුළ බිංගිරිය සහ හෙට්ටිපොල ප්‍රදේශ වල ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වන බවට පොලිස් බුද්ධි අංශයේ නිලධාරීන් විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබුණි.

සැකකරුවන් විසින් මුද්‍රණය කර බෙදා හැර ඇති ව්‍යාජ මුදල් නෝට්ටු වල අඩුවකට ඇත්තේ දිය සළකුණ පමණක් බවත්,අන්ධ පුද්ගලයින්ට මුදල් නෝට්ටු හදුනා ගැනීම සදහා ඇති සළකුණ පවා එහි තිබෙන බව වැටලීම කළ නිලධාරීන් කියයි.

සැකකරුවන් හෙට්ටිපොල  දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ජූඩ් සමන්ත

(function() { var v = document.createElement('script'); v.async = true; v.src = "http://assets-prod.vicomi.com/vicomi.js"; var s = document.getElementsByTagName('script')[0]; s.parentNode.insertBefore(v, s); })(); ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.