අධ්‍යාපනය ලැබීම සදහා පිරිවෙනක නවැතැන් ගෙන සිටි සාමනේර හිමිනමකට බරපතල ලිංගික අපරාධයක් සිදු කළ බව කියන චීවරධාරියෙකුව අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණ කටයුතු සිදු කරන බව හලාවත පොලීසිය කියයි.
අතවරවයට ලක්ව ඇත්තේ කුරුණෑගල - බළල්ල ප්‍රදේශයේ
පදිංචිකරුවෙකුව සිටි 14 හැවිරිදි සාමනේර හිමි නමකි.උන් වහන්සේ හලාවත - කරවිටාගාරය
ප්‍රදේශයේ ඇති පිරිවෙනක 03 වන වසර පන්තියේ ඉගෙණුම ලබමින් සිට ඇත.ලැගුම් ගෙන සිට
ඇත්තේද එම පිරිවෙනේ ඇති කුටියක බව පොලීසිය කියයි.
එම පිරිවෙනේම අධ්‍යාපනය ලබමින් සිටි 18
හැවිරිදි චීවරධාරියෙකු 2014 වසරේ අප්‍රියෙල් මාසයේ දිනක පළමු වරට සාමනේර හිමිනමට
ලිංගික අතවරයක් සිදු කර ඇත.ඉන් පසුවද දින කීපයක් සැකකාර චීවරධාරියා විසින් සාමනේර
හිමිනමට අතවර සිදු කර ඇත.තමන්ට සිදුවන අතවර ඉවසා ගත නොහැකි තැන සාමනේර හිමි පසුගිය
සැප්තැම්බර් මස 09 වැනිදා හලාවත පිරිවෙන් පිටත් වී අමුණුකොළ ප්‍රදේශයේ
විහාරස්ථානයකට ගොස් ඇත.
පැවිදි වී ඇති තම දරුවා පිරිවෙනෙන් පලා ගොස්
වෙනත් විහාරස්ථානයක ලැගුම් ගෙන සිටින බව සාමනේර හිමියන්ගේ පියා දැන ගෙන ඇත.ඒ අනුව
ඔහු අමුණුකොළ ප්‍රදේශයේ විහාරස්ථානයට ගොස් සාමනේර හිමිනම නැවත කැදවාගෙන ඒමට උත්සහ
කර ඇත.
තම පියාගේ ඉල්ලීම අනුව නැවතත් පිරිවෙනට යාමට
අකමැති වූ සාමනේර හිමිනම පසුගිය සැප්තැම්බර් 21 වැනිදා අමුණුකොළ විහාරස්ථානයෙන්ද
පලා ගොස් ඇත.පසුව උන් වහන්සේ පොල්ගහවෙල ප්‍රදේශයේ දුම්රිය මාර්ගයක ගමන් කරමින් සිටින
විට ප්‍රදේශවාසීන් විසින් කරන ලද දැණුම් දීමක් මත පොල්ගහවෙල පොලීසිය විසින් සිය
බාරයට ගෙන ඇත.
එහිදී තමන් මුහුණ දුන් අමිහිරි කටුක
අත්දැකීම සාමනේර හිමිනම විසින් පොලිස් නිලධාරීන් හමුවේ පවසා ඇත.මෙම අපරාධය සිදුවී
ඇත්තේ හලාවත පොලිස් බල ප්‍රදේශයේ වන බැවින් පොල්ගහවෙල පොලීසිය විසින් සාමනේර
හිමිනම හලාවත පොලීසියට බාර දී ඇත.
සාමනේර හිමියන්ට බරපතල ලිංගික අපරාධයක් සිදු
කර ඇති බවට තොරතුරු පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.සිද්ධියට සම්බන්ධ චීවරධාරියා
පිරිවෙනෙන් පලා ගොස් ඇති බව පොලීසිය කියයි.
හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන
යයි.
ජුඩ් සමන්ත.