කොටුවේ ජනාධිපති මන්දිරේ තනා තිබූ මහින්දගේ භූගත මාලිගාව මෙන්න - නාමල් රාජපක්ෂ සහ ඔහුගේ රගර් ක්‍රීඩා කරන මිතුරන් මෙම භූගත මාලිගාව සිය නවතැන්පලක් ලෙස භාවිත කර ඇති අතර මෙහි ඇතුලත යෝගී මධ්‍යස්ථානයක්, කාය වර්ධන මධ්‍යස්ථානයක් වැනි නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විතය.
ඡයාරූප.....
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනතා මුදල් කාබාසිනියා කරමින් ඔහුගේ පෞද්ගලික සුඛ විහරණය උදෙසා කොටුව ජනාධිපති මන්දිරයේ තනා තිබෙන මාලිගාවේ ඡුායාරුප මෙලෙස ඔබ වෙත දක්වා ඇත.
සම්පුර්ණයෙන්ම රාජපක්ෂ පවුලේ පෞද්ගලික වුවමනා වෙනුවෙන් නිම කල ඇති මෙම මාලිගාව සඳහා වැය වී ඇති මුදල සඳහන් කිරීමට ජනාධිපති කාර්යාල නිලධාරීන් පවා අපොහොසත් වී ඇත. තවමත් ගණන් බලාද නැත.
ඝණ කොන්ක්‍රීට් බිත්ති සහිත මෙම මාලිගගේ එක බිත්තියක් අඩි 6ක් පමණ ගනකම්ය.
පොලොව මතුපිට පිහිටා ඇති කොන්ක්‍රීට් පෘෂ්ඨය අඩි 12කින් පමණ ඝණකම්ය.පොලොව මතුපිට මාලිගාව ඒ මත නිර්මාණය කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කොටුව ජනාධිපති මන්දිරයේ වාසය නොකලත් මසකට කොටුවේ ජනාධිපති මන්දිරය හැරුනුකොට මෙම භූගත මාලිගාවට පමණක් ලක්ෂ 30ක් පමණ විදුලි බිලක් දැරීමට සිදුවෙන බව සඳහන්.
ඒ මෙම භූගත මාලිගාවේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන වායු සමීකරණ සඳහා සහ නඩත්තු කටයුතු වෙනුවෙනි.
මෙම භූගත මාලිගාව පොලොව යටට තට්ටු 2ක් ද පොලොව මතුපිට තට්ටු 2ක්ද වෙයි දල වශයෙන් මෙම මාලිගාව වර්ග ආඩි 15000ක් පමණ වෙති ර්ණඉතාලියෙන් අනයනය කරනලද ගෘහ භාණ්ඩ” ඇතුලත්ය.
පොලොව යට අඩි 40ක් පමණ පහලට තට්ටු පිහිටා ඇත. තට්ටු වල එහා මෙහා යාමට විදුලි සෝපානයක් පවා නිමවා ඇති අයුරු දැකගත හැක.
කොළඹ වරයා දෙසට ඉදිකර තිබෙන භුගත උමන් මාර්ගයද ඝණ කොන්ක්‍රීට් බිත්ති වලින් සමන්විතයි.
භූගත මාලිගාවේ පමණක් අතිසුඛෝපභෝගී කාමර 6 කට වඩා මෙහි ඇති අතර ඒ සැමටම වෙනම නාන කාමර සහ වෙන්ව ඇත. රැුස්වීම් ශාලාවක් සහ හදිසියකදී පිටව යාමට හැකි දොරකඩ පසුපසින් තබා ඇතිමුත් එහි තවමත් වැඩ ඉවර වී නොමැත.
ඉරාකයේ සදාම් හුසේන් ලිබියාවේ ගඩාෆි වැනි ඒකාධිපති නායකයින් මෙවැනි ආකාරයෙන් කටයුතු කර ඇති අතර එහෙත් පසුකාලීනව ජනතා අප්‍රසාදයට පත් විය.
මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයේ සිට කොටුව ජනාදිපති මන්දිරයේ මෙවැනි භූගත මාලිගාවක් ඉදිකරේ ඇයිද යන්න ගැටලූවක් වන අතර අරලිය ගහ මන්දිරයෙත් මෙලෙසින් රහසිගත භූගත මාලිගාවක් ඇති බවට දැන් දැන් සැක සංකා මතුවී ඇත.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Saturday, October 24, 2015
අපත නාමල් කුමාරයා අරක් ගෙන තිබූ භූගත රජ මාළිගාව මෙන්න....!!!
Posted by
lankanews
at
October 24, 2015
Labels: lankanews, namal baby, namal corruptions, namal rajapaksha, nil balakaya
අපත නාමල් කුමාරයා අරක් ගෙන තිබූ භූගත රජ මාළිගාව මෙන්න....!!!
2015-10-24T21:07:00+02:00
lankanews
lankanews|namal baby|namal corruptions|namal rajapaksha|nil balakaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
