
ජනාධිපතිවරණය පරාජයෙන් පසුව ජනාධිපති ලේකම් කාර්යාලය තුල තිබූ බොහෝ දේ රැුගෙන යාමට රාජපක්ෂවරු කටයුතු කොට තිබුණද මෙම කාර්යල කාමරයේ තිබු කිසිවක් හෝ රැුගෙන ගොස් නොමැත. ඒ අමතක වීමෙන් සිදු වූවා විය හැකිය. මන්ද මෙම කාර්යාලය තුල CSN රූපවාහිනිය විසින් පටිගත කරන ලද වැඩසටහන් කැසට් පට 500 වඩා තිබීමය. එමෙන්ම ආයතනයට අදාල වැදගත් ලියකියවිලි රැුසක් මෙහි තිබී ඇත.
මෙම කැසට් පට හා ලියකියවිලි සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කිරීමට ජනාධිපති කාර්යාලය පියවර ගෙන තිබේ. එමෙන්ම ජනාධිපති ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය ලෙස ස්ථාපිත කර තිබූ මේ විශේෂ ඒකකය කුමක්ද යන්න ගැනත් එමගින් සිදු කොට ඇති කාර්යය කුමක්ද යන්න ගැනත් මේ වන විට සොයා බලමින් තිබේ. පහතින් දැක්වෙන්නේ එම කාර්යාලයේ ඡුායාරුප කිහිපයකි.
කෙසේ නමුත් ජනාධිපති ලේකම් කාර්යාලය යනු රාජපක්ෂලාගේ බුක්තියට සවිව තිබු ඔවුන්ගේ පෞද්ගලික දේපලක් නොවේ. ඒ මෙරටේ මහජනතාවගෙන් අයකර ගන්න බදු මුදලින් නඩත්තු කළ රජයේ ආයතනයකි. රාජපක්ෂලාගේ බිස්නස් වැඩ වෙනුවෙන් මේ පොදු දෙපල යොදා ගැනීම බරපතල වරදකි.
මේ ක්‍ීභ ආයතනය ගොඩ නගන ලද්දේ රාජ්‍ය දෙපල හා ජාවාරම් මගින් උපයන ලද කළු සල්ලි ආයොජනය කර බව මේ වන විට එම ආයතනය සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් සිදු කරනු ලබන විමර්ශන වලදී අනාවරණය වී තිබෙන්නකි.
මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයාව සිටි සමයේදී ජනාධිපති මාධ්‍ය අංශයක් ස්ථාපිතව තිබියදී ජනාධිපති ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය යන නමින් තවත් මාධ්‍ය ඒකකයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඒ වෙනුවෙන් වෙන් කොට තිබු කාමරය තුළ මෙම ක්‍ීභ කාර්යාලය පවත්වාගෙන ගොස් තිබේ. මෙම කාමරය පාවිච්චි කරනු ලැබුවේ නාමල් රාජපක්ෂ සහ තවත් තරුණ තරුණියන් කිහිප දෙනෙකු විසින් බවටද තොරතුරු හෙළිව ඇත. උපුටාගැනීම - ලංකා ඬේලි