ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Sira...!!!

Sira...!!!

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, October 26, 2015

මෙන්න මිනිස්සු....!!!

අවුරුදු 15ක්‌ ළමයින්ට බනිස්‌ බෙදලා
ගමෙන් උපහාර ලබන බනිස්‌ මාමා

පුත්තලම ප්‍රදේශයේ බෞද්ධ, කතෝලික, හින්දු දහම් පාසල්වල දහම් අධ්‍යාපනය ලබන දරු දැරියන් හට සති පතා නොමිලේ බනිස්‌ බෙදන බනිස්‌ මාමා නමින් දහම් පාසල් ළමුන් අතර ඡනාදරයට පත් අපූර්ව අපේ කාලයේ වෙස්‌සන්තර කෙනෙක්‌ ගැනයි මේ කථාව.
මේ සත්ක්‍රියාව වසර ගණනාවක්‌ සිට සිදු කරනු ලබන්නේ පුත්තලම - කොළඹ පාරේ පාලාවිය මන්සන්ධියේ පිහිටි අරුණ හෝටල හා බේකරියේ අධිපති ඒ. ඒ. ජයසේන මහතායි.

2000 වර්ෂයේ සිට මෙම උතුම් කටයුත්ත දහම් පාසල් කිහිපයකින් ආරම්භ කර ඇති ඒ මහතා වර්තමානයේ දහම් පාසල් 62 ක දරු දැරියන් 7500 දෙනකුට මෙම බනිස්‌ ලබාදෙයි.

කිසිදු ප්‍රචාරණයක්‌ ජනප්‍රියත්වයක්‌ මේ නොමිලේ ළමුනට බනිස්‌ බෙදා දීමෙන් බලාපොරොත්තු නොවන ඒ මහතා, සතියේ සෑම ඉරු දිනම උදෑසනම තමන්ගේම සේවකයින් යොදවාගෙන වාහනයකින් මෙම දහම් පාසල් අබියසටම මෙම බනිස්‌ ගෙනවිත් ප්‍රදානය කිරීම සිදු කරනු ලබයි. සමහර පාරවල්වල මෙම බනිස්‌ ප්‍රවාහනය ද තරමක්‌ අසීරු කරුණකි.

මේ සඳහා සතියකට රුපියල් ලක්‌ෂ 2 ක පමණ මුදලක්‌ වැය වෙන බවයි ඒ මහතා සඳහන් කළේ. තමන්ගේ මාසික ආදායමට මෙය කිසිදු ගැටලුවක්‌ නොවන බවත්, දරුවන් ඉරු දින බඩගින්නක්‌ නැතිව දහම් අධ්‍යාපනය ලැබීම තම එකම සතුට බවයි ජයසේන මහතා පවසන්නේ.

ජයසේන මහතාගේ මෙම සත්ක්‍රියාව නිසා ඉරු දින දහම් පාසලට නොපැමිණි යම් යම් අපහසුතා ඇති විශාල දරු දරු දැරියන් පිරිසක්‌ දහම් අධ්‍යාපනය සඳහා පන්සලට, පල්ලියට එන බවයි. විහාරස්‌ථානවල හිමිවරුන් හා පියතුමන්ලා සඳහන් කරන්නේ. බනිස්‌ මාමාගේ බනිස්‌ ගෙඩිය හරි ආසාවෙන් භුක්‌ති විඳින බවයි. දහම් අධ්‍යපනය ලබන දරු දැරියන් සතුටින් සඳහන් කරන්නේ.....

1968 රත්නපුරේ දොඩම්පේ ප්‍රදේශයේ සිට රුපියල් 10 ක්‌ අරගෙන පුත්තලමට ඇවිල්ලා මම ඉස්‌සර වෙලා පුත්තලමේ තේ කඩේක තේ ගැහුව්වා... එදා රත්නපුරේ ඉඳල කොළඹට ශත 75 යි, පුත්තලමට රුපියල් 1.25 යි. බත් එකක්‌ කොළඹින් කෑවේ ගත 60 යි.... 1974 වර්ෂයේ පාලාවිය හන්දියෙන් රුපියල් 50 කට කඩයක්‌ කුලියට අරගෙන මම තේ කඩයක්‌ දැම්මා .... පස්‌සේ 1979 රුපියල් 3000 කට දැන් මම මේ ඉන්න කඩය තියන ඉඩම අරගෙන මගේම කියලා කඩයක්‌ පටන් ගත්තා... 2000 වර්ෂයේදී මම දහම් පාසල් ළමුන්ට බනිස්‌ දෙනකොට මටම කියලා බේකරියක්‌ නෑ. මුලින්ම පිට බේකරිවලින් සල්ලිවලට තමයි අරගෙන දුන්නේ... පස්‌සේ ඒක ටිකක්‌ අපහසු නිසයි. 2006 වර්ෂයේ මගේම කියලා බේකරියක්‌ පටන් ගත්තේ... ඕ වානම් පත්තරේ දාන්න අවශ්‍ය නෑ මම පුළුවන් විදියට හැම ඉරිදාම හොඳටම මේ බනිස්‌ ගෙඩිය දනට දෙනවා... මට කිසිම අඩුවක්‌ ප්‍රශ්නයක්‌ නෑ.... ජයසේන මහතාගෙන් ඇසූ පුංචි ප්‍රශ්න ටිකකට ආමාරුවෙන් උත්තර ගත්තා...

මේ අතර ජයසේන මහතා ප්‍රදේශයේ ඕනෑම විහාරස්‌ථානයක දහම් කටයුත්තක්‌ පිළිබඳව සැලකර සිටියොත් ඒ සඳහා තම දායකත්වය ලබාදීමට කටයුතු කරණ අතර විශේෂයෙන් ධර්ම දේශනා ඇසුරෙන් ජනතාව දහම් දැනුමෙන් ශක්‌තිමත් කරන්නට ඒ මහතා නිබදවම ඉදිරිපත් වී සිටී.

මේ කටයුතු ඉතා සත් භාවයෙන් සිදු කරනු ලබන ඔහු පාසල් දරු දැරියන් අතර බනිස්‌ මාමා නමින් ජනාදරයට පත්ව ඇත. ඒ. ඒ. ජයසේන මහතා පසුගියදා අමරපුර මහා නිකයේ අඹගහපිටි පාර්ශවයෙන් ලංකා ප්‍රත්‍ර දේශබන්දු සම්මානයෙන් පිඳුම් ලැබීමත්, මේ කටයුතු අගයමින් පුත්තලම දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලය හා දිස්‌ත්‍රික්‌ ශාසනාරක්‌ෂක බලමණ්‌ඩලය සංවිධානය කළ උපහාර උළෙල ඉකුත්දා පුත්තලම දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී ප්‍රදේශයේ සියලු විහාරස්‌ථානවල විහාරාධිපති ස්‌වාමීන් වහනසේ, පුත්තලම මීසමේ පියතුමන් හා කුරක්‌කල් තුමන්ගේ සහාභාගිත්වයෙන්, පුත්තලම දිස්‌ත්‍රික්‌ ලේකම් එච්. එම්. චිත්‍රානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වණි.

මෙම උපහාර උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා සඳහන් කළේ... අපේ කාලයේ මෙවැනි වෙස්‌සන්තරවරයකු ඇගයීම උතුම් ක්‍රියාවක්‌ බවත් මෙයින් සිර ගෙවල් රැසකට සිරකරුවන් නොහොත් සමාජයේ නීති විරෝධී කටයුතු කරන වුන් බිහි නොවීම සුවිශේෂී කරුණක්‌ බවයි. ඒ මක්‌ නිසාද බනිස්‌ කන්නට හරි පන්සලට, පල්ලියට එන දුව පුතා නීති විරෝධී කටයුතුවලට නැඹුරු නොවන බවයි.... දහම් කරුණකට හිත යොමු කිරීම උතුම් කටයුක්‌තක්‌ බවයි..

පින්කම් ගැන තවත් කරුණක්‌ කිව යුතුයි. කොටුවේ එදා හිටපු සියලු මුදලාලිලා කතෝලික බෞද්ධ සියලු දෙනා පින්වන්තයෝ. ඒකට ආගම් බේදයක්‌ නෑ.... එදා පින් කටයුතු කළා මැලිබන් මුදලාලිලා වගේ අය. අනුරාධපුරයේ තියන දුටුගැමුණු විශ්‍රාම ශාලාවේ තියන හැම කාමරයකම බිත්තියේ තියන කළු ලෑල්ල කියවලා බලන්න. ඒ හැම ලෑල්ලකම තියෙන්නේ එදා පිටකොටුවේ ඉන්න මුදලාලිලාගේ නම් තමයි තියෙන්නේ ... හැබැයි ඔවුන්ගේ පුත්තු ඊළඟ යුගයට ඒ මෙහෙවර ගෙන ගියේ නෑ... අර පිටකොටුවේ සිටි බෝධිසත්ව, වෙස්‌සන්තර මුදලාලිලාගේ පරම්පරාවේ දරුවෝ ඒ පින්තාලිය බින්දා... අද කොළඹ කොටුවෙන් බෝධිසත්ව වෙළෙන්දෙක්‌ සොයාගන්න නෑ... මේ ෙ€දවාචකය හින්දා ඡයසේන මුදලාලිගේ පරම්පරාවෙන් ඉල්ලා සිටින්නේ එතුමා නැති කාලෙක මේ පින්තාලිය... මේ දන් වැට කඩකරන්නේ නැතිව එතුමාට ගෞරවයක්‌ උපහාරයක්‌ හැටියට දිගටම සිදු කරගෙන යන්න එතකොට තමයි මේ අප කළ උපහාරයේ අර්ථවත් බව හා වැදගත්කම රැඳී තියෙන්නේ යෑයි.... අත්තනායක මහතා පැවසීය.

මෙම අවස්‌ථාවට වැඩම කළ ගෞරවනීය මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්Cධායනා මැද පුත්තලම දිස්‌ත්‍රික්‌ ලේකම් එල්. එව්. එම්. චිත්‍රානන්ද මහතා විසින් ඡයසේන මහතාට උපහාර තිළිණය ප්‍රදානය කරන ලදී.

මෙම අවස්‌ථාවට පුත්තලම මූලික රෝහලේ හිටපු වෛද්‍ය අධිකාරි වෛද්‍ය අශෝක පෙරේරා, පුත්තලම ජ්‍යෝෂ්ඨ පොලිස්‌ අධිකාරි නිතීවේදී සෙනරත් සඳුන්ගහවත්ත, පුත්තලම අතිරේක දිස්‌ත්‍රික්‌ ලේකම් එන්. වන්නිනායක යන මහත්වරු ද සහාභාගි වූහ.

ප්‍රදේශයේ සියලු ආගම්වල දහම් පාසල් නියෝජනය කරමින් දහම් පාසල් දරු දැරියන් හා ගුරුවරු මෙම අවස්‌ථාවට සහභාගි වූහ.

නලින් හෙන්දුරුගොඩ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.