නිර්මාල්, උයන්ගොඩ ආදී 41ක් ලිපි ලියති.. සරසවි ඇදුරන් 74ක් උත්තර දෙති..නිර්මාල් දේවසිරි සහ ජයදේව උයන්ගොඩ ඇතුළු විජාතික ධාරාවේ විශ්ව විද්යාල ඇදුරෝ 41 ක් එක්ව පසුගිය සතියේ ජාතික පුවත්පත්වල ලිපියක් පල කරමින් දක්වා සිටියේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ යෝජනා අගනා බවත් දකුණු අප්රිකාවෙන් සහ කාම්බෝජයෙන් පාඩම් ඉගෙනගෙන එකී යෝජනා මෙරට ක්රියාත්මක කරවිය යුතු බවත්ය.
එම ලිපියට අත්සන් කර තිබු බහුතරය දෙමල ජාතිවාදයේ අනුග්රාහකයන් බවත් විවිධ NGO වලින් දීමනා ලබන පිරිසක් බවත් ප්රකටය.එම ලිපිය පලවී සතියක් ඉක්ම යන්නටත් පෙර ජාතික විශ්ව විද්යාල ආචාර්යවරු 74ක් එක්ව ජනාධිපතිට, අගමැතිවරයාට, විපක්ෂනායකවරයාට, ජිනීවා මානව හිමිකම් කොමසාරිස්ට සහ ශ්රී ලංකාවේ සියලුම තානාපතිවරුන්ට ලිපියක් යොමු කරමින් පෙන්වා දෙන්නේ කිසිදු අයුරකින් ජිනීවා යෝජනා මෙරට ක්රියාත්මක නොකළ යුතු බවත්, එම යෝජනා රටේ ස්වෛරීභාවයට දැඩි තර්ජනයක් බවත්, ත්රස්තවාදය පරාජය කල රණ විරුවන් පාවා දීමක් බවත්ය. ජිනීවා යෝජනාවලට එරෙහි මතධාරීන් මර්දනය සදහා රජය නියමින් සහ අනියමින් විවිධ බලපෑම් කරමි සිටින තත්වයක් තුල ඒ කිසිවක් මායිම් නොකර ජේ්යෂ්ඨ විශ්ව විද්යාල ආචාර්යවරු රැසක් මේ ලිපිය සදහා අත්සන් කිරීම සුවිශේෂී තත්වයකි.
මෙම ලිපිය පිළිබද තානාපති කාර්යාල දැඩි උනන්දුවක් දැක්වීමත් සමග යහපාලන ආණ්ඩුවේ ප්රබලයකු පෙර කී ලිපිය සැකසු විජාතික ආචාර්යවරයකු අමතා “ඉල්ලන් කන්න එපා අයිසේ, අපේ වැඩත් තමුසෙලා අවුල් කරනවා” යැයි බැන වැදී ඇත.