ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, October 10, 2015

මහින්දට බැන්න මෛත්‍රීගේ ආරක්‍ෂක හමුදාව...!!!

මෛත්‍රීගේ අමුතුම මේනියාව,ලීමොසින්,BMW මොටර් සයිකල්,සන්නද්ධ රථ 4ක් ….නොකා,නොබි
ජනතාවගේ සේවයට කැපවන බවට මුසා පවසමින් රාජපක්ෂලා මළපහ කල වැසිකිලිවල රූපවාහිනි යන්ත්‍ර ඇති බවත් තාත්තලා පුතාලා වෙනවෙනම මොටර් රථ පමණක් නොව ඇමරිකාවේ බකිංහැම් මාලිගයෙන් ගෙනා රත්තරන් අශ්වයන් , ලැම්බෝගිනි වල සිට ගුවන් යානා , වෙරළ දිගේ අධි සුඛෝපබෝගී හෝටල්, අක්කර සිය දහස් ගණනින් වූ පොල් වතු, සී ෂෙල්ස් වල මාලිගා ආදී ආකර්ෂණීය මාතෘකාවලින් පසුගිය ජනාධිපතිවරණ වේදිකාව පිරී තිබිණ. වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ පිළේ ප්‍රධාන මාතෘකාව වූයේ “පැවති ආණ්ඩුව හොරා කනවා, අපේ පාලනය ආපු දාට හොරු අල්ලනවා යහපාලනය ඇති කරනවා ” කියමින් ජනතාවද ගොනාට ඇන්ද  වු බව අද තහවුරු වි තිබේ.

ඒ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නිල නිවස අලුත් වැඩියා කිරිමට රුපියල් මිලියන 180ක්(Rs. 180,688,000) සහ සුඛෝපභෝගි ලිමොසින් (limousine)රථයක් මිලදි ගැනිම සදහා මිලියන 70ක්(Rs. 70,600,000) මේ වනවිටත් වෙන්කරගෙන් තිබේ.මිට අමතරව මෛත්‍රීගේ පෞද්ගලික ආරක්ෂකයන් සදහා BMW R 1200 වර්ගයේ මොටර් සයිකල් 12ක්ද ගැනිමට මේ වනවිටත් මුදල් වෙන්කරගෙන තිබේ.
මීට අමතරව ජනාධිපති ආරක්ෂාව සදහා නවීනතම ආරක්ෂක උපාංග සහිත සන්නද්ධ රථ 4ක් ද ගෙන්විමට අවධානය යොමුවි ඇති අතර එය ඉදිරියේදි මෛත්‍රීගේ නවතම ආරක්ෂක වැඩපිළිවෙළ සදහා යෙදවිමට නියමිතයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පෞද්ගලික ආරක්ෂාව සදහා ඉන්දිය යුධ හමුදාවේ බුද්ධි අංශ නියෝජිතයන් දස දෙනෙකු පත් කර ගැනිමට කටයුතු කරමින් සිටින බව අනාවරණය වේ.

සිරිසේනගේ ආරක්ෂාවට ඉන්දිය බුද්ධි අංශ නියෝජිතයන් 10ක් – රියදුරන් දෙදෙනෙක් ඒ අතර...!!!ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පෞද්ගලික ආරක්ෂාව සදහා ඉන්දිය යුධ හමුදාවේ බුද්ධි අංශ නියෝජිතයන් දස දෙනෙකු පත් කර ගැනිමට කටයුතු කරමින් සිටින බව ආරක්ෂක තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.එම කණ්ඩායමට රියදුරන් දෙදෙනෙකුද ඇතුලත් වන බවද ඔහු අනාවරණය කර සිටි.තමන්ගේ ප්‍රධාන ආරක්ෂකයන් ලෙස මෙම පිරිස එක්කර ගැනිමට නියමිත බවයි ඔහු අනාවරණය කළේ.

අවස්ථා ගණනාවකදි  තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති බිය හේතුවෙන් සිය ආරක්ෂාවට සිටි ආරක්ෂක කණ්ඩායම් වෙනස් කිරිමට මෛත්‍රීපාල සිරිසේන කටයුතු කළා.
මේ අතර මෙම ආරක්ෂාව වෙනස් කිරිමට මුලිකව බලපෑ හේතුවක් ඇති බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.විශේෂයෙන්ම ඇමරිකානු යෝජනාවට එකගවිම මත ඉදිරියේදි රණවිරුවන්ට එල්ල විය හැකි පීධනයේදි එය මෛත්‍රීපාල සිරිසේනට අනතුරු දායක තත්වයක් විය හැකි බව මෛත්‍රී සිය සමිපත්මයන් සමග පවසා තිබේ.
මේ අතර පසුගිය මහා මැතිවරණ සමයේ අවසන් දින කිහිපය තුල සිදුවු සිදුවිමක් මිට මුලිකව බලපා තිබේන බවද ආරක්ෂක තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.මහමැතිවරණ සමයේ හමුදා බුද්ධි අංශ වලින් කරණ ලද අවසන් මැතිවරණ ප්‍රතිපලය පිලිබඳ සමීක්ෂණ වාර්තා ත්‍රිවිධ හමුදාපතිවරුන් විසින් ජනාධිපතිවෙත ලබාදුන් අවස්ථාවේ මහින්ද පරාජය කලයුතු බවත් ඔහු බහුතරයක් ලබාගත හොත් මර්දණයක් දියත් කරන ලෙසට මෛත්‍රී කල ඉල්ලිමට මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතාගෙන් ලැබුන පිළිතුර වුයේ “යුද්දෙ දිනන්න බෑ කියමින් සමහරු හමුදාවට මඩ ගහද්දී , මහින්දගෙ මිනිස්සු විතරයි යුද්දෙ කාලෙ අපේ කොල්ලන්ට ලේ දන් දුන්නේ. ඔවුන්ගේ ලේ අපේ ඇඟේ තාමත් තියෙනවා. අපිට ලේ දන් දුන්න මහින්දගෙ මිනිස්සුන් අපිට ලේ සහෝදරයො වගේ. ඔවුන්ට වෙඩි තියන්න අපිට බෑ.” එම ප්‍රකාශය කල දිනයේ සිටම අවස්ථා ගණනාවකදි මෛත්‍රී සිය අරක්ෂකයන් වෙනස් කිරිමට කටයුතු කර තිබුනා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.