ආණමඩුව මැතිවරණ බල ප්‍රදේශයේ පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොට්ටමඩුව ගම්මානයේ පවුල් 35 ක් පමණ ජීවත් වෙති.ආණමඩුව - හලාවත ප්‍රධාන මාර්ගයෙන් හැරී කිලෝ මීටර් 02 ක් පමණ ගිය විට හමු වන කොට්ටමඩුව ගම්මානයේ ජනතාවගේ ප්‍රධානතම ජීවන වෘත්තිය වී ඇත්තේ ගොවිතැන,සත්ත්ව පාලනය සහ ගඩොල් කර්මාන්තයයි.
මෙම ගමේ ජීවත් වන සියළුම දෙනාගේ ප්‍රධානතම
ඉල්ලීම වී ඇත්තේ තම ගමට විදුලිය ලබා දෙන ලෙසය.එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්
පසුගිය රජය විසින් විදුලිය ලබා දීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කර ඇත.ඒ අනුව 2014
අගෝස්තු මාසයේ දිනක කොට්ටමඩුව ගමට විදුලිය ලබා දීමේ කටයුතු ආරම්භ කර ඇත.ඒ
හිටපු කැබිනට් ඇමතිවරයෙකු මෙන්ම වත්මන් රාජ්‍ය ඇමතිවරයෙකු ද වන පියංකර ජයරත්න ගේ මූලිකත්වයෙනි.මේ සදහා වෙන් කර ඇති බව කියන මුදල රුපියල් ලක්ෂ 120 කි.
ඒ අනුව “පැල නොවන අතු ලියලන
පහන්” කණුවක්
පියංකර ජයරත්න විසින් කොට්ටමඩුව ගමේ සිටුවා ඇත.ඉන් අනතුරුව විදුලිය ලබා දීම
සදහා අවශ්‍ය රැහැන්ද ගෙනවිත් ඇත. මෙම විදුලිය රැහැන් මේ වන විට ගස් වල අතු අතර
මෙන්ම බිම දිගේද රැගෙන ගොස් ඇති බවක් දැක ගන්නට ඇත.සිටුවා තිබූ ඇතැම් විදුලිය කණු
මේ වන විට බිමට පෙරළී ඇත.
විදුලිය සැපයීම සදහා යැයි ගෙනවිත් ඇති උපකරණ
ගමේ තොගයක් නිවසක් තුළ ගබඩා කර ඇති අතර එම නිවස අද වවුළන්ගේ රජ දහනක් බවට පත්වී
ඇත. කොට්ටමඩුව ගමේ සියළුම නිවාස විදුලිය ලබා ගැනීම සදහා අවශ්‍ය මූලික රැහැන් ගත
කිරීම්ද සිදු කර ඇත.ඇතැම් නිවාස වල පාවිච්චිය සදහා ගෙනවිත් ඇති විදුලිය උපකරණ පසෙක
දමා ඇත.
තම ගමට විදුලිය ලබා දීමට වගකිව යුතු අය
කටයුතු නොකරන්නේ නම් ඉදිරි මැතිවරණ වලදී ඔවුන්ට ඡන්දය ලබා නොදෙන බවද ගම්මු කියති.
ජුඩ් සමන්ත.
