කිසියම් විෂ හෝ රසායනික ද්‍රව්‍යයක් මුසුවීම
හේතුවෙන් මාදම්පේ කඩුපිටිඔයේ සහ ඉරණවිල කලපුවේ මසුන් බහුල වශයෙන් මිය යාමට පටන්
ගෙන ඇත.
ඉකුත් 20 වැනිදා දහවල් කාලයේ කඩුපිටිඔයේ
මසුන් මිය යාමට පටන් ගෙන තිබූ අතර 21
වැනිදා සවස වන විට ඉරණවිල කලපුවේ මසුන්ද මිය යාමට පටන් ගෙන තිබුණි.
මහවැව සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලයේ
නිලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
කඩුපිටිඔයේ ජලය ගලා බසින්නේ ඉරණවිල කලපුවට
වන බැවින් කඩුපිටිඔයට එකතු වී ඇති කිසියම් විෂ හෝ රසායණික ද්‍රව්‍යයක් හේතුවෙන්
මසුන් මිය යාම සිදු විය හැකි බවට අනුමාන කරන බව ධීවර පරීක්ෂකයින් සදහන් කරයි.
ග්‍රෑම් 100 – 150 අතර බර ප්‍රමාණයක් සහිත
මසුන් මිය යාමට පටන් ගෙන තිබීම විශේෂත්වයකි.මිය ගොස් ඇති මසුන් කඩුපිටිඔය සහ
ඉරණවිල කලපුවේ ඉව්රට මේ වන විට ගොඩ ගසන්නට පටන් ගෙන ඇත.ඉවුරු වලට ගොඩ ගසා ඇති
මසුන් කුරුල්ලන් විසින් රැගෙන ගොස් තැන තැන දැමීම හේතුනේ ප්‍රදේශය තුළ පාරිසරික
ගැටළුවක්ද මේ වන විට මතුවී ඇත.
