2010 වර්ෂයේ අපි සුනිල් එදිරිසිංහ ගායනවේදියා ගේ 'මල් වැහි පොද' සංයුක්ත
තැටිය නිෂ්පාදනය කරලා,
එතනට ඇවිත්, (මට මතක විදියට) එවකට අධිකරණ ඇමති ධුරය දරපු රවුෆ් හකීම් වාඩිවුණා. උත්සවය ඉවර වෙනකල් සද්ද බද්ද කරන්නෙ නැතුව අහන් හිටියා. එදා අපි රවුම් හකීම් කියන දේශපාලනඥයාට ගරු කළා.
නමුත් රවුෆ් හකීම් පිළිබඳ මගේ හිතේ ඒ ගෞරවය තිබුණේ ඊයේ වෙනකල් විතරයි. ඒක දැන් ඉවරයි.
ඊයේ පාර්ලිමේන්තුවේ කරපු කතාවෙන් පස්සෙ, ඇත්ත රවුෆ් හකීම් එළියට ආවා.
හකීම්, ඔයා හිවලෙක්!
මෙහෙම තමයි, ඊයේ කතාවෙදි පට්ට කෙබර අත ඇරියේ.
'මාක් ට්වේන් කියන ලේඛකයා කියලා තියෙනවා, 'දේශප්‍රේමය කියන්නෙ තක්කඩියා ගේ අවසාන රැකවරණ ස්ථානයයි' කියලා.
බම්බුව තමයි.
ඔහොම කතාවක් මාක් ට්වේන් කියලා නෑ. එයා, කවුරු හරි කියපු කතාවක් උපුටලා ඇති. ඒක මේක නං, ඒකත් වැරැදියි.
මේ කතාව, වැදගත් විදියට හැසිරෙන පට්ට තක්කඩි කීප දෙනෙක්ම, දේශප්‍රේමයට ගරහන්න ඕන උනහම කියනවා, මං අහලා තියෙනවා. කොහෙන් හරි ඇහිදන් කියනවා ඇති. කියපු එකා දන්නෙත් නෑ. කිව්වෙ මොකක්ද කියලා දන්නෙත් නෑ. කිව්වෙ මොකටද කියලා දන්නෙත් නෑ.
ඔය 'දේශප්‍රේමය කියන්නෙ තක්කඩියා ගේ අවසාන රැකවරණ ස්ථානයයි' කියන කතාව කිව්වෙ, මාක් ට්වේන් නෙවෙයි. කිව්වෙ වෙන කෙනෙක්. ඒක කිව්වෙ, මාක් ට්වේන් කියලා කවුරුහරි හිවලෙක් කියනවා නම්, ඒක හරියට, සර්වපල්ලි රාධාක්‍රිෂ්ණන් කියපු, 'මිනිසා ගේ පරම යුතුකම, මිනිසාට සේවය කිරීමයි' කියන අදහස, එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක කියපු එකක් විදියට කියනවා වගේ, බලු වැඩක්.
'දේශප්‍රේමය කියන්නෙ තක්කඩියා ගේ අවසාන රැකවරණ ස්ථානයයි' කියපු කතාව, කියපු කෙනා කියලා තියෙන්නෙ, එක් පුද්ගල චරිතයක් එල්ල කරලා මිසක්, පොදු අර්ථකථනයක් විදියට නෙවෙයි. ඒක මේ වගේ දෙයක්.
කාට හරි කියන්න පුඵවන් 'අගමැති කියන්නෙ පොන්නයෙක්' කියලා. 'ජනාධිපති කියන්නෙ ගොබ්බයෙක්' කියලා. ඒ කතා අදාළ වෙන්නෙ, ඒ අගමැති, ඒ ජනාධිපති ඉන්න රටට විතරයි. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ, මුඵ ලෝකයේම අගමැති කියන නිල නාමය, ජනාධිපති කියන නිල නාමය දරන්නෙ, පොන්නයෝ, ගොබ්බයෝ කියලා.
මේක දන්නෙ නැති හිවල්ලු, පාර්ලිමේන්තුවේ හූ කියනවා.
පාර්ලිමේන්තුවෙ වැඩිපුර ඉන්නෙ මැටි මෝල්ලු හින්දා, උන් ටිකත් ආම වාතෙ ඇර ඇර, ඕන එකෙක් කියන, ඕන ගොබ්බ කතාවක් අහන් ඉඳලා, පාර්ලිමේන්තු කැන්ටිමෙන් තියෙන දෙයක් ගිලලා, ගෙදර යනවා.
හකීම්,
නිකං ජෝකරයෙක් වෙන්නෙ නැතුව, 'දේශප්‍රේමය කියන්නෙ තක්කඩියා ගේ අවසාන රැකවරණ ස්ථානයයි' කියන කතාවෙ ඉතිහාසෙ හොයා ගන්න.
බැරි ම නම්, ඒක
කවුද කිව්වෙ?
මොකටද කිව්වෙ?
කාටද කිව්වෙ?, කියලා දන්න කෙනෙක් ගෙන් අහගන්න.
ඊට පස්සේ අමුඩයක් ගහන්, දියවන්නාවට පැනලා, දිවංගත වෙන්න.
- කුමාර ලියනගේ