අගමැතිකම ගැන හීන බලමින් සිටින මංගල සමරවිර තමන්ගේ සහෝදරයන් ගැන බොරු
ප්‍රචාරය කරමින්
ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ පලකර තිබු පුදුමයි ඒත් ඇත්තයි..! සල්ලි දුටු විට කටින් කෙළ බේරෙන මළ යක්ෂයෙක් රුපියල් කෝටියක මාසික වැටුපක් ඉල්ලයි යන පුවතේ මුද්‍රිත පිටපතක් මෛත්‍රී අතට ලබාදුන් මෛත්‍රීගේ සමිපතම සගයෙකු පවසා ඇත්තේ …”ඔන්න සර් අරුන් ආපහු ගහන්න පටන් අරන්..”යනුවෙනි.
එවිට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පවසා ඇත්තේ…”ඔකුන් හැමදාම ඔහෝම තමා…මංගල බලන්නේ ශ්‍රිලංකා එක අල්ලගෙන අගමැති පුටුවට යන්න…ඒ වුනාට මට රනිල්ට පිටුපාන්න බෑ… කොහොම උනත් මේ මඩගහන එකනම් වහාම නවත්තන ඔනෑ…”යනුවෙනි.
රාජපක්ෂ පවුලේද අතිශය සමීපතමයෙකු වන ඩබ්. එච්. කේ. වැගපිටිය ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්යක්ෂ මණ්ඩලය තුල සිටීම වත්මන් ආණ්සුවේ ක්‍රියාකරිත්වයට බාධාවක් හෙයින් එම පුද්ගලයා ඉවත්කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ විසින් කල නියෝගයක් ටෙලිකොම් සභාපතිවරයා වන ජනාධිපතිවරයාගේ සොයුරු කුමාරසිංහ සිරිසේන විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අර්බුදකාරී තත්වයක් හට ගෙන ඇති බවද පසුගියදා වාර්තා කළා.
උපුටා ගැන්ම ලංකා ඊ නිවුස්
අප කුඩා කාලයේ මිනී කන යක්ෂයන්ගේ කතා අහද්දී ඒ යකුන්ට මිනිසුන් දුටු විට කටින් කෙළ බේරෙනවා යැයි අසා ඇත. ඒ ආකාරයට සල්ලි වැඩි පුර ගැවසෙන ආයතනයක ප්‍රධානියා වී ඇති මළ යක්ෂයෙකුට සල්ලි දුටු විට කටින් කෙළ බේරීම ආරම්භ වී ඇත. මෙම ආයතනය වසරකට රුපියල් කෝටි 6700 ක් පමණ ආදායම් ලබන විට ප්‍රධානියාට කෙළ බේරී ඔහුගේ මාසික වැටුප කෝටියක් ලෙස වැඩි කර ගැනීමට සිත් වී ඒ සඳහා අධ්යක්ෂ මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.
උපුටා ගැන්ම අවසන්