හෙවත් සී. එස්. එන්. ආයතනය පිහිටුවා ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් සිදුකරන ලද පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ ගෙන් පසුගියදා ප්‍රශ්න කර තිබේ. එහිදී ඒ පවසා ඇත්තේ තමන් මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවත් සියලු කටයුතු සිදුකර ඇත්තේ මහින්ද රාජපක්ෂත්, පුතුන් විසින් බවට ප්‍රකාශයක් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලබාදී ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරිෙයකු ‘දිනමිණ’ට පැවැසීය. ඉදිරියේදී සිදුකරන අධිකරණ කටයුත්තේ දී රජයේ සාක්ෂිකරුවකු ලෙස ඉදිරිපත්වීමට සූදානම් බවට චමල් රාජපක්ෂ සඳහන් කළේ යැයිද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවැසීය.

මෙසේ ලබා ගත් ඉඩමේ රාජපක්ෂ පදනමට අදාළව කිසිවක් සිදුනොවූ අතර සී.එස්.එන්. ආයතනයේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල මෙහි ඉදිකරනු ලැබීය. මේ සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම ව්‍යාපාරය සඳහා පමණක් ලක්ෂ 3000ක මුදලක් ආයෝජනය කර ඇති බවත් ජනවාරි 8දා සිදුවූ ආණ්ඩු මාරුවත් සමඟ කඩිමුඩියේ ජනවාරි 14දා සී.එස්.එන්. ආයතනයත් ඩී. ඒ. රාජපක්ෂ පදනමත් අතර බදු ඔප්පුවක් අස්සන් කර ඇති බවත් යැයි ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.