සිරිසේන පුංචි පවුල
ෆොන්සේකා පුංචි පවුල
සේනාරත්න පුංචි පවුල
රණතුංග පුංචි පවුලසහෝදර, සහෝදරවරුනි,
අද පොල් ගෙඩියක් 60යි. DVD එකක් 50යි.
තමුන්නාන්සෙලා, මුඵ දවසක් දුක් විදලා,එක එකාට කඹුරලා, සොච්චම් පඩියක් අතට ගන්න බව අපි දන්නවා. ඔය සොච්චම අරන් ගෙදර ගිහින් හිතේ හැටියට අද DVD එකක් බලන්න පුඵවන් ද? අඩු ගාණේ පාන් කාලක් කන්න පොල් සම්බලක් හදා ගන්න පුඵවන් ද?
නිදහසේ DVD එකක් බලන්න බැරි මේ ධනපති පාලන තන්ත්රය පෙරළමු.
පොල් මිල බස්සව්! DVD බලන්න දියව්...!
නව ලිබරල් මාකට් එකේ අවු.30ක් විතර බඩජහරිකමට කාලා හදා ගත්ත ලෙඩවලට කියන්නෙ Lifestyle disease කියලා. පට්ට නම්බුකාරයි. sugar බලන්න, urine බලන්න දැන් හැමතැනම lab.
දැන් කතා කරන්නෙ, ආච්චිලා, සීයලා කාපු බීපු විදිය ගැන. ඒක තමයි හරි විදිය කියලා කියන්නෙ, ලෙඩ සනීප කරන්න හිතන වෛද්‍යවරු විතරයි.
ගරානේ දාන සෙට් එක ඒ ගැන කට හොල්ලන්නෙ නෑ.
රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ මූලිකත්වයෙන් 'අපි නිරෝගි වෙමු' කියලා, පුංචි අත්පොතක් ගහලා, පසුගියදා පිටපත් 22,000ක් බෙදුවා.
ඒක කියෙව්වම තේරෙනවා, නව ලිබරල් මාකට් එක කියන්නෙ, සජීවි මෘත ශරීරාගාරයක්.
හැම තැනම මළ මිනී, හිටගෙන ඇවිදිනවා.
වෙසක් දවසේ අපාය නැරඹීමට පෝළිමේ පොදි කන හුදී ජන පිරිසක් ලෙසින් ද, පෙට්ටි කඩ අස්සේ ද, ටොයිලට් අස්සේ ද, ත්‍රීවීල් ගාල් අස්සේ ද, බස් රථ අස්සේ ද, උඩරට දුම්රියක් සේ දඟර ගැසෙමින් ද, බලු බෙටි, ගොම්බෙටි, බුලත් කෙළ, කැහි, සොටු, ඩීසල්, දහජරා මඩවතුර ආදි මෙකී නොකී සියලු දේ, මිරි මිරියේ පාග පාගමින් ද, මහරගම සිට ගාල්ල/මාතර බලා, අධිවේගී සැප බස් රථයෙන්, වේරම්භ වාත වේගයෙන් ඉගිලී යෑමට පුල පුලා මග බලමින් සිටින, වැස්සට තෙමෙන, අව්වට කරවෙන, අහී දුක් විඳින මගී ජනතාව දැක, මාතර කවි පරපුරේ, රූනු හාමිනේ ගේ පරම්පරාවේ, නූතන ජනකවියකු ගේ හද වාවා ගත නොහී නැඟ එන ශෝකාලාපයයි, මේ!
'හයිවේ එකක' යන්නට සිටි වෙලාවේ
හෙණ ගහපං! ආවා වැහි වළාවේ
හෙවනට ඉන්ට තැනකුත් නැති ඉලව්වේ
ටොයිලට් එකට පැන්නා හත්තිලව්වේ
(කවිය මුද්‍රණය - මහරගම නගරාධිපතිනි, ගරු කාන්ති කොඩිකාර මැතිණිය ගේ විමධ්‍යගත අරමුදලෙනි. බෙදාහැරීම - රොඩ්නි ෆ්රේසර් පදනම)
- කුමාර ලියනගේ
හෙණ ගහපං! ආවා වැහි වළාවේ
හෙවනට ඉන්ට තැනකුත් නැති ඉලව්වේ
ටොයිලට් එකට පැන්නා හත්තිලව්වේ
(කවිය මුද්‍රණය - මහරගම නගරාධිපතිනි, ගරු කාන්ති කොඩිකාර මැතිණිය ගේ විමධ්‍යගත අරමුදලෙනි. බෙදාහැරීම - රොඩ්නි ෆ්රේසර් පදනම)
- කුමාර ලියනගේ