ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Sira...!!!

Sira...!!!

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, October 20, 2015

හොරුන්ටත් හොරු එපා වෙති...!!! රාජ්‍ය ඇමැති පිරිසක්‌ තනතුරු අත්හරිති...!!!


තමන්ට අයත් කාර්ය භාරයන්, විෂය පථය මෙන්ම ප්‍රතිපාදන පිළිබඳව ද රජය මාස දෙකක්‌ තිස්‌සේ නිශ්චිත නිගමනයකට පැමිණ නැති නිසා ඇමැති ධුර අතහැර මන්ත්‍රීවරුන් ලෙස පසුපෙළ අසුන්වල හිඳගැනීමට රාජ්‍ය ඇමැතිවරුන් කිහිපදෙනකු තීරණය කර ඇත.
රාජ්‍ය ඇමැතිවරුන් ලෙස දිවුරුම් දී මාස දෙකක්‌ ගතව ඇතත් තමන් අමාත්‍යාංශවලට වී නිකරුණේ කාලය ගතකරන බව ද මේ නිසා ඡන්දදායකයන්ට කිසිදු සේවාවක්‌ කිරීමට නොහැකි වී ඇතැයි ද එම රාජ්‍ය ඇමැතිවරු පෙන්වා දෙති. විෂය පථයන් මෙන්ම ප්‍රතිපාදන ද ලබා නොදීම නිසා තමන්ටත්, ජනතාවටත් සිදුව ඇති අසාධාරණය පිළිබඳ ළඟදී ප්‍රසිද්ධියේ අදහස්‌ ප්‍රකාශ කිරීමට තමන් සූදානම් බව ද එම රාජ්‍ය ඇමැතිවරු පවසති.

රාජ්‍ය අමාත්‍යාංශ සඳහා මේ වන විටත් රුපියල් මිලියන ගණනක මාසික කුලියක්‌ අදාළ කාර්යාල පරිශ්‍රයන් වෙනුවෙන් ගෙවන බව ද එක්‌ අමාත්‍යාංශයකට පෞද්ගලික කාර්ය මණ්‌ඩලයේ සාමාජිකයන් පහළොස්‌දෙනකු සඳහා ද වැටුප්, ඉන්ධන ආදිය මාස දෙකක්‌ තිස්‌සේ ගෙවා ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති.

සෙත්සිරිපායේ පවත්වාගෙන යන එක්‌ රාජ්‍ය අමාත්‍යාංශයක කාර්යාල කුලිය පමණක්‌ මසකට රුපියල් ලක්‍ෂ හතළිහක්‌ ගෙවන බව ද පෞද්ගලික කාර්ය මණ්‌ඩල වැටුප් හා ඉන්ධන සඳහා පමණක්‌ මසකට රුපියල් ලක්‍ෂ පහළොවක්‌ වැය වන බව ද එම රාජ්‍ය ඇමැතිවරු පවසති.

ඊට අමතරව මෙම අමාත්‍යාංශ සඳහා රාජ්‍ය නිලධාරීන් ද පත්කර ඇති අතර විෂය පථයන්, රාජකාරි වෙන්කර දී නැති නිසා මෙම සියලුම සේවකයන්ට සිදුව ඇත්තේ නිකරුණේ කාලය ගතකිරීමට බව ද සඳහන් කරති.

මේ නිසා එම නිලධාරීන් දැඩි කලකිරීමකට පත්ව සිටින බව ද මාස දෙකක්‌ තිස්‌සේ රාජ්‍ය අමාත්‍යාංශවලට බලතල නොපැවරීමෙන් රටේ බදු මුදල් විශාල ප්‍රමාණයක්‌ අපතේ යන බව ද ඔවුහු පවසති.

රාජ්‍ය ඇමැති ධුර ලැබුණ ද ඉන් තම ජනතාවට කිසිදු සේවාවක්‌ කිරීමට අවස්‌ථාව උදාවී නැතැයි පවසන මෙම රාජ්‍ය ඇමැතිවරු කාර්යභාරයක්‌ නැතත් දිනපතා අමාත්‍යාංශයේ

රැඳී සිටීමට සිදුවීම නිසා තම දිස්‌ත්‍රික්‌කවලට ගොස්‌ ජනතාව හමුවීමේ හැකියාව ද අවහිර වී ඇතැයි කියති.

එනිසා රාජ්‍ය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්‌වී පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් ලෙස ගමට ගොස්‌ ජනතාවට සේවය කිරීම වඩා සුදුසු බව ද මෙම රාජ්‍ය ඇමැතිවරු  කීහ.
 



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.