ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, October 10, 2015

රෝසිගේ ඡන්ද අඩුලු...!!! හිරුණිකා ,මනෝ ( කොටි හැව) ඡන්ද හොරකම් කරලා මාට්ටු....!!!

රෝසිගෙ මනාප කොල්ලකාලද... ?
හිරුණිකාට මනාප ඡන්ද 9673කින්
වැඩි කොට පරිගණක ජිල්මාට්
එකක් දාලාලූ‍ ..

කොළඹ  අපේක්ෂකයන් 21 දෙනාටම නොතිසි..ඉකුත් මහ මැතිවරණයේදී තමාට ලැබි තිබූ ඡන්ද අති විශාල ප‍්‍රමාණයක් පරිගණක වාර්තා සැකසීමේදී පක්ෂයේ වෙනත් අපේක්ෂකයන්ට එකතු වී ඇති බැවින් කොළඹ දිස්ත‍්‍රිත් එජාප අපේක්ෂකයන්ගේ මනාප යළි ගණන් කිරීමට මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග කරන්නැයි ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී රෝසි සේනානායක  ශේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළාය.

මෙම පෙත්සම විමසුමට ලක් කළ බුවනෙක අලූ‍විහාරේ, උපාලි අබේරත්න හා ප‍්‍රියන්ත ජයවර්ධන යන ත‍්‍රිපුද්ගල ශේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය එජාප නායක රනිල් වික‍්‍රමසිංහ  ඇතුළු කොළඹ දිස්ත‍්‍රික් එජාප අපේක්ෂකයන් 21 දෙනාට සහ මැතිවරණ කොමසාරිස් ඇතුළු සියලූ‍ වගඋත්තරකරුවන්ට නොවැ. 30 වැනිදා ශේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දක්වා නොතිසී නිකුත් කරන ලෙස 08 නියෝග කළේය.අග‍්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයේ නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානී හා කොළඹ බටහිර එජාප ප‍්‍රධාන සංවිධායක හිටපු ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය බර්නාඞීන් රෝස් සේනානායක  විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් වශයෙන් මෙම පෙත්සම ගොනු කොට ඇත.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය  සහ කොළඹ දිස්ත‍්‍රික් මැතිවරණ තේරීම් භාර නිලධාරි එච්.කේ. කමල් පද්මසිරි  විසින් සිය විධායක සහ /හෝ පරිපාලන ක‍්‍රියාවන් තුළින් තමාගේ මූලික අයිතිවාසිකම්ද,

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 වන අනුව්‍යවස්ථාවෙන් ප‍්‍රකාශිතව සහතික කොට ඇති ජනතාවගේිපරමාධිපත්‍යය’ ද 4 සී අනුව්‍යවස්ථාවෙන් ප‍්‍රකාශිතව සහතික කොට ඇති ජනතාවගේ සර්වජන ඡන්ද හිමිකමද උල්ලංඝනය කොට ඇති බවද රෝසි සේනානායක සිය පෙත්සමෙන් ප‍්‍රකාශ කොට ඇත.

ගණන් කිරීමේ මධ්‍යස්ථානවලින් නිකුත් කරන ලද වාර්තාවන්හි සඳහන් තම නමට හිමි මනාප ඡුන්ද ප‍්‍රමාණ දස දහස් ගණනක් වූ ප‍්‍රමාණයක් පරිගණක වාර්තාවෙහි අඩු කොට ඇති බවත් වෙනත් අපේක්ෂකයින් කිහිප දෙනකුගේම ගණන් කිරීමේ මධ්‍යස්ථාන වාර්තාවන්හි සඳහන් ප‍්‍රමාණයට වඩා වැඩි මනාප ප‍්‍රමාණ පරිගණක වාර්තාවන්හි සටහන්ව ඇති බවත් පෙත්සම්කාරිය ප‍්‍රකාශ කොට සිටී.

එම කරුණු තහවුරු කිරීම සඳහා අදාළ පත‍්‍රිකා කිහිපයක්ද පෙත්සමට ඇතුළත් කෙට ඇති අතර ඒවායෙහි පිටපත්ද අමුණා ඇත.

හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර හා මනෝ ගනේෂන් යන අපේක්ෂකයන්ගේ නම්වලට එලෙස පරිගණක වාර්තාවන්හි වැඩිපුර සටහන්ව ඇති ඡන්ද ප‍්‍රමාණ වෙන් වෙන් වශයෙන් සවිස්තරව පෙත්සමෙහි දක්වා ඇති අතර පෙත්සම්කාර සේනානායකගේ මනාප ඡුන්ද ප‍්‍රමාණය පරිගණක වාර්තාවෙහි අඩුවෙන් සටහන්ව ඇති ආකාරයද සවිස්තරව වෙන් වෙන්ව මධ්‍යස්ථාන වශයෙන් ම දක්වා ඇත.

ගණන් කිරීමේ මධ්‍යස්ථාන අංක 07, 08, 15, 17, 20, 21, 36, 37, 90, 91 හා 93 හි මනෝගනේෂන් මහතාගේත් මධ්‍යස්ථාන අංක 21, 75, 80, 85, 93, 94, 107 හා 113 හි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍රගේත් පමණක් මනාප ඡන්ද ප‍්‍රමාණය 9673කින් වැඩි කොට පරිගණක වාර්තාවන්හි සටහන් වී ඇති බවත් ඒ අනුව අවසාන ප‍්‍රතිඵලයේදී එම ඡන්ද ප‍්‍රමාණය ඔවුන් ලබාගත් ඡන්ද වශයෙන් සටහන් වී ඇති බවත් පෙත්සමෙන් පෙන්වා දී ඇත.


මේ අනුව පක්ෂ නායකයා වන රනිල් වික‍්‍රමසිංහද ඇතුළුව එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත‍්‍රික්කය සඳහා තරග කළ අපේක්ෂකයන් 21 දෙනාගේම මනාප ඡන්ද නැවත ගණන් කොට එහි ප‍්‍රතිඵලය කොළඹ දිස්ත‍්‍රික් එජාප අපේක්ෂක ඡන්ද ප‍්‍රතිඵලය ලෙස ප‍්‍රකාශ කිරීමට මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග කරන ලෙසද පෙත්සම්කාරිය ශේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

මෙම පෙත්සම මගින් නම් කොට ඇති වගඋත්තරකරුවන් 25 දෙනාටම නොවැම්බර් 30 වැනි දින ශේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසට දන්වමින් ඔවුන් වෙත නොතිසි යවන ලෙස පෙත්සම් පාර්ශ්වයට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සමද එදිනම විමසුමට ලක් කිරීමට දින නියම කළේය.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.