කපටි ලෝකල් ජැක්සන්ගේ ගරා යකා නැටුම....!!!
හම්බන්තොට වරාය විවෘත කිරීමේ උත්සවයේ
ප්‍රාසාංගික කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ එකසිය හැත්තෑවකට අධික මුදලක් වැය
කිරීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන පරීක්ෂණ කටයුතු සඳහා ප්‍රශ්න කිරීමට ඔහු
කැඳවීමට නියමිත බවය.
මීට පෙර එම උත්සවයේ නර්ථන කණ්ඩායමට එම මුදල ගෙවීම
සම්බන්ධයෙන් චන්න-උපුලී නර්ථන යුවල කැඳවා ප්‍රශ්න කළේය.
වරාය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රසංග
කටයුතුවල සංවිධායක ලෙස කටයුතු කර ඇත්තේ ජැක්සන් ඇන්තනී විසින් බවත් ඔහු
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග ඉතා සමීපව කටයුතු කර සංවේදී
කලාකරුවන්ගේ කණ්ඩායමේ ඉදිරියෙන්ම සිට කටයුතු කළ කලාකරුවකුද වේ.
මුදල් ගෙවීමට අදාළ ලිපි ලේඛණ මේ වනවිට
විමර්ශනය කිරීම කැඳවීම සඳහා කැඳවා ඇති බවත් එම ලිපි ලේඛණ භාරව සිටි
නිලධාරියා මේ වනවිට විදේශගතව ඇති අතර ඔහු පැමිණි වහාම එම ලිපි ලේඛණ විමර්ශන
කොමිසම වෙත කැඳවීමට නියමිතය.
මේ අතර මෙම නර්තනය සදහා චන්න උපුලී
රංගායතනය විසින් ලක්ෂ 68ක් පමණක් අයකර ඇති බව හෙලිවීමත් සමග ලක්ෂ 150ක
වියදම් සටහනක් තැබූ බව කියන වරාය අධිකාරියේ ගිණුම් අධ්‍යක්ෂකවරියක් හෙට
මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට කැදවීමටද නියමිතව තිබෙනවා.