ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, October 12, 2015

අල්හිරා මාවත හිල්වෙලා....!!!

නාත්තන්ඩිය මැතිවරණ බල ප්‍රදේශයේ කොට්ටරාමුල්ල ගම්මානයේ අල් හිරා මුස්ලිම් මහා විද්‍යාලයට ආසන්නයෙන් ඇති අල් හිරා මාවත වසර 30 කින් පමණ ප්‍රතිසංස්කරණය කර නොමැති බවට ගම්වාසීහු චෝදනා කරති.
කොට්ටරාමුල්ල නගරය මැදින් දිවෙන මෙම මාර්ගයේ කිලෝ මීටර් 02 ක පමණ ප්‍රමාණයක් තාර අතුරා ඇත.තාර අතුරා ඇති එම කොටස මේ වන විට සම්පූර්ණයෙන්ම කැඩී විනාශ වී ගොස් ඇත.
මෙම මාර්ගය දෙපස පවුල් 1500 ක් පමණ පදිංචිවී සිටිති.ඒ පර්චස් 10 ක පමණ කුඩා ඉඩම් කැබලි වලය.එම නිවාස වලින් ඉවත් කරන අප ද්‍රව්‍ය පිට කරන කාණු පද්ධතිය පිහිටා ඇත්තේද මෙකී මාර්ගයට සමාන්තරවය.නමුත් මෙම කාණු පද්ධතිය කිසිදු දිනක පිළිසකර කර නැත.ඒ හේතුවෙන් නිවාස වලින් පිට කරන ජලය කාණු පද්ධතියේ තැන තැන එකතුවී බැස නොයන බවක්ද දැක ගන්නට ඇත.
වැසි කාල වලදී කාණු වල ඇති එම ජලය මෙන්ම වර්ෂාව හේතුවෙන් එකතු වන ජලයද බැස යාමට ක්‍රම වේදයක් නොමැතිකම මාර්ගය අබලන් වීමට ඇති ප්‍රධානතම හේතුව බව කොට්ටරාමුල්ල ගම්වාසීන් කියා සිටිති.
මෙම මාර්ගය කොට්ටරාමුල්ල අල්හිරා මුස්ලිම් මහා විද්‍යාලයට පිවිසීමට ඇති එක් මාර්ගයකි.වැසි දිනවලදී ජලය පිරී යාම හේතුවෙන් පාසල් දරුවන් විශාල පීඩාවකට පත් වන බව ගම්වාසීහු කියති.පවතින තත්ත්වය සම්බන්ධයෙන් වගකිව යුතු අංශ වෙත කොතෙක් දැණුවත් කළත් පලක් නොවූ තැන ගම්වාසීන් විසින් තමන්ට හැකි ආකාරයෙන් මාර්ගය පිළිසකර කිරීම් සිදු කර ඇත.නමුත් එය තාවකාලික පැලැස්තරයක් පමණක් බව කියති.මේ දිනවල පවතින වර්ෂාව හේතුවෙන් මාර්ගයේ ඇති තත්ත්වය නිසා තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින බව කොට්ටරාමුල්ල ගම්වාසීහු කියා සිටිති. 
  ජුඩ් සමන්ත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.