ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, October 20, 2015

සිම්පල් යැයි කියාගත් සිරාගේ වියදම සිරාවටම නැගලා...!!!

පසුගිය මැයි සහ ජුනි මාසවලදී ජනාධිපතිවරයා වෙනුවෙන් පරිපූරක ඇස්තමේන්තු හතක් ඉදිරිපත් කරමින් මෙම වසරට අදාළව වසරේ ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන්කෙරුණු ප‍‍්‍රතිපාදනවලට අමතරව රුපියල් තිස් අටකෝටි අනූ දෙලක්ෂ විසිනවදහසක (රු. 389,229,000* මුදලක් වෙන්කර ගෙන ඇත.ජ්‍යෙෂ්ඨ අමාත්‍ය කාර්යාලයේ කාර්යයන් අවසන් කිරීම වෙනුවෙන් රුපියල් එක්කෝටි දසලක්ෂයක්, ජනාධිපති ආරක්ෂක අංශය සඳහා BMW මෝටර් රථයක් සහ R1200 දරණ යතුරු පැදි 12ක් ගැනීමට රුපියල් හත්කෝටි හයලක්ෂයක් (රු. 70,600,000* වෙන්කර තිබේ.
එමෙන්ම කොළඹ 05 පැජට් වීදියේ අංක ක්‍ 61 සහ අංක ක්‍ 62 දරන ස්ථාන වල පිහිටි ජනාධිපති නිල නිවාස අලූත්වැඩියා කටයුතු වෙනුවෙන් සහ පරිශ‍‍්‍ර නවීකරණ කටයුතු වෙනුවෙන් මැයි මස 2 දින රුපියල් නවකෝටි හැට තුන් ලක්ෂ අනූ එක්දහසක් (රු. 96,391,000* සහ මැයි 26 දින රුපියල් අට කෝටි හතලිස් දෙලක්ෂ අනූහත්දහසක් (රු. 84,297,000* වශයෙන් රුපියල්  දහඅට කෝටි හයලක්ෂ අසූ අටදහසක (රු. 180,688,000* මුදලක් වෙන්කරගෙන තිබේ.


මෙයට අමතරව විද්‍යාත්මක කටයුතු සම්බන්ධීකරණය සහ සුපරීක්ෂණය සඳහා වන ව්‍යාපෘතියේ සේවක වැටුප් ගෙවීමට රුපියල් විසි හත් ලක්ෂ දහසය දහසක් (රු. 2,716,000*ද ජාතික සමගිය සඳහා කාර්යාංශයක් පිහිටුවීමට රුපියල් දෙකෝටි හැත්තෑ තුන්ලක්ෂ දාහතර දහසක් (රු. 27,314,000* වශයෙන් කරුණු හයක් වෙනුවෙන් මෙම මුදල් වෙන්කර ගෙන තිබේ.

ජනාධිපතිවරයාගේ ආරක්ෂක රථ ප‍‍්‍රවාහනය කරන රථ දෙකක් සහ BMWදෙකක් මිලදී ගැනීම සහ විදේශ ගමන් වියදම් සඳහා රුපියල් නව කෝටි හැටනව ලක්ෂ එකොළොස් දහසක (රු. 96,911,000* මුදලක්ද වෙන්කරගෙන ඇත.

පරිපූරක ඇස්තමේන්තු මගින් ජනාධිපතිවරයා මුදල් වෙන්කර ගැනීම පිළිබඳ පළවූ මාධ්‍ය වාර්තා පිළිබඳව පැහැදිලි කරමින් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබුණු නමුත් එහි ජනාධිපති නිල නිවාස ප‍‍්‍රතිසංස්කරණයට වැය කෙරෙන රුපියල් දහඅට කෝටි හයලක්ෂ අසූ අටදහසක (රු. 180,688,000* සහ BMWරථ මිල දී ගැනීමට වැය කරන රුපියල් රුපියල් හත්කෝටි හයලක්ෂයක (රු70,600,000* මුදල පිළිබඳව පමණක් පැහැදිළි කර තිබිණ.

ජනාධිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු සියලූ වියදම් පිළිබඳ පැහැදිලි කිරීමක් එහි අන්තර්ගතව නොතිබිණි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට පොරොන්දු වී බලයට පැමිණි මෛත‍‍්‍රීපාල සිරිසේන ආරක්ෂක රථ ඇතුළු වියදම් ඉහළ දමා ගනිමින් ස්ථාවර වීමට උත්සාහ කරන බව මෙයින් පැහැදිළි වේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.