හලාවත මහා රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍යවරියක්
රෝගී තත්ත්වයට පත්ව එම රෝහලේම දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස්
ඇත.
මිය ගොස් ඇත්තේ නෂ්ලා රෂ්ඩීන් (අවු:25)
නම්වූ වෛද්‍යවරියකි.ඇය ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකාරියකි.ඇයගේ දෙමව්පියන් සෞදි අරාබියේ
පදිංචිව සිටින බව කියති.
මිය ගොස් ඇති වෛද්‍යවරිය පසුගිය 14 වැනිදා
හලාවත මහා රෝහලේ 8 වාට්ටුවේ සේවය කරමින් සිට ඇත.සවස 3.00 ට පමණ ඇය රෝගී තත්ත්වයට
පත්වීමෙන් අනතුරුව සෙසු වෛද්‍යවරුන් විසින් ඇයට මූලික ප්‍රතිකාර ලබා දී ඇත.නමුත්
තත්ත්වය අසාධ්‍ය බැවින් ඇයව එම රෝහලේම දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.
දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි
වෛද්‍යවරිය 15 වැනිදා අළුයම 3.00 ට පමණ මිය ගොස් ඇත.කිසියම් ආසාත්මික තත්ත්වයක්
මරණයට හේතුව වන්නට ඇති බවට සැකකරන්නේ යැයි හලාවත මහා රෝහලේ වෛද්‍යවරුන් සදහන්
කරති.
පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට
නියමිතව ඇත.