විශ්වමඩුහිදී කතුන්
දෙදෙනකුට ලිංගික
එය අගය කළ යුතුය,රටේ වෙනත් පළාත්වල අපරාධකරුවන් දේශපාළුවන්ගේ දේශපාලන බලයෙන් නිදහස් වෙද්දී දෙමළ විනිසුරු වරයෙකු අපට නීතියේ බලය යොදා ගන්නා අයුරු කදිමට පෙන්වයි.
මුලතිව් විශ්වමඩුව ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනකු දූෂණය කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වූ යුද හමුදා සාමාජිකයන් හතර දෙනකුට (07 දා) යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචෙලියන් විසින් වසර 25 ක සිරදඬුවමක් නියම කොට තිබේ.
2010 ජුනි මස 06 වැනිදා කූඩාරමක සිටි කාන්තාවන් දෙදෙනකු දූෂණය කළ බවට යුද හමුදා සාමාජිකයන් හතර දෙනකුට චෝදනා එල්ලවී තිබුණු අතර ඉන් එක් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පෙර පලාගොස් සිටියේය.නඩු තීන්දුව ලබාදෙනතුරුත් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවී නැත.
යාපනය මහාධිකරණයේදී ලබාදුන් නඩු තීන්දුවට අනුව දූෂණයට ලක්වූ කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකුට වන්දි වශයෙන් රුපියල් ලක්ෂ 05 ක්ද, අනෙක් තැනැත්තියට ලක්ෂයක්ද ගෙවිය යුතු අතර එම වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේනම් තවත් වසර 5 ක සිරදඬුවමක් විඳීමට විත්තිකරුවන්ට නියෝග කෙරිණි.
තීන්දුව ලබාදෙමින් මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ යුද්ධයට පසුව මෙවැනි සිදුවීමක් ඇතිවීමට බලපෑ ප්‍රධාන හේතුව යුද හමුදාවට සාමාන්‍ය වැසියන් ආරක්ෂා කිරීමට නොහැකිවීමෙන් යුද හමුදාවේ ගෞරවය කෙළෙසීම බවයි.
මහා යුද සමයකදී ස්ත්‍රීත්වය ආරක්ෂා කරගෙන සිටි කාන්තාවන් දෙදෙනකුට බලහත්කාරයෙන් ලිංගික අතවර කිරීම තුළින් ඔවුන්ට ඉතා බරපතළ අසාධාරණයක් සිදුකොට ඇතැයිද සියලුම වැරදි කිසිදු සැකයකින් තොරව ඔප්පුවී ඇති බැවින් මෙම දඬුවම නියම කරන බවද මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් පැවැසීය.