ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, October 15, 2015

කරුපයියා නිසා රෝද හතරේ සිහිනයට බැඳෙන වැට....!!!

අලූතින් පාර්ලිමේතුවට පත්වූ මහජන නියෝජිතයන්ට තීරු බදු රහිත වාහනයක් මිලදී ගැනීමට අවස්ථාව ලැබේ. මහජන නියෝජිතයන්ට වාහන බලපත්‍රය නීත්‍යනුකූලව හිමි එකකි. තීරු බදු රහිතව පමණක් නොව වාහනයේ මිල නොසලකා සුපිරි අවස්ථාවක් හිිමිවීම වරප්‍රසාදයකි. මහ මැතිවරණයේ දී අති විශාල ධනස්කන්ධයක් වියදම් කරන ලද්දේ මෙම වරප්‍රසාද වෙනුවෙන්ය. නීති කඩමින්, මැර බලය උපයෝගී කරගනිමින් ඡන්දයෙන් දිනන්නට තැත් කරන්නේ මෙවැනි වාසි වෙනුවෙන්ය. ඡන්දය පාවිච්චි කළ ජනතාවට ඒ වෙනුවෙන් වන්දියක් ගෙවන්නට සිදුවෙයි. මැති ඇමැතිවරුන්ට බදු රහිත වාහන ලැබෙන විට පොදු ජනතාවට ණයගැතිව වාහනයක් මිලදී ගන්නට ඇති පහසුකමටද බාධා පමුණුවයි. ජනතාව ගෙවන වන්දිය එයයි.
ශ්‍රී ලංකා මහ බැංකුව අලූත් නිතියක් පනවා තිබේ. ඒ අනුව පසුගිය සැප්තැම්බර් 15 දා සිට වාහන මිලදී ගැනීමේ දී බැංකු හෝ ලීසිං සමාගම්වලට ණය සැපයිය හැක්කේ වටිනාකමෙන් සියයට හැත්තෑවක් දක්වා පමණකි. මේ දක්වා වටිනාකමෙන් සියයට සියයක් ණය නිකුත් කර ආර්ථික ශක්‍යතාව ඇති පොදු ජනතාවට වාහනයක් මිලදී ගැනීමට තිබූ අවකාශය අහිමි වෙන්නේය. ලක්ෂ දෙසීයක ජනගහනයක් ජීවත්වන මෙරට භාවිත වන වාහන ප්‍රමාණය ලක්ෂ හැටකට ආසන්න බව දත්ත පෙන්වයි. සෑම තුන් දෙනකුගෙන්ම එක් අයකුට වාහනයක් ඇති තරමට වාහන ඝනත්වය වැඩිය.
නමුත් මෙම වාහනවලින් වැඩි කොටසක් යතුරු පැදි හෝ ත්‍රීවිලර් බව පෙනේ. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය පෙන්වන ආකාරයට රට තුළ ලියාපදිංචි කර ඇති යතුරු පැදි ගණන තිස් ලක්ෂයකට ආසන්නය. ලියා පදිංචි කර ඇති ත්‍රීවිලර් ගණන නම ලක්ෂ විසි නම දහසකි. ත්‍රීවිලර් සහ යතුරු පැදි වාහන වශයෙන් සඳහන් කර රට වැසියන්ගේ වාහන අයිතිය අනුව සලකා බලා රට තුළ වාහන භාවිතය ඉහළ බව සඳහන් කරයි. නමුත් වාහන ඇති බව පෙන්වන්නේ දුප්පතුන්ගේ ත්‍රීවිලර් හා යතුරු පැදිය ද සමගය.
පසුගිය ජූලි මාසයේ මෙරට ලියාපදිංචිකර ඇති අලූත් වාහන 4,990 කි. මෙයින් සියයට 94 ක් එන්ජින් ධාරිතාව සී. සී. 1000 ට අඩු පන්තියේ වාහන බව සඳහන් කිරීම අවශ්‍යය. මෙම කුඩා වාහන මිලදී ගන්නේ ධනවතුන් නොවේ. පහළ ආර්ථිකයක සිට මධ්‍යම පැලැන්තියට හිස ඔසවාගත් සාමාන්‍ය ජනතාවයි. බැංකුවකට ණය ගන්නට යන්නේ ආදායම අඩු පිරිසය. ලීසිං පහසුකම් ඉල්ලන්නේ බැංකු ණයක් ගන්නට අවශ්‍ය ලියැකියැවිලි පවා සොයාගත නොහැකි පිරිසය. මෙයින් අඟවන්නට උත්සාහ කරන්නේ මෙම වාහන මිලදී ගන්නා කණ්ඩායමේ ආර්ථික සහ සමාජ පසුබිම විනා අනෙකක් නොවේ. නමුත් ආණ්ඩුව බලයට පත්වූ වහා ප්‍රහාරයක් එල්ල කරන්නේ මෙම ජන කොටසගේ අහිංසක බලාපොරොත්තුවලටය.
එය නරක තත්ත්වයකි. වාහනයක් මිලදී ගන්නට බැංකුවකට ගොස් ණය ඉල්ලන පුද්ගලයකුට මෙතෙක් තිබූ සහනාදායී වාතාවරණය ඉවත්කර ණය සීමාවක් සපයන්නේ ඇයි? මහ බැංකුවේ නිවේදනය අනුව ලක්ෂ විස්සක වාහනයක් මිලදී ගන්නා තැනැත්තා බැංකුවෙන් රුපියල් ලක්ෂ දහහතරක ණය ලබා ගන්නා විට තමන්ගේ තැන්පත් ධනයෙන් රුපියල් ලක්ෂ හයක් යෙදවිය යුතුය. රුපියල් ලක්ෂ විස්සක් පමණ වන කුඩා වාහනයක් මිලදී ගන්නට සම්පූර්ණ ණය පදනම මත තිබූ හැකියාව අද වන විට නතර කරන්නේ මන්ද?
පසුගිය කාලය තුළ විනිමය සම්බන්ධයෙන් බරපතළ අර්බුදයකට මුහුණ පා ඇති අතර එම අර්බුදය අලූත් ආකාරයක විසඳා ගන්නට උත්සාහ නොකරන ආණ්ඩුව තැත් කරන්නේ එය විනිමය පාවිච්චි කිරිම වරප්‍රසාදලත් පැලැන්තියට සීමා කිරීමටය. වාහන ආනයනය වැඩි වන විට රටේ විනිමය වැඩි වශයෙන් පිට රටට ඇදේ. එය පාලනය කර ගත නොහැකි ආකාරයට සිදුවන විට ඇමෙරිකානු ඩොලර් ඉල්ලූම ඉහළ යයි. 2014 සැප්තැම්බර් මාසයේ දී රුපියල් 130 ක් පමණ වූ ඇමෙරිකානු ඩොලරයක විකිණුම් මිල අද වන විට රුපියල් 141 දක්වා ඉහළ නැග ඇත. රට තුළ ප්‍රමාණවත් විනිමය උපයන්නේ විදේශ රැකියා, සංචාරක ආදායම, අපනයනය හා විදේශ ආධාර වැනි අංශවලින්ය. රටට අවශ්‍ය මිලදී ගැනීමේ ක්‍රියාවලිය වෙනුවෙන් මෙම විදේශ විනිමය ප්‍රමාණවත් නොවන විට විදේශ ණය ගන්නට සිදුවෙයි.
විදේශ ණය සහිතව විනිමය හිඟයක් ඇතිවීමේ ප්‍රතිඵලය ඩොලරයේ වටිනාකම ඉහළ නැගීමය. අවුරුද්දක් ඇතුළත ඩොලරයක් රුපියල් එකොළහකින් වැඩිවන විට රට තුළ විදේශ විනිමය සම්බන්ධයෙන් ඇති බලවත් පීඩනය වටහා ගත හැකිය. මහ බැංකුවේ නියමට අනුව මෙරට වාණිජ බැංකු තමන් සතුව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකකට ආසන්න මුදලක් පසුගිය මාස අට තුළ දේශීය වෙළඳපොළ නිදහස් කර තිබේ. එවැනි නිදහස් කිරීමක් කරන්නේ ඉල්ලූම පාලනය කර විනිමය අනුපාතිකය නොවෙනස්ව තබා ගැනීමේ අරමුණින්ය. නමුත් අඛණ්ඩව සිදුවන ආනයනවලට විනිමය ඉල්ලා සිටීම රටට බලවත් ප්‍රශ්නයකි. අපනයන ආදායම වැඩි කිරීම, සංචාරක ආදායම නැංවීම හෝ වෙනත් මාර්ගවලින් විදේශ විනිමය උපයාගත නොහැකි නම් වාහන ආනයනය වැනි දේ අත්‍යවශ්‍ය නොවන බබ උපකල්පනය කර අධෛර්යමත් කිරීමට ආණ්ඩුවට සිදුවෙයි. ජනතාවගේ වාහනයක් මිලදී ගැනීමේ සිහිනය ණය සැපයීම සීමා කර අවහිර කරන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙන්ය.
යතුරු පැදියකට හෝ ත්‍රීවිලර් එකකට වාහන අයිතිය සීමාවන්නේ එයට එහා මට්ටමක් දරාගන්නට හැකියාවක් නැති සමාජයයි. මෙරට මහා මාර්ගවල ස්වභාවය බලන විට පාර පුරා ඇත්තේ යතුරු පැදි හා ත්‍රීවිලර්ය. කාන්තාවන් පවා යතුරු පැදිය සිය ප්‍රවාහන අවශ්‍යතා සඳහා භාවිත කරන්නට පටන් ගෙන තිබේ. එයට පෙලඹෙන්නේ එදිනෙදා දරුවන්ගේ පාසල් ගමනටය. පාසලට කැඳවාගෙන යන්නටත්, ඉන් පසු අතිරේක පන්තිවලට යවන්නටත්ය. ත්‍රීවිලරයක් හෝ කුඩා වාහනයක් මිලදී ගන්නේ පොදු මගී ප්‍රවාහනයේ ඇති දුබලතා පදනම් කරගෙනය. සුඛෝපබෝගී ජීවන පෙවෙතක් වෙනුවෙන් නොවේ. ප්‍රතිපත්ති තීන්දු ගන්නා මහ බැංකුව වටහා ගත යුතු කරුණ එයයි.
2015 අවුරුද්දේ මුල් මාස හය ඇතුළත වාහන ආනයන වෙනුවෙන් විනිමය පිරිවැය සියයට 97 කින් වැඩිව තිබේ. ඉදිරි මාස කිහිපය තුළ තවදුරටත් වාහන ආනයනය වැඩි කරන ආකාරයට මැති ඇමැතිවරුන්ට ද නිලධාරීන්ට ද පහසුකම් සපයන ආකාරයට රට තුළ ආකෘතිය සකස්වෙමින් තිබියදී එයට කලින් වාහන ආනයනය දුර්මුඛ වන ආකාරයට ණය පහසුකම් සීමා කරන්නට තීරණය කිරීම ඉතාම සියුම් තත්ත්වයකි. මෙම තත්ත්වය තව දුරටත් පාලනය කරන උවමනාවක් වශයෙන් සාමාන්‍ය ජනතාව ආනයනය කරන වාහනයක බදු ඉහළට නංවන්නට ඉදිරියේදී තීරණය කරන්නට ඉඩ තිබේ.
මූල්‍ය වෙළඳපොළ තොරතුරු අනුව රුපියලේ අවප්‍රමාණය වීම මත විදේශවලින් ආනයනය කරන භාණ්ඩ මිල වැඩිවෙමින් තිබේ. සීනි රාත්තලේ සිට මෝටර් රථය දක්වා සෑම දෙයක්ම රට තුළට එන විට අලූත් වටිනාකමක් එකතු වෙයි. එයට පසුබිම සපයන්නේ විනිමය අනුපාතිකයයි. මෝටර් රථ ආනයනයකරුවන් දක්වන ආකාරයට රටට ආනයනය කරන කුඩා වාහනයක පවා මිල ගණන් ලක්ෂ ගණනින් වැඩිවෙයි. එක පැත්තකින් වාහන මිල වැඩිවන සහ අනෙක් පැත්තෙන් මිලදී ගන්නා වාහනයකට ලබාගත හැකි ණය සීමා කරන විට පැන නැගෙන තත්ත්වය වටහා ගත යුතුය. ජනතාව බලාපොරොත්තු බිඳ වැටෙන තැනකට පත්වෙයි. තවත් ආකාරයකින් විමසන විට ආර්ථිකය සකෝචනය වෙයි. එය නරක එකකි.
ශ්‍රී ලංකාව ආර්ථික වර්ධනය කරා ගමන් කරන්නේ නම් අලූත් වටයකින් ආර්ථිකය පුළුල් කරන්නට අවශ්‍යය. සමාජය මිලදීගත හැකි පිරිසක් බවට පත් කළ යුතු අතර එකී සෑම මිලදී ගැනීමකින්ම රටට අලූත් ආදායමක් ලැබෙන බව අමතක කළ යුතු නැත. ආනයනයේ දී බදුවල සිට ලියාපදිංචිය, ආදායම් බදු පළාත් පාලන ආයතන ගාස්තු වශයෙන් සියලූ දේ අලූතින් ලැබෙන්නේ සියලූ දෙනා වාහන මිලදී ගන්නට හැකි පිරිසක් බවට පත් කළ හොත් පමණකි. එය වටා බැමි බැඳ මිලදී ගැනීම අඩු කරන විට රටේ ආදායමතවත් පිරිහීම වැළැක්විය නොහැකිය.
ආණ්ඩුව සිය විනිමය අර්බුදයට ආනයනය සීමා කිරීම පැත්තකින් තබා අපනයන වැඩි කරන්නට උත්සාහ කිරීම සුදුසුය. අපනයන ආදායම මැදි ආදායම් රටක තත්ත්වයෙන් පහතට වැටී තිබේ. අපනයනය කරන්නේ මොනවාද සහ අපනයනය කරන්නේ කවර රටවලට ද යන ගැටලූව බලවත් ආකාරයට පැන නැගී ඇත. වෙළෙඳ වාර්තා පෙන්වන ආකාරයට රටේ අපනයන ආදායම මෙන් දෙගුණයක් ආනයන වෙනුවෙන් වියදම් කරන්නට සිදුව තිබේ. එය පාලනය කරන්නේ සංවර්ධන ණය බව දක්වමින් ලබා ගන්නා විදේශ ණයවලින් බව පැහැදිලිව පෙනේ. මහ බැංකුවේම වාර්තා පෙන්වන්නේ අපනයන ආදායම වේගයෙන් පහත වැටෙන ආකාරයයි. 2000 සිට 2014 දක්වා කාලය තුළ සියයට සියයකින් අපනයන ආදායම අඩුවී තිබේ.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමග අලූත් බැඳීම් ඇතිකරගන්නට තැත් කරන නමුත් එම බැඳීම් ඔස්සේ හැබෑ ප්‍රශ්නය සාකච්ඡා නොකරන්නේ මන්ද? මැදි ආදායම් රටක් වහයෙන් ඉදිරියට ගමන් කරන්නට අපනයනය වැඩි කරගෙන හොඳ විදේශ විනිමය සංචිතයක් ඇති රටක් බවට පත්විය යුතුය. ඒ වෙනුවෙන් සහන විනා වෙනත් යමක් මිත්‍ර රටවලින් අපේක්ෂා කළ යුතු නැත. අපනයනකරුවන් දිරිමත් කර විදේශ විනිමය දිනා ගැනීමට මග පාදා ගන්නා අතරතුර ආනයන අපනයන ගැන සූක්ෂමව බැලීම ඉතා වැදගත්ය.
නමුත් සිදුවෙමින් පවතින්නේ එය නොවේ. අවලස්සන පැත්ත එයයි. ආණ්ඩුවක් පත්කළ අඩු ආදායම් ලබන ජන කොටසට වාහනයක් මිලදීගත නොහැකි වන ආකාරයට ඩොලරය ඉහළ නගී. එයට මුහුණ දෙන ජනතාව තවත් අපහසුතාවයට පත්කරමින් රට තුළින් වාහනයක් වෙනුවෙන් ලබාගත හැකි ණය සීමා කෙරේ. මේවා පුළුල්ව සාකච්ඡා කරගත යුතු තීරණ වශයෙන් සලකා බැලීම වැදගත්ය.
පාර්ලිමේන්තුවට වගකියන සම්මුතියෙන් වැඩකරන බව අඟවන නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව තීරණ ගන්නේ තමන්ට රිසි පරිදි විනා පාර්ලිමේන්තුවේ අදහස අනුව නොවන බව මෙම තීරණයෙන් ඇඟවෙන බව ද මෙහි දී සඳහන් කිරීම අවශ්‍යය.
ගාමිණී සරත් ගොඩකන්ද

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.