මාර්ග සංවර්ධන
කටයුතු වලදී දේශීය කොන්ත්‍රාත් කරුවන්ට වැඩි අවස්ථාවක් දිය යුතු මෙන්ම එය ප්‍රමිතිය
මත තීරණය විය යුතු අතර දේශපාලන බලපෑම් මත සිදු නොවිය යුතුයි.
- අමාත්‍ය කිරිඇල්ලගෙන්
වයඹ පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් -
වයඹ පළාත්
මාර්ග සංවර්ධන කටයුතු පිලිබඳ ඉදිරි ක්‍රියා මාර්ග පිලිබඳ සාකච්ඡාවක් කුරුණෑගල
මාර්ග සංවර්ධන අධිකාරියේදී විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන්
කිරිඇල්ලගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) පැවැත්විණ.
මෙහිදී අමාත්‍යවරයා
වයඹ පළාතේ මහාමාර්ග පිලිබඳ යෝජනා තමන් වෙත ලබා දීමට කටයුතු කරන ලෙස වයඹ පළාත් භාර
අධ්‍යක්ෂට උපදෙස් ලබා දුන් අතර ඒ
සඳහා නම්‍යශීලී පියවරක් ගැනීමට අමාත්‍යවරයා සුදානම් බව පවසා සිටියේය.
මහාමාර්ග
සංවර්ධන කටයුතු වලදී හොරකම්, ජනතා මුදල්
අපතේ නොයාමට වග බලා ගැනීම මාර්ග සංවර්ධන අධිකාරියේ විශාල වගකීමක්. ඒ පිලිබඳ අමාත්‍යවරයා
වශයෙන් මා නිරන්තරයෙන් අවධානයෙන් සිටිනවා.
වත්මන්
දේශපාලන තත්වය පිලිබඳ අදහස් දැක්වූ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ,
20 වසරකට පසු අද
එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලයක් ලැබී ඇති මොහොතක අමාත්‍යවරුන් හැටියට අපි අද
විශාල පීඩනයක ඉන්නේ.20 වසරක් ජාත්‍යන්තරය
තුල පසුබෑමට ලක්ව තිබු රටත්, ආර්ථික
පසුබෑමත්, දේශපාලනික පසු
බෑමත් ඉහල නංවාලීම හා 20 වසරක් එක්සත්
ජාතික පක්ෂ රජයක් බලාපොරොත්තුවෙන් සිටි පාක්ෂිකයිනුත් සමබරව ඉදිරියට ගෙන යාමේදී නව
රජයේ අමත්‍යවරුන් හැටියට විශාල පීඩනයක් මෙන්ම විශාල වගකීමක් අපට පැවරී තිබෙනවා.
අධිකරණය,
රාජ්‍ය සේවය මේ සියල්ල
දේශපාලනයෙන් මුදවා ගැනීමට කටයුතු කරන තත්වයකට අපි රට පත් කරනවා. නව රජයට දේශපාලන
බලපෑම් වලින් තොර නිදහස් රාජ්‍ය සේවයක් මේ රටේ බිහි කිරීමට දැඩි අවශ්‍යතාවයක්
පවතිනවා. එය මේ රටේ අනාගත පරපුරට දායාදයක් වන බව නොඅනුමානයි.
වත්මන් ජනාධිපති
හා අගමැති වචනයට සීමා නොවී ශ්‍රේෂ්ඨාධිකරණය සම්බන්ධ පත් කිරීම් සඳහා තමන් වෙත
පැවරී තිබු බලතල 19 වන ව්‍යවස්ථා
සංශෝධනය මඟින් ව්‍යවස්ථාදායක සභාව වෙත පවරා තිබෙනවා. වචනයට පමණක් සීමා නොවී ක්‍රියාවෙන්
එය ඔප්පු කර පෙන්වීම රට ලැබූ විජයග්රහණයක්.
එදා මහින්ද
රාජපක්ෂ යුද්ධය දින්නම හිතුවේ විදේශ ආයෝජනයන් මේ රටට ගලා ඒවි කියලා. නමුත් ආවේ
නැහැ. මොකද එවකට රජයට ජාත්‍යන්තරය පිලිබඳ පැහැදිලි අවබෝධයක් තිබුනේ නෑ. මහින්ද
රාජපක්ෂ තරුණ තරුණියන්ට පුන පුනා කීවත් නව රැකියා අවස්ථා ඇති කරනවා කියලා එය ඉටු
කර ගැනීමට නොහැකි වුනේ ඊට අවශ්‍ය ජාත්‍යන්තර සහාය නොතිබූ නිසයි.
