කොටි
ජාත්‍යන්තර ජාලය සතු අරමුදල් ස්විට්සර්ලන්තය තුළ කොපමණ තිබේද
යෑයි කිසිවෙක් දන්නේ නැත. එහෙත් මේ අරමුදල් ශ්‍රී ලංකා රජයට
එරෙහිව භාවිතා වේ.
ගඡේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, සෙල්වම් අඩෙයිකලානන්දන්, එම්.
කේ. සිවාජිලිංගම්, එස්. ශ්‍රිධරන්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්,
මාවයි සේනාධිරාජා, උතුරු පළාත් සභා මන්ත්‍රීනි ආනන්දී සසිදරන්,
පලාත් සභා මන්ත්‍රී ශාන්තන්, ත්‍රිකුණාමලයේ යෝගේවරන් පියනම සහ
රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු ජිනීවා ගොස් කරන්නේ
කුමක්දැයි සෙවීමටද කිසිවෙක් නැත.
ඊට අමතරව තමිල්නාඩුවේ සිටද බෙදුම්වාදීහු ශ්‍රී ලංකාවට එරෙහිව
ක්‍රියාකිරීමට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණ සිටියහ.
එසේම ව්‍යාජ ජංගම දුරකථන ජාවාරමක් සම්බන්ධව ශ්‍රී ලංකාවට
පිටුවහල් කළ සොහොයුරන් දෙදෙනකුද රාජ්‍ය නොවන සංවිධානයක්
ඔස්සේ මානව හිමිකම් සමුළුව වෙත පැමිණ සිටිනු දක්නට ලැබුණි.
මේ පසුබිම මැද මානව හිමිකම් කවුන්සිලය තුළ සිදුවන
ක්‍රියාදාමයන් වසන් කිරීමට බොහෝ පාර්ශ්ව උත්සාහ කළහ.
එසේ වුවත් මානව හිමිකම් කවුන්සිලයේ සිදුවන තක්කඩි ක්‍රියා
ශ්‍රී ලංකාවේ ජනතාව දැන ගත යුතුයි. අපි උදේ 8 සිට සවස 4 දක්වා
එකී තක්කඩි ක්‍රියා විමර්ශනය කළෙමු.
ඉන්දීය රජය ඉසිප්‍රියා නැමැති කොටි නිවේදිකාවගේ චිත්‍රපටය
තහනම් කළේය. එහෙත් එය මානව හිමිකම් කවුන්සිලයේදී තිරගත විය.
ඊළම් ද්‍රවිඩ ජාත්‍යන්තර කමිටුවට සම්මන්ත්‍රණයක් පැවැත්වීමටද
කවුන්සිලය ඉඩ දුන්නේය.
එම් කේ. සිවාජිලිංගම්, ආනන්දි සසිදරන්, ගඡේන්ද්‍රකුමාර්
පොන්නම්බලම් මානව හිමිකම් සැසිවාරය අමතනු ලැබුවේ විදෙස්
රාජ්‍ය නොවන සංවිධාන මගිනි.
ශ්‍රී
ලංකාව ජාත්‍යන්තර අධිකරණයට ගෙන යා යුතු යෑයි සිවාජිලිංගම් මානව
හිමිකම් සැසිවාරයේදී හඬ නැඟුවේය. ගෝලීය ද්‍රවිඩ සංසදයේ නායක
එමානුවෙල් පියනම ලිබරේෂන් නැමැති රාජ්‍ය නොවන සංවිධානය මගින්
ශ්‍රී ලංකාවට එරෙහිව දේශනයක් පවත්වනු ලැබීය.
සිවාජිලිංගම්, ගඡේන්ද්‍රකුමාර් පොන්නම්බලම් හා ආනන්දි සසදරන්
ශ්‍රී ලංකාවට දඬූවම් කළ යුතු යෑයි පැවසූවේ මාරුටානියා සහ මාලි
රාජ්‍යවල කෘෂිකාර්මික සංවිධානවල නියෝජිතයන් ලෙස පෙනී සිටීමෙනි.
එකී රාජ්‍ය නොවන සංවිධාන මානව හිමිකම් සංවිධාන නොවේ. එසේ නම්
එය තක්කඩි ක්‍රියාවක් නොවන්නේද? තමිල්නාඩුවේ සිට බෙදුම්වාදී
තිරුමාවලන් ගාන්ධි, මහාචාර්ය පෝල් නියුටන් හා හිටපු සෞඛ්‍ය
ඇමැති රාමදෝස්ද ශ්‍රී ලංකාවෙන් ගිය ද්‍රවිඩ සන්ධාන කණ්ඩායමට
එක්විය.
මොවුන් මානව හිමිකම් කවුන්සිලශ අමතමින් ඝෝෂාකාරී ලෙස දේශන
පවත්වන අයුරු බ්‍රිටිෂ් ටැමිල් කොන්සර්වටිව් සංවිධානයේ
ප්‍රධානී සිවනාදන්ද බලා සිටියේය.
ටෙලෝ සංවිධානයේ අඩෙයිකලානන්දන් සහ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මානව
හිමිකම් සැසිවාර තුළ රඟ දක්වන රැඟුම ඔහුට විහිළුවක් විය.
මේ පසුබිම මැද ජිනීවාහි ඇමරිකානු යෝජනාව සභාගත කිරීමට නියමිත
වූයේ පසුගිය බ්‍රහස්පතින්දා සවසයි.
ඊට පෙර ශ්‍රී ලංකාවට එරෙහි පරීක්ෂණ වාර්තාව සකස් කළ
ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයේ විනිසුරුවරියක් වූ සිල්වියා
කාට්රයිට් හදිසි සාකච්ඡාවක් පවත්වනු ලැබීය. ඊට ඇරයුම් කර
තිබුණේ ශ්‍රී ලංකාවට එරෙහි විදෙස් මාධ්‍යකරුවන් කීප දෙනකුට
පමණකි.
එහෙත් ඒ ගැන තොරතුරු සෙවීමට අපිද ඊට සම්බන්ධ වූවෙමු.
මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් ශ්‍රී ලංකාව
සම්බන්ධ නිර්දේශ කළ හයිබ්‍රිඩ් අධිකරණ යෝජනාව තමා අනුමත කරන බව
ඇය කීවාය.
ශ්‍රී ලංකාව සම්බන්ධ පරීක්ෂණ වාර්තාවේ කටයුතු අවසන් වී ඇතත්
තවදුරටත් තමාට මානව හිමිකම් කවුන්සිලයේ රැඳී සිටින ලෙස මානව
හිමිකම් කොමසාරිස් ඉල්ලා සිටි බව ඇය තවදුරටත් සඳහන් කරනු
ලැබීය.
මේ හැර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඊළාම්වාදීන්ගේ
පාරාදීසයක් බවට පත්වී තිබුණි.
ද්‍රවිඩ සන්ධානය සමඟ එක් වූ ගෝලීය ද්‍රවිඩ සංසදය ශ්‍රී ලංකාව
සම්බන්ධ යෝජනාවට සංශෝධන ඇතුළත් කිරීමට දැඩි බලපෑම් පවා එල්ල
කෙරුණි.
නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ජනා නැමැත්තාද ද්‍රවිඩ සන්ධාන
කණ්ඩායමට එක්විය.
එසේම ඊළාම් ජාත්‍යන්තර කමිටුව තහනම් සංවිධානයකි. එකී
සංවිධානයටද මානව හිමිකම් කවුන්සිලය තුළ සම්මන්ත්‍රණයක්
පැවැත්වීමට ඉඩ ලැබුණි.
එහෙත් මේ ගැන නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා යාන්ත්‍රණයේ
කිසිවෙක් සිටියේ නැත. මෙම ඊළාම්වාදීන්ගේ ක්‍රියාවලට අදාළ
සාක්ෂි අපි සතුව ඇත.
මානව හිමිකම් කොමසාරිස් නිව්යෝර්ක් නුවර සිට සැසිවාරය ඇමතීමට
පෙර ඔහු වෙත විද්‍යුත් ලිපි යවමින් තව තවත් සාවද්‍ය ප්‍රචාර
යෑවීමට විවිධ පාර්ශ්ව ක්‍රියා කරනු ලැබීය. එහි ප්‍රතිඵලය වූයේ
එකී සාවද්‍ය ප්‍රචාරද මානව හිමිකම් කොමසාරිස්ගේ ප්‍රකාශයට
ඇතුළත් වීමයි.
මාවයි සේනාධිරාජලාගේ සිට සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ලා දක්වා
පිරිස ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ රැඳී සිටියේ ජාතික
සංහිඳියාව වෙනුවෙන් නොවන බව අවධාරණය කළ යුතුය. අපි ඔවුන්ගේ
සියලු මෙහෙයුම් දුටුවෙමු.
කීර්ති වර්ණකුලසූරිය
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, October 8, 2015
ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාකිරීමට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණ සිටි කපටි ද්‍රවිඩ රැළ....!!!
Posted by
lankanews
at
October 08, 2015
Labels: anandi sasitharan, elam tamil, lankanews, sivajilingam, tamil dias pora, TNA politicians, ජිනීවා
ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාකිරීමට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණ සිටි කපටි ද්‍රවිඩ රැළ....!!!
2015-10-08T00:54:00+02:00
lankanews
anandi sasitharan|elam tamil|lankanews|sivajilingam|tamil dias pora|TNA politicians|ජිනීවා|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
