වයස අවුරුදු 13 ක් වන කුඩා දැරියන් දෙදෙනෙකුව දුෂණය කළ බව කියන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව මුන්දලම පොලීසිය කියයි.
එක් දරුවෙකු දුෂණයට ලක්වී ඇත්තේ මීට මාස 06
කට පමණ පෙරදීය.මුන්දලම - අඟුණවිල ප්‍රදේශයේ පදිංචි ඇය තම මිත්තණිය සමග
වත්තකට ගොස් ඇත. එම වත්තේ මුරකරු ඇයව රවටාගෙන මුර මඩුවට කැදවාගෙන ගොස් දුෂණය කර
ඇති බව පොලීසිය කියයි. මෙම සිද්ධිය දැන ගෙන ඇති දැරිවියගේ මව මේ බව පොලීසියට
පැමිණිලි කරමින් පවසා ඇත.
ඒ අනුව වයස අවුරුදු 60 ක් වන මුරකරුවෙකුව
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.පුත්තලම දිසා අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති එම
සැකකරු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී. දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත
මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර ඇත.වෛද්‍ය පරීක්ෂණයේදී අනාවරණය
වී ඇත්තේ දැරිවිය බරපතල ලෙස දුෂණයට ලක්වී ඇති බවය.
මේ අතර මහකුඹුක්කඩවල - රත්මල්ගස්වැව ප්‍රදේශයේ
දැරිවියක්ව ඇයගේ නිවස තුළදී දුෂණය කළ බව කියන 47 හැවිරිදි අයෙකුව පොලීසිය විසින්
අත්අඩංගුවට ගෙන ඇත.අතවරයට පත්ව ඇති දැරිවියගේ මව මිය ගොස් ඇත.ඇය තම මිත්තණියගේ
ආරක්ෂාව යටතේ සිට ඇත.මීට මාසයකට පමණ පෙර දිනක ඇය තම නිවසේ සිටින විට පැමිණ ඇති
සැකකරු මෙම අපරාධය සිදු කර පලා ගොස් ඇත.
මේ සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලැබීමෙන්
අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.එම සැකකරුද පුත්තලම දිසා අධිකරණය වෙත ඉදිරිපත්
කිරීමෙන් අනතුරුව මේ වන විට රක්ෂිත බන්ධනාගාර කර ඇති බව පොලීසිය කියයි.
මුන්දලම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර
විමර්ශණ කටයුතු කරගෙන යයි.
ජුඩ් සමන්ත.
