ආණමඩුව දිසා අධිකරණය විසින් නියම කරන ලද දඩ සහ ඇප මුදල් බැංකු
ගත කිරීමට ගිය අවස්ථාවේ එම මුදල් අතර රුපියල් 5000 ක ව්‍යාජ මුදල්
නෝට්ටුවක් තිබී හමුවී ඇති බව පොලීසිය කියයි.
පසුගිය 01 වැනිදා මෙම ව්‍යාජ මුදල් නෝට්ටුව
හමුවී ඇත.
ආණමඩුව දිසා අධිකණයේ මුදල් අයකැමි වෙත ලැබී
තිබූ රුපියල් 4,19,000 ක මුදලක් අධිකරණ ලිපිකරුවෙකු විසින් ආණමඩුව නගරයේ පිහිටි
රාජ්‍ය බැංකුවක් ගෙන ගෙන ගොස් ඇත.එහිදී එම මුදල් අතර රුපියල් 5000 ක ව්‍යාජ මුදල්
නෝට්ටුවක් ඇති බවට අනාවරණ වී ඇත.මෙම ව්‍යාජ මුදල් නෝට්ටුව කව්රුන් විසින් කුමන
හේතුවක් මත අධිකරණය වෙත ලබා දුන්නාද යන්න මෙතෙක් අනාවරණය වී නැත.
ව්‍යාජ මුදල් නෝට්ටුව ආණමඩුව පොලීසිය බාරයට
ගෙන ඇත.
ආණමඩුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු
කරගෙන යයි.
