බෙදා හැරීමට නියමිතව තිබූ ලිපි තොගයක් බෙදා
නොදී සඟවා තබා ගෙන
සිටි තැපැල් සේවකයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව මුන්දලම පොලීසිය කියයි.
පසුගිය 12 වැනිදා සවස සැකකරුව අත්අඩංගුවට
ගෙන ඇත.
පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) ලද තොරතුරක්
මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ මදුරන්කුලිය තැපැල්
කාර්යාලයට අනියුක්තව සේවය කළ ලියුම් බෙදන්නෙකුවය.ඔහු මදුරන්කුලිය - පත්තායම ප්‍රදේශයේ
පදිංචිකරුවෙකි.
සැකකරු විසින් මදුරන්කුලිය ප්‍රදේශයේ
විහාරස්ථානයක අතහැර දමන ලද අල්මාරියක සඟවා තිබූ ලිපි තොගයක්ද සොයා ගෙන ඇත.ඒ අතර
සාමාන්‍ය ලිපි 130 ක්,රජයේ ආයතන වෙත බෙදා දීමට නියමිත සහ රජයේ ආයතන විසින් එවා
තිබූ ලිපි 184 ක් සහ ලියාපදිංචි ලිපි 20 ක් තිබී ඇත.
කුමන හේතුවක් මත සැකකරු මෙම ලිපි තොගය බෙදා
නොහැර සඟවා තැබුවාද
යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය කියයි.
මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු
කරගෙන යයි...ජුඩ් සමන්ත.