ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අන්තර් ජාතික ප්‍රජාවේ අවසාන අරමුණ මේ රට බෙදා වෙන්කිරීම යෑයි ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර පැවැසීය.
මානව හිමිකම් කඩකිරීම් කළැයි වැනි සියලු චෝදනා කරන්නේ අන්තර් ජාතික ප්‍රජාවේ එම අරමුණ ඉටුකර ගැනීමට බවත් හෙතෙම සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ යුද්ධය අවසන්කර උතුරු නැගෙනහිර බෙදා වෙන්කළේ නම් යුද අපරාධ හෝ කිසිදු චෝදනාවක් එල්ල නොවන බවත්, එසේ නොකිරීම නිසා විවිධ චෝදනා එල්ල කරන බවත් හෙතෙම කීවේය.
අපට එරෙහිව ඉදිරිපත් කෙරෙන චෝදනා පිළිබඳ පරීක්ෂණ දේශීය යාන්ත්‍රණයක් මගින් සිදුකෙරෙන නිසා බියක් ඇති කරගත යුතු නැතැයි කියමින් අධිරාජ්‍යවාදීන්ගෙන් රට බේරාගත් බවට ආණ්ඩුව කරන ප්‍රකාශ සම්පූර්ණයෙන් ජනතාව මුලාකිරීමක් බවට හෙතෙම චෝදනා කළේය.
අන්තර් ජාතික පරීක්ෂණය වෙනුවට දේශීය යන ලේබලය ගසා ජිනීවා යෝජනා ඉදිරිපත් කිරීමට ඇමරිකාව පැනලා ඉදිරිපත්වීම ඔවුන්ගේ සූක්ෂම ප්‍රයෝගයක් බවත් ඒ ප්රයෝගයට ආණ්ඩුව හසුවී ඇති බවත් පැවසූ ගුණදාස අමරසේකර දේශීය න්‍යායපත්‍රයක් නිසා අප රට තොණ්ඩුවටම අසුවී දැන් ඉන් ගැලවීමට නොහැකි බවත් කීවේය.
නාරාහේන්පිට අභයාරාමයේදී ඊයේ (6 දා) පෙරවරුවේ ජාතික එකමුතුවේ මාධ්‍ය හමුවේදී මෙම කරුණු අනාවරණය කළේය. මෙම අවස්ථාවට බෙංගමුවේ නාලක සහ මදුරාසියේ ධම්මිස්සර හිමිවරු ද වෛද්‍ය වසන්ත බණ්ඩාර, ගෙවිදු කුමාරතුංග ද එක්වූහ.ජාත්‍යන්තරයේ අවසන් අරමුණ මේ රට බෙදා වෙන් කිරීමයි