පුත්තලම - අනුරාධපුර මාර්ගයේ 15 කණුව ප්රදේශයේදී බස් රථයක යතුරු පැදියක් ගැටීමෙන් කුඩා දැරිවියක් මිය යාමත් සමගම කුපිත වූ පිරිසක් එම මාර්ගයේ ගමන් කළ පුද්ගලික බස් රථ වලට ගල් ප්රහාර එල්ල කර ඇති බව සාලියවැව පොලීසිය කියයි.
පසුගිය 12 වැනිදා සවස මෙම අනතුර සිදුවී
තිබුණි.
අනතුරින් මිය ගොස් ඇත්තේ කරුවලගස්වැව - 15
කණුව ප්රදේශයේ පදිංචිව සිටි සඳලි ඉමල්ෂා (අවු:04) නම්වූ දැරිවියකි.දැරියගේ
මව වන ඒකනායක මුදියන්සේලාගේ වාසනා ධර්මකීර්ති යන අය අනතුරින් කම්පනයට පත්ව සහ සුළු
තුවාල ලබා මේ වන විට පුත්තලම මූලික රෝහලේ ප්රතිකාර ලබමින් සිටී.
මිය ගොස් ඇති දැරිවිය තුවාල ලබා රෝහල් ගත කර
සිටින තම මව සමග යතුරු පැදියකින් පුත්තලම - අනුරාධපුර මාර්ගයේ ගමන් කරමින් සිට ඇත.
යතුරු පැදිය පදවා ඇත්තේ මව විසිනි.යතුරු පැදිය ප්රධාන මාර්ගයෙන් 15 කණුව ප්රදේශයේදී
අතුරු මාර්ගයකට හැරවීම සුදානම් වන විට කොළඹ සිට වව්නියාව බලා ධාවනය වෙමින් තිබූ
බස් රථයක ගැටී ඇත.අනතුරින් මව විසිවී වැටී ඇති නමුත් දැරිවිය මීටර් කීපයක් බස්
රථයේ පැටලී ඉදිරියට ඇදී ගොස් ඇති බව පොලීසිය කියයි.දැරිවිය එම ස්ථානයේදීම මිය ගොස්
ඇත.
එම අනතුරින් පසුව කුපිත වූ පිරිසක් පුත්තලම
- අනුරාධපුර මාර්ගයේ 17 කණුව ප්රදේශයේ සැඟවී සිටිමින් මාර්ගයේ
ගමන් කළ බස් රථ 03 කට ප්රහාරයන් එල්ල කර ඇත.ඒ අනුව කොළඹ සිට අනුරාධපුරය, මන්නාරම
සහ වව්නියාව දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථ 03 කට අලාභ හානි සිදුවී ඇත.12 වැනිදා
රාත්රී 12.00 පමණ වන තුරු මෙම නොසන්සුන්කාරී තත්ත්වය ප්රදේශයේ තිබී ඇත. සාලිය
වැව පොලීසිය මැදිහත්වී තත්ත්වය මේ වන විට පාලනය කර ඇත.
අනතුරට සම්බන්ධ බස් රථය සාලියවැව පොලිස්
බාරයට ගෙන ඇති අතර රියදුරාව අත්අඩංගුවට ගෙන ඇත.
ප්රහාරයට ලක්වූ බස් රථ වල රියදුරන් ඒ බව සාලියවැව
පොලීසියේ පැමිණිලි කිරීමෙන් අනතුරුව පිටත්ව ගොස් ඇත.
සාලියවැව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු
කරගෙන යයි.
ජුඩ් සමන්ත.
