යටින් කරන මෙහෙයුමේ සැබෑ හෙළිදරව්ව...!!! රුවන් උගුලක, අර්ජුන ගිනි පිබියි,
අනුර හොරි කසයි..මේවන විට ඇවන්ගාර්ඞ් මෙරි ටයිම්ස් ආයතනය විසින් පවත්වාගෙන යන පාවෙන අවි ගබඩා ව්‍යාපාරය විනාශ කොට දමා එම ව්‍යාපාරය සිරස මුදලාලි (ක්රෘමි නාශක) කිලී මහරාජා යටතට ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මකව පවතී.මේ වන විටත් ‘ග්ලොබල් මෙරිටයිම් සර්විස් ප්‍රයිවෙට් ලිමිටඞ්‘ නැමැති ආයතනය හරහා මෙම අවිගබඩා පවත්වාගෙන යාමේ අවසරය ආරක්ෂක අමාත්‍යංශයෙන් අයදුම් කිරීම සිදුව තිබේ.
මෙම නව ව්‍යාපාර සඳහා වන ව්‍යාපෘති වාර්තාව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය මෑතකදී එක් වූ සුරූපී ලලනාවක් මාර්ගයෙන් ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන වෙත ලබා දි තිබේ. මැයගේ නම් අනූෂා ජයවර්ධනය. මෙම අනුෂා යනු හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ සමීපතම ඥාතිවරියකි. ඉහළ ව්‍යාපාරික ප්‍රජාව අතර ඈ ඉතා ජනප්‍රියය. ඇය තැන තැන කියන්නේ රුවන් තමන්ගේ පෙම්වතා බවය. කොටින්ම අද එම අමාත්‍යංශය පාලනය කරන්නේ ඇය විසිනි. ඒ කෙසේ වූවත් අනුෂාව ආරක්ෂක අමාත්‍යාංශයට හඳුන්වා දෙනු ලබන්නේ නිමල් කුක් විසින්. නිමල් කුක් යනු මහරාජා සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂවරයාය.
මහරාජාගේ ඩමිය කරුංකා සම්පත්
ග්ලොබල් මෙරිටයිම් සර්විස් සමාගමේ හිමිකරුවා ලෙස පෙනී සිටින්නේ කරුන්කා සම්පත් නොහොත් යකඩ සම්පත්ය .මොහු පසුගිය කාලයේ ආන්දොලනයට ලක්වූ කරුන්කා ජාවාරමේ එක් පාර්ශවයකි. මොවුන් විසින් ඉදිරිපත් කරනු ලැබූ ව්‍යාපෘතිය අනුව එය ඇවන්ගාර්ඞ් ආයතනය විසින් සිදුකරනු ලබන පන්නයේ රටකට වගකියන ව්‍යාපාරයක් නොවේ. එය මහ මුහුදේදි ආයුධ හුවමාරු කර ගන්නා ව්‍යාපාරයක් වන අතර ඒ කිසිවිටෙකත් ශ්‍රී ලංකා රජයට හෝ ඇඟිලි ගැසිය නොහැකි රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන්ද ඉතා අවදානම් සහිත ව්‍යාපාරයක් බවද හෙළිව තිබේ. ආයුධ ජාවාරමෙහි යේදීමේ පහසු හැකියාවක්ද ඔවුන්ට තිබේ. ඇවන්ගාර්ඞ් සමාගමේ ගබඩාවල තිබු ආයුධ රාජ්‍ය සමාගමක් වන ඬරක්නා ලංකා සමාගමේ හා නාවික හමුදාවේ අධීක්ෂණය යටතේ තිබුණද මෙම ව්‍යාපාරයේ ආයුධ සම්බන්ධයෙන් රාජ්‍යයට ඇඟිලි ගසන්න්ට නොහැක. එහෙත් මොවුන්ගේ මෙහෙයුම් මධ්‍යස්ථාන ලෙස කොළඹ වරායත් ත්‍රිකුණාමලය වරායත් යොදා ගනී. මේ සඳහා වන බලපත්‍රය ලබා ගැනිම සඳහා නිමල් කුක් වත්මන් රජයේ ප්‍රධානින් කිහිප දෙනෙකුම මේවන විට බිලී බාගෙන ඇති අතර ඇවන් ගාඞ් ව්‍යාපරය ඉලක්ක කර ගනිමින් අවලාද ව්‍යාපාරය කර ගෙන යන්නේ එම දේශපාලකයන් විසින්ය.
දෙපැත්ත කන කරුංකා චමින්ද
එමෙන්ම මේ බලපත්‍රය ලබා ගැනිම සඳහා මහරාජා වෙනුවෙන් වෙහෙසෙන අනෙක් තැනැත්තා රුවන් විෙ–වර්ධනගේ සම්බන්ධීකරණ ලේකම් වරයකු වන කරුන්කා චමින්දය. ඔහුද කරුන්කා ජාවාරමේ ප්‍රබලයකි. කාලයක් ඇවන්ගාර්ඩ සමාගමේද සේවය කළ අයෙකි.
ඩයිනමයිට් නිශ්පාදන කර්මාන්ත ශාලාවක්ද මොහු විසින් පවත්වාගෙන ගිය අතර එහි නිශ්පාදන යුධ හමුදාවේ අවසරකින් තොරව හොර රහසේ විකුණා හසුවීම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක්ද පවත්වමින් තිබේ. මේවන විට යහපාලන ආණ්ඩුවේ කෙරුමන්ගේ පිහිටෙන් එම පරීක්ෂණ යටපත් කර ගැනීමට ද ඔහු සමත්ව ඇත. මොහුද කාලයක් තිස්සේ පාවෙන අවි ගබඩාවක් පවත්වගෙන යාමේ ව්‍යාපාරයක් වෙනුවෙන් මහන්සි වූ අයෙකු වන අතර මේවන විට කිලී මහරාජගේ අනියම් පාර්ශ්වකරුවකුව සිටී. පසුගිය මැතිවරණ සමයේදී රවී කරුණානායක්ගේ මැතිවරණ ව්‍යාපාරයටද සම්බන්ධව සිටි අතර එම මැතිවරණ ව්‍යාපාරට යැයි කියමින් ව්‍යාපාරිකයන් රවටා මිලියන් ගන්නක් ඔහු විසින් උපයාගෙන ඇත. එපමණක් නොව රවීඳ්රන් කරුපයියාගේ බිරිඳට හා දරුවන්ට ෂොපින් කරන්න යැයි කියමින් ද ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ගරා ගත් තුට්ටු දෙකේ හාදයෙකි.
පසුගියදා රතු මුහුදේ සිට පැමිණි ඇවන්ගාර්ඞ් පාවෙන අවිගබඩාව අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම පිටුපස සිටියේ මොහු බවද මේවන විට හෙළිව තිබේ. ඇවන්ගාඞ් හිමිකරුගෙන් මෑතක් වන තුරූ ලක්ෂ ගණනක වැටුපකට හිමිකම් කී මොහු කන්න දීපු අත හපා කෑවෙකි. මොහුගේ ඉතිහසයේ මෙවැනි සිද්ධි බහුලය. රනිල් වික්‍රමසිංහ හා ගාමිනී අතිකෝරාල අතර කේළාම් බස් දොඩා ගැටුම් ඇතිකර එම පක්ෂය විනාශ කළේ මේ නායකයන් ඉතා ලඟින්ම ඇසුරු කරමින්ය.
මහරාජාගේ මේ ව්‍යාපෘතියේ සිටින අනෙක් තනැත්තා හල්ලොලූව නැමැත්තෙකි. ඔහුට ඇවන්ගාඞ් හිමිකරුගේ ගෙවීම් ලැයිස්තුවේ සිටි අයෙකි. පසුගිය දා කරුන්කා සම්පත් සමග මොහු රුසියාවේ පීටර්ස්බර්ග් නුවරට ගියේ නව ව්‍යාපාරය ගැන රුසියාවේ මුහුදු ආරක්ෂක සේවා පවත්වාගෙන යන සමාගම් 4ක් සමග සකච්ඡුා කර මෙම ව්‍යාපාරය ගැන ඉගෙන ගන්නටය. ඉන් සමාගම් 3ක ප්‍රධානින් හමු වී ඇති අතර ඇවන්ගාර්ඞ්කාරයාට කවදා හරි කෙලවනවා යැයි මහරාජා සමග වහසි බස් ද දොඩවා තිබේ. එහෙත් ඇවන් ගාර්ඞ් අවි ගබඩාව පිලිබඳ ප්රශ්නය ඇදුනු මුල් කාලයේදී ආරක්ෂක ලේකම් ව ඇවන්ගාඞ් හිමිකරු නිශ්ශංක සේනාධිපතිට මුණ ගැස්සවීම වෙනුවෙන්ද මැදිහත්ව තිබුණේ මේ හල්ලොලූවය.
කෙසේ නමුත් මේවන විට කිලී මහරාජා මෙම ව්‍යාපාරය අත්පත් කර ගැනීම සඳහා විශාල මාධ්‍ය මෙහෙයුමක්ද දියත් කර ඇත. සිරස මාධ්‍ය ජාලය මේ දිනවල පැයෙන් පැය බ්‍රේකින් නිව්ස් ගසමින් ඇවන්ගාඞ් වයාපාරයට එරෙහිව පුවත් විකාශය කරමින් ඇත.
විප්ලවවාදී අනුර ගත් කොන්ත්‍රාත්තුව
ඇවන් ගාර්ඞ් වයාපාරය නීතිවිරෝධී බව කියමින් රටේ මත සැකසීමේ කොන්ත්‍රාතුව බාර දී තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමර දිසානායකටය. පසුගිය දින හිටි හැටියේම පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අනුර කුමාර සිදු කරනු ලැබුවේ මේ කොන්ත්‍රාත්තුවේ එක් පිය්වරකි. ඉදිරියේ මෙහි තවත් පියවරවල් රාශියක් දකින්නට ලැබෙනු ඇත. අනුර දිසානායක යනු කිලී මහරාජාගේ හුරතලකු බව ප්‍රසිද්ධ කරුණකි. ඔහු ජවිපේ නායකත්වයට පත්වූ දා කිලී මහරාජා තරු හතරේ හෝටලයක සුපිරී රත්‍රී භෝජන සංග්‍රහයක් පැවැවූයේ ඒ නිසාය. ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් සිරස දැක්වූ දායකත්වය ජවිපෙට කිසිදා මිළ කළ හොහැක. ජවිපෙ තව පරම්පරා ගානක් යන තෙක් කිලී මහරාජාට ණය ගැතිය.
මහරාජාගේ මේ මධ්‍ය මෙහෙයුමේ මුද්‍රිත අනුග්‍රහය දක්වන්නේ ටිරාන් අලස් පත්තර මුදලාලිගේ මව්බිම පුවත් පතයි. අනුර ඇවන් ගාර්ඞ් ව්‍යාපාරයට පහර දෙන වාරයක් පසා ඒ වෙනුවෙන් පිටු ගනන් වෙන් වෙයි, සිරස්තල වෙන් වෙයි. ටිරාන් කියන්නේ ද අනුරගේ අතිශය සමීපතම මිතුරෙකි. පෞද්ගලික මට්ටමේ මිතුරෙකි. ටිරාන් තවමත් සේවය කරන්නේ යෝෂිත රාජපක්ෂට වුනත් රඩා ගනුදෙනුව තව බිලියන් ගානකින් වැඩි වංචාවක් වුනත් ඒ ජවිපෙට අදාල නැත. දවල්ට කැසිනෝ එපා කියමින් පාරවල් ගානේ කෑ ගහල රැුට කැසිනෝ ශාලාවල ලැග නොමිළේ වයින් බොන විප්ලවාදීන් ඉන්න රටක මේවා ඒ හැටි දෙයක් නොවේ.
සංජීව රණතුංග සේවය කරන්නේ සිරසේය , සංජීවගේ අයියා අර්ජුන රණතුංගය. අර්ජුනට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිධුරය ලබා ගන්නට සපොර්ට් එක ලැබෙන්නේ සිරසෙන්ය. සිරසට අනුව ක්‍රිකට් ආයතනයේ අර්ජුනගේ කාලයේ හැර අන් හැම කාලයකම සිටියේ හොරුන්ය. එහෙම වෙන්නේ නිකම්ම නොවන බව පැහැදිලි විය යුතුය.
රුවන්ගේ ක්ලීන් සූට් එකේ තුත්තිරි
අවසන් වශයෙන් රුවන් විජේවර්ධනගේ ඛේදජනක අනාගතය ගැනද වචනයක් සඳහන් කළ යුතුය. රුවන් විජේවර්ධන මේ වන විට ලොකු උගුලක පැටැලී අවසන්ය. ගැලවිල්ලක් නැත. රනිල් වික්‍රමසිංහ රුවන්ව හැදුවේ කවදා හෝ එජාපයේ නායකයා කරන්න බලාගෙනය. එහෙත් රුවන් එයට අවශ්‍ය ‘ක්ලීන් සූට්‘ එකේ ජරාව හලා ගත්තේය. ඒ නිසා මතු යම් දවසක එජාපයේ නායකත්වය සජිත්ට මිස මඩ ගාගත් රුවන්ට හිමිකර දීමට කිලී මහරාජගේ සිරස හඩ නගන්නේ නැත.
පසුගිය කාලයේ කවුරුත් පුදුම කරමින් රනිල් විරෝධී සිරස, රුවන් විජේවර්ධනගේ මැතිවරණ ව්‍යාපාරයටත් ඔහුගේ දේශපාලන කටයුතු වැඩි වශයෙන් ආවරණය කරන්නත් සිරස කටයුතු කළේ අනුෂා හරහා කරගන්න බැලූව රාජකාරිය වෙනුවෙන් බව දැන් පැහැදිලිය. මේ අනුව මහරාජා එක ගලෙන් කුරුල්ලන් තුන් හතර දෙනෙකු ඩැහගැනීමට සමත් වී ඇත.
අද ඇවන් ගාර්ඞ් ව්‍යාපාරයට එරෙහිව හඩ නගන්නන් හෙට මහරාජාගේ පාවෙන අවි ගබඩා ජාතික ආරක්ෂාවට තර්ජනයක් හෝ ජාතික ආදායමට කීයක් හෝ එකතු කර ගැනිම ට තිබු අවස්ථාව ඇහිරෙන්නෙ හෝ නැතැයි කියන එකක් නැත.
ජනාධිපතිවරයා කැබිනට් රැුස්වීමෙදී අවන් ගාර්ඞ් පාවෙන අවි ගබඩා ගැන වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බව කිව්වා යැයි රාජිත සේනාරත්න ඇමැති වරයා පසුගියදා කිවේය. අපිත් කියන්නේ මේ ගැන පරීක්ෂණයක් පවත්වා සත්‍යය හෙළි කළ යුතු බවය. ඒ කළ යුතුය. එසේ නොකර දේශිය ව්‍යාපාරිකයකුට කෙළවා දමා වෙනත් ගේම් ගසන්නට මාන බලමින් සිටින් තක්කඩියන්ට ඉඩ දීම වියයුතු නොවේ.
සමාජය හමුවේ ව්‍යාජ සළු පිළි හැඳ සිටින තක්කඩි දේශපාලකයන් මෙන්ම ජඩ මාධ්‍ය ආයතනද රටට හෙළි දරව් කල යුතුය.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Saturday, October 10, 2015
පාවෙන අවිගබඩා ව්‍යාපාරය සිරසේ මහරාජාට..!!!
Posted by
lankanews
at
October 10, 2015
Labels: avengard, Commercial, corruptions ravi, Industrial, killi maharaja, maharaja chemicals srilanka, maharaja media, sirasa tv
පාවෙන අවිගබඩා ව්‍යාපාරය සිරසේ මහරාජාට..!!!
2015-10-10T18:15:00+02:00
lankanews
avengard|Commercial|corruptions ravi|Industrial|killi maharaja|maharaja chemicals srilanka|maharaja media|sirasa tv|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
