ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, October 13, 2015

ඵදා කලාරසාංග ගෙන ආ ෆ්‍රැන්සිස් අද ඇමෙරිකාවේ තනිවී....!!!

ඵදා ස්වාධීන රූපවාහිනියට ජෝතිපාල වැනි ශිල්පීන් කැඳවා ආ ෆ්‍රැන්සිස් වන්නිආරච්චි කලාකරුවා සමග ප්ලෙස්මි ගුවන්විදුලිය වෙනුවෙන් කළ සාකච්ඡාවකී.
අයි.ටී.එන් ආයතනය කා දැමුවේ සහ මිළ කල නොහැකි අතීත වැඩසටහන්,සිනමාපට ගිණිතබා විනාශ කළේ නිව්ටන් ගුණරත්න නම් අයෙකු දේශපාලන පත්වීමෙන් පත්වූ පසුය.ඵම තිරිසනාගේ වකවානුවේදී ෆ්‍රැන්සිස්
වැනි කලා නිෂ්පාදකයන් ඉවත්විය.

පසුව අටපට්ටම් විකටයන් වැනි පුස්සන් ඵහි රජ විය.උන් ආයතනයේ අතීතය මකා දමමින් සිටී.අද එහි සාමාන්‍යාධිකාරී ලෙසින් පත්ව සිටින විජේසිංහ    නැමති මුග්ධයාද කිසිදු මාධ්‍ය දැනුමක් නොමැති ඉස්ගෙඩියකී.අයි.ටී.ඵන්  ආයතනයේ ආරම්භක කැමරා ශිල්පියෙකුවූ හැරල්ඩ් ගේ අවමඟුල සඳහා සහභාගී වීමට වාහනයක් පවා ලබා දීම ප්‍රතික්‍ෂේප කල නරුමයෙකු වන මෙම තිරිසනා කිසිදු සුදුසු කමක් නොමැතිව වුව වසර ගණනාවක් කපටි කමින් සාමාන්‍යාධිකාරී ධූරය දරණ බව එහි සේවකයන් පවසති.
කෝටි ගණනක දූෂණ වංචා පිටිපස සිටින්නේද මොහු බවට අපට තොරතුරු ලැබී ඇත. මූ ගැන විශේෂ ලිපියක් අප විශේෂයෙන් සම්පාදනය කරමින් සිටින බැව් මෙහිලා සඳහන් කරමු.
ලංකානිව්ස්

අණුස්මරන ග්‍රන්ථ වල පවා අද ෆ්‍රැන්සිස් වැනි ජේෂ්ඨයන් ගැන නොලියවේ .බොරු කොණ්ඩ දමා ගත් හොර අටපට්ටමා වැනි විකටයන්ගෙන් තවමත් ස්වාධීන රූපවාහිනිය පිරී පවතී..මේ ෆ්‍රැන්සිස් වන්නිආරච්චි කළාකරුවා සමග අප පැවැත්වූ සාකඡ්චාවක්....

ප්‍රංශයේ සිට විසුරුවා හරිනු ලබන ප්ලෙස්මි ගුවන්විදුලි සේවයේ අපට සිතුනා ඉතාම දැවෙන්තයෙක්, ප්‍රවීනයෙක්, ඒවගේම දක්‍ෂතම කලාකරුවෙක් වන ෆැන්සිස් වන්නිආරච්චි මහතාව සහභාගි කරගන්න පිලිසදර වැඩසටහන සදහා. ඔහු දැනට ජීවත්වන්නෙ ඇමරිකාවේ. මේ සමග අප වැඩසටහනේ දෙවෙනි අදියරයත් ආරම්භ කරනවා.
සුමිත්           :  ආයුබෝවන් ෆැන්සිස් අයියා
ෆැන්සිස්        :  ආයුබෝවන්
සුමිත්           :  ෆැන්සිස් අයියාගේ මතකය නිවැරදි නම් මට ෆැන්සිස් අයියා ගැන තියෙන්නෙ, ස්වාධීන රූපවහිනි සේවයේ ඉස්සෙල්ලාම ගීත වැඩසටහන් සම්බන්ධව අප අතරින් වියෝ වෙච්ච ගායක ගායිකාවන් විශාල පිරිසක් මුලින්ම රූපවාහිනියට හදුන්වලා දුන්නෙ ඔබතුමා. ඒ ගැන මතකයක් කිව්වොත් එහෙම මුලින්ම.
ෆැන්සිස්        :   මට මතක් වෙනවා  ඒ කාලේ, මෙය  ඕනෑ කර  තිබුනේ හිටපු නිසි බලධාරි ආරම්භක, තේවිස් ගුරුගේ මහත්තයාට. එතුමා මට කැදවීමක් කලා මේ මධු රසාංග කියන ඒ කාලේ ජනප්‍රියම ගීත වැඩසටහන, රූපවහිනි පලවෙනි ගීත වැඩසටහන, ඒක භාරව හිටියේ ප්‍රවීන සංගීතඥයෙක් වන පී.එල්.ඒ. සෝමපාල මහත්මයා. ඉතිං සෝමපාල මහත්මයා එක්ක එක්කහු වෙලා මධු රසාංග ගීත නිර්මානාත්මක විදිහට ඉදිරිපත් කිරීමේ කාර්‍යය මට ගුරුගේ මහත්මයා මට පැවරුවා. සෝමපාල මහත්මයා ගීත පටිගත කරලා තිබුනේ මේ ශිල්පීන් ඉස්සරහා හිටෝ ගෙන පිටුපස්සේ සංගීත කන්ඩායම වාදනය කරනවා, ගායකයා ගයනවා. නමුත් මං සහහාභි වුනාට පස්සේ මම කලේ ඒ ගීතයට අනුරූප වන විදිහට පසුතල නිර්මානයෙන්, එහෙම නැත්නම් පිංතූර ගත කිරීමෙන් ඒවා අනුරූපව ප්‍රේක්‍ෂකයාට ඉතාම සමීපවන ආකාරයට ගීතයේ අර්ථයෙන්, ගීතයේ රසය ඒ ආකාරයට ඉදිරිපත් කරන්න මම උත්සහා ගත්තා. ඒ උත්සහයෙන් ඒ හැම ගීතයක්ම ජනප්‍රිය වුනා. ඒ ජනප්‍රියතාවයෙන් ඒ අයුරින් ඉදිරියටම කරගෙන ආවා. ඒ වගේ ලංකාවේ බොහෝම, එවකට හිටපු, අද ඒ අය එක්කෙනෙක් දෙන්නෙකුට වැඩිය ජීවතුන් අතර නැහැ. බොහෝම ගායක ගායිකාවන් එවකට රූපවාහිනිය මගින් හදුන්වා දෙන්න, ඉදිරිපත් කරන්න, ඒ ආදී අවස්ථා මට ලැබුනා. මම ඒවා කලා. ඒක ඇත්ත වශයෙන්ම කලේ පඩියකට එහෙම නෙමෙයි. ව්‍යජ බලාපොරොත්තු ඇතුව නෙමෙයි, හදවතින්ම ගීතයට, කලාවට, ශිල්පීන්ට රසාස්වාදයට ඇති ආදරය, ඇල්ම නිසා. ඒ ආකාරයෙන් තමයි අපි ඉතිං ඔය රූපවාහිනි වල කටයුතු කලේ. ඊට  පෙරත් වේදිකාවෙත් සිනමාවෙත් කැපවීමෙන් කටයුතු කලා. අපි හම්බ කරපු දෙයක් නැහැ. ඕක තමයි මගෙ මතකය අවදි කලොත් මට කියන්න තියෙන්නෙ.
සුමිත්           :  ඒ වගේම  අපට මතක්  වෙනවා ඒ දවස් වල  ෆැන්සිස් අයියා  මෙහෙවපු  වැඩසටහනක් තිබ්බා කලා රසාංග, ඉතාම ජනප්‍රිය වුනා ඒ අවදියෙ. විශේෂයෙන්ම වේදිකා නාටය්‍ය ගැන, විවිධ කලාකරුවන් ගැන, කලා තොරතුරු ගැන මෙම කලා රසාංග වැඩසටහන තුලින් ඉදිරියට ගෙන ආවා. ඒ ගැන මතකය බිදක් අවදි කලොත්, ඔබතුමා.
ෆැන්සිස්        :   ඇත්ත  වශයෙන්ම  ඒකත් අර ආරම්භ  කරපු  කාර්‍යයේ  ථලයක්.  තේවිස් ගුරුගේ මහත්තයාම මට කතා කරලා කිව්වා, මෙහෙම දෙයක් ඒ කාලේ තිබුනා, කොයි කාලෙත් සමකාලීන දෙයක්නෙ මේ කැපිල්ල කියන දේ. ඔව් ඒක ඉතිං හැමදාම මනුස්සයන්ගෙ උරුමයක්. ඒ කාලේ එච්චර අපට තේරුනේ නෑ. තරහාත් යනවා. දැන් ඒක සරල දෙයක් වගේ. ඒ කැපිල්ල ඉතිං ඒ කාලේ ආපු නිසා බොහොම ගැටුම් ඇති වුනා මධු රසාංගය කිරීමේදි සෝමපාල මහත්තයයි මමයි අතර. දෙන්නෙක් නිශ්පාදනය කරන්න ගියහම ඒක ඉතිං එහෙම වෙනවා. ඊට පස්සේ මට වුන හොදම දෙයක් තමයි  ගුරුගේ මහත්තයා කතා කරලා කිව්වා ඕක පැත්තකට දාලා තමුන් තනියම එකක් වේදිකාවට යොමු කරලා පටන් ගන්න කියලා.
සුමිත්           :   ඔව්, වේදිකාව  සම්බන්ධ කරගෙන.
ෆැන්සිස්        :   ඒකෙන්  පස්සේ  මම  කිව්වා, මම  ටිකක්  කල්පනා  කරලා - මම  හරි  කැමති වුනා මොකද මම මේ සංගීත ලෝකේ නෙමේනේ ඇත්ත වශයෙන් මම හිටියේ. සංගීත ශිල්පීන් ඇසුරු කලාට ඒ විෂයේ නෙමේ නිරත වෙලා හිටියේ. මම හිටියේ ඇත්ත වශයෙන්ම රූපවාහිනියට පිවිසෙන්න ඉස්සෙල්ලා වේදිකාවෙ. ඉතිං වේදිකාව මට හරියට ජීවිතය වගේ.
සුමිත්           :   ඔව් මට මතකයි ඒ දවස් වල ෆැන්සිස් අයියා නිශ්පාදනය කලා සුභ සහ යස නාටය්‍ය එහෙම.
ෆැන්සිස්        :   සුභ සහ වසභ. සුභ සහ යස මම රගපෑවා සහ මං නිශ්පාදන කලමනාකරු වශයෙන් ඒකේ කටයුතු කලා. ඒක කලේ සයිමන් නවගත්තේගම. මම ඊට පස්සේ සුභ සහ වසභ නාටය්‍ය ලියලා අදියුරු කර නිශ්පාදනය කලා. ඔය වගේ නාටය්‍ය ගනනාවක් මම කලා වේදිකාවේ. මං කිව්වා ගුරුගේ මහත්තයාට විවිධ කලාකරුවෝ, විවිධ කලාවන් පිලිබදවත් ඇතුලත් කරලා මේ වැඩසටහන පූර්න කරමු කියලා. ඒ වගේම කලා තොරතුරු පත්තර වල තිබුනාට සමාන්‍යයෙන් බොහෝ ප්‍රේක්‍ෂකයන්ට, පාඨකයනට දැන ගන්නවාට වඩා ටිකක් වැඩියෙන් විස්තර ලබා දෙන්න පුලුවන්කමක් තියෙයි කියලා. ඉතිං කලා තොරතුරු ඇතුලත් කරලා පූර්න ඒ වගේ වැඩසටහනක් හැදුවා. එය මං නම් කලා "කලා රසාංග" කියලා. ඔය කලා රසාංග වැඩසටහනට අනුමැතිය දුන්නා, ඒ කලේ හිටපු අපේ වියාපාර කලමනාකරු ප්‍රේමරත්න හේරත් මහත්තයා. ඔය විදිහට තමයි කලා රසාංග පටන් ගත්තෙ. ඉතිං මම කලා රසාංග වැඩසටහන මගින් කතා නොකරපු පැත්තක් පටන් ගත්තා. අපේ මේ හැම එකකම කලාකරුවෝ කලාව කරන්න මුල් වුන යුගයක් තිබුනා. කලාව කියන්නෙ අපේ ජීවිතයේ ආරම්භයත් එක්ක එන දෙයක්. ඒක නෙමයි මේ විවිධ මාධය්‍ය වල බොහෝම ජන සමීපයත්වයට එන තරමටම ඉදිරිපත් කරන්න මූලික වුනා, ලංකාවේ මූලික වුනේ ඇත්ත වශයෙන්ම පැරනිම ටවර් හෝල් යුගයේ නාටය්‍ය කියලා කියන්නේ. ඊටත් ඉස්සෙල්ලා ටවර් හෝල් යුගය ආරම්භ වෙන්නත් ඉස්සෙල්ලා පැරනි නාටය්‍ය සම්ප්‍රධායන්, ඒ නාටය්‍ය සම්ප්‍රධායෙන් මේ කලාව ඔක්කොම පිරිලා තිබුනා.
සුමිත්           :   ඔබ කියන්නේ නූර්ති වගේ ,
ෆැන්සිස්        :   නාටය්‍ය රචනා කලාව, රංගන කලාව, ඇදුම් ආයිත්තම් වල කලාව, කලා පසුතල නිර්මාන, සංගීතය, ගායනය, මේ හැම එකක්ම ඕකේ සංකීර්නව තිබුනා. ඒවා එක එක ආකාරයෙන් වෙන් වෙන්ව, හරියට මේ මල් වත්තක මල් දිගෙන් දිගට හැමැ තැනම පිපිලා ගියා වගේ. ඔය විදිහට කලාවේ අංග විසිරුනා ලංකාවේ. ඉතිං මේ උදවිය ගැන මතකට ගිහිං ඒ උදවියව අපිට මුනගැහිලා, මම බොහෝම දුරට ඒ උදවියගෙන්ම 1990 මැද භාගයේදි හිටපු ටවර් හෝල් යුුගයේ ඉතිරිව සිටි ශිල්ප ශිල්පියන් ඇසුරු කලා. මම නාටය්‍ය ගවේෂනය වගේ විෂයක් කරන කාලේ මා ඒ අයව ඇසුරු කරලා හුග දේ දැනගත්තා. ඉතිහාසය, නාටය්‍ය කලාව, ලංකාවේ නාටය්‍ය කලාව. ඉතිං මේ දේ දැනගත්තා වගේම ඒ අයව, ඒ වෙලාවේ ජීවතුන් අතර හිටපු ඒ අයව, හැම කෙනෙක්ම පාහේ ඔය කලා රසාංග වැඩසටහනට ගෙනවිත් හදුන්වා දෙමින්, ඔවුන්ගේ සේවා අගය කරමින්, ඔවුන්ට ඒ ප්‍රසාදය ලබා දෙන්න මට හැකි තරමින් මම උදව් කලා කියන එක මට කියන්න පුලුවන්. මට නිහතමානි ආඩබරයකුත් එනවා. ඒ වගේම මම පැරනි කලාකරුවන් පමනක් නොවෙයි නූතන යුගයේ විවිධ කලාකරුවන්, නූතන යුගය කියන්නෙ 2005 - 2015 අතර කාලය නොවෙයි, එවකට නූතන යුගයේ හිටපු කලාවේ නියැලිව කටයුතු කලාවූ ප්‍රවීන සහ ආධුනික කලාකරුවන් හැම කෙනෙක්ම. යම් කෙනෙක් නිර්මානයක නියැලි නම් ඒ නිර්මානය පිලිබද හදුන්වා දෙන්නටත්, ඒ කලාකරුවා ගෙන්වා ගෙන සාකච්ඡා කරන්න තරම් මම කලා රසාංග තුලින් උත්සහා ගත්තා. තව විශේෂ දෙයක් තමයි රූපවාහිනි මාධය්‍යකින් සහ කිසිම, මම හිතන්නෙ ඒ කාලේ ගුවන් විදුලියේ වුනත්, පුවත්පත් වල වුනත් මරණ දැන්වීමක් දාන්න ඕනෙ මුදල් ගෙවලා. අපි පටන් ගත්තා විශේෂයෙන් කලාකරුවෙක්ගෙ, මේ නිකං හැම දෙනාගෙම නෙමේ - එතකොට ඒකට අගයක් නෑනේ - කලාවෙ නියැලි සිටියා වූ කලාකරුවා හරි කලාකාරිය හරි මියයෑමේදි අපි උත්සහා ගත්තා එයාව සිහිපත් කර එයාගෙ අවමංගලය්‍ය දිනට ඒ අවමංගලය්‍ය ගැන හදුන්වා දෙන්නටත්, ඇයගේ හෝ ඔහුගේ සේවාව අගය කරන් අයුරින් කෙටියෙන්  වැඩසටහනක් ඉදිරිපත් කලා. ඒ අනුව ශේෂ්ඨ කලාකරුවන් බොහෝ දෙනෙකුගේ අනුස්මරන වැඩසටහන්ද අපි ‍කලා රසාංග තුලින් ඉදිරිපත් කලා. ඒ වගේම මං හුගක් උත්සහා අරගෙන ‍ස්වාධීන රූපවාහිනියේදි කලා රසාංග වැඩසටහනට අමතරව අනුස්මරන වැඩසටහන්ද ඉදිරිපත් කල වග මට මේ වෙලාවේ කියන්න පුලුවන්. බොහෝ ප්‍රවීන කලාකරුවන් පිලිබදව මහාචාර්‍ය සරත්චඳ්‍රයන්, ගරු මර්සලින් ජයකොඩි කලාශූරි පියනම,
සුමිත්           :   හියුගෝ මාස්ටර්
‍ෆැන්සිස්        :  දයානන්ද ගුනවර්ධන, එතකොට ගුනසේන ගලප්පත්ති. ඒ වගේම සිනමාවෙත් ජී.ඒ.ඩබ්. ජයමාන, සිරිසේන විමලවීරයන්, එක එක විෂයන් වල ප්‍රවීනයෝ පිලිබද විශේෂ වැඩසටහන් අනුස්මරනය. ගායන ලෝකේ මොහිදින් බෙග්, ධර්මදාස වල්පොල, එච්.ආර්. ජෝතිපාල. මං හිතන්නේ ජෝතිපාලගෙ වැඩසටහන තරම් ලංකාව තුල අනුස්මරන වැඩසටහන් බිහි වෙච්ච කිසිම දේශපාලාඥයකුගේ හෝ වෙනයම් කලාකරුවෙකුගේ හෝ වෙන ප්‍රභූවරයෙකුගේ හෝ බිහිවෙලා නැති තරම්. ජෝතිපාලගේ වැඩසටහන් දැන් අවුරුදු 30 ආසන්නයි, මේ හැම වසරක් පුරාම දැන් වෙනකොට හැම මාධය්‍යක්ම ජූලි 7 ජෝතිපාල ගැන අනුස්මරන කරන්න, ඔහු අගය කරන්න, ඔහුගේ ගීත ආවඩන්න කටයුතු කෙරෙනවා. ඒක ගැන මගෙ හදවතින්ම හරි සතුටක් දැනෙනවා. මොකද මම වෙනත් කලා රසයන් විදින කාලේ ජෝතිපාල ඒ ගීත කිව්වේ. ඔහුගෙයි මගෙයි දෙරසයක් තිබුනත් අපි දෙන්නා හදවතින් එක බැදියාවක ඉන්න මිතුරෝ වගේ. ඇත්තවශයෙන්ම ඔහුගේ ජෝති රාතිය නැමති ඔහුගේ ගීතාවලිය එකතු කරපු මම ඒකේ නිර්මාපකයා වශයෙන්ද ඔහු එහි නිශ්‍පාදකයා වශයෙන්ද කටයුතු කරලා ජෝති රාතියත් ඔහු මිය යනතුරුම පැවැත්වුවා. ඉතිං මං මේ කියන්න ගියේ, ‍ස්වාධීන රූපවාහිනියෙන් වෙන් වෙලා අවුරුදු 15 වෙනවා. තවමත් ඒ අනුස්මරන වැඩසටහන් විවිධාකරයෙන්, අද  ජෝතිපාලව දැකලවත් නැති අය ඉදිරිපත් කරනවා. මම ඒකට පරිභව කරනවා නෙමෙයි, මම ඔවුන්ට කෘතඥ වෙනවා ඒ කලා ශිල්පියාව ඇගයීම. නමුත් දැන් කරන වැඩසටහන් බොහොමයකදි ඔහුව නොදැක ඔහු ගැන හරි අවබෝධයක් නැතිව ඔහු ගැන කතා කරනවා. සතය්‍ය කතා කරනවා කියලා මට පිලිගන්න බැහැ. ඇත්ත දැන්  ජෝතිපාල ගැන කතා කිරීමේදි දැනුවත්ව තියෙන පුද්ගලයා හෝ පුද්ගලයන් අතර - මම මේ - මං ඉතිං ඈතක හිටියත් කතා කිරීමේ අවකාශයක් ලැබෙන්නෙ නැතිව, ඇත්තවශයෙන්ම මම ඉතා අගය කරනවා වැඩසටහන් කිරීම ගැන. නමුත් සතය්‍ය ප්‍රකාශ වන අයුරින් ඔහුගේ ගීත රසස්වාදය ඔහු මිය ගිහිල්ලත් අවුරුදු 30 යනතුරුත් මෙපමන කාලයක් ඒ ගී රස පරම්පරාවෙන් පරම්පරාවට රස විදිමේ, රාව ප්‍රතිරාව නැගීමේ බලය මොකද්ද, ශක්තිය මොකද්ද, අනුගහය මොකද්ද. මේ අනුබලයට හේතුව ඔහුගේ ගායන මිහිරියාවයි සංගීතයයි විය යුතුයි. තව එකක්, ජීවිතේ ගත කරපු යහපත්කම් උඩ ඔනෑම කෙනෙක්ගේ යහපත ථල දෙනවා මිය ගියත්.
සුමිත්           :   අනිත් එක මට මේ අවස්ථාවේදි මතක් වෙනවා ජෝතිපාලගේ ගීත ඇත්ත වශයෙන්ම තියෙන්නෙ ස්වාධීන රූපවාහිනියේ පමනයි. ඔහු රූපවාහිනියට ගියේ නැහැ. මොකද්ද ඒ කතාව.
ෆැන්සිස්        :  ඒක ඇත්ත. රූපවාහිනිය බිහි වුනාම ඔහුට එවකට හිටපු පාලකයන් අගෞරවය  වන ආකාරයට තමයි රූපවාහිනියට එන්න කියලා ආරාධනා කලේ. ඔහුගේ හිත පෑරුනා. ඔහු එතකොට ජනපියතාවයේ මුදුනේ හිටපු ගායකයා. ඒක නිසා ඔහු කිසිදාක මිය යනතුරු රූපවාහිනිය කොහොමද කියලවත් දැකගන්න අඩිය තියලා නැහැ. අඩිය තිබ්බේ නැහැ. ආවෙම මා කැදවාගෙන ආ ස්වාධීන රූපවාහිනියට පමනයි. ඔහු ඉතාම භක්තියක් ආදරයක් ස්වාධීන රූපවාහිනියට තිබ්බා. ඒ නිසා ඔහු ගීත කිහිපයක්, ජනපිය ගීත කිහිපයක් ඔහුගේ රූපගත කරලා තියාගන්න අපිට පුලුවන් වුනා. මා ස්වාධීන රූපවාහිනියෙන් ඉවත්ව යනතුරුම ඔහුගේ ගීතත්, සියලුම මා විසින් පටිගත කල, රූපගත කල සියලුම කලාකරුවගේ ඒ රූප, ඒ නිර්මාන රැකගෙන තිබුනා. මට ආරංචි හැටියට මා ඉවත්ව ආවාට පස්සේ ඒවා ගැන අගයක් නොතියෙන නොලැබී ඇති අය ඒවායේ සේවයට බැදුනු පසු ඒවා නාස්ති කල බව මට ආරංචි වුනා. මගේ හදවත ඉතාම ශෝකයෙන් පෙලුනා. ඉතිං මොනවා කරන්නද, හැමදාම ලෝකයේ කිසිම දෙයක් ස්ථීර නැහැනේ. හැම දෙයක්ම අස්ථිරයි. හැම දෙයක්ම නැතිවෙන සුලුයි. බුදු දහමෙත්, කිතු දහමෙත් ඕක හොදට කියලා තියෙනවා. ඉතිං අපි සැලෙන්න, දුක් වෙන්න අවශය්‍ය නැහැ. නමුත් මෝඩකම් කරන්න එපා කියන එක කියන්න ඕනෙ පවතින ලෝකෙ. ඉතිං සුමිත්, ඔය විදිහට තමයි අපි ඔය කලා රසාංග කියන වැඩසටහන ඉදිරිපත් කලේ. ඉතාමත්ම කැපවීමෙන් දිවා රෑ වෙහෙසීමෙන් සතියක වැඩසටහන කරුනු හොයන්න මට බොහෝම වෙහෙස වෙන්න වුනා.
සුමිත්           :   ‍ඔව්, මට මතකයි.
ෆැන්සිස්        :  මට මතකයි සුමිතුත් ඒ කාලේ කරපු වැඩසටහන "විමසුම". විමසුම වැඩසටහන සුමිත් කරනකොට සුමිත් කොයි තරම් වෙහෙසීමෙන් කැපවීමෙන් කටයුතු කලාද කියලා. විමසුම කරනකොට ඔබ යම්කිසි වින්දනයක්, විනෝදාස්වාදයක් ලැබුුවා වගේම ඔබ විශාල මෙහෙවරයකුත්, ඔබ ඒ වගේම හුගාක් උදවියට අතහිත දෙන්නටත් ඔබ උත්සහා ගත්ත වග, ඒ වගේම ඔබට "සුමති" සම්මාන උලලෙදි ඔබට සම්මානය ලැබුනා. මං එවකට ඔබ ලග හිටියේ, ඒ වෙලාවේ ඔබ සම්මානය අරගෙන ඇවිත් ඉස්සෙල්ලාම මගේ අතට දුන්න වග මට තාමත් මතකයි. සම්මානයත් අරන් ඔබ අපි ආවේ මගේ නිවසට ඒ රාතියේම. මට ඉතාමත් මතකයේ තියෙන අවස්ථාවක් ඒක ජීවිතයේ. ඔය වගේ අපි, සුමිත්ලා වයසට ගිය පසුවත් එකට එක්කහු වෙලා කටයුතු කලා. බොහොම තරුන උදවිය ඒ ඒ ආකාරයෙන් කලාවට කරපු සේවය තේරුම් නොගෙන නොයෙක් නොයෙක් බාධක ඇති වුනා. ඒවා ඉතිං ස්වභාවිකයි.
සුමිත්           :    මට මේ අවස්ථාවේදි මතක් වෙනවා අපේ සුනිල් ජයසිරි මිතුරාවත්, අපේ නැති වෙච්ච සහෝදරයාවත්.
ෆැන්සිස්        :  සුනිල් ජයසිරි හොද හිතවත් මනුස්සයෙක්, ඕන කෙනෙකුගේ විපතකදි දුවලා පයින පුද්ගලයෙක් අපි අතර හිටපු, නිෂ්පාදකයන් අතර හිටපු. ඔහුගේ නිර්මාන කලාවක් මට දකින්න ලැබුනෙ නැහැ. නමුත් ඔහු හොද සේවා ස්ථානයක සිටිය යුතු හිත හොද පුද්ගලයෙක්. සුනිල්ගෙන් අනිත් අයට උදව් උපකාර ලැබිච්ච කෘතවේදි පුද්ගලයෙක්.
සුමිත්           :    අද දවසේ ඔබ කාලය ගත කරන්නේ කොහොමද. ෆැන්සිස්          අයියා, ඔබ දැන් විදේශයේ ජීවත් වෙන්නේ, ඇමරිකාවේ කැලිෆෝනියා පාන්තයේ. අද දවස වෙනකොට ඔබ කොහොමද කාලය ගත කරන්නේ. ඔබගේ අලුත් නිර්මානයක් කරනවාද ඔබ. නැත්නම් නිවසට වෙලා සිටිනවාද. අපට විස්තර කරන්න.
ෆැන්සිස්        :  දැන් මගේ තත්වය පවසන්න දැන් මටම දුකයි. ඒ වුනාට මම හිනාවෙලා කිව්වෙ සැනසීමෙන් කල් අරිනවා. ඒ මාව දෙවියන් විසින් එක්තැන් කරලා තිබෙනවා. ඒත් මම එහාට මෙහාට යනවා බස්තම්, වෝකර් ආධාරයෙන්. විශේෂයෙන්ම මාගේ භාර්‍යවගේ දරුවන්ගේ සැලකීම මත දෙවියන්ගේ පිහිටෙන් මම තාම ජීවත් වෙනවා. මම දැන් ඉතා අසාධය්‍ය වකුගඩු රෝගියෙක්. දැන් වසර 7 පමන කාලයක් තිස්සේ මා මෙහි රෝගාතුරුව වෙසෙනවා. මම මුල් වසරවල නම් මම මෙහෙදි නිර්මානවල යෙදුනා. ඊට පස්සේ මම එක්තැන් වුනාම ලියන කටයුතු කරගෙන ආවා. මේ අමාරුව අසාධය්‍ය වුනාම මට ලියන්නටත් කියවන්නටත් බැරි තත්වයක් අද තියෙන්නේ. පේනවා මදි, අත පය ඉතිං වාරු නැහැ. ඉතිං ඒ වුනාට ඔය සැනසීමෙන් ඉන්නවා. මට ඉතිං දරුවෝ මට උවමනා දේවල් ගෙනත් දෙනවා. භාර්‍යවත් මට එයාගෙ අසනීප උඩ වුනත් අවශය්‍ය කෑම බීම උයා දෙනවා.
සුමිත්           :   ඔබතුමාට ආ සාවක් නැද්ද නැවත මව්බිමට ගිහිල්ලා එන්න.
ෆැන්සිස්        :  මව්බිමට යන්න මට ඉතාම ආසාවක් තියෙනවා. ඇත්තවශයෙන්ම මගේ මරනය මගේ මව්බිමේදි සිදුවෙනවා නම් කියන හැගීම මට මතුවෙනවා. මම ඇත්තවශයෙන්ම මව්බිමේ හිටියා නම් දැන් මෙලහකට අවුරුදු 15 ක් විතර මගේ දානයේ කටයුතු සිදුවෙනවා. මං මව්බිමේ හිටියා නම් ප්‍රශ්න වලින්ම වෙලිලා වෙලිලා . .
සුමිත්           :   මානසික ප්‍රශ්න !
ෆැන්සිස්        :  හිතේ දරාගන්න බැරි අමාරු තත්වයකින් මම මියැදෙන්න පුලුවන්.  මගේ සමකාලීනයෝ ඔක්කොම වගේ මිය ගිහිං. එක්කෙනෙක් දෙන්නෙක් පමනයි අද ජීවතුන් අතර සිටින්නේ. හොද වෙලාවට දෙවියන් විසින් මාව මේ රටට එව්වා. නමුත් මම කියන්නෙ නැහැ මම මේ රටේ සතුටින් ඉන්නවා කියලා. මා සැනසීමෙන් ඉන්නවා. සතුටින් ඉන්නවා කියලා කියන්නෙ නැත්තේ මට මව්බිම, අපේකම, මේවා අපට අහෝසි වෙලා. මෙහේ සියලු සම්පත් තියෙනවා. කන්න බොන්න ඕනේ දේවල්, යන්න එන්න තැන්, වාහන, හැම පහසුකමක්ම තියෙනවා. බොන්න ඕන්නම් නාන්න පුලුවන්. නමුත් ඒ හැමදෙයක්ම තිබුනත් අපේකම නැහැ. අපි සිංහලයෝ වශයෙන් මෙහෙම කතා කරන්නවත් අපිට කෙනෙක් නැහැ. සිංහලයෝ හම්බ වෙන්නෙ දවස් 3-4 ට සැරයක් එක්කෙනෙක් දෙන්නෙක් වගේ. ඒ වගේ හරි දුලබයි මම ඉන්න තැන.
සුමිත්           :   බොහෝම හුදකලා වූ ගතියක් තියෙන්නෙ.
ෆැන්සිස්        :  නමුත් සිංහල ජනතාව ඉන්නවා ලක්‍ෂයකට වැඩිය මුලු ඇමරිකාව පුරාම.  නමුත් අපි අසල්වැසි කමක්වත් නැහැ. කතා කරන්නවත් නැහැ. අපේ භාෂාව අපිට රැකගන්න, අපිට කතා කරන්න, ඇසුරු කරන්න කෙනෙක් නැහැ. ඒත් එවැනි තත්වයක තමයි පසුවෙන්නේ. ඒ ගැන අපි ශෝක වෙනවා. නමුත් කරන්න දෙයක් නැහැ. ඒක මේ දෛවය. අපේකම නැහැ. අපිට ඥාතීන් නැහැ. හිතමිතුරන් නැහැ. භාෂාව නැහැ. අපේ සාහිතය්‍ය නැහැ. අපේ කලාව නැහැ. අපේ සංස්කෘතිය නැහැ. ඒ ඔක්කොම නෑ නෑ නෑ. හැම දෙයක්ම තියෙන්නේ වය්‍යාජ. ඒවා ඇත ඇත ඇත. ඉතිං ඕක තමයි. ඔය දෙක අතර මම ජීවත් වෙනවා. ඉතිං මට නිර්මාන කරන්න ශක්තියක් නැහැ සුමිත් දැන්. ලියන්න කියන්න ඔලුවෙන් කෙරෙනවා, ඉතිං ලියන්න කියන්න විදිහක් නැහැ. ඔය යාන්තම් පද හතරකට, කවියකට ලියාගෙන තියාගන්නවා මොනවා හරි ලොකු අදහසක් ආවොත්.













සුමිත්           :    ඔබ වැනි ශේෂ්ඨ කලා ශිල්පියෙක්, ෆැන්සිස් වන්නිආරච්චි කිව්වහම මුලු ලංකාවම දැනුවත් වූ යුගයක් තිබ්බා. හැමෝම දන්න කාලයක් තිබ්බා. තාමත් එහෙමයි. ඔබ ගැන ඉතාම ගෞරව සම්පන්න හැගීමක් මා සිත් තුලත් පවතිනවා. ඒ නිසාම තමයි මට හිතුනේ ඔබ වැනි ශේෂ්ඨ පුද්ගලයෙක්, ශේෂ්ඨ සහෝදරයෙක් වැනි, වැඩිමහල් සහෝදරයෙක් වැනි, ඔබ වැනි පුද්ගලයෙක්ව මට මේ පිලිසදර සදහා සහභාගි කරවා ගතයුතුයි කියලා. ඉතිං බොහෝම ස්තූතියි, ෆැන්සිස් අයියා. ඔබට නිදුක්, නිරෝගී, වාසනාවන්ත දීර්ඝායුෂ මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තූතීයි මේ අපිත් සමග ප්ලෙස්මි ගුවන්විදුලිය වෙනුවෙන් පිලිසදරට එකතු වුනාට. ආයුබෝවන්.
ෆැන්සිස්        :  ඔබටත් බොහෝම ස්තූතීයි මා වැන්නෙක් එකතු කරගැනීම ගැනැ. ස්තූතීයි.
සුමිත්           :  ආයුබෝවන් ෆැන්සිස් අයියා.

සාකච්ඡාව මෙහෙයැවීම  සුමිත් ජයන්ත ඩයස්
සාකච්ඡාව වාර්තාකථනය  නිශායා රන්වල

(function() { var v = document.createElement('script'); v.async = true; v.src = "http://assets-prod.vicomi.com/vicomi.js"; var s = document.getElementsByTagName('script')[0]; s.parentNode.insertBefore(v, s); })(); ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.