2011 ජුනි 14 වැනිදා එළිදැක්වූ චැනල් 4 චිත්‍රපටය කැලම් මැක්රේ විසින් නිර්මාණය කර ඇත.
එහෙත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් දක්වන්නේ ද්‍රවිඩ භාෂාවෙන් කතා කරන හඬ ඉවත් කර ඊට සිංහල භාෂාව හඬකවා ඇති බවත්, එය තමිල්නාඩුවේ චිත්‍රාගාරයක සිදු කර ඇති බවත් ය.
මෙම චැනල් 4 සත්‍ය පිටපතේ පිළිබිඹු වන්නේ සිංහල සෙබළුන් බවට සැක කෙරේ. මෙකී චැනල් 4 චිත්‍රපටයේ සත්‍යතාවය සොයා බැලීමට ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් කළ යුතු බව මැක්ස්වෙල් පරණගම කොමිසම නිර්දේශ කර ඇත.
ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ද මෙම චැනල් 4 චිත්‍රපටය ඉදිරිපත් කර තිබුණි.
ද්‍රවිඩ භාෂාවෙන් කතා කරන හඬ ඉවත් කර ඊට සිංහල භාෂාව හඬකවලා
ලොව පුරා මහත් ආන්දෝලනයකට ලක්වූ ශ්‍රී ලංකාවට එරෙහි චැනල් 4 චිත්‍රපටයේ සත්‍ය පිටපත විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් කණ්ඩායමක් විසින් වසර හතරකට පසු සොයාගෙන ඇත. මෙතෙක් චැනල් 4 චිත්‍රපටයේ සත්‍යතාවය හෙළි වී නොතිබුණි.
යුද අපරාධ සිදු කරන දර්ශන අඩංගු මෙම චැනල් 4 චිත්‍රපටයේ සත්‍ය පිටපතේ ද්‍රවිඩ භාෂාවෙන් කතා කරන භටයන් පිරිසක් දර්ශනය වේ. එහි පිටපතක් එකී ශ්‍රී ලාංකික කණ්ඩායම එවා තිබුණි. 2011 ජුනි 14 වැනිදා එළිදැක්වූ චැනල් 4 චිත්‍රපටය කැලම් මැක්රේ විසින් නිර්මාණය කර ඇත.
මෙම චැනල් 4 සත්‍ය පිටපතේ පිළිබිඹු වන්නේ සිංහල සෙබළුන් බවට සැක කෙරේ... මෙකී චැනල් 4 චිත්‍රපටයේ සත්‍යතාවය සොයා බැලීමට ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් කළ යුතු බව මැක්ස්වෙල් පරණගම කොමිසම නිර්දේශ කර ඇත. ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ද මෙම චැනල් 4 චිත්‍රපටය ඉදිරිපත් කර තිබුණි.

ඒ අතර, චැනල් ෆෝ නාලිකාව විසින් නිර්මාණය කළ 'No Fire Zone' චිත්‍රපටය ශ්‍රී ලංකාවේ රූපවාහිනි නාලිකාවල විකාශය කරන ලෙස මාධ්‍යවේ දී කැලම් මැක්රේ ඉල්ලීමක් කර ඇත.
මෙම චිත්‍රපටය විකාශය කිරීම හරහා සියලු ජාතීන්ට යහපතක් වන බවත් මොහු ප්‍රකාශ කර ඇත. එමෙන්ම මේ වනවිට ශ්‍රී ලංකා රජය මෙම වාර්තා චිත්‍රපටය පිළිගෙන ඇති බවත් හෙතෙම සඳහන් කර ඇත.
කෙසේ නමුත් මේ චිත්‍රපටයට පිළිබඳව පසුගිය කාලයේ බොහෝ දෙනෙක්ගේ විවේචන එල්ල විය.