මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් එම රේගු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කෙරුණි. එහිදී රේගු නිලධාරී සුධීර පරාක්‍රම පැවසූයේ අදාල අල්ලස් ගැනීම සඳහා තමන් පෙළඹූයේ මුදල් අමාත්‍ය කරුපයියාගේ කීම අනුව බවයි. රේගු අධිකාරිය වර්තමානයේදී පාලනය වන්නේ මුදල් අමාත්‍යවරයා යටතේ ය.
කරුපයියා ගැන පළ වූ හෙළිදරව්ව වසන් කිරීමට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ උත්සාහ දරන බව අපට වාර්තා වෙයි.පසුගිය යහපාලන දින 100 දීත් මූ බැඳුම්කර වංචාවක් කළේය.නමුත් රනිල් නැවත මූවම මුදල් ඇමතිකමට පත් කරන ලදින් වහා වහා මඩිය තර කර ගැනීමේ ජඩ හොරකම් දියත් කොට ඇති බවට තවත් සාක්ෂියකී...
ලංකා ගමනා ගමන මණ්ඩලයට අමතර කොටස් ගෙන්වන සමාගමක් විසින් ගෙන්වන ලද අමතර කොටස් තොගයක් සඳහා රේගු ගාස්තු ලෙස රු.කෝටි 150 ක් වැනි අසාධාරණ මුදලක් ගෙවන්නැයි සමාගමට පවසා ඇත. එතරම් රේගු ගාස්තුවක් ගෙවිය නොහැකි බව කියද්දී මෙම වසල නිලධාරීන් තිදෙනා පවසා ඇත්තේ එම මුදල නොගෙවා නිදහස් කිරීමට නම් එක් අයෙකුට කෝටි 5 බැගින් තමන්ට කෝටි 15 ක් අවශ්‍ය බවයි.
පසුව සමාගම මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසම දැනුවත් කර ඇති අතර කොමිසම සමාගමේ අයට පවසා ඇත්තේ ගණන හෙට්ටු කරන ලෙසයි. ඒ අනුව අවසානයේ දී කෝටි 12 හමාරක් අල්ලස් ලෙස ලබා ගැනීමට ඉහත කී වසල රේගු ලොක්කන් තිදෙනා එකඟ වී ඇත.
ඉන්පසුව අද සවස කතිකා කර ගත් ස්ථානයකදී නියමිත අල්ලස් මුදල ලබා ගැනීමට රේගු ලොක්කන් පැමිණි අතර වෙස් වලාගෙන සිටි අල්ලස් හෝ දූෂණ කොමිසමේ නිලධාරීන් රේගු ලොක්කන් තිදෙනා අල්ලස් මුදල් සමගම අල්ලා ගත්හ.
මෙම වැටලීම සති දෙකක් පමණ කාලයක් තිස්සේ ඉතාමත් රහසිගතව සිදුකර ඇති අතර මේ තරම් මුදලක් ලබා දීමට අල්ලස් කොමිසම සතුවද සටහන් තබා ගන්නා ලද මුදල් තිබී නැත. පසුව භාණ්ඩාගාරයෙන් මේ සඳහා මුදල් ලබා ගෙන ඇති අතර අල්ලස් කොමිසමට මුදල් නෝට්ටු වල සටහන් තබා ගැනීමට දින 3 ක් ගත වී තිබේ.
පසුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් එම රේගු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කෙරුණි. එහිදී රේගු නිලධාරී සුධීර පරාක්‍රම පැවසූයේ අදාල අල්ලස් ගැනීම සඳහා තමන් පෙළඹූයේ මුදල් අමාත්‍ය කරුපයියාගේ කීම අනුව බවයි. රේගු අධිකාරිය වර්තමානයේදී පාලනය වන්නේ මුදල් අමාත්‍යවරයා යටතේ ය.
කරුපයියා ගැන පළ වූ හෙළිදරව්ව වසන් කිරීමට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ උත්සාහ දරන බව අපට වාර්තා වෙයි.
