ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, September 11, 2015

හිටංට කරන යාගයකට බිලිවූ PSD බිලි බෝයිස්ලා. ...!!! ඇත්ත පනී...!!!


මිනුවන්ගොඩදී PSD එකේ 4කට මරු කැඳවූ ඩිෆෙන්ඩර් අනතුරේ CCTV වීඩියෝව ....!!!
ඊයේ දිනයේ ජනාධිපති ආරක්ෂක අංශයේ 4කට මරු කැඳවමින් සිදුවූ ඩිෆෙන්ඩර්  රථ අනතුරේ CCTV වීඩියෝව මේ වන විට නිකුත් වී තිබෙනවා. එම අවස්ථාවේ වර්ෂාව අධික කාළගුණයක් පැවතී ඇති අතර බස් රථයට ඉස්සර කරන ඩිෆෙන්ඩර් රථය අනෙක් පසින් එන බස්රථයේ ගැටෙනවා. රථයේ සිටි දෙදෙනෙක් පමණ එම ස්ථානයේදීම මියගොස් ඇති අතර අනතුරෙන් මියගිය ගණන 4ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම තුවාල ලැබූ තවත් පිරිසක් රෝහල් ගතකර තිබෙනවා.වීඩියෝව පහතින්
සිද්ධිය වන මොහොතේදී අසල සවිකර තිබූ CCTV කැමරාවක රථය ඉස්සර කරන අයුරු මෙන්ම බස්රථ දෙක අතරමැදදී ගැටෙන අයුරු සටහන් වී තිබෙනවා.

මෛත්‍රීගේ යාගයට බිල්ලට දුන් PSD නිළධාරින්

අදාළ ජනාධිපති ආරක්ෂක කණ්ඩායම අවමඟුල් උත්සහයකට සහභාගි විම සදහා යමින් සිටියදි අදාළ අනතුර සිදුව ඇති බවයි පොලිසිය මාධ්‍ය හරහා අනාවරණය කර ඇත්තේ.නමුත් සත්‍ය එය නොවේ.
මහින්දගේ ජනප්‍රියත්වය වට්ටන්න මෛත්‍රී-රාජිත-දුමින්ද යාගයක් කරයි-යුධ හමුදා රෝහලේ කල කුමන්ත්‍රණය මෙන්න යනුවෙන් පසුගිය අප්‍රියෙල් 18 වැනිදා මිනුවන්ගොඩ කොටුගොඩ ප්‍රදේශයේ ශාන්ත කපු මහතාගේ දේවාලයේ ආරම්භ කල යාගයේ අවසන් භාගය ඉටුකිරිම සදහා අවශ්‍ය කිලෝ 50ක රන් බරකින් යුතු පිළිමයක් මෛත්‍රීගේ නියෝජිතයන් දෙදෙනෙකු සමග මොටර් රථයකින් යවා ඇති අතර ඔහුන්ගේ ආරක්ෂාවට මෙම  ජනාධිපති ආරක්ෂක අංශයේ කණ්ඩායම යවා තිබේ.(Videoව පහතින් නරඹන්න)
උපුටා ගැන්ම -LNW.TODAY
පසුගිය දිනක පාන්දර ජාමේ මිනුවන්ගොඩ කොටුගොඩ ප්‍රදේශයේ ශාන්ත කපු මහතාගේ දේවාලයේ මෙම යාගය ආරම්භ කර තිබේ.දින ගණනක් මෙම යාගය පැවැත්විමට නියමිත අතර රාජිත සේනාරත්නද අවස්ථා ගණනාවක මෙම ස්ථානයට පාන්දර 2ත් 3ත් අතර පැමිණ යනු අවස්ථා ගණනාවකම ඇවිත් යනු අප වාර්තාකරු නිරික්ෂණය කර තිබේ. ශාන්ත කපු මහතාගේ නිවස වටා සිවිල් ඇදුමින් සැරසුනු ජනාධිපති ආරක්ෂක අංශයේ කණ්ඩායම් 24 පැයේම සැරිසරන බවද අප වාර්තාකරු අනාවරණයි කළා. ලබන 25 වැනිදා දක්වා ශාන්ත කපු මහතා තමන්ගේ ශාන්තිකර්ම කටයුතු නොකරන බවට ප්‍රදර්ශණ පුවරුවක්ද සවිකර තිබේ.
ජනපති මෛත්‍රීපාල සිරිසේන අසනීප වී කොළඹ යුධ හමුදා රෝහලට ඇතුලත් වු බව අප එදා වාර්තාකල අතර අප එහිදි අනාවරණය කළේ කිසියම් ගුප්ත කරුණක් නිසා මෛත්‍රීපාල සිරිසේන රෝහලට ඇතුලත් ව සිටින බවයි.
අදාළ යාගය සම්බන්ධයෙන් සාකච්ඡා හමුදා රෝහල තුල පවත්වා ඇති අතර එම සාකච්ඡා සදහා රාජිත සමහ දුමින්ද දිසානායකකද මෛත්‍රීපාල සමග සම්බන්ධ වි තිබේ.එම සාකච්ඡාවෙන් පසුව මෙම යාගය සිදුකිරිමට කටයුතු සම්පාදනය කර තිබේ.
උපුටා ගැන්ම අවසන් 
අදාළ ජනාධිපති ආරක්ෂක අංශයේ කණ්ඩායමට මෛත්‍රීගේ නියෝජිතයන් ගිය මොටර් රථය අතර මගදි මගහැරන අතර එයට සමිප විම සදහා ගත් උත්සහයේදි මෙම අනතුර වන බව  CCTV දර්ශණ හරහාද තහවුරු වි තිබේ.
මේ අතර රොහල් ගතකර සිටින කිසිදු ජනාධිපති ආරක්ෂක අංශයේ සමාජිකයන් 6 දෙනාගෙන් ප්‍රශ්ණ කිරිම් නොකරන ලෙසත් ඒ සම්බන්ධයෙන් සටහන් තබා නොගන්නා ලෙසත් පොලිසියට ජනාධිපති ආරක්ෂක අංශය මගින් දැනුම් දි තිබේ.
ලක්ෂ වාර්‍යක් ජීවම් කරන ලද අතී ප්‍රභල සුරයක් සහ නවග්‍රහ පල සදහා ජිවම් කරන ලද සදුන් කුඩු සහ විශේෂ සුරුවමක් පසුගියදා මෛත්‍රීපාල ජනාධිපතිවරයා ශාන්ත කපු මහතාගෙන් ගෙන්වා ගෙන ඇති අතර තමන්ට එරෙහි සතුරු කරදර සහ ජනතා ප්‍රසාදය වර්ධනය කිරිම සදහා අවශ්‍ය පුජාවක් පවත්වන ලෙසට කපුවාට දැනුම් දි තිබේන අතර ඒ අනුව අදාළ රන් පිළිමය අද යැවිමට කටයුතු කර තිබේ.
බලයට පැමිණි වහාම ඉන්දියාවේ නිල සංචාරයක යෙදුණු ජනපති සිරිසේන තිරුපති දේවාලයේ සංවිධානය කරනු ලැබූ විශේෂ පුජාවක් සදහා පසුගිය පෙබරවාරි 2 වැනිදා පෙරවරු 2.15 ට පමණ ගොස් ඇති අතර , එම අවස්ථාවවේදී තිරුපති දේවාලයේ ප්‍රධාන පුජකතුමන් විසින් පුජාව පැවැත්වීම සදහා දේවාලයේ රන් දොර ඇරීමට උත්සහ කල අවස්ථාවවේදී ,කොපමණ උත්සහ කලත් එය අසර්ථක වී ඇති අතර., එම රන් දොරට අයත් රත්‍රන් යතුර කැඩී තිබෙන අතර , යතුරේ භාගයක් රන් දොරේහි ඇතුලේ හිරවී ඇති අතර ඉන් පසු අමතර යතුරක් හෝ භාවිතා කිරීමට නොහැකි වී ඇත .
මෙම අවස්ථාවේදී ….මෙය ඉතාමත්ම අසුභ පෙරනිමිත්තක් බව පෙන්වා දී ඇති ප්‍රධාන පුජකතුමන් ,දොර පිළිසකර කරන තෙක් අති පුජනීය තිරුපති රන්දොරට අත තැබීමෙන් වැලකි සිටීම කගේ කාගේත් ජිවිත වලට හොද බව පෙන්වා දී ඇත .කෙසේ වුවද ඉන්දීය රජයේ ආරාධනයෙන් පැමිණි ශ්‍රී ලංකා ජනපති සිරිසේන තිරුපති දේවාලයට පැමිණ රන්දොර ඇරගනිමට නොහැකිව , පුජාවට සහබහාගී නොවී යෑමට, ඉන්දීය රජයට ඉඩ දිය නොහැකි බව සිරිසේන සමග තිරුපති දේවාලය වෙත පැමිණි ඉන්දීය නිලධාරීන් ,දේවාලයේ ප්‍රධාන පුජක තුමන් වෙත දැනුම් දී තිබේ.
පසුව ඉතා අකමැත්තෙන් කියත් භාවිතා කරමින් රන් දොරේ අගුල කපා දොර ඇර ඇති පුජකවරුන් පවසා ඇත්තේ ,මෙය දෙවියන්ගේ අකමැත්තෙන් කරන පුජාවකට හා සමාන බවත් , දෙවියන් මෙම පුජාව ප්‍රතික්ෂේප කල බවත්ය.
පසුව බොහෝ වේලාවක් රන් දොර අරින තෙක් හිටගෙන සිටි ජනපති සිරිසේන සහ සිරිසේන මැතිණිය පුජාව පවත්වා ඇත .
තිරුපති දේවාලයේ රන් දොර කඩා පුජාවක් පැවැත්වූ එකම සහ ප්‍රථම පුද්ගලයා බවට ඉතිහාස ගතවෙමින් ජනපති සිරිසේන පුජාව පවත්වා ඇත . මේ අතර ජනපති සමග මෙම පුජාවට ගිය සමහර ශ්‍රී ලංකික නිලධාරීන් මෙම පුජාවට සහභාගී වීමෙන් වැලකි සිට ඇත.
පසුව පැය 24ක් යන්නට ප්‍රථමයෙන් රන් දොර අලුත්වැඩියා කර අලුත් රන් යතුරක් ලබාදීමට ඉන්දීය බලධාරීන් ක්‍රියාත්මක වී ඇත.මෙම සිදුවීම දැන ගත් බොහෝ බැතිමතුන් සහ පුජකවරුන් පවසා ඇත්තේ මෙය ඉතාමත්ම අසුබ ලකුණක් බවයි එම හේතුවෙන් මෙම යාග හොම සියල්ලක්ම ආරම්භ කර තිබේ.




ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.