ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Sira...!!!

Sira...!!!

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, September 26, 2015

ආත්මය ඝාතනයවූ පාසල් ශිෂ්‍යයා...!!!

අන්තිමේ ඔවුන් දරුවෝ දෙන්නම අරගෙන යන්න ලැහැස්‌ති වුණා.. ඒ වෙලාවෙත් අනේ අම්මේ

මම වරදක්‌ කරලා නැහැ.. මාව බේර ගන්න කියලා මගේ පුතා අඬා අඬා කිව්ව විදිහ දැනුත් මට මැවිලා පෙනෙනවා.. මම කියන්න පුළුවන් හැම විදිහෙන්ම පොලිසියේ මහත්තුරුන්ට කිව්වා මගේ පුතා නිර්දෝෂයි කියලා.. ඒත් ඔවුන් මට කන් දුන්නේ නැහැ..

පුතාව පොලිසියට අරගෙන ගියාට පස්‌සේ මට දරුවව බලන්නවත් ඉඩ දුන්නේ නැහැ.. මම පොලිසියට ගිය වෙලාවේ කොටදෙණියාව ඒ.එස්‌.පී කියා ගත්ත ලොකු මහත්තයෙක්‌ ජරා ගෑණියෙක්‌ට වගේ අන්තිම පහත් විදිහට මට බැන්නා.. අපි මොන වරදක්‌ කළාටද පොලිසිය අපිට මෙහෙම කළේ..  මෙම සිද්ධියෙන් හරියටම සිව් දිනකට පසු ඉකුත් 16 වැනිදා සේයා සදෙව්මි ඝාතකයන් සොයා අකරන්ගහ ගමේ අපූරු මෙහෙයුමක්‌ දියත් කළේය.

ස්‌ත්‍රී දූෂක මිනී මරුවා මූ විය හැකි යෑයි කියමින් අකරන්ගහ ගමේ සේයා දියණියගේ නිවසට නිවාස හත අටකට දුරින් පිහිටි නිවසක සිටි 17 හැවිරිදි පාසල් ශිෂ්‍යයා සහ තවත් සිඟිති දැරියකගේ පියකු වූ 35 හැවිරිදි තරුණ විවාහකයකු කොටදෙණියාව පොලිසියේ නිලධාරින් විසින් ගමට කඩා වැදී කුදලාගෙන යන්නේ එකී මෙහෙයුමට අනුවය.

එම පාසල් ශිෂ්‍යයා සහ විවාහකයා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් මත්ද්‍රව්‍ය පානය කරන්නන්, අසභ්‍ය වීඩියෝ දර්ශන නරඹන්නන් යෑයි රටටම ප්‍රකාශ කරමින් තුට්‌ටු දෙකේ මාධ්‍ය සංදර්ශනයක්‌ පවත්වන්නටද කොටදෙණියාව පොලිසිය අමතක නොකළේය. මෙසේ රහසිගත පොලිස්‌ විමර්ශනයකට කිසිසේත්ම අනුකූල නොවන ආකාරයෙන් ක්‍රියා කළ කොටදෙණියාව පොලිසිය අවසානයේ සේයා ඝාතනයේ සැකකරුවන් ලෙස ඔවුන් දෙදෙනා රක්‍ෂිත බන්ධනාගාරගත කරන්නටද පියවර ගත්තේය.

පොලිසියේ එම කෙරුවාව පිළිබඳ අකරන්ගහ ගමේදී අපට හමුවූ දාහත් හැවිරිදි පාසල් සිසුවාගේ මව වන පුෂ්පා ශ්‍රියානි මහත්මිය හැඬූ කඳුළින් යුතුව කියා සිටියේ මෙවැන්නකි.

අනේ.. මම අම්මා කෙනෙක්‌ විදිහට කොහොමද පොලිසිය මගේ දරුවට කරපු මේ විනාශය දරා ගන්නේ.. එදා මගේ පුතා එයාගේ පාසලේ තවත් යාලුවෙකුත් එක්‌ක ගෙදර නිදාගෙන හිටියේ.. දරුවගේ තාත්තා නැහැ.. ඒ නිසාම මගේ දරුවා ගැන මම ඇහැගහගෙන ඉන්නේ..

පුතා රෑට කොහෙවත් යන්නේ නැහැ.. එදත් යාලුවත් එක්‌ක ගෙදරට වෙලා කතා කර කර හිටියේ.. ඒ ඉඳලා රාත්‍රියේ දෙන්නම නිදා ගත්තා..ඒ මගේ ඇස්‌ ඉදිරියේමයි.. එත් පහුවදා 16 වැනිදා උදේ හයට විතර එකපාරටම සිවිල් ඇඳුම් ඇඳගෙන හිටපු පොලිස්‌ නිලධාරින් පිරිසක්‌ ත්‍රීවීල් එකකින් අපේ ගෙදරට කඩා වැදුණා..

ඒ ඇවිත් ඔවුන් පුතාවයි එයාගේ යාලුවවයි අල්ලගෙන කාමරේ ඇතුළට දාගෙන නොයෙකුත් ප්‍රශ්න අහන්න පටන් ගත්තා.. මුළු කාමරේම අවුස්‌සලා ඊයම් කොළ හෙව්වා.. උඹ කුඩු ගහනවා නේද කියලා පුතාගෙන් සැර කරලා ඇහුවා.. එවෙලේ පුතයි යාලුවයි හොඳටම බය වෙලා හිටියේ..

පස්‌සේ ඔවුන් පුතාගේ ලැප්ටොප් එක අරගෙන පුතාගෙන්ම අහගෙන ඒක පරීක්‍ෂා කරන්න පටන් ගත්තා.. ලැප්ටොප් එකේ ඩොන්ගල් එක ඉල්ලගෙන ඒක සම්බන්ධ කරලා පුතාගෙන් නොයෙක්‌ ප්‍රශ්න ඇහුවා.. මගේ පුතා එවෙලේ හඬා වැටුණා.. ඒත් ගෙදරට ආපු නිලධාරින්ගෙන් කිසිම බුරුලක්‌ ලැබුණේ නැහැ..

ඒ ඔක්‌කොම කරලා අන්තිමේ ඔවුන් දරුවෝ දෙන්නම අරගෙන යන්න ලැහැස්‌ති වුණා.. ඒ වෙලාවෙත් අනේ අම්මේ මම වරදක්‌ කරලා නැහැ.. මාව බේර ගන්න කියලා මගේ පුතා අඬා අඬා කිව්ව විදිහ දැනුත් මට මැවිලා පෙනෙනවා.. මම කියන්න පුළුවන් හැම විදිහෙන්ම පොලිසියේ මහත්තුරුන්ට කිව්වා මගේ පුතා නිර්දෝෂයි කියලා.. ඒත් ඔවුන් මට කන් දුන්නේ නැහැ..

පුතාව පොලිසියට අරගෙන ගියාට පස්‌සේ මට දරුවව බලන්නවත් ඉඩ දුන්නේ නැහැ.. මම පොලිසියට ගිය වෙලාවේ කොටදෙණියාව ඒ.එස්‌.පී කියා ගත්ත ලොකු මහත්තයෙක්‌ ජරා ගෑණියෙක්‌ට වගේ අන්තිම පහත් විදිහට මට බැන්නා.. අපි මොන වරදක්‌ කළාටද පොලිසිය අපිට මෙහෙම කළේ.. පොලිසිය විමර්ශනයක්‌ කරනවා නම් එක එක්‌කෙනා කියන කතා අහගෙන ඒක කරලා හරියන්නේ නැහැ.. හොයලා බලලයි වැඩ කරන්න ඕනේ..

දැන් මේ සිද්ධියේ මිනීමරුවා හෙළි වෙලා තිබෙනවා.. එත් පොලිසිය මගේ දරුවට කරපු අවනම්බුව, අපහාසය අපි මකා ගන්නේ කොහොමද? මගේ දරුවා පහ වසරේ ශිෂ්‍යත්වය විභාගය ඉහළින් සමත් වෙලයි ගම්පහ පාසලට ගියේ.. දරුවට හොඳට ඉගෙන ගන්න පුළුවන්. ලබන අවුරුද්දේ වානිජ අංශයෙන් උසස්‌ පෙළ විභාගයට පෙනී හිටින්න සුදානමින් සිටියේ.. එහෙම හිටපු මගේ දරුවට ඇයි පොලිසිය මේ වගේ අපරාධයක්‌ කළේ..

සැබැවින්ම එකී පාසල් ශිෂ්‍යයාට පොලිසියෙන් සිදු වූ අවනඩුව පිළිබඳ කියන්නට වචන නැත. එය එතරම්ම බරපතළ එකකි. සිසුවාගේ ලැප්ටොප් පරිගණකයේ කාමුක දර්ශන තිබූ බව දැනුදු පොලිසිය කියන කතාවකි. මේ අප ගෙවා දමමින් සිටිනුයේ විසි එක්‌වන ශත වර්ෂය ය. අද අන්තර් ජාලය කාගේත් සාක්‌කුවේ ඇත.

එතින් එවන් තත්වයකදී පරිගණකයක කුණුහරුප තිබීම අරුමයක්‌ විය හැකිද? එය එසේ සිදු නොවිය යුතු නම් පොලිසිය කළ යුත්තේ අන්තර් ජාලයට වැට බැඳීමට කටයුතු කිරීමය. එසේ නොමැතිව විමර්ශනයකදී දෙකොන පටලවාගෙන නහඹු වයසේ සිටින දරුවකුගේ කුතුහලයට දඬුවම් කිරීම කෙතරම් අමනෝඥද...?

සේයා දරුවා නැති වුණාට පස්‌සේ සෙනසුරාදා (12 වැනිදා) පොලිසිය මෙහේ ඇවිත් හැම ගෙයක්‌ම පරීක්‍ෂා කළා.. එවෙලෙත් මල්ලිලා දෙන්නා ගෙදර හිටියා.. පොලිසියේ මහත්තුරු ඒ දෙන්නගෙන් ප්‍රකාශ දෙකකුත් ගත්තා.. එවෙලේ පොඩි මල්ලි පොලිසියේ අයට කිව්වා ගම්පහ පොලිසියේ නිලධාරියෙක්‌ට ගහලා හැංගිලා ඉන්නේ කියලත්..

ගෙදරට ආපු පොලිසියේ මහත්තුරු එදා මගේ මහත්තයගෙනුත් කටඋත්තරයක්‌ ගත්තා.. සේයා දරුවා නැතිවුණ දවසට පහුවැනිදා (සෙනසුරාදා) උදේ 7.00 විතර මගේ මහත්තයා ඇහැරුණේ.. එවෙලේ රෑ ගෙදර නිදාගත්ත ලොකු මල්ලි පේන්න හිටියේ නැහැ.. පාන්දරම කොහෙද ගිහින්..

පස්‌සේ ටික වෙලාවකින් එයා ඇඳගෙන හිටපු සරම සම්පූර්ණයෙන්ම තෙමාගෙන ගෙදරට ආවා. ඒ වෙලාවේ මගේ මහත්තයා ඇහුවා ඇයි සරම තෙමුණේ කියලා.. එතකොට මල්ලී කිව්වා ඔයේ මාලු දැලක්‌ දැම්මා ඒක බලන්න ගියහම තෙමුණා කියලා.. මාලු දැල කවුද අරගෙන ගිහිල්ලා කියලත් කිව්වා.. මගේ මහත්තයා, එයාගෙන් කට උත්තර ගනිද්දී පොලිසියේ අයට ඒ විස්‌තර ඔක්‌කොමත් කිව්වා.. ඒත් මේ විදිහට අපෙන් කටඋත්තර ගත්තු පොලිසියේ මහත්තුරු අන්තිමේ ඕන වුණොත් ආයෙත් එන්නම් කියලා යන්න ගියා.."

සේයා සදෙව්මි දියණියගේ ඝාතනය සහ ඒ සමග කියෑවෙන්නට වූ විවිධ කතා පිළිබඳ සුලමුල සොයා ඉකුත් බදාදා කොටදෙණියාව අකරන්ගහ ගම්මානයට ගිය අපට මේ කතාව කීවේ අන් කිසිවකුත් නොව දැරිය මරා දැමීම සම්බන්ධයෙන් අද දවසේ රහස්‌ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් දෙදෙනාගේ සොහොයුරිය ය.

ඇය කී ලෙස ඇගේ සොයුරන් දෙනොගෙන් වැඩිමල් සොහොයුරා මීට පෙර ළමා අපචාර සිද්ධියකට වසර නවයහමාරක සිර දඬුවම් විඳීමෙන් පසු නිදහස්‌ව පැමිණියෙකි. සේයා දැරිය අතුරුදන් වූ දිනට පසුදා උදැසන සරම තෙමාගෙන නිවසට එන්නේ ඔහුය.. නිවසේ අය ඔහුව හඳුන්වන්නේ නවයහමාර ලෙසිනි. ඒ සිර දඬුවමේ කාලය නිසාය. නමුත් ඔහු සේයා ඝාතන සිද්ධියට සම්බන්ධ නොමැති බව මේ සටහන තැබූ බ්‍රහස්‌පතින්දා සවස පොලිසිය සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ අනුව බලන කල සේයා දැරියගේ ඝාතකයා ඇය අතුරුදන් වීමෙන් පැය විසිහතරක්‌ ගෙවී යැමටත් පෙර කොටදෙණියාව පොලිසියේ නිලධාරින්ට මුණ ගැසී ඇත. එහෙත් මේ දෙසොහොයුරන්ගෙන් එකකු සේයා මරා දැමූ කාලකණ්‌ණියා බව හඳුනා ගැනීමට එකී නිලධාරින්ට නොහැකි වන්නේය.

මෙහිදී "සර් මම අක්‌කගේ ගෙදරට ඇවිත් ඉන්නේ ගම්පහ පොලිසියේ නිලධාරියෙක්‌ට ගහලා" යෑයි පවසා ඇත්තේ මෙකී දෙසොහොයුරන්ගෙන් බාල සොහොයුරා විසිනි. ඉකුත් බදාදා ගම්පහ බෙම්මුල්ල ප්‍රදේශයේ කැලයක සැඟව සිටියදී රහස්‌ පොලිසිය ඇතුළු පොලිස්‌ කණ්‌ඩායමක්‌ දැඩි වෙහෙසක්‌ ගෙන සිදු කළ මෙහෙයුමකින් පසු කොටු කරගනු ලැබුවේ ඔහුවය. සේයා තලා පෙලා ඝාතනය කළේ තමන් බවද මෙකී නරුමයා පොලිසිය හමුවේ මේ වන විට පාපොච්චාරණය කර ඇත.

මේ සිටිනුයේ පොලිස්‌ නිලධාරියකුට පහර දුන් එකෙකු නොවේදැයි යන්නවත් සිතා එදා ඉංගම්මාරුවේදී කළ ප්‍රශ්න කිරීමේදී කොටදෙණියාව පොලිසියේ නිලධාරින් ඔහුව අත්අඩංගුවට ගත්තේ නම් රහස්‌ පොලිසිය සිදු කළ අන්දමේ වෙහෙසකර මෙහෙයුමකින් තොරවම සේයා දැරිය අතුරුදන් වී පැය විසිහතරක්‌ යැමටත් මත්තෙන් සියල්ල අනාවරණය කර ගැනීමට පොලිසියට අවස්‌ථාව තිබිණි.

එසේ කෙරුණේ නම් අද අහිංසක පාසල් ශිෂ්‍යයකු සහ අකරන්ගහ ගමේ තවත් තරුණයකු ස්‌ත්‍රී දූෂක ඝාතකයන් ලෙස නිකරුණේ සමාජය ඉදිරියේ හංවඩු ගැසෙමින් ආත්ම ඝාතනයකට ලක්‌ වන්නේ නැත. නමුත් එය එසේ සිදු නොවීය. කොටදෙණියාව පොලිසියේ මහත්තුරුන්ගේ පොලිස්‌ බුද්ධිය පිළිබඳ ඉදින් තවත් කවර කතාද?

"එදා පොලිසිය ප්‍රශ්න කරලා ගියාට පස්‌සේ දවල් දෙකට විතර මල්ලිලා දෙන්නා යන්න ගියා.. ලොකු එක්‌කෙනා වැඩ කළේ ගඩොල් කපන තැනක.. එයා ගියේ වැඩට යනවා කියලා.. පොඩි මල්ලි පොරව මුවහත් තියාගෙන එන්නම් කියලා මගෙන් රුපියල් පන්සියයකුත් ඉල්ලගෙන ගියා.. ඒ ගියාට පස්‌සේ ඔවුන් ආවේ නැහැ.." අප සමග කතා කරන්නට වූ ඇය සිය කතාව අවසන් කළේ එලෙසිනි.

මෙසේ අතට ආ ගොදුර කටේ දමා ගැනීමට නොහැකි වූ කොටදෙණියාව පොලිසියේ නිලධාරින් මෙම සිද්ධියෙන් හරියටම සිව් දිනකට පසු ඉකුත් 16 වැනිදා සේයා සදෙව්මි ඝාතකයන් සොයා අකරන්ගහ ගමේ අපූරු මෙහෙයුමක්‌ දියත් කළේය.

ස්‌ත්‍රී දූෂක මිනී මරුවා මූ විය හැකි යෑයි කියමින් අකරන්ගහ ගමේ සේයා දියණියගේ නිවසට නිවාස හත අටකට දුරින් පිහිටි නිවසක සිටි 17 හැවිරිදි පාසල් ශිෂ්‍යයා සහ තවත් සිඟිති දැරියකගේ පියකු වූ 35 හැවිරිදි තරුණ විවාහකයකු කොටදෙණියාව පොලිසියේ නිලධාරින් විසින් ගමට කඩා වැදී කුදලාගෙන යන්නේ එකී මෙහෙයුමට අනුවය.

එම පාසල් ශිෂ්‍යයා සහ විවාහකයා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් මත්ද්‍රව්‍ය පානය කරන්නන්, අසභ්‍ය වීඩියෝ දර්ශන නරඹන්නන් යෑයි රටටම ප්‍රකාශ කරමින් තුට්‌ටු දෙකේ මාධ්‍ය සංදර්ශනයක්‌ පවත්වන්නටද කොටදෙණියාව පොලිසිය අමතක නොකළේය. මෙසේ රහසිගත පොලිස්‌ විමර්ශනයකට කිසිසේත්ම අනුකූල නොවන ආකාරයෙන් ක්‍රියා කළ කොටදෙණියාව පොලිසිය අවසානයේ සේයා ඝාතනයේ සැකකරුවන් ලෙස ඔවුන් දෙදෙනා රක්‍ෂිත බන්ධනාගාරගත කරන්නටද පියවර ගත්තේය.

පොලිසියේ එම කෙරුවාව පිළිබඳ අකරන්ගහ ගමේදී අපට හමුවූ දාහත් හැවිරිදි පාසල් සිසුවාගේ මව වන පුෂ්පා ශ්‍රියානි මහත්මිය හැඬූ කඳුළින් යුතුව කියා සිටියේ මෙවැන්නකි.

අනේ.. මම අම්මා කෙනෙක්‌ විදිහට කොහොමද පොලිසිය මගේ දරුවට කරපු මේ විනාශය දරා ගන්නේ.. එදා මගේ පුතා එයාගේ පාසලේ තවත් යාලුවෙකුත් එක්‌ක ගෙදර නිදාගෙන හිටියේ.. දරුවගේ තාත්තා නැහැ.. ඒ නිසාම මගේ දරුවා ගැන මම ඇහැගහගෙන ඉන්නේ..

පුතා රෑට කොහෙවත් යන්නේ නැහැ.. එදත් යාලුවත් එක්‌ක ගෙදරට වෙලා කතා කර කර හිටියේ.. ඒ ඉඳලා රාත්‍රියේ දෙන්නම නිදා ගත්තා..ඒ මගේ ඇස්‌ ඉදිරියේමයි.. එත් පහුවදා 16 වැනිදා උදේ හයට විතර එකපාරටම සිවිල් ඇඳුම් ඇඳගෙන හිටපු පොලිස්‌ නිලධාරින් පිරිසක්‌ ත්‍රීවීල් එකකින් අපේ ගෙදරට කඩා වැදුණා..

ඒ ඇවිත් ඔවුන් පුතාවයි එයාගේ යාලුවවයි අල්ලගෙන කාමරේ ඇතුළට දාගෙන නොයෙකුත් ප්‍රශ්න අහන්න පටන් ගත්තා.. මුළු කාමරේම අවුස්‌සලා ඊයම් කොළ හෙව්වා.. උඹ කුඩු ගහනවා නේද කියලා පුතාගෙන් සැර කරලා ඇහුවා.. එවෙලේ පුතයි යාලුවයි හොඳටම බය වෙලා හිටියේ..

පස්‌සේ ඔවුන් පුතාගේ ලැප්ටොප් එක අරගෙන පුතාගෙන්ම අහගෙන ඒක පරීක්‍ෂා කරන්න පටන් ගත්තා.. ලැප්ටොප් එකේ ඩොන්ගල් එක ඉල්ලගෙන ඒක සම්බන්ධ කරලා පුතාගෙන් නොයෙක්‌ ප්‍රශ්න ඇහුවා.. මගේ පුතා එවෙලේ හඬා වැටුණා.. ඒත් ගෙදරට ආපු නිලධාරින්ගෙන් කිසිම බුරුලක්‌ ලැබුණේ නැහැ..

ඒ ඔක්‌කොම කරලා අන්තිමේ ඔවුන් දරුවෝ දෙන්නම අරගෙන යන්න ලැහැස්‌ති වුණා.. ඒ වෙලාවෙත් අනේ අම්මේ මම වරදක්‌ කරලා නැහැ.. මාව බේර ගන්න කියලා මගේ පුතා අඬා අඬා කිව්ව විදිහ දැනුත් මට මැවිලා පෙනෙනවා.. මම කියන්න පුළුවන් හැම විදිහෙන්ම පොලිසියේ මහත්තුරුන්ට කිව්වා මගේ පුතා නිර්දෝෂයි කියලා.. ඒත් ඔවුන් මට කන් දුන්නේ නැහැ..

පුතාව පොලිසියට අරගෙන ගියාට පස්‌සේ මට දරුවව බලන්නවත් ඉඩ දුන්නේ නැහැ.. මම පොලිසියට ගිය වෙලාවේ කොටදෙණියාව ඒ.එස්‌.පී කියා ගත්ත ලොකු මහත්තයෙක්‌ ජරා ගෑණියෙක්‌ට වගේ අන්තිම පහත් විදිහට මට බැන්නා.. අපි මොන වරදක්‌ කළාටද පොලිසිය අපිට මෙහෙම කළේ.. පොලිසිය විමර්ශනයක්‌ කරනවා නම් එක එක්‌කෙනා කියන කතා අහගෙන ඒක කරලා හරියන්නේ නැහැ.. හොයලා බලලයි වැඩ කරන්න ඕනේ..

දැන් මේ සිද්ධියේ මිනීමරුවා හෙළි වෙලා තිබෙනවා.. එත් පොලිසිය මගේ දරුවට කරපු අවනම්බුව, අපහාසය අපි මකා ගන්නේ කොහොමද? මගේ දරුවා පහ වසරේ ශිෂ්‍යත්වය විභාගය ඉහළින් සමත් වෙලයි ගම්පහ පාසලට ගියේ.. දරුවට හොඳට ඉගෙන ගන්න පුළුවන්. ලබන අවුරුද්දේ වානිජ අංශයෙන් උසස්‌ පෙළ විභාගයට පෙනී හිටින්න සුදානමින් සිටියේ.. එහෙම හිටපු මගේ දරුවට ඇයි පොලිසිය මේ වගේ අපරාධයක්‌ කළේ..

සැබැවින්ම එකී පාසල් ශිෂ්‍යයාට පොලිසියෙන් සිදු වූ අවනඩුව පිළිබඳ කියන්නට වචන නැත. එය එතරම්ම බරපතළ එකකි. සිසුවාගේ ලැප්ටොප් පරිගණකයේ කාමුක දර්ශන තිබූ බව දැනුදු පොලිසිය කියන කතාවකි. මේ අප ගෙවා දමමින් සිටිනුයේ විසි එක්‌වන ශත වර්ෂය ය. අද අන්තර් ජාලය කාගේත් සාක්‌කුවේ ඇත.

එතින් එවන් තත්වයකදී පරිගණකයක කුණුහරුප තිබීම අරුමයක්‌ විය හැකිද? එය එසේ සිදු නොවිය යුතු නම් පොලිසිය කළ යුත්තේ අන්තර් ජාලයට වැට බැඳීමට කටයුතු කිරීමය. එසේ නොමැතිව විමර්ශනයකදී දෙකොන පටලවාගෙන නහඹු වයසේ සිටින දරුවකුගේ කුතුහලයට දඬුවම් කිරීම කෙතරම් අමනෝඥද? අන්තර් ජාල කුණුහරුප මෙරට සමාජය උඩුයටිකුරු කරමින් සිටන වග ඉකුත් සතියේදීද අපි රටට පෙන්වා දුන්නෙමු. ඒ සේයාගේ ඝාතනයම උදාහරණයකට ගනිමිනි.

පුෂ්පා ශ්‍රියානි මහත්මිය එසේ සිය වේදනාව අප ඉදිරියේ දිය කර හරින අතරේ අද අකරන්ගහ ගමට සිදුව තිබෙනුයේ කුමක්‌දැයි විමසනු වස්‌ ඒ අසල සිටි ගමේ සමාජ ක්‍රියාකාරිකයකු වූ රණසිංහ රත්නසූරිය මහතා වෙතට අපි යොමු වුණෙමු.

මහත්තයෝ.. මම මේ ගමට ඇවිත් දැන් අවුරුදු හතළිහක්‌ විතර වෙනවා. ඒ කාලය තුළ මේ වගේ අපරාධයක්‌ ගමේ සිද්ධි වුණු මුල්ම අවස්‌ථාව මේක.. කවදාවත් මෙහෙම දෙයක්‌ ගමේ සිද්ධ වුණේ නැහැ.. ව්‍යසනයක්‌ වගේ ගම පුරා පැතිරිලා යන කසිස්‌පු, ගංජා වගේ ජාවාරම් තමයි මේවට මුල..

ඒ වගේම අද මේ ගමේ මත් කුඩුත් තියෙනවා කියලා මිනිස්‌සු කියනවා.. කවුරු කරනවද කොහෙන් එනවද කියන්න මම දන්නේ නැහැ.. හැබැයි එහෙම දෙයක්‌ වෙනවා කියලා අපටත් වැටහෙනවා.. වගකිවයුතු අය මේවා නවත්තන්න වැඩ කළ යුතුයි..

මීට වසර දහතුනකට විතර ඉස්‌සර මේ ගමේ රජයේ කොටසක පිටින් ආපු පිරිසක්‌ පදිංචි කරන්න සමහර දේශපාලන කණ්‌ඩායම් කටයුතු කළා.. අද ගමට මහ රෑටත් විවිධ අය එනවා.. ඒ එන්නේ කවුද කොහෙද ඉන්නේ කියන්නවත් කිසි කෙනෙක්‌ දන්නේ නැහැ.. දැන් බලන්න මේ සිද්ධියෙත් අපරාධකාරයා පිටස්‌තරයෙක්‌.. අද මේ ගමේ හිටිය ඉත්තෑවන්, කැබැල්ලෑවන් වගේ වන සතෙක්‌වත් ඉතුරු වෙලා නැහැ.. ගමට එන අසමත්ජාතියෝ ඒ අහිංසක සත්තුන්වත් මරාගෙන කනවා..

මම කියන්නේ මත් ද්‍රව්‍ය වගේ විනාශකාරී දේ ගමෙන් ඈත් කරලා මේ වගේ පිටස්‌තරයන්ගේ පැමිණීම පිළිබඳ විමසිලිමත් වෙන්න වැඩපිළිවෙළක්‌ සකස්‌ විය යුතුයි කියලා.. ඒකට වගකිව යුතු අය පියවර ගන්න ඕනේ.. එතකොට පුළුවන් වෙයි මේ වගේ අපරාධ වළක්‌වා ගන්න..

රණසිංහ මහතා අකරන්ගහ ගමට සිදුව ඇති දේ අපට කීවේ එසේය. අපි ඔහුගෙන්ද සමුගතිමු. සේයා මරා දැමුණු ඒ ගමේ ඇවිද යද්දී පුංචි සේයාගේ සේයාවන් බලන බලන අත පෙනෙන්නට තිබේ. ඉන් ඇතැම් ඒවායෙහි තිබෙන සේයාගේ රුව දකින කල අපේ දෙනෙත් තෙත්වී ගියේ අපට ද නොදැනීමය.

සැබැවින්ම මේ පුංචි සමනළියට සිදු වූයේ මොනතරම් අපරාධයක්‌ද? සේයා මරා දැමීය. ඒ හමුවේ කොටදෙණියාව පොලිසිය අඳුරේ අතපත ගෑවේය. රහස්‌ පොලිසියේ මෙන්ම කැලණිය, මීගමුව විශේෂ විමර්ශන ඒකකයේ සහ පෑලියගොඩ අපරාධ කොට්‌ඨාශයේ නාලධාරින් නොවන්නට දැනටත් ඝාතකයා නිදැල්ලේය. අප දැනට දන්නේ ඒ ටික පමණි. එහෙත් ඇයට මෙවන් ඉරණමක්‌ අත් වන්නට කුමක්‌ හේතු වූයේද? මේ ගමනේදී ඒ පැනයටද යම් පිළිතුරක්‌ සොයාගත යුතුය.

එහෙයින් සේයා පැටික්‌කිය පුංචි දෙපා ඔසවා පියනගමින් "රන්වන් පාටයි සමනළයා" ලෙසින් ගීතයක්‌ කියා අකුරක්‌ ලියන්නට හුරු වූ කොටදෙණියාව "සත්මඟ" පෙර පාසලේ කමලා පත්මිණී ගුරු මව වෙතට අපි යොමු වුණෙමු. එහිදී ඇය සිය හඬ අවදි කළේ මෙසේය.

"අනේ සේයා හරිම හුරතල් දරු පැටියෙක්‌.. දරුවට වුණ අපරාධය මොකක්‌ද කියලා තවමත් අපිට හීනයක්‌ වගේ.. අර තියෙන්නේ සේයා වාඩි වුණ පුටුව.. ඒක දකිනකොට මහා වේදනාවක්‌ හිතට දැනෙනවා.." ඇය පෙර පාසලේ ඉදිරි පෙළ කොනක වූ කුඩා පුටුවක්‌ අපට පෙන්වා එසේ පවසයි. එය දැන් හිස්‌ව ගොසිනි. එහි හිඳ ගන්නට සේයා යළි මෙහි නොඑන්නීය..

"සේයා හැම වෙලේම ආදරය හෙව්ව ළමයෙක්‌.. එයා කවදාවත් පාසලට ඇවිත් ගෙදර ගැන වචනයක්‌වත් කතා කළේ නැහැ.. හැම වෙලේම සේයාට ඕන වුණේ මගේ හරි පොඩි ටීචර්ගේ හරි උකුලට වෙලා හුරතල් වෙන්න.. ඒ වගේම තමයි හරිම චණ්‌ඩියා.. සේයාට යමක්‌ ඕන වුණොත් ඒක කොහොම හරි ගන්නවා.. ඔංචිල්ලාව පදින්න ගියත් එහෙමයි. සේයා තමයි ඉස්‌සර වෙලාම ඔංචිලි පදින්නේ.. හැබැයි අනිත් ළමයින්ටත් දෙනවා.. ඒක එයාගේ හැටි..

සේයාට ඔය අපරාධය වෙන්න දවස්‌ තුනකට විතර ඉස්‌සර වෙලා එයා උදෙන්ම පාසලට ඇවිත් මලකුත් ඔලුවේ ගහගෙන මම එනකොට දොරකඩට වෙලා හිටියා.. එදා මාව දැක්‌ක ගමන්ම සේයා ඇහුවා "ටීචර් අද මම ලස්‌සනයි" නේද කියලා.. මම කිව්වා ඔව් පුතේ ඔයා ලස්‌සනයි කියලා.. මම එහෙම කිව්වහම සේයා හරියට සතුටු වෙලා එකපාරටම කිව්වා "ටීචර් මම සේයා කියන නමට ආස නැහැ මට සඳ කුමරි කියන්න" කියලා.. එහෙම කියලා සේයා ගිහින් එයාගේ පුටුවේ වාඩි වෙලා "හා.. ටීචර් දැන් මට කතා කරන්න" කිව්වා මම කෝ සඳ කුමරී එන්න කිව්වහම හයියෙන් හිනා වෙලා සේයා ළඟට දුවගෙන ආවා.."

ඇගේ ආවර්ජනය තවත් අසා සිaටින්නට නොහැක. එය එතරම්ම හැඟීම්බරය. එහෙයින් අපි ඒ ගුරු මවගෙන් සමුගෙන යළි පිටත් වූයෙමු. පුංචි සේයා දියණිය පෙර පාසලේදී පෙන්වා ඇති ඇගේ ඒ චර්යාවන් තුළින් අපට කියා ඇත්තේ "අනේ මට ආදරය, රැකවරණය සහ කරුණාව හිතට දැනෙන ලෙස නොලැබෙන්නේ යෑයි යන්නද? ඇය නිවසේදී හුදකලා වූවාද? සේයා මෙවන් ෙ€දනීය ඉරණමකට ගොදුරු වූයේ ඒ නිසාම විය නොහැකිද?

මේ ගමනේදී අකරන්ගහ ගමේ විහාරස්‌ථානයේ නායක හිමියන් හමුවන්නටද අපි අමතක නොකළෙමු. එහිදී උන්වහන්සේ කියා සිටියේද අද දවසේ මත් රකුසා විසින් ගම ගිලගෙන තිබෙන බවකි. එකී ජාවාරම්හි නියුතු වූවන් ගමේ කටයුතුවලදී අත දිගහැර මුදල් වියදම් කරමින් ජනතාව නිහඬ කිරීමේ උපක්‍රමයක්‌ ක්‍රියාත්මක කර තිබෙන බවද නායක හිමියෝ සඳහන් කළහ.

එසේ නම් මේ කියෑවෙන්නේ අකරන්ගහ ඇතුළු අවට ගම්මාන මත් රකුසා විසින් ගිල ගනිද්දී කොටදෙණියාව පොලිසිය බකන්නිලා සිට ඇති බව නොවේද? දැන්වත් මේ ගැටලු නිවැරදි විය යුතුය. නැතහොත් තවත් සේයාලා කාමාතුරයන්ගේ ගොදුරු වනු ඇත.

එහෙත් වැඩේ කරන්නට පෙර දෙවරක්‌ සිතා බලන්නට යෑයි අපි පොලිසියට කියන්නෙමු. මන්ද කොටදෙණියාව පොලිසියට මේ වැඩෙත් භාර දුනහොත් මත් ජාවාරමුන් යෑයි පවසා අවට පාසල්වලට කඩා වැදී දරුවන් කුදලාගෙන විත් කූඩුවේ දමන්නට ඉඩ ඇති නිසාය.

සමන් ගමගේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.