ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, September 12, 2015

යතුරු පැදියක් ගැටීමෙන් ග්‍රාම නිලධාරීවරයෙකු මරුමුවට...!!!


ආණමඩුව නග‍රයේ ස්ථාපනය කර ඇති හෝරස්ථම්භයේ යතුරු පැදියක් ගැටීමෙන් ග්‍රාම නිලධාරීවරයෙකු මරුමුවට පත්වී ඔහුගේ බිරිඳ තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
මිය ගොස් ඇත්තේ කොටවෙහෙර - තඹරඹුව පදිංචිව සිටි ජේ.එච්.එම්.ජානක බණ්ඩාර ජයපද්ම නම් අයෙකි.ඔහු කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පළුගොල්ල ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරීවරයා ලෙස කටයුතු කරමින් සිට ඇත.තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ මිය ගොස් ඇති ග්‍රාම නිලධාරීවරයාගේ බිරිඳ වන දීපානි දිසානායක (අවු:23) නම් තැනැත්තියකි.මොවුන් මෑතක විවාහ වූ යුවලක් බව කියති.

ඉකුත් 11 වැනිදා අළුයම 3.45 ට පමණ මෙම අනතුර සිදුවී ඇත.
ආණමඩුව නගරය මැද පිහිටි හෝරස්ථම්භයේ ආරක්ෂක වැටද කඩා ගෙන ගොස්  ඇති යතුරු පැදිය එහි ස්ථාපනය කර ඇති සිංහයෙකුගේ රුවක්ද කඩා ගෙන ගොස් නැවතී ඇත.1988 ගම්උදාව වෙනුවෙන් ස්ථාපනය කරන ලද මෙම හෝරස්ථම්භය මෙරට පිහිටි දර්ශණීයම හෝරස්ථම්භය බව කියති.
තම බිරිඳ රැකියාව කරන ස්ථානයේ සේවා අවශ්‍යතාවයක් හේතුවෙන් ඇයව කොළඹ දක්වා ගමන් කරන බස් රථයකට නැංවීම සදහා ග්‍රාම නිලධාරීවරයා තම යතුරු පැදියෙන් ආණමඩුව නගරයට පැමිණ ඇති බව මූලික විමර්ශණ වලින් අනාවරණය වී ඇති බව ආණමඩුව පොලීසිය කියයි.
පාලනය කර ගත නොහැකි වූ යතුරු පැදිය ඔරලෝසු කණුව තුළට කඩා වදිනවා නගරයේ රාත්‍රී රාජකාරිවල නිරත වෙමින් සිට ඇති පොලිස් නිලධාරීන් දෙදෙනෙකු දැක ඇත.ඔවුන් කඩිනමින් තුවාලකරුවන් දෙදෙනාව ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇත.ග්‍රාම නිලධාරීවරයා ආණමඩුව දිසා රෝහලේදී මිය ගොස් ඇති අතර බරපතල තත්ත්වයේ පසුවූ ඔහුගේ බිරිඳ පුත්තලම මූලික රෝහලට මාරුකර යවා ඇත.
යතුරු පැදියේ වේගය පාලන කර ගැනීමට නොහැකි වීම මෙම අනතුරට හේතුව බව පොලීසිය කියයි.
ආණමඩුව පොලීසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි. 
 ජුඩ් සමන්ත.
ඡායාරූප විස්තර:-

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.